Print this page

ස්වාමීන්වහන්සේ අපට දේව භය උගන්වනසේක - යෝෂා මනූ
October 16, 2022 Sunday Sermon Notes


ස්වාමීන්වහන්සේ අපට දේව භය උගන්වනු ලබන්නේ අප මේ පොළොවේ යහපත් ජීවිතයක් ගත කරන පිණිසය.

අප කීකරුකමෙන් ජීවත්වුවහොත් ආශීර්වාදය අප තුළට පැමිණෙනු ඇත.

ආත්මික කිතුවෙකු ලෙස අප දෙවියන්වහන්සේගේ නාමය විශ්වාස කරනු ලබන අතර උන්වහන්සේගේ වචනය අප අදහාගනු ලබනවා.

උන්වහන්සේගේ නව මැවිල්ලව සිටින අප තුළ දේව භය තිබෙනවා. මන්ද දෙවියන්වහන්සේ අපගේ ජීවිතය පරිවර්ථනය කර ඇත. වෙනස්කර ඇත. උන්වහන්සේ අපගේ ජීවිතයට නව ආරම්භයක් දී ඇත.

එම දේව භය නිසා අපගේ හදවතින් ගැඹුරුවූ අධික ප්‍රේමයෙන් අප ගෞරවය දීම ඉතාම වැදගත්ය.

ස්වාමීන්වහන්සේට අප ගෞරවය, මුල් ස්ථානය දෙන කල ඔබ හිතනවාටත්, ඉල්ලනවාටත් වැඩියෙන් දෙවියන්වහන්සේට ඔබ තුළ ක්‍රියා කල හැක.

අපගේ ජීවිතයේ සෑම දෙයින්ම පළමු දේ දෙවියන්වහන්සේට දිය යුතුය.

අපි නිතරම යාච්ඤා කළ යුත්තේ "ස්වාමීනි, සියලු දවස්වල දී ඔබවහන්සේට භය වෙන්ට (ගරුබිය දක්වන්නට) මට උගන්වන්න" කියාය.

දේව භය නම්, හදවතින්ම, ගැඹුරුවූ අධික ප්‍රේමයෙන් ගෞරව කිරීමයි.

දේව භයින් පිරුණු ගෞරවය.
ශුද්ධවූ ප්‍රේමයෙන් පිරි ගෞරවයයි.

ස්වාමිනි මට දේව භය "උගන්වන්න" යන වචනයේ අර්ථ නම්, "පුහුණු කිරීම, උපදෙස් දීම" යන්නයි.

දේව හඬ අසන්නට අප පුරුදු විය යුතුයි.

දේව හඬ තිබෙන්නේ දේව වචනය තුළය.

දේව වචනයෙන් ඔබට යම් දෙයක් ප‍්‍රකාශ කරන්නේනම්, දේව වචනයෙන් ඔබට දෙනු ලබන උපදෙස්, ප‍්‍රඥාව, දැනුම, දැනගැන්ම යන සියල්ල දෙවියන්වහන්සේ දෙනු ලබන්නේ අපගේ යහපතටය.

දේව වචනයට පටහැනිව ක්‍රියාකරන්නෙකුට දේව හඬ ඇසෙනවා කියා කිසිදා ප‍්‍රකාශ කළ නොහැක.

පරණ ගිවිසුම තුළ දෙවියන්වහන්සේ මෝසෙස් සමඟ කථා කිරීමේදී මනුෂ්‍යයන් දේව හඬ අසන්නට භයවුනෝය. ඔවුන් මෝසෙස්ට පැවසුවේ ඔබ දේව හඬ අසා පැමිණ අපට කියන්න කියාය.

නික්මයාම 20: 18-19
18 මුළු සෙනඟ ගිගුරුම්ද විදුලිද හොරණෑ ශබ්දයද කන්දෙන් දුම් නැගීමද දුටුවෝය. සෙනඟ ඒ දැක වෙවුලමින් දුරින් සිට, 19 මෝසෙස්ට කථාකොට: ඔබ අප සමඟ කථාකළ මැනවි, අපි අසන්නෙමුව. දෙවියන්වහන්සේ අප සමඟ කථානොකරනසේක්වා, කථාකළොත් අප නසිනවා ඇතැයි කීවෝය.

නව ගිවිසුම තුළ යේසුස්වහන්සේ පැවසුවේ මාගේ බැටළුවෝ මාගේ හඬ අසතියි කියාය.

යොහන් 10:27
මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔව්හු මා පස්සේ එති.

අපගේ ආත්මික පියාණන්ගේ හඬ ඇසීමට අප පුරුදු විය යුතුය

දෙවියන්වහන්සේගේ කැමැත්ත වන්නේ අපට දේව භය උගන්වන්නයි. ඒ නිසයි උන්වහන්සේ අපට ආරාධනා
කරන්නේ "එන්න මට කන් දෙන්න, ස්වාමීන් කෙරෙහි භයවීම මම ඔබට උගන්වන්නම්" කියාය. ගීතාවලිය 34:11‭-‬1

දෙවියන්වහන්සේගේ උපදෙස් හා දේව හඬ අප ඇසිය යුතු වන්නේත්, අපට නීති රීති කොන්දේසි දමා තිබෙන්නේත් අප සතුරට ඉඩ නොදී මේ ලෝකයේ යහපත් දේවල් භුක්ති විඳින පිණිසය.

අප දේව වචනයේ යම් කොටසකට අකීකරු වුවහොත් අපට පහර දීමට, අපගේ ජීවිතයට ඇතුල්වීමට හෝ පිටතින් පහර දීමට සතුරා බලා සිටී.

සතුරාට දොරටු විවර නොකරන්නයැයි පවසන්නේ ඒ නිසාය. යක්ෂයාට ඉඩ නොදෙන්න - එපීස 4:27.

ගීතාවලිය 32:8 පවසන්නේ, ඔබට උගන්වන්නෙමි, ඔබ විසින් යායුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස ඔබ කෙරේ යොමුකොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි.
9 තේරුම් නැති අශ්වයෙක් හෝ අශ්වතරයෙක් මෙන් නොවව්. උන් දමනයකරන පිණිස කටකලියාව සහ පටිය දැමිය යුතුය, නැතහොත් උන් ඔබට ළං නොවෙති.

කටකලියාවක් දැමූ අශ්වයෙක් මෙන් දෙවියන්වහන්සේ අප හසුරුවන්නේ නැත.

අප ස්ව කැමැත්තෙන් ගන්නාවු තීරණ දෙස දෙවියන්වහන්සේ බලා සිටියි.

ආදම් සහ ඒවටද දෙවියන්වහන්සේ බලපෑම් කළේ නැත. ඔවුන් කරන්නට ගිය ක‍්‍රියාව උන්වහන්සේ නතර කළේද නැත. ඔවුන් ගන්නාවු තීරණය දෙස උන්වහන්සේ බලාසිටිසේක.

දෙවියන්වහන්සේ අපටද යම් යම් දේ නොකරන්නට කී අවස්ථාවේදී
අප උන්වහන්සේගේ හඬට අකීකරුව ක්‍රියා කිරීමෙන් අපි සතුරාට ඉඩක් දෙනු ලබනවා. නමුත් එවිට ප‍්‍රමාද වැඩියි.

මතෙව් 11:28-30
28 වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි. 29 මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය
ලැබෙන්නේය. 30මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.

වියගහ පිටට ගනිද්දී එකඟත්වයක් තිබිය යුතුය.

අප දෙවියන්වහන්සේ හා එක්ව ගමන් කිරීමේදී උන්වහන්සේගේ හඬට ඇහුම්කන්දී ගමන් කිරීමට උන්වහන්සේ අපට උගන්වනු ඇත.

මම ඔබ සමඟ සමීපව සිටිමින් ඔබගේ ජීවන මාර්ගයට අවශ්‍ය උපදෙස්, තේරුම් ගැනීමට ප්‍රඥාවද, සඵලවන්නට, සාර්ථක වන්නට, දියුණු වන්නට ක්‍රම උගන්වන්වමි කියා දෙවියන්වහන්සේ අපට පවසනසේක.

උන්වහන්සේම අපට මඟ පෙන්වනසේක.

ස්වාමීන්වහන්සේ මාර්ගෝපදේශකයෙකු ලෙස උන්වහන්සේගේ ඇස්වලින් අපට ඉදිරියට යන්නට මඟ පෙන්වයි.

අපව හරි මාවත් කෙරෙහි යොමු කරමින් අපට පැහැදිලිව මඟ පෙන්වයි.

දෙවියන්වහන්සේගේ වචනයෙන් උන්වහන්සේ අපට නිතරම උගන්වනු ලබන්නේ අප දෙවියන්වහන්සේගේ දරුවන් නිසාය.

දේව වචනයේ වටිනාකම ලෝකයාටත් මාංසාකර මනුෂ්‍යයන්ටත් තේරෙන්නේ නැත.

දේව වචනය ආත්මිකව දෙවියන්වහන්සේ ලියා ඇති බැවින් ආත්මිකව අප ගැළවීම ලැබුවාට පසු ආත්මික දෙවියන්වහන්සේ එය අපට උගන්වනු ඇත.

සැනසිලිකාරයාණන්වහන්සේ අප තුළට පැමිණි පසු උන්වහන්සේ අපට සියල්ල පහදා දෙනු ඇත. උගන්වනු ඇත.

යොහන් 14: 26
නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවනසේක.

ගීතාවලිය 111:10
ස්වාමීන් කෙරෙහි භයවීම ප්‍රඥාවේ පටන්ගැන්මය;

ප‍්‍රඥාවන්තයෙකු ලෙස ක්‍රියාකරන්නට කීකරුවනන්නට තීරණ ගන්නට දෙවියන්වහන්ස් අපහට උන්වහන්සේගේ ප‍්‍රඥාව දෙනු ඇත.

එය ලබා ගැනීමට අවශ්‍යය වැදගත්ම දෙය දේව භයයි.

ගීතාවලිය 119:9
තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍ර කරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි.

අපගේ මාර්ග අලුත් කර ගත යුත්තේ උන්වහන්සේගේ වචනය පැවැත්වීමෙනි. කීකරුවීමෙනි.

ගීතාවලිය 119:11
ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.

දේව වචනය ඔබගේ හදවත තුළ සඟවා ගත යුත්තේ හදවතින් සතුරාට එය සොරකම් කළ නොහැකි නිසාය.

හදවත තුළ වචනය සඟවා ගත් කළ අප දෙවියන්වහන්සේට විරුද්ධව පව් කරන්නේ නැත.

යෝසේප් තුළ දේව භය තිබුණි. ඔහුගේ හදවත අභ්‍යන්තරයේ දේව භය සඟවා තිබුණි. එහෙයින් ඔහු දෙවියන්වහන්සේට විරුද්ධව පවි කිරීමට පෙළඹුනේ නැත.

දෙවියන්වහන්සේට ගරුබියෙන් ජීවත් වීම අපි අන් සියල්ලට වඩා මුල් කර ගත යුතුයි. එයට ප්‍රධානම ස්ථානය දීමෙන් එය අපට ආශීර්වාදයක් වනු ඇත.

ප්‍රඥාව සොයාගත හැකි වන්නේ කොතැනින්ද?

එය දෙවියන්වහන්සේ කෙරෙහි ඇති භිය තුළින් උපදීයි.

උන්වහන්සේගේ මාර්ග අනුගමනය කරන සෑම කෙනෙකුටම උන්වහන්සේගේ ජීවනයට අවශ්‍ය වන තේරුම් ගැනීම කවදාවත් අඩු වන්නේ නැත.

හිතෝපදේශ 1:7
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම දැනගැන්මේ පටන්ගැන්මය. අඥානයෝ ප්‍රඥාවද ගුරුකමද හෙළාදකිති.

දැනගැන්මේ පටන්ගැන්මය යනු, සියුම් නුවණ තිබීම, වටහා ගැනීමේ ශක්තිය සහ අවබෝධය ඇතුව සිටීම.

අඥානයන් යනු දේව වචනය අසා තේරුම් නොගන්නන්ය.

මතෙව් 7:26
යමෙක් මාගේ මේ වචන අසා, ඒවා පිළි නොපදීද, ඔහු වැලි මත්තෙහි තමාගේ ගෙය සාදාගත් නුවණ නැති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය.

හිතෝපදේශ 1:32-33
32 මක්නිසාද නුවණ නැත්තෝ තමුන්ගේ පසුබට වීම නිසා මැරුම්කන්නෝය. අඥානයෝ තමුන්ගේ නොසැලකිලිකම නිසා නැතිවන්නෝය.
33 නුමුත් මට ඇහුම්කන්දෙන තැනැත්තේ සුවසේ වාසයකොට, විපතට භයනොවී, නිශ්චලව සිටින්නේය.

ප‍්‍රඥාව හෙළා දකින්නා විපතට පත්වී, නිතරම භයින් ජීවත් වන්නේය.

දේව භය ඇති කෙනාට දෙවියන්වහන්සේගේ වචනය අසා දැනගැන්ම තමාගේ හදවතට ඇතුල්කර ගැනීමෙන් විපතට භය නොවී සුවසේ වාසය කිරීමට හැකිවේ.

අපි දෙවියන්වහන්සේට කීකරුකමෙන් හා භක්තියෙන් ජීවත් වන විට අපි සැබෑ දැනුමේ අලුත් දෙයක් තේරුම් ගනීයි.

"මුරණ්ඩුකමෙන් හා සියල්ල දන්නා අය" කියා සිටින්නන්, මේ සැබෑ දැනුම තේරුම් ගන්නේ නැත.

මන්ද ඔවුන් සැබෑ ප්‍රඥාව සහ දැනුම හෙළා දකින බැවිනි.

අකීකරුකම යන්නෙන් අර්ථවත් වනුයේ කැරලිකාර, හිතුවක්කාරකම හා මුරණ්ඩුකමය.

දෙවියන්වහන්සේගේ වචනයට විරුද්ධවන්නා අකීකරුකමින් කැරළිකාරකමින්, හිතුවක්කාරකමින් හා මුරණ්ඩුකමින් ජීවත්වේ.

එම පුද්ගලයා තුළ අශුද්ධ ආත්ම බලපෑම් ඇතිකරයි.

දේව වචනයේ හඬ අසන්න. දෙවියන්වහන්සේගෙන් ඉගෙනගන්න. එවිට දෙවියන්වහන්සේ දේව භය කුමක්ද කියා අපහට උගන්වනු ලබනු ඇත.


Watch the Sermon Video

Read 306 times