Print this page

දේව භය ඇතුව ආරවුල් සහ ඩබර ජයගන්න - යෝෂා මනූ
September 25, 2022 Sunday Sermon Notes


යේසුස්වහන්සේගේ ලේ වලින් අපි ධර්මිෂ්ඨයි

ධර්මිෂ්ඨකම මිල කළ නොහැක.

ධර්මිෂ්ඨකම යනු දෙවියන්වහන්සේ සමඟ හරි සම්බන්ධකමක් ඇතිව සිටීමය.

දෙවියන්වහන්සේ නපුරු වයෝවෘද්ධ කෙනෙක් නොව, උන්වහන්සේ තේජස් මහිමයෙන් පූර්ණවූ ඉතාමත් අලංකාරවූ දෙවියන්වහන්සේය.

දෙවියන්වහන්සේ සදාකාලයටම ඒකාකාරීවූ ජීවනයවූ තැනැන්වහන්සේය.

ආබ‍්‍රහම් පොරොන්දු දේශයට එන ගමනේදී ඔහුගේ ඥාති පුත් ලොත්ද ඔහු හා එක්ව පැමිණියත් අතර මඟදී ඔවුන්ගේ සම්පත් පිළිබද ආරවුලක් හට ගැනුනි.

නමුත් ආබ‍්‍රහම් තුළ දේව භය තිබුණි, ඔහු මෙලෙස ආරවුල් ඇතිකර ගැනීමට අකමැතිව වෙන්වීමට තීරණය කරයි.

මේ අවස්ථාවේ ලොත් තුළ ආබ‍්‍රහම් කෙරෙහී වෛරයක් තිබෙන්නට ඇත.

අපිත් ස්වාමීන්වහන්සේ කෙරෙහී භය නිසා අඩ ඩබර වලින් ආරවුල් වලින් ජය ගනිමු. නැතහොත් අපගේ හදවත් වලද වෛරය හටගනී. වෛරය ඉතා භයානකය.

මෙහිදී ආබ‍්‍රහම් ගත් තීරණය - අපි වෙන්වෙමු.

උත්පත්ති 13:6-9
ආබ්‍රහම් ලොත්ගෙන් වෙන්වීමට
හේතු වූයේ මේ දෙදෙනාටම සම්පත් ලෙස ගවයන් සහ එළු බැටළු බොහෝමයක් තිබූ නිසා එක්ව වාසය කරන්නට ඒ දේශයේ ඉඩ මදිවුණේය;
එබැවින් එක්ව විසීම ඔවුන්ට නුපුළුවන් විය.

මේ නිසා ආබ්‍රම්ගේ ගවයන්ගේ එඬේරුන් සහ ලොත්ගේ ගවයන්ගේ එඬේරුන් අතරේ ඩබරයක් (ආරාවුලක්) ඇති විය.

ආබ්‍රම් ලොත්ට කීවේ ඔබත් මාත් අතරද මාගේ එඬේරුන් සහ ඔබේ එඬේරුන් අතරෙහිද ඩබරයක් (ආරාවුලක්) නොවේවා; මක්නිසාද අපි සහෝදරයෝය.

“මුළු දේශය ඔබ ඉදිරියෙහි තිබෙනවා නේ, ඒ නිසා ඔබ මා කෙරෙන් වෙන්ව යන්න” කියා ආබ්‍රහම් ලොත් ගෙන ඉල්ලා සිටියේය.

එමෙන්ම “ඔබ වම් දෙසට යන්නෙහි නම් මම දකුණු දෙසට යන්නෙමි; ඔබ දකුණු දෙසට යන්නෙහි නම් මම වම් දෙසට යන්නෙමි” යි ආබ්‍රහම් කීවේය.

දැන් මේ ඩබරය වාද විවාදයකින් ආරම්භ වෙන්නට ඇත. එකිනෙකාට දොස් කියමින් බැණ වදින්නට ඇත. කුමක් හෝ පොඩි දෙයක් අවුස්සමින් තරහ වෙන, කෝප වෙන, කුපිත වෙන තරමට, වැරදි වචන හුවමාරු වෙන්නට ඇත.

ඩබර සහ ආරාවුල් ආරම්භ වෙන්නේ ඒ ආකාරවයි. කුඩා දෙයක් තුළින්, සුළු දේවල් නිසා ආරම්භ වන අඩ දබර අවසානයේදී වෛර බැඳගන්නටත් පුලුවන.

ආරවුල් යන වචනයෙන් පෙන්නුම් කරන්නේ, එකඟතාවයක් හෝ සමගියක් නොමැතිකම‍යි. අසමගිය කටුක ගැටුම, උණුසුම් ලෙස කතා කරන වචන නිසා බොහෝ විට ප්‍රචණ්ඩ ලෙස දරුණු ලෙස අසමගිය හා විරෝධකම් ඇති විය හැකියි.

මේ ඩබරය සහ ආරාවුල ආරම්භ වුනේ කෙසේද? ලොත් සහ ඔහුගේ සෙනඟ තුළ දේව භය නැතිකමෙන් නැතහොත් දේව භය නැති නිසා වෛරය (ක්‍රෝධය), ඩබර සහ ආරාවුල් උපදවයි;

ලොත්ගේ සිත තුළ ආබ්‍රහම් කෙරෙහි වෛරයක්, ක්‍රෝධයක් තරහාවක්, ඊර්ෂ්‍යාවක් තිබෙන්නට ඇත. එය ඩබරයකට හැරුණි.

වෛරය සිත තුළ තබා ගැනීමෙන් ලෙඩ රෝග ඇතිවිය හැක. සමාව නොදීමේ ආත්මය තුළින් පිලිකා වැනි දරුණු රෝග හටගනු ඇත.

ආරවුල ඉතා භයානක දෙයකි. එය වස වැනිය.

හිතෝපදේශ 10:12 වෛරය (ක්‍රෝධය) සහ ඩබර ආරාවුල් උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි.

වෛරය පැරණි ආරවුල් මතකයේ තබා ගනියි, වෛරය නිතරම විනිශ්චය කිරීමත්, නිතර දුර්වලකමුත් අවුස්සයි.

කෙනෙකු තුළ දැඩි ලෙස අකමැත්තක් ඇති වීමෙන්, එපා වීමක්, ද්‍රෝහිකමක් හෝ පිළිකුලක් දැනෙන කල ආරවුල් හටගනියි.

වෛර පටන් ගන්නේ මේ නිසයි.

හැඟීම් තුළ ඇති වන වේදනාව නිසා කෙනෙකුව එපා වෙන තරමට වෛර බැඳගනියි.

මෙවැනි අවස්ථාවලදී ඔබ සමාව දීම කළ යුතුය. වැරැද්ද කවුරුන් කලත් ඔබ සමාව දීමෙන් ඒ අයවත් එයින් නිදහස් කරන අතර ඔබද එයින් නිදහස්වේ.

සමහර විට ඔබට ඔවුන්ගෙන් සමාවක් නොලැබුනත්, ඔබ සමාව දීමෙන්, ඔබ නිදහස් වන්නේය. එවිට ප‍්‍රීතිය ඔබ තුළ වාසය කරයි.

තරහා ඇති වන කල නින්දා අපහස ගෙනෙන වචනද හුවමාරු කරයි. එසේ වන්නේ හදවත තුළ දැන් ආදරයක් නොමැති නිසයි. මේ තුළින් මිත්‍රයන් හතුරන් බවට පත්වේ.

මෙය විනාශයේ මුලයි.

රණ්ඩු දබර, වාද විවාද ඇති කිරීම්, තර්ක කිරීම්, ගැටුම් ඇති කිරීම් වලට, විරුද්ධ වන්න. සටන් කර, ආරවුල් ඇතිකර කරදර උපදවමින් යක්ෂයාට දොරටු විවර නොකරන්න.

මතක තබා ගන්න, ප්‍රේමය සියලු වැරදි වසා දමයි.
හිතෝපදේශ 10:12

ප්‍රේමය නිතරම, සෑම අපහාසයක්ම ආවරණය කරන්නටත්, පාපය නැති කර දමන්නටත්, අමනාප නොවී, විසඳා ගන්නට මාර්ග සොයා ගනියි. ප්‍රේමය ඉක්මනින්ම කමාව දෙයි, වැරදි යටපත් කරයි,

හිතෝපදේශ 10:18
වෛරය සඟවන්නා බොරුකාර තොල් ඇති කෙනෙක්ය; කේලමක් පතළකරන්නාද අඥානයෙක්ය.

වෛරය හදවත තුළ සඟවා තබා ගැනීමෙන් අප යක්ෂයාට ඉඩ දීමක් සිදුකරයි.

යොහාන් 8:44 බොරුවේ පියා සාතන්ය.

වෛරය සඟවා නොගන්න! එය හදවතින් ඉවත් කරන්න!

ඔබගේ මිත්‍රයෙකු ලෙස පෙනී සිටිමින් තමාගේ වෛරය සඟවන්නා බොරුකාරයෙක් මිස අන් කිසිවකු නොවේ.

කෙනෙකු ගැන බොරු කියමින් සිටින්නා අවසානයේදී වෛරය උපදවා ගනී. බොරුවට කේලාම් කියමින් වැරදි කතා කරමින් සිටින්නා කේලාම් අසා පතළ කරන්නාද අඥානයෙක්ය.

හිතෝපදේශ 15:17
වෛරය ඇතුව තර ගොනෙකුගේ මසට වඩා ප්‍රේමය ඇතුව පලා කෑම හොඳය.

වෛරය හිතේ තබා ගෙන ජීවත් වෙනවාට වඩා ප්‍රේමයෙන් හා අනුග්‍රහයෙන් පිරී, එළවළු ආහාර වේලක් ගැනීම වඩා හොඳය.

වෛරය ඇති ව රස මස’වුළු (මස් මාළු) කනවාට වඩා, ප්‍රේමය ඇතිව ලුණු කැඳ බීම හොඳය.

හිතෝපදේශ 26:26
ඔහුගේ වෛරය ප්‍රයෝගයෙන් වසා තිබෙන නුමුත් ඔහුගේ දුෂ්ටකම සභාව ඉදිරියෙහි එළිදරව්වන්නේය.

තම නපුරුකම ව්‍යාජයෙන්, බොරුවෙන් වසාගත්තත්, ඔහුගේ දුෂ්ටකම සියල්ලන් හට හෙළි වනු ඇත.

කණගාටු නොවන්න - ඔහුට වෙස් මුහුණ දිගු කලක් තබා ගත නොහැකිය. දවසක ඔහුගේ කුහකකම මුළු ලෝකයා ඉදිරියේ හෙළිදරව් වනු ඇත.

ඔබගේ හදවත තුළ වෛරය ඇත්නම් එය සඟවා නෙගෙන දෙවියන්වහන්සේ ඉදිරියේ පවසා ඔබගේ හදවත නිදොස් කර ගැනීම ඉතා වැදගත්ය.

ගීතාවලිය 109:5
තවද මට ඔව්හු යහපතට අයහපතද මාගේ ප්‍රේමයට වෛරයද කළෝය.

මනුෂ්‍යයන් ඔබ කළ යහපතට අයහපත කරති; ප්‍රේමයට වෛරය දක්වති.

මනුෂ්‍යයා ඔබට අයහපත කලත් ඔබ අයහපත නොවපුරන්න. මන්ද අප කපනු ලබන්නේ වපුරන දෙයයි.

ගලාති 6:6-7
වාක්‍යය ඉගෙනගන්නා උගන්වන්නාට සියලු යහපත් දෙයින් දේවා. 7 නොරැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය.
8 ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය; ආත්මයාණන්වහන්සේ සඳහා වපුරන්නා ආත්මයාණන්වහන්සේගෙන් සදාකාල ජීවනය කපාගන්නේය.

වෛර බැදගැනීම, අයහපත වැපිරීම, නපුරු දේ වැපිරීම යක්ෂයාගේ මුළාවක්ය.

යක්ෂයා මනුෂ්‍යයා රවටා ඇත.

ඔබ යක්ෂයාගේ මුළාවට ඉඩ නොදී නොරැවටී සිටීමට තීරණය කරගන්න.

ලෙවී කථාව 19:17
නුඹේ සිතින් සහෝදරයාට වෛර නොවෙන්න. නුඹේ අසල්වාසියාගේ හේතුවෙන් නුඹ පාපය නොදරන පිණිස සැබවින් ඔහුට තරවටු කරන්න.

සහෝදරයන් සමඟ කිසිදා තරහා වෛර ඇතිකර නොගන්න. ඒ අය අමනාපව සිටියත් ඔබ ගොස් කථා කරන්න.

ඔබගේ හදවත තිත්තකමකට ඉඩ නොදෙන්න.

යෝබ් 8:21‭-‬22
උන්වහන්සේ නුඹේ මුඛය සිනාවෙනුත් නුඹේ තොල් ප්‍රීති ඝෝෂාවෙනුත් පුරවනසේක. නුඹට වෛරවෙන්නෝ ලජ්ජාවෙන් අඳවනු ලබන්නෝය; දුෂ්ටයන්ගේ කූඩාරම නැතිවන්නේයයි කීවේය.

වෛර හදවත තුළ තිබෙන කල ප‍්‍රීතිය පහව යයි.

දුක කනස්සල්ල යක්ෂයාට අවනතවීම, වැරදි දේ කිරීමට අවනතවීමට ඔබව යොමු කරයි.

වෛරය මුළක්. එම මුළ ඔබගේ ජීවිතෙන් මුලුමනින්ම උගුලා දමන්න.

මතෙව් 5:43‭-‬48
නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව, නුඹේ සතුරාට වෛරකරවයි කී බව නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න; මෙසේ නුඹලා ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේගේ පුත්‍රයෝ වන්නෝය. මක්නිසාද උන්වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදාකරවනසේක, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වනසේක. නුඹලාට ප්‍රේමකරන්නන්ටම නුඹලා ප්‍රේමකරනවා නම්, නුඹලාට කවර විපාකයක්ද? සුංගම් අයකරන්නෝ පවා එසේ නොකරද්ද? නුඹලාගේ සහෝදරයන්ට පමණක් ආචාරකරනවානම් නුඹලා අනුන්ට වඩා කුමක් කරන්නහුද? අන්‍ය ජාතීහු පවා එසේ නොකරද්ද? එබැවින් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සම්පූර්ණව සිටින්නාක්මෙන් නුඹලාත් සම්පූර්ණව සිටින්න.

සතුරාට සමාව දෙන්න.

ලූක් 6:27‭-‬28
නුමුත් අසන්නාවූ නුඹලාට මම කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට වෛරකරන්නන්ට යහපත කරන්න, නුඹලාට ශාපකරන්නන්ට ආශීර්වාදකරන්න, නුඹලාට නින්දාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න.

සතුරාට යහපත කරන්න. ඔහු ප‍්‍රියකරන දෙයක් තෑගි කරන්න.

දෙවියන්වහන්සේද තමන්ට වෛරකර අයට තම පුත‍්‍රයාව ත්‍යාගයක් කොට පූජා කරන ලදි.

1 යොහන් 2:9-11
ආලෝකයෙහි පවතිමියි කියමින් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා මේතාක් අඳුරෙහි සිටියි. 10 තමාගේ සහෝදරයාට ප්‍රේමවෙන්නා ආලෝකයෙහි පවතියි, පැකිලීමට කාරණයක්ද ඔහු තුළ නැත. 11 නුමුත් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා අන්ධකාරයෙහි සිටියි, අන්ධකාරයෙහි හැසිරෙයි, අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධ කළ නිසා තමා කොතැනට යන්නේදැයි ඔහු නොදනියි.

සමාව දීම ඉතා වැදගත්ය.


Watch the Sermon Video

Read 352 times