+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සත්‍ය වචනය දැනගැනීමෙන් ඔබ සැබවින්ම නිදහස් වන්නේය!

1_E.png

මනුෂ්‍යයෙක් මුළු ලෝකය ලබාගත්තත් තමාගේ ප‍්‍රාණය නැති කර ගත්තොත් ඔහුට ඇති ප්‍රයෝජනය මොකද? මාර්ක් 8:36

සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙකු විනාශවෙනවාට දෙවියන්වහන්සේ කැමති නොවනසේක. 2 පේත‍්‍රැස් 3:9  

යේසුස්වහන්සේ මාර්ගයද සැබෑවද ජීවනයද වේ! යොහන් 14:6

ජලය කිසි විටෙකත් පුද්ගලයෙකු පිරිසිදු නොකරනු සේම සත්‍යය කිසි විටෙකත් මනුෂ්‍යයන්ව නිදහස් නොකරනු ඇත. නමුත් සත්‍යය ක්‍රියාවට

නැංවීමෙන් නිසැකවම නිදහස ගෙන එනු ඇත.

අද කිතුනුවන් වරදටපත්කිරීමෙන් හා දෝෂාරෝපණයෙන් ජීවත් වී සිටිති. 

සමහරු රෝගයෙන් හා දිළිඳුකමේ ශාපයට යට වී අධෛර්යමත්ව ජීවිත ගත කරති. 

තවත් සෙනඟක් "ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ජීවත්වීම අතිශයින් අමාරු කාරණයක්" යනුවෙන් සලකා ඇදහිල්ල අතහැර දමා ඇල්මැරුණුභාවයෙන් සිටිති. 

මේ කාරණාවන් නිසා, අද කිතුනුවන් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන්ට අනුව ජීවත් වීමට අසමත් වී ඇත. 

මෙය දෙවියන්වහන්සේගේ හොඳම දේ නොවේ. 

එසේනම් එය සිදුවන්නේ ඇයි?

මෙය එක්තරා ප්‍රාථමික කරුණක් වටා ගෙතී ඇති බව අපට පැවසිය හැකිවේ. 

එනම්: වර්තමාන කිතුනුවන්ට අලුත් ගිවිසුම පිළිබඳ මනා වැටහීමක් හා විශ්වාසයක් නොමැති බව පැහැදිලිව පෙනේ. 

යේසුස්වහන්සේ, උන්වහන්සේගේ මරණය, තැන්පත් කිරීම හා නැවත නැගිටීම තුළින් ඔබ වෙනුවෙන් කළ දේ ගැන ඔබට හොඳ අවබෝධයක් ඇති වූවා නම්, නැතහොත් ඔබ හරි ලෙස තේරුම් ගැනීමට උනන්දු වුවවොත්, එම දැනගත් සත්‍යය ඔබව අනිවාර්යයෙන්ම නිදහස් කරණු ඇත. 

යේසුස්වහන්සේ: ඔබ සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද ඔබව නිදහස්කරන්නේයයි කීසේක. 

එහෙයින් දෙවියන්වහන්සේගේ පුත්‍රයානන් ඔබව නිදහස්කරන්නේ නම් සැබැවින් ඔබ නිදහස්වන්නහුය. (යොහන් 8:32, 36).

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#2)]

 

Read 256 times