Print this page

ශ්‍රී ලංකා ද්වීපය - සෑම නපුරු ක්‍රියවෙන් මිදී සිටීම සඳහා බයිබල් පද

 

දෙවි පියාණෙනි, මේ දේශයේ සෙනඟ උදෙසා අපි යාච්ඤා කරන්නෙමු. ඔවුන්ගේ වේදනාවෙන්, දුකෙන් භියෙන් හා ශෝකයෙන් ඔබවහන්සේ ඔවුන් මුදවා ඔවුන්ට සැනසිල්ල ලබා දුන් නිසා ස්තුතියි. එසේම ලංකාවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ නිළධාරීන් උදෙසාත් සෑම බලය ලත් අධිපතීන් උදෙසාත් අපි යාච්ඤා කරන්නෙමු.

"අපගේ දේශයෙහි බලාත්කාරයද අපගේ දේශ සීමා ඇතුළේ නාස්තිය හා විනාශයද ගැන තවත් අසන්ට නොලැබෙන්නේය; අපගේ පවුරු ගැළවීමය කියාද දොරටු ප්‍රශංසාවය කියාද අපි කියන්නෙමු."
යෙසායා 60:18

"මෙම දේශය අපගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බලා සලකන්නාවූ දේශයක්ය. අවුරුද්ද පටන්ගැන්මේ සිට අවුරුද්ද අන්තිමය දක්වා අපගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් නිරන්තරයෙන් මේ දේශය කෙරෙහි යොමුවී තිබේ."
ද්විතීය කථාව 11:12

"දෙවියන්වහන්සේ අපගේ සතුරාගේ මන්ත්‍රණය නිෂ්ඵල කළ බවද අපි අපේ සතුරන්ට භය නොවන්නෙමු, දෙවියන්වහන්සේ අප සමඟ බැවින් අපි සියල්ලන්ම උන්වහන්සේගේ වැඩේ යෙදී සිටිමු."
නෙහෙමියා 4:15; යෙසායා 8:10

"පියාණෙනි, මේ දේශය තුළ ස්වාමීන්වහන්සේගේ වචනය පතළවී ගෞරවයට පැමිණෙන පිණිස යාච්ඤා කරන්නෙමු. අපි ඔබවහන්සේගේ දරුවන් බැවින් අපව හිතුවක්කාර නපුරු මනුෂ්‍යයන්ගෙන් ගැළෙව්ව නිසා ස්තූතියි. අපව ස්ථිරකොට නපුරාගෙන් ආරක්ෂා කරන්නට ස්වාමීන්වහන්සේ විශ්වාසව සිටිනසේක."
2 තෙසලෝනික 3:1-3

"අපි නැගිට බැබළෙන්නෙමු. මක්නිසාද අපගේ ආලෝකය පැමුණුණේය, ස්වාමීන්වහන්සේගේ තේජසද අප කෙරෙහි උදාවී ඇත. එසේය, පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නුමුත් අප කෙරෙහි ස්වාමීන්වහන්සේ උදාවනසේක, උන්වහන්සේගේ තේජසද අප කෙරෙහි පෙනෙන්නේය."
යෙසායා 60:1-2

"අපි ස්වාමීන්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමෙහිද බලවත්වන්නෙමු. යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට අපට පුළුවන්වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳගන්නෙමු."
එපීස 6:10-11

"අපට කිසි නපුරක් නොපැමිණෙන්නේය, අපගේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය. මක්නිසාද අපගේ සියලු මාර්ගවලදී අප ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට අප ගැන අණදෙනසේක."
ගීතාවලිය 91:10-11

"අපට විරුද්ධව නැගිටින්නාවූ අපගේ සතුරන් ස්වාමීන්වහන්සේ අප ඉදිරියෙහි පරාජය වෙන්ට සලස්වනසේක. ඔව්හු අපට විරුද්ධව එක මගකින් පැමිණියත් සත් මගකින් අප ඉදිරියෙන් පලායන්නෝය."
ද්වීතීය කථාව 28:7

"ස්වාමින්වහන්සේ අන්ධකාරයේ සැඟවුණු නපුරාගේ සියළු දේ එළිදරව්කොට, දුෂ්ට මනුෂ්‍යයන්ගේ සිත්වල අදහස් ප්‍රකාශකරනසේක;"
1 කොරින්ති 4:5

යේසුස්වහන්සේගේ නාමයෙන් ආමෙන්!

 
දේශය උදෙසා යාච්ඤා කිරීම - මේ දේශය බොහෝසේ එල දරයි (Song)
 
 
Song
මේ දේශය (ලක් ද්වීපය) බොහෝසේ එල දරයි
මේ දේශය අප දෙවිඳු සතුයි
මේ දේශය සමාදානයෙන් පිරී ඇතේ
මේ දේශය තුළ දෙවිඳු රජ කරයි

මේ දේශයේ දේව දරුවන් නැගී සිටියි
මේ දේශයේ දමිටුකම රජ කරයි
මේ දේශයේ දේව ආශ්‍රීර්වාදුය පවතියි
මේ දේශයේ දෙව් වචනය එසවෙයි

ගොඩ නගමූ මේ දේශේ
දේව සභාව දැන් එකමුතුවී
(x2)

දෙව් උපකාරයෙන් සැමදේ
ඇදහිල්ලෙන් ජය ගනිමින්
අස්වැන්න නෙලා ගන්නා කාලය මෙයයි x2
 

Media