Print this page

ඔබ වපුරන බීජ ඔබේ අනාගතය සඳහා ඔබ ගන්නා තීරණ වේ - මනූ මැතානි
September 4, 2022 Sunday Sermon Notes


හරි පෝශනයක් අපට ලැබෙනවානම් දිනපතා දෙවියන්වහන්සේගේ වචනය තුළින් දෙවියන් වහන්සේගේ කැමැත්ත අපට දැන ගැනීමට පුළුවන. යහපත හා නපුර දැනගෙන තේරුම් ගෙන අපට ජීවත්විය හැක.

දෙවියන්වහන්සේගේ වචනය ජීවමානයි, බලවන්තයි. උන්වහන්සේගේ වචනයෙන් අපට අනුකම්පාව ලැබෙනවා, එයින් අපට උන්වහන්සේගේ පේ‍්‍රමය තේරුම් ගැනීමට හැක. වචනයේ බලයෙන් ජීවත්වන මනුෂ්‍යයෙක් කිසිදා අසරණ වන්නේ නැත.
අප ජීවිතයේ මුහුණ දෙන හැම දේටම පිළිතුරක් දේව වචනයේ ඇත.

හරි දේ දැන සිටියහොත් අප වැරදි තීරණ ගන්නේ නැත.

අපගේ තීරණය නම් මම වපුරන බීජයයි. කුමක්ද අප ලබා ගන්න යන අස්වැන්න.

දෙවියන්වහන්සේ සියල්ලක්ම දන්නා සේක. නමුත් කිසිවත් උන්වහන්සේ අපෙන් බලෙන් ගන්නේ නැත.

දෙවියන්වහන්සේ පවසන්නේ නොරැවටෙන්න මනුෂ්‍යයෙක් වපුරන දෙයයි කපා ගන්නේය කියාය.

ගලාති 6:7-8 නොරැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය. ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය; ආත්මයාණන්වහන්සේ සඳහා වපුරන්නා ආත්මයාණන්වහන්සේගෙන් සදාකාල ජීවනය කපාගන්නේය.

දෙවියන්වහන්සේ අපට නිදහස් කැමැත්ත දී තිබෙනවා.

උන්වහන්සේ පවසන්නේ ශුද්ධාමයාණන්වහන්සේට දුක් නොදෙන්න.

දෙවියන්වහන්සේ අපට පවසන්නේ ඔබ රැවටෙන්න අවශ්‍ය නැත.

මාංශය සඳහා වපුරන කෙනා මාංශයෙන් ඵල කපා ගන්නේය.

අපට දෙවියන්වහන්සේ කිසිදා කිසිවක් කරන්නට බල කරන්නේ නැත.

යහපත සහ අයපත අපි භුක්තිවිඳින්නේ අපගේ තීරණ අනුවයි.

1 පේතෘස් 1:23
මක්නිසාද නුඹලා කුණුවෙන්නාවූ බීජවලින් නොව දෙවියන්වහන්සේගේ ජීවමානවූ පවතින්නාවූ වචනය කරණකොටගෙන, කුණු නොවෙන්නාවූ බීජවලින් නැවත උත්පාදකරනු ලැබුවහුය.

යේසුස්වහන්සේ අපගේ ජීවිතය වෙනස් කරමින් අපව නව මැවිල්ලක් කරන ලදි.

අපගේ ගල් සිත පහ කරමින් මාංශමය හදවතක්
දෙවියන්වහන්සේ අපට දී තිබෙනවා

නෝවා දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කළා.

කිසිවෙකු විනාශ වීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවේ.

අද දිනත් උන්වහන්සේගේ කැමැත්ත මෙයයි.

නෝවාගේ පවුල නෝවාට දෙවියන්වහන්සේ පැවසූ දේ විශ්වාස කළා.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට අවස්ථාවක් දෙනවා උන්වහන්සේව පිළිගන්නට.

අපට බොහෝ සේ ප්‍රේම කරන දෙවි කෙනෙකු සිටිනවා.

1 පේතෘස් 1:24 කුමක්හෙයින්ද: මාංසමයවූ සියල්ලෝම තණකොළ මෙන්ය, ඔවුන්ගේ මුළු තේජස තණමල මෙන්ය. තණකොළ වියළීයයි, මල් වැටේ.

මාංශය කෙරෙහි ඔබගේ විශ්වාසය තබන්න එපා.

උන්වහන්සේගේ මඟ පෙන්වීම ලබා දිනපතා ජීවත් වන්න.

දෙවියන්වහන්සේ නිදාගන්නේ නැත.

ඔබගේ නැව තුළ යේසුස්වහන්සේ සිටින්නේ නම් ඒ නැව කිසිදා ගිලෙන්නේ නැත.

යේසුස්වහන්සේ මුහුදට, රැළ්ලට කතා කළා.

අපි ලබා සිටින්නේ අත්දැකීමක් නොව නව ජීවනයයි.

මගේ අනාගතය වෙනස් වන්නේ, මම අද ගන්න තීරණ වලින්.

මම උඩඟුකමෙන් අද ගන්න තීරණ මගේ අනාගතයට බලපෑමක් වෙනවා.

අපි යේසුස්වහන්සේ ගැළවුම්කරු ලෙස පිළිගැනීමෙන් අපි සදාකාල ජීවනය ලබා ගත්තා.

මාංශාකාරව තීරණ නොගෙන ආත්මික තීරණ ගමු.

අපි අද ගන්න තීරණ ඉතා වැදගත්. මාංශාකාර තීරණ ගැනීමෙන් වැළකී සිටිමු.

1 යොහන් 2:15‭-‬16
ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.
16 මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.

පහවී වන දේවල් අල්ලා නොසිටින්න.

දෙවියන්වහන්සේ බලවන්තයි උන්වහන්සේගේ සැලැස්ම විශාලයි.

එපීස 4:30 දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය.

අපි උන්වහන්සේට දුක් දෙන්නේ අපි අපගේම තීරණ ගැනීමෙන්.

දෙවියන්වහන්සේට කිසි ප්‍රමාදයක් නැත.

උන්වහන්සේගේ අනර්ඝ උතුම් පොරොන්දු තදින් අල්ලා ගන්න.

හෙබ්‍රෙව් 10:23 අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.

උන්වහන්සේගේ බීජය වචනය අනුව යේසුස්වහන්සේගේ තුවාලවලින් මම සුවයි.

නමුත් කියා කිසි දෙයක් එකතු නොකරන්න.

සත්‍යය දේව වචනයයි.

සියලු මනුෂ්‍යයෝ බොරු වේවා.

අපි සදාකාල විසඳුම් සොයමු. තාවකාලික විසඳුම් නොවේ.

ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න.

ආත්මය සඳහා වපුරන්න.

යේසුස්වහන්සේ මේ පොළොවට පැමිණියේ ආත්මයෙන් අපට සදාකාල ජීවනය දෙන පිණිසයි.

සදාකාල ජීවනය තුළ සුවය තිබෙනවා, සදාකාල ජීවනය තුළ නිර්භයව ජීවත්වීමේ හැකියාව තිබෙනවා. සදාකාල ජීවනය තුළ ඔබට ආදිපත්‍ය තිබෙනවා යක්ෂයන් දුරුකරන්න. සදාකාල ජීවනය තුළ සඵලත්වය තිබෙනවා. සදාකාල ජීවනය තුළ කිසිම බියක් නැත. සදාකාල ජීවනය තුළ පේ‍්‍රමය තිබෙනවා. සමාව තිබෙනවා.

ස්වාමීන්වහන්සේ වචනය යවමින් අපට සුවය ලබා දෙනවා.

උන්වහන්සේ බීජ දෙන්නේ වපුරන්නාටයි.

අපි දෙවියන්වහන්සේගේ වචන බීජ මෙන් පිළිගෙන ඒවා වැපිරිය යුතුයි.

නපුරා පැමිණෙන්නේ බීජ (වචනය) උදුරා ගන්නටයි.

මතෙව් 13:19
යමෙක් රාජ්‍යයේ වචනය අසා තේරුම් නොගන්නේද, ඔහුගේ සිතේ වපුළ දේ නපුරා ඇවිත් උදුරාගන්නේය. මග අසල වපුරනලද්දේ නම් මොහුය.

ලබා ගත් බීජය අපි වපුරන්නට තීරණ ගත යුතුයි.

යෙසායා 55:10-11
මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමැති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත. 11 මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමැති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.

ඔබ කන්න. නමුත් බීජ එකතු කරගෙන වපුරන්න.

ඔබ ගන්න තීරණ වැපිරීම හා සමානයි.

දෙවියන්වහන්සේ ඔබ වෙනුවෙන්ම පමණක් මේ පොළොවට එන්න තිබුණා.

නෝවා වචනය ඇසුවා, කීකරු වුණා.
අසන්නෝ තමාව රවටා ගනී.

වපුරන්නාටයි උන්වහන්සේ බීජ දෙන්නේ.
පළමුකොට ඔබ වපුරන්න.

වපුරන්නට කාලය ගත වෙන ආකාරයටම කපා ගන්නටත් කාලය පැමිණෙනවා.

මුදල් බීජ නොවේ. ඔබ ස්වාමීන්වහන්සේගේ හඬ අසමින් කීකරු වී කරන වැපිරීමයි.

1 යොහන් 2:15‭-‬16
ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.
16 මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.

මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් වැපිරීමෙන් අපි මාංශාකාර දේ කපා ගන්නේය.

1 යොහන් 2:17
ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.

ශුද්ධාමයාණන් ක්‍රියා කරන වේලාවේදී ස්වාමීන්වහන්සේ අපට බීජ දෙනු ලබනවා.

දෙවියන්වහන්සේ කැමැත්ත, දෙවියන්වහන්සේගේ වචනය සහ දෙවියන්වහන්සේගේ පොරොන්දු තුනම එකයි.

ස්වාමීන්වහන්සේගේ අන්තිම කැමැත්ත දේව වචනයයි.

ඔබ ලබාගත් එළිදරව් වචනය දෙවියන්වහන්සේගේ බීජයයි.

අපි සමාදානයේ බීජ, ප්‍රේමයේ බීජ වපුරමු.

යෝෂුවා සහ කාලෙබ් දෙවියන්වහන්සේ දුන්න
බීජ වැපිරුවා.

1 යොහන් 2:17
ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.

මේ පදයේ ප්‍රතිඵල දෙයාකාරව ලබාගන්න පුලුවන්. සදාකාලයටත්, පහව යන දේවලටත් වපුරන අය.

1 පේතෘස් 4:1‭-‬2
ඉතින් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් (අප උදෙසා) වධවින්ද බැවින්, මාංසයේ ඉතිරිව තිබෙන කාලයෙහි තවත් මනුෂ්‍යයන්ගේ තෘෂ්ණා ලෙස නොව, දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත්වෙන පිණිස එම සිත ආයුධයක් කොට පැළඳගන්න. මක්නිසාද මාංසයෙන් වධවින්ද තැනැත්තේ පාපයෙන් නිදහස්වී සිටියි.

මංශය සඳහා වපුරන කෙනා කුණුවීම කපාගන්නේය.

2 රාජාවලිය 4:38‭-‬40
එලිෂා ගිල්ගාල්ට නැවත ඇවිත් සිටියදී දේශයෙහි දුර්භික්ෂයක් තිබුණේය; ශිෂ්‍ය ප්‍රොපේතවරුද ඔහු ඉදිරියෙහි ඉඳගන උන්නෝය. ලොකු සැළිය ලිපේ තබා ප්‍රොපේතවරුන්ට කෑම පිසින්නැයි ඔහු තමාගේ මෙහෙකරුවාට කීවේය. එක්කෙනෙක් පලා එකතුකරන්ට කෙතට ගොස් වල් වැළක් සම්බවී එයින් වල් කැකිරි කඩා තමාගේ ඔඩොක්කුව පුරවාගෙන ඇවිත් ඒවා කෑලිකොට කපා කෑම සැළියේ දැමීය. මක්නිසාද ඔව්හු ඒ මොනවාදැයි දැන නොගත්තෝය. තවද ඔව්හු ඒවා මිනිසුන්ට කන පිණිස වත්කර දුන්නේය. නුමුත් ඔව්හු ඒ කෑම කන අතර මොරගසා: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, සැළියේ මරණය තිබේයයි කීවෝය.

වල් පැල වැපිරීමෙන් මරණය හිමිවේ. හාස්කමකින් හැර එය වෙනස් කළ නොහැක.

මනුෂ්‍යයා වපුරන දෙයයි කපන්නට යන්නේ වල්පැල වපුරා නපුර වෙන්නේ නැතැයි නොසිතන්න. විස දේ වැපුරුවහොත් කපා ගත හැකිවන්නේත් විස දේමය.

දෙවියන්වහන්සේ ආලෝකයයි. උන්වහන්සේට කාලය ගැන ප‍්‍රශ්නයක් නැත.

යෙරමියා 1:12
එවිට ස්වාමීන්වහන්සේ: නුඹට පෙනුණා හරිය. මක්නිසාද මාගේ වචනය ඉෂ්ටකරන පිණිස මම ඒ ගැන පිබිද සිටිමියි මට කීසේක.

දෙවියන්වහන්සේ යෙරමියාට පැවසුවේ නුඔ අල්ලා ගත් දේ හරිය. මා එය ඉක්මනින් ඉෂ්ඨ කරනවා කියාය.

දෙවියන්වහන්සේ අපට පවසන්නේද මම නුඔට බීජයක් දෙන්නේ නම් එය හරි බීජයයි.මම එය ඉක්මනින් ඉෂ්ඨ කරන්නෙමි කියාය.


Watch the Sermon Video

Read 329 times