Print this page

මේ ජීවිත ගමනේ ස්වාමීන්වහන්සේ සමඟ ඔබ ඵල දරන්න - මනූ මැතානි
November 6, 2022 Sunday Sermon Notes

 

යේසුස්වහන්සේ නාමය උතුම්ම නාමයයි, උසස්ම නාමයයි. අපටද එම නාමය පාවිච්චි කර යක්ෂයන් දුරු කිරීමට, රෝග සුවකිරීමට, පියාණන්වහන්සේගෙන් යම් දේවල් ලබා ගැනීමටද පුළුවන්කම දී ඇත.

පුරාණ කාලයේදී දේව වචනය මනුෂ්‍යයාට ලබා ගැනීමට මහත් අසීරුවිය.
දේව වචනය නිසා මනුෂ්‍යයාට පීඩා අවහිරතා, මරණය පවා විඳින්නට සිද්ධ වූයේය.

මෙම උතුමි වචනයට අප ගෞරව කළ යුතුය.

වචනයට ගෞරවය දෙනවා යනු දෙවියන්වහන්සේට ගෞරවය දීමයි.

වචනය සුළු කරන්නාට විනාශය පැමිණේ.

හිතෝපදේශ 13:13 දේව වචනය සුළුකර සිතන්නාට විනාශය පැමිණෙයි; එහෙත් ආඥාවට භය ඇත්තා විපාක ලබයි.

අපි වචනය සුළු නොකරමු.

අදටද සමහර රටවලට දේව වචනය ලබා ගැනීම ඉතා අසීරුය.

අපට පහසුවෙන් ලැබී ඇති මෙම වචනය කියවීමට, මෙනෙහි කිරීමට, ජීවිතයට අදාල කර ගැනීමට අපහට පුළුවන.

අපි සැබවින්ම දෙවියන්වහන්සේට ප්‍රේම කරනවා නම් උන්වහන්සේගේ වචනය රක්ෂා කරගමු.

යොහන් 14:21
යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක.

මේ වචනය ඉතා උතුම්.

වචනයෙන් අපට ලැබෙණුයේ සදාකාල විපාකයයි.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අප ඵල දැරීමයි.

දෙවියන්වහන්සේගේ වචනය බීජයයි. මේ වචනය ඕනෑකමින් අපි රක්ෂා කරගමු.
කිසිකෙනෙකුට එය සොරකම් කරන්නට ඉඩ නොදෙමු.

මේ පොළොවේ අපි දේව වචනය තුළින් බොහෝ ඵල දරන්නට කාලය දෙමු.

යොහන් 14:21 වචනයට කීකරු වෙමු.

නෝවාව සමාජය විසින් කොන් කරත් වෙන් කරත් ඔහු තීරණය කළා දෙවියන්වහන්සේට කීකරුව නැව ගොඩනඟන්නට. දෙවියන්වහන්සේ පැවසූ දේ ඔහු විශ්වාස කරමින් දැන සිටියා ජලගැල්මක් තුළින් විනාශයක් පැමිණෙන්නට යන බව.

ඒ නිසා දෙවියන්වහන්සේ උදෙසා මෝඩයෙකු වෙමු.

ලෝකයේ දෙවියා මනුෂ්‍යයාගේ මනස අන්ධකර ඇත.

2 කොරින්ති 4:4 නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබෙළන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.

අපගේ යහපත් ක්‍රියා දෙවියන්වහන්සේ ඉදිරියේ වැරහැලි මෙනි.

යෙසායා 64:6
අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.

තමන් ධර්මිෂ්ඨයයි කියු මනුෂ්‍යයන්ව යේසුස්වහන්සේ හෙළාදක්නා ලදි.

දෙවියන්වහන්සේ ඔබේ ජීවිතයේ යහපත් වැඩක් ආරම්භ කර ඇත්නම් අන්තිම‍ය දක්වාම උන්වහන්සේ එය යහපත්ව අවසන් කරනු ඇත.

පිලිප්පි 4:6
නුඹලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණකරනසේකැයි යන මේ විශ්වාසය ඇතිව සිටිමි.

අපේ ගැළවීමේ කෙලවර දක්වා යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පස වාඩිවී අප වෙනුවෙන් මැදිහත්කාරකම් කරනු ඇත.

හෙබ්‍රෙව් 7:25
එබැවින්, උන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නන් උදෙසා මැදහත්කම්කරන පිණිස උන්වහන්සේ නිරතුරුම ජීවත්වන හෙයින්, ඔවුන් කෙළවර දක්වාම ගළවන්ට උන්වහන්සේට පුළුවන.

යේසුස්වහන්සේ සභාවේ හිසව සිටිමින් උන්වහන්සේට කරන්නට ඇති දේ උන්වහන්සේ කළ හමාරය.
යේසුස්වහන්සේගේ නැවත නැගිටීමේදී හිස්වූ සොහොන් ගෙය තුළ එයට ලකුණක්ව තිබුණි.

යොහන් 20:7
හණරෙදි තිබෙන බවත්, උන්වහන්සේගේ හිසේ තිබුණු රෙදිකඩ හණරෙදි සමඟ නැතුව වෙනම එක්තැනක අකුළා තබා තිබෙන බවත් දුටුවේය.

යේසුස්වහන්සේ සභාවේ හිසව සිටී. උන්වහන්සේගේ ශරීරය සභාවයි.

උන්වහන්සේ සභාව තුළ පටන්ගත් ක්‍රියාව නිමකරනසේක.

අප උන්වහන්සේ තුළ සහභාගිකම් පවත්වමින් උන්වහන්සේගේ වචනය තුළ පවතින ඵල දරන ජීවිතයක් ගත කළ යුතුය.

වැරදි ආශ‍්‍රයන් තුළ අප සිටින කල අපගේ මට්ටමද ඔවුන්ගේ මට්ටමට හැරෙනු ඇත.

1 කොරින්ති 15:33
නොරැවටෙන්න. නපුරු සමාගමනේ හොඳ චරිත නරක්වන්නේය.

නොඇදහිලිකාරමෙන් සිටින්නන්ගෙන් ඔබ වෙන්ව සිටින්න.

නොහැදිලිකාරකම යනු අකීකරුකමය.

1 කොරින්ති 15:34 ධාර්මිකලෙස පිබිද, පව් නොකර සිටින්න; මක්නිසාද සමහරු දෙවියන්වහන්සේ ගැන දැනුම නැතුව සිටිති. නුඹලා ලජ්ජාවට පමුණුවන පිණිස මෙසේ කියමි.

පාපයක් නොදැනව සිටි යේසුස්වහන්සේ මා වෙනුවෙන් පාපය වූවා.
2 කොරින්ති 5:21

යේසුස්වහන්සේව මරණයේ තබන්නට මරණයට නොහැකිවූයේය.

ක්‍රියා 2:23-24
දෙවියන්වහන්සේගේ නියමවූ මන්ත්‍රණය සහ පෙරදැනගැන්ම ලෙස භාරදෙනලදුව, නුඹලා ව්‍යවස්ථාව නොසලකන අය ලවා කුරුසියෙහි ඇණගස්වා මැරවුවහුය. නුමුත් දෙවියන්වහන්සේ මරණ වේදනාවෙන් උන්වහන්සේ මුදා නැගිටෙවුසේක. කුමක්හෙයින්ද උන්වහන්සේ නවතාගන සිටින්ට මරණයට නුපුළුවන් විය.

ක්‍රියා 2:31 ඔහු මෙය කලින් දැක ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම ගැන කථාකරමින් උන්වහන්සේගේ පාතාලයේ නවතින්ට හරිනු නොලැබූ බවත් උන්වහන්සේගේ මාංසය කුණු නොවූ බවත් කීවේය.

ක්‍රියා 2:27
මක්නිසාද ඔබවහන්සේ මාගේ ආත්මය පාතාලයේ නවතින්ටවත් ඔබගේ ශුද්ධ තැනන්වහන්සේ කුණු වෙන්ටවත් ඉඩ නොදෙනසේක.

යේසුස්වහන්සේට තුළ තිබුණේ දෙවියන්වහන්සේගේ ස්වභාවයයි.

ශුද්ධ තැනැන්වහන්සේ වන යේසුස්වහන්සේ කුරුසියේ මරණයට පත්වූයේ අශුද්ධව සිටි අපව ගළවාගන්නටය.

දෙවියන්වහන්සේ අපව ශුද්ධ පවිත‍්‍රකර අපගේ ශරීරය උන්වහන්සේගේ මාළිගාව බවට පත්කර ගන්නා ලදි.

1 කොරින්ති 6:17
නුමුත් ස්වාමීන්වහන්සේට එක්වූ තැනැත්තේ එක ආත්මයය.

අප උන්වහන්සේට අයිතිය කියා උන්වහන්සේ අතීශයෙන් ආශාවෙන් සිටින්නේ.

යාකොබ් 4:5
නොහොත් දෙවියන්වහන්සේ අප තුළ වාසයකෙරෙවුවාවූ ආත්මය අප කෙරේ අතිශයින් ආශාවන්නේය කියා ලියවිල්ල නිෂ්කාරණයේ කථාකරන්නේයයි නුඹලා සිතන්නහුද?

අපි යේසුස්වහන්සේ සමඟ ආත්මයෙන් විවාහයට ඇතුල් වී සිටින්නෙමු.
අපි උන්වහන්සේගේ මනාලියයි.
අපගේ ශරීරය දෙවියන්වහන්සේගේ මාළිගාවයි.
අපි ස්වාමීන්වහන්සේ උදෙසා වගකීමෙන් ජීවත් වෙමු.

2 කොරින්ති 11:2
මක්නිසාද පිරිසිදු කන්‍යාවකු මෙන් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ වන එක පුරුෂයෙකුට පාවාදීම පිණිස මා විසින් විවාහබස් දුන් බැවින් දිව්‍යවූ ජ්වලිතයකින් නුඹලා ගැන මම ජ්වලිතව සිටිමි.

ඔබ වචනය සුළුකළහොත් ඔබට ඵල දැරීමට නොහැකිය.

2 කොරින්ති 11:3
නුමුත් සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවාක්මෙන් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිදුකමෙන්ද යම්විදියකින් නුඹලා වෙන්කොට නුඹලාගේ සිත් දූෂ්‍යකරනු ලැබේදෝ කියා භයවෙමි.

ඔබ ඵල දරන ජීවිතයක් ගත කරන්න.

අප ඉන්න මේ කෙටි කාලය තුළ අප දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ යුතුය.

1 පේත්‍රැස් 4:1
අපි දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන පිණිස ජීවත් වෙමු.

පව් නොකර ජීවත්වීමට නම් අප කළ යුතු දේ :

ගීතාවලිය 1119:11
ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.

උන්වහන්සේ ඔබව බලහත්කාරයෙන් පාලනය කරන්නේ නැත.

ඔබ ලවා පව් කරවන්නට ඔබ වචන වලට ඉඩ නොදෙන්න.

දේශනාකාරයාගේ පොත 5:6
නුඹේ මාංසය ලවා පව්කරවන්ට නුඹේ කටට ඉඩනොදෙන්න; ඒක වැරදිල්ලකැයි දේවදූතයා ඉදිරියෙහි නොකියන්න. දෙවියන්වහන්සේ නුඹේ හඬට උදහස්ව නුඹේ අත්වල කර්මාන්තය නාස්ති කරන්ට ඕනෑ මන්ද?

ගීතාවලිය 39:1
මාගේ දිවෙන් පව් නොකරන පිණිස මාගේ හැසිරීම බලාගන්නෙමියි කියාත්, දුෂ්ටයා මා ඉදිරියෙහි සිටින අතර කටකලියාවකින් මාගේ මුඛය රැක ගන්නෙමියි කියාත් කීයෙමි.

ඔබ සමාජය උතුම් නොකරගන්න.

ඔබගේ වචන ප‍්‍රවේසම් කරගන්න.

ගීතාවලිය 39:2
මම නිශ්ශබ්දව ගොළුවීමි, යහපත ගැන පවා කථාවෙන් වැලකුණෙමි; එවිට මාගේ ශෝකය ඇවිස්සුණේය.

ඔබ සමාජයේ සිදුවන ක්‍රියා සමඟ එකඟ නොවන්න.

ඔබ මලාවූ ජීවිතයක් ගත නොකරන්න.

අනනියස් සහ සප්පිරා බොරුවක් කිරීමට දෙදෙනාම එකඟතාවයකට පත්වුණි.

ක්‍රියා 5:7-9
අනනියස් ඒ වචන අසා වැටී මළේය. ඒ ඇසූ සියල්ලන්ට මහත් භයක් පැමුණුණේය. එවිට පේතෘස් ඈට උත්තරදෙමින්: නුඹලා බිම වික්කේ මෙපමණටදැයි මට කියන්නැයි කීවේය. එසේය, එපමණටයයි ඈ කීවාය. එවිට පේතෘස් ඈට කථාකොට: ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන් පරීක්ෂාකරන්ට නුඹලා එකඟවෙන්ට යෙදුණේ කොහොමද? අන්න, නුඹේ පුරුෂයා වැළලූ අයගේ පාද දොර ළඟය, ඔව්හු නුඹද පිටතට ගෙනයන්නෝයයි ඈට කීවේය.

ඒව පරීක්ෂාව ප්‍රතික්ෂේප කළේ නැත. තහනම් කළ දෙයින් ඈත්වීමට ඔවුන් උත්සහ නොකරන ලදි.

1 කොරින්ති 8:1
දේවතාවන්ට පුදනලද දේවල් ගැනය. අප සියල්ලන්ටම ඥානය ඇති බව දනිමුව. ඥානය උඩඟුකම උපදවයි, නුමුත් ප්‍රේමය වැඩ සිද්ධකරයි.

ශුද්ධාත්මයාණන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන්නේ ඵල දරන ජීවිතයක් ගත කිරීමයි.

ඵල දැරීමට බීජ අවශයයයි.

බීජ දෙන්නේ වපුරන්නාටයි. බීජ ඔබගේ හදවතේ වැපිරිය යුතුයි.

හොෂෙයා 10:12
ධර්මිෂ්ඨකම පිණිස වපුරාගන, කරුණාවේ හැටියට කපාගන්න; පුරන් බිම කොටාගන්න. ස්වාමීන්වහන්සේ ඇවිත් නුඹලාට ධර්මිෂ්ඨකම වස්වන තුරු, දැන් උන්වහන්සේ සොයන්ට කාලයය.

ඔබ බොහෝ අයගේ ජීවිතයට ආශීර්වාදයක් වී සිටින්න.

හොෂෙයා 10:13
නුඹලා දුෂ්ටකම හෑවහුය, අයුතුකම කපාගත්තහුය; බොරුවල ප්‍රතිඵල කෑවහුය. මක්නිසාද නුඹ නුඹේ මාර්ගයත් නුඹේ බලවතුන් රාශියත් කෙරෙහි විශ්වාස කෙළෙහිය.

උන්වහන්සේගේ කැමැත්ත කරමින් අපි උන්වහන්සේට කීකරු වෙමු.

යක්ෂයා පේත්‍රැස් තුළින් වචනය සුළු කරන්නට උත්සාහ කරන ලදි.

1 කොරින්ති 13:5
නුඹලා ඇදහිල්ලෙහි සිටිනවාද කියා නුඹලාම පරීක්ෂාකර බලන්න; නුඹලාවම සෝදිසිකර බලන්න. නොහොත්, නුඹලා එපා කරනලද තැනැත්තෝ නොවෙත් නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළෙහි වසන බව නුඹලාම නොදනිවුද?

ඵලදරන්නට සඵලවන්නට නොහැකි බාධාව සොයන්න. ඔබ ඇදහිල්ලෙන් ඉන්නවාදැයි සෝදිසි කර බලන්න.

1 කොරින්ති 15:34 ධාර්මිකලෙස පිබිද, පව් නොකර සිටින්න; මක්නිසාද සමහරු දෙවියන්වහන්සේ ගැන දැනුම නැතුව සිටිති. නුඹලා ලජ්ජාවට පමුණුවන පිණිස මෙසේ කියමි.

අප රහසින් කරන දේ කවදාහෝ එළිදරව් වනු ඇත. එදිනට ඔබ ලැජ්ජාවට පත්වනු ඇත.

ජීවිතයේ හොඳ ඇබ්බැහිවීම් තෝරා ගන්න.

ඵල දැරීම ගැන යේසුස්වහන්සේ පැවසු දේ..........

යොහන් 15:4 මා තුළ පැවතෙන්න, මමත් නුඹලා තුළ පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම්, ඵල දරන්ට නුඹලාට බැරිය.

යොහන් 15:5-6 මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය. 6 යමෙක් මා තුළෙහි නොපවතී නම්, ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළීයයි; ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ, ඒවා දාලායන්නේය.

ගීතාවලිය 68:6 වියළිභාවයේ සිටින්නා කැරළිකාරකමේ ජීවත්වී සිටී.

කැරළිකාරකම යනු දෙවියන්වහන්සේ ඉදිරියේ ඵල නොදරන කෙනෙකුය.

යොහන් 15:7 නුඹලා මා තුළෙහි පවතින්නෝ නම්, මාගේ වචනය නුඹලා තුළෙහි පවතී නම්, නුඹලා කැමති දෙයක් ඉල්ලන්න, එවිට නුඹලාට ලැබේ.

මා දෙවියන්වහන්සේ තුළ පවතීනම් දෙවියන්වහන්සේ මා හට ඵල දැරීමට බීජ ලබාදේ.

යොහන් 15:8 මාගේ පියාණන්වහන්සේට ගෞරව ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්ය; මෙසේ නුඹලා මාගේ ගෝලයෝ වන්නෝය.

ඔබ සැබෑ ගෝලයෙකු වන්නේ පියාණන්වහන්සේගේ ආශාව ඉෂ්ට වන කල්හිය. පියාණන්වහන්සේගේ ආශාව නම් අප බොහෝ සේ ඵල දැරීමයි.

බොහෝ ඵල දැරීමට බොහෝ බීජ තිබිය යුතුය. බොහෝ සේ වචනයට අප ඇලුම් වී කීකරුවිය යුතුය. අප ඵල දරන විට පියාණන්වහන්සේට ගෞරවය ලැබෙනු ඇත.


Watch the Sermon Video

Read 374 times