Print this page

ස්වාමීන් කෙරෙහි භය වීමට ඉගෙන ගන්න - යෝෂා මනූ
October 9, 2022 Sunday Sermon Notes

 

ස්වාමීන්වහන්සේ යහපත්, විශ්වාසවන්ත දෙවියන්වහන්සේය. උන්වහන්සේගේ වචනය කිසිදා වෙනස් වන්නේ නැත.

ගීතාවලිය 31:1-4
1 ස්වාමිනි, ඔබ කෙරෙහි විශ්වාසකරමි; කිසිකලකත් ලජ්ජා නොවෙම්වා. ඔබගේ ධර්මිෂ්ඨකමින් මා මිදුව මැනව.
2 මා දෙසට ඔබගේ කන නමා, ඉක්මනින් මා මිදුව මැනව. මා ගළවන්ට ශක්තිමත් පර්වතයක්ද ආරක්ෂා ගෘහයක්ද වුව මැනව.
3 මක්නිසාද ඔබ මාගේ පර්වතය සහ බලකොටුවය; එබැවින් ඔබගේ නාමය නිසා මට මඟ පෙන්වමින් මා ගෙනගිය මැනව.‍

මෙම බයිබල් පද අප නව ගිවිසුම තුළින් බැලිය යුතුය.

දෙවියන්වහන්සේ කිසිදා අපව ලැජ්ජාවට පමුණුවන්නේ නැත.

උන්හන්සේගේ ධර්මිෂ්ඨකමින් අපට දී තිබෙන මිදීම උදෙසා ස්තූති කළ යුතුය.

අපි කුරුසිය දෙස බලමින් යේසුස්වහන්සේව අපගේ මිදුම්කරුවාණන් ලෙස පිළිගත් පසු අපගේ පාපයට කමාව ලබා ගැළවීම ලැබුවෙමු.

දැන් අප කුරුසියෙන් එහා බැලිය යුතුය.

ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පස වැඩ සිටින අතර අපවද ඔසවා උන්වහන්සේ සමඟ හිඳුවා ඇත.

දැන් උන්වහන්සේ අපව ධර්මිෂ්ඨ කර ඇති නිසා අප නිතරම බයිබලයේ පද කියවන විට අලුත් ගිවිසුම තුළින් ඒ පද උපුටා ස්වාමීන්වහන්සේට ස්තූති දෙමින් ප්‍රකාශ කළ යුතුය.

ස්වාමීන්වහන්සේ අපගේ ශක්තියය; උන්වහන්සේ අපගේ පර්වතය; අපගේ රක්ෂා ස්ථානයත් බලකොටුවත් බැවින් අපි ස්තූති කරමු.

මම පණුවෙක්මි, පව්කාරයෙක්මි; මම දූවිල්ලයි මම නොවටිනා කෙනෙකුය කියා පවසන්නේ නැතිව, එවැනි ප්‍රකාශ සහ වචන අපගේ යාච්ඤාවෙන් බැහැර කළ යුතුය.

ස්වාමීන්වහන්සේ තුළ ඔබ කව්ද යන්න ඔබ දැන සිටිය යුතුය.

බයිබලයේ පරණ ගිවිසුමේ පද අලුත් ගිවිසුම තුළින් බැලීමෙන් ඔබ නිතරම ශක්තිමත් ජීවිතයක් ගත කරනු ඇත.

දේව භය ගැන අපි බලන කල දෙවියන්වහන්සේගේ කැමැත්ත වන්නේ අපට දේව භය උගන්වන්නටත්, අප ඉගෙන ගත් දේ අන් අයට උගන්වන්නටත්ය.

අපගේ යාච්ඤාව විය යුත්තේ ස්වමිනි, සියලු දවස්වල ඔබවහන්සේට භයවීමට, ගෞරවය දක්වන්නට මට ඉගැන්නුව මැණව, මා එයට සූදානම් ස්වාමීනි කියාය.

අප ගැළවීම ලබාගන්නට පෙර ජීවත්වූයේ භයාදුකමේ ආත්මයට යටත්ව වහලුන් ලෙසයි.

ඒ භයාදුකමේ වහල්භාවයෙන් මුදවන්නට යේසුස්වහන්සේ මෙළොවට පැමිණිසේක.

හෙබ්‍රෙව් 2:14
එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සෙත් එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව මරණය කරණකොටගෙන බල නැතිකොට,

යේසුස්වහන්සේ පාපයේද ශාපයේද මරණයේද බන්ධනයෙන් අප මුදාගත්සේක.

කොලොස්සි 1:13
පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.

දෙවියන්වහන්සේ දැන් අපගෙන් බලාපොරොත්තු වන්නේ පේ‍්‍රමයේ නමස්කාර සේවයකි.

අප දෙවියන්වහන්සේට කරන්නේ වහල්භාවයේ සේවයක් නොවේ.

අපගේ ජීවිතයට කරදර ප‍්‍රශ්ණ පීඩා පැමිණෙන කළ අප ඒ තුළින් ආත්මිකව වර්ධනයවේ.

රෝම 5:1-5
එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකරනු ලැබ, අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු. අප පිහිටා සිටින මේ අනුග්‍රහයට උන්වහන්සේ කරණකොටගෙනම ඇදහිල්ලෙන් ළඟාවී සිටිමුව; තවද දෙවියන්වහන්සේගේ මහිමයේ බලාපොරොත්තුවෙහි අපි ප්‍රීතිමත්වෙමු. එපමණකුත් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ලද, ඉවසිල්ලෙන් සහතිකකමද සහතිකකමෙන් බලාපොරොත්තුවීමද උපදින බව දැන, අප විඳින පීඩාවලදීත් ප්‍රීතිමත්වෙමු. බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය.

අප පීඩා තුළින් ගමන් කරන කළ ඇදහිල්ල හා ඉවසිලිවන්තකම යන ගුණාංග අප තුළ ක්‍රියාවට නැංවේ.

දෙවියන්වහන්සේගේ වචනය, බීජ ක‍්‍රියාකරනුයේ යම් කාලපරිචිඡේදයකය.

යක්ෂයාට ඇතුලුවීමට දොරටු විවර නොකරන්න.
අප දෙවියන්වහන්සේට ගරු කරමින්, නමස්කාරයෙන් දේව භයින් ජීවත්වෙමු, සේවය කරමු.

ගීතාවලිය 34:11-13
11 දරුවෙනි, එව්, මට කන්දෙව්. ස්වාමීන් කෙරෙහි භයවීම නුඹට උගන්වන්නෙමි. 12 ජීවිතයට කැමතිවූ, යහපත දක්නා පිණිස බොහෝ දවස් වලට ප්‍රියවූ මනුෂ්‍යයා කවරේද? 13 නුඹේ දිව නපුරෙන්ද නුඹේ තොල් වංචා කථාවෙන්ද වලකාගනුව. 14 නපුරෙන් ඉවත්ව යහපත්කම් කරව; සමාදානය සොයමින් එය අනුව යව.

දෙවියන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ වෙතට එන්න කියාය.

මතෙව් 11:28
වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි.

ප‍්‍රශ්ණ කරදර පීඩා පැමිණෙන කල අපි දෙවියන්වහන්සේ වෙතට දිව යමු.

දෙවියන්වහන්සේ ස්වාමීන් කෙරෙහී භයවීම අපහට උගන්වනු ලබයි.

පෙන්තකොස්ත දින ගෝලයන් එක් රැස්ව යාච්ඤාවෙන් සිටියදී ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් වෙතට පැමිණ ඒ අයගේ තොල් පවිත‍්‍ර කරන ලදි.

ඔබ ස්වාමීන්වහන්සේ තුළ රැඳී සිටීමෙන් පවතින කල උන්වහන්සේ ඔබගේ යෞවනකම අලුත් කරමින් ඔබට දීර්ඝායුෂය දෙනසේක.

යෙසායා 40:30-31
30 තරුණයෝ පවා ක්ලාන්තව වෙහෙසවන්නෝය. යෞවනයෝද මුළුමනින්ම වැටෙන්නෝය. 31 නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.

ආත්මිකව දෙවියන්වහන්සේ සමඟ සමීපව සම්බන්ධකම් පවත්වන කෙනෙකුට, තරුණයන්ට වඩා සවිය සහ ශක්තිය උන්වහන්සේ තුළ ලැබෙනු ඇත.

අපගේ දිව නපුරෙන් හා තොල් වංචා කථාවෙන් හසුරුවන්නට යක්ෂයාට ඉඩ නොදෙන්න.

හිතෝපදේශ 6:2
නුඹේ මුඛයේ කීම්වලින් පටලැවී, නුඹේ මුඛයේ කීම්වලින් අසුවී සිටින්නෙහි නම්,

ඔබ දේව භය ඇති කෙනෙක්නම් නපුරෙන් ඉවත්ව යහපත් කම් කරන්න.

දෙවියන්වහන්සේ අපව සම්බන්ධ කරනු ලැබුවේ ජීවන වෘක්ෂයටය.

අප දෙවියන්වහන්සේට කන්දෙනු ලබන්නේ දේව වචනයට කාලය දීමෙන්ය.

ගීතාවලිය 86:11
ස්වාමිනි, ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; ඔබගේ සැබෑකමෙහි හැසිරෙන්නෙමි. ඔබගේ නාමයට භයවෙන පිණිස මාගේ සිත එකඟකළ මැනව.

ගීතාවලිය 86:11 මෙම බයිබල් පදය අපගේ ජීවිතයේ යාච්ඤාවේ රටාවක් බවට අප පත්කර ගත යුතුයි

අප දෙවියන්වහන්සේ තුළ සැබෑකමින් ජීවත්වෙමින්, හැසිරෙමින්, ගමන්කරමින් උන්වහන්සේගේ වචනයට මුල් ස්ථානය දෙන විට උන්වහන්සේට භයවීමට අපගේ සිත එකඟ වනු ඇත.

දේව වචනයට ගරු කිරීමට ඔබගේ සිත එකඟ කර ගන්න. මන්ද අප මෙම වචනය කියවන කල මෙම වචනයේ හඬ අපට කථා කරනු ඇත, උපස්ථාන කරනු ඇත. අපව සනසනු ඇත.


Watch the Sermon Video

Read 311 times