Print this page

යේසුස්වහන්සේගේ නාමය කොතරම් බලවත්ද? - යෝෂා මනූ
November 6, 2022 Sunday Sermon Notes

 

යේසුස්වහන්සේගේ නාමය උතුම්ම නාමයයි.

කෙනෙකුව අපි හඳුනා ගන්නේ තමාගේ නාමයෙන්.

හැම කෙනෙකුට, මැවිල්ලේ සෑම සත්වයෙකුටම, හැම දෙයකටම, සෑම ස්ථානයකටම නමක් තිබෙනවා.

හැම දෙයක් අප හඳුනා ගන්නේ යම් නාමයකින්.

බයිබලයේ නම යන වචනය 1017 වාරයක් සඳහන්වේ.

නික්මයාම 34:14
මක්නිසාද ස්වයම් ගෞරව රක්ෂක නම්වූ ස්වාමීන්වහන්සේ ස්වකීය ගෞරවය රක්ෂාකරන්නාවූ දෙවිකෙනෙක් බැවින් නුඹ අන් දෙවිකෙනෙකුට නමස්කාර නොකළ යුතුය. (ඊර්ෂ්‍යා කරන. තමාටම පමණක් වූ නාමය)

දෙවියන්වහන්සේ තමාගේ ගෞරවය තමන්ම රක්ෂාකරන්නා වූ තැනැන්වහන්සේය.
එහෙයින් අප අන් දෙවිවරුන්ට නමස්කාර නොකළ යුතුය.

අප වෙන දෙවිවරුන්ට නමස්කාර කරනවාට දෙවියන්වහන්සේ කැමති නැත. දෙවියන්වහන්සේ තමන් සෙනඟට අමතන්නේ මාගේ සෙනඟ කියාය.
උන්වහන්සේට අවශ්‍ය වන්නේ අප උන්වහන්සේටම වෙන්වූ සෙනඟක්ව සිටීමටය.

පියාණන්වහන්සේ යේසුස්වහන්සේගේ නාමයට දී තිබෙන, තැන්පත් කර තිබෙන බලය, ආධිපත්‍යය, තේජස් සම්පත් දෙස බලමු.

දෙවියන්වහන්සේ යේසුස්වහන්සේට දුන් නාමය පිළිබද කාරණා 3ක්

1) දෙවියන්වහන්සේ යේසුස්වහන්සේට උත්කෘෂ්ට නාමය උරුමයක් සේ දුන්සේක.

2) යේසුස්වහන්සේගේ නාමය සියලු නාමවලට වඩා උසස්ම නාමය ලෙස දුන්සේක.

දේව දූතයන්ටත් වඩා උසස්ම නමය ඒකජාතක පුත්‍රයාණන්ට දුන්සේක.

ස්වර්ගයෙද පොළොවෙද, පොළොව යට පාතාළයෙද සියල්ලන්ම යේසුස්වහන්සේගේ නාමයට දණ නැමිය යුතුය. සෑම දිව්වලින්ම මනුෂ්‍යයන් එය ප‍්‍රකාශ කළ යුතුය.

පිලිප්පි 2:9
දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක. 10 එසේ කළේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණනමන පිණිසත්, 11 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය.

3) ජයගැනීමෙන් යේසුස්වහන්සේට එම නාමය දෙන ලදි. (ජයග්‍රාහී ලෙස යක්ෂයාව පරාජය කිරීමෙන් දිනුම් ලබමින්)

යේසුස්වහන්සේ පාපයද, ලෙඩ රෝගද, දිළිඳුකමද, ශාපයද, මරණයද, සොහොනද, නිරයද, පාතාලයද, යක්ෂයාව සහ හැම දෙයක්ම ජය ගත්සේක.
යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැඟිට දෙවියන්වහන්සේගේ දකුණුපස වාඩිවූ විට දෙවියන්වහන්සේ යේසුස්වහන්සේට මෙම නාමය දෙන ලද්දේය.

යක්ෂයා මුලින්ම ලුසිෆර් නමින් ස්වර්ගයේ වැඩවාසය කළ දෙවියන්වහන්සේගේ අග‍්‍ර දේවදූතයෙක් ලෙස සිටියේය.

ප‍්‍රධාන අග‍්‍ර දේවදූතයන් අතර ලුසිෆර්, මිකායෙල් හා ගාබ්‍රියෙල් යන දේවදූතයන් සිටින ලදි.

ගාබ්‍රියෙල් සුභාරංචි පණිවිඩ ගෙන යන සේවයේ නිරතවූ අතර මිකායෙල් සටන් පෙරටුගාමියෙක්ව සිටින ලදි.

ලුසිෆර් හට පැවරී තිබුනේ නමස්කාර කිරීමටය නමුත් ඔහු තුළ ඇතිවු උඩඟුකම හේතුවෙන් දෙවියන්වහන්සේ ඔහුව ස්වර්ගයෙන් නෙරපා දමන ලදි.

ලොව ආරම්භයේදී ආදම් සහ ඒව පාපයට වැටී දෙවියන්වහන්සේ හා තිබූ සබඳතාවය බිඳගන්නා ලදි.

ආදම් සහ ඒව තහනම් කළ ගසෙන් කෑමෙන් ඔවුන් නැතිකර ගත්තේ දෙවියන්වහන්සේ හා තිබූ සබඳතාවයයි.

දෙවියන්වහන්සේ සමඟ එම නැතිවූ සබඳතාවය නැවත පිහිටුවන්නටත් සාතන්ව පරාජය කරන්නටත් යේසුස්වහන්සේ මෙළොවට පැමිණිසේක.

පියාණන්වහන්සේට, සභාවට සහ සාතන්ට මෙම නාමයේ තේරුම කුමක්ද කියා බලමු.

හෙබ්‍රෙව් 1:1‭-‬4
1 දෙවියන්වහන්සේ ආදි කාලයෙහි බොහෝ කොටස්වලින්ද බොහෝ අන්දම්වලින්ද ප්‍රොපේතවරුන් ලවා පියවරුන්ට කථාකරවා, 2මේ දවස්වල කෙළවරදී තමන්වහන්සේගේ පුත්‍රයාණන් ලවා අපට කථාකෙරෙවුසේක. උන්වහන්සේව සියල්ලට උරුමක්කාරයා කළසේක, උන්වහන්සේ කරණකොටගෙන ලෝකවල් සෑදූසේක. 3 උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්, තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්, පව් ගැන පවිත්‍රවීමක් කළ පසු, උසස්ථානවල මහෝත්තමයාණන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක. 4 මෙසේ දේවදූතයන්ට වඩා උත්කෘෂ්ට නාමයක් උන්වහන්සේට උරුමව තිබෙන ලෙසම ඔවුන්ට වඩා එපමණ උතුම්වූසේක.

දෙවියන්වහන්සේ යේසුස්වහන්සේට උරුමයක් සේ උත්කෘෂ්ට නාමය දුන්සේක

යේසුස්වහන්සේ නිරයට ගොස් එහි පාරාදීසයේ සිටි ශුද්ධවන්තයන් හට උන්වහන්සේ යෙහෝවා වහන්සේ බවට සාක්ෂි දුන්සේක.

ලූක් 16:21-26 කියවන්න

ශුද්ධාත්මයාණන්වහන්සේ නිරයට ගොස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැඟිටුවා එහි සිටි ශුද්ධවන්තයින් සමඟ ස්වර්ගයට ගෙන යන ලදි.

4 මෙසේ දේවදූතයන්ට වඩා උත්කෘෂ්ට නාමයක් උන්වහන්සේට උරුමව තිබෙන ලෙසම ඔවුන්ට වඩා එපමණ උතුම්වූසේක.

උත්කෘෂ්ට යන්නෙන් අදහස් කරන්නේ, කීර්තිමත්, ශ්‍රීමත්, ශ්‍රේෂ්ඨම උතුම්ම, උසස්තම, අනර්ඝ යන්නය.

යේසුස්වහන්සේට උත්තරීතරම නාමයක්ද උන්වහන්සේ වැදගත්ම තනතුරටද පත්වූසේක.

යේසුස්වහන්සේගේ චරිතය ස්වභාවය නිසා එනම් දෙවියන්වහන්සේගේ පුත‍්‍රයාණන් ලෙස අති උතුම්, නාමයද ඒ පිටුපසින් ක්‍රියා කරන බලය ආධිපත්‍යයද උන්වහන්සේට දෙන ලද්දේය..

යේසුස්වහන්සේගේ නාමය සියලු නාමවලට වඩා උසස්ම නාමය ලෙස දුන්සේක.

පිලිප්පි 2:‭6-‬11
6 උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා, 7 එය ඉවත්කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක.
8 මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, කුරුසියේ මරණය දක්වා කීකරුවූසේක. 9 එබැවින් දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක. 10 එසේ කළේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණනමන පිණිසත්, 11 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය.

යේසුස්වහන්සේ පොළොවට පැමිණියේ දාසයෙකු ආකාරයට මනුෂ්‍යයන්ට සේවය කරන පිණිසයි. එසේම පොළොවේ
වහලුන් සේ සිටි මනුෂ්‍යයාව වහල් භාවයෙන් මුදවා නිදහස් කරන්නටත්‍ ය.

යේසුස්වහන්සේ මෙළොවට පැමිණ තම දිවි පූජා කළේ සිය කැමැත්තෙනි.
උන්වහන්සේ කුරුසියේ මරණය දක්වාම කීකරුවූ සේක.

එහෙයින් දෙවියන්වහන්සේ උසස්තම නාමයක් උන්වහන්සේට දුන්සේක.


Watch the Sermon Video

Read 270 times