+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අලුත් මනුෂ්‍යයාට දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇත - මනූ මැතානි
November 13, 2022 Sunday Sermon Notes


දෙවියන්වහන්සේගේ කැමැත්ත අප සාර්ථක ජීවිතයක් මේ පොළොවේ ගත කිරීමය.

යේසුස්වහන්සේ මෙළොවට පැමිණ තම ජීවිතය පුජාකරමින් මරණයද පරාජය කර ස්වර්ගස්ත වූ නිසාවෙන් අපට ස්වර්ගීය ජීවිතයක් මේ පොළොව තුළ ගත කිරීමට පුළුවන් කම ලැබී ඇත.

යේසුස්වහන්සේ අප වෙනුවෙන් ගිවිසුමක් සෑදු අතර ඒ ගිවිසුම තුළ සියළු ආශීර්වාදයන් හිමිවන්නේ යේසුස්වහන්සේටය.

නමුත් ආදම්ට දුන් ආශීර්වාදය ආදම් හරවා යක්ෂයා සමඟ ගිවිසුමක් සාදා ගන්නා ලදි.

ගිවිසුමක් සෑදීම භයානක දෙයකි. පළමුවෙන් එහි අන්තර්ගතය අප දැන සිටිය යුතුය. එහි වාසි ප‍්‍රයෝජන සොයා බැලිය යුතුයි.

ගිවිසුමක් යනු කිසිදා කඩකල නොහැකි දෙයකි.

මනුෂ්‍යයන් තම පෞද්ගලික වාසි තකා, කපටිකම් හේතුවෙන් ගිවිසුම් කඩකරති.

නමුත් දෙවියන්වහන්සේ යම් වචනයක් දුනහොත් එය කිසිදා හිස්ව හැරී ඒමට ඉඩ නොදෙන සේක.

දෙවියන්වහන්සේ කිසිදා උන්වහන්සේගේ ගිවිසුම් කඩ නොකරනු ඇත.

ගීතාවලිය 89:34
මාගේ ගිවිසුම කඩ නොකරන්නෙමි, මාගේ තොල්වලින් නික්මුණු දේද වෙනස් නොකරන්නෙමි.

අප යේසුස්වහන්සේ කවුදැයි නොදැන සිටියෙමු. දිනක් උන්වහන්සේගේ ශුභාරංචිය වචනය ඇසු විට උන්වහන්සේ සමඟ ගිවිසුමකට ඇතුල් වීමට අපට අවස්ථාවක් ලැබුණි.

උන්වහන්සේ අපගේ ශාපය දරාගෙන උන්වහන්සේගේ ආශීර්වාදය අප සමඟ බෙදා ගන්නා ලදි.

සෑම ආශීර්වාදයක්ම දෙවියන්වහන්සේ ආදම්ට නියම කල නමුත් ආදම් එම ආශීර්වාද යක්ෂයාට භාර දීමෙන් අප මේ පොළොවේ යක්ෂයාගේ වහලුන් බවට පත්වී සිටියෙමු.

නමුත් අප යේසුස්වහන්සේ පිළිගැනීමෙන් උන්වහන්සේ අප වෙනුවෙන් ශාපයක්වී නැවත අපට ආශීර්වාදය ලබාදුනි.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ගිවිසුම කඩ කරන්නේ නැත. උන්වහන්සේගේ ගිවිසුම තුළ දී ඇති ආශීර්වාදයන් භුක්තිවිඳීමට අපට හැකිවී ඇත.

යෙසායා 28:15
අපි මරණය සමඟ ගිවිසුමක් කොට ‍පාතාලය සමඟ පොරොන්දුවකට බැඳී සිටිමුව; ගලාඑන විපත පැමිණෙන විට එය අප වෙතට නොඑන්නේය; මක්නිසාද අපි බොරුව අපේ රක්ෂාස්ථානය කරගන වංචාකමෙහි සැඟවී සිටිමුයයි නුඹලා කීවහුය.

පළමු මනුෂ්‍යයා වන ආදම් සියලු ආශීර්වාදයන් යක්ෂයාට දීමෙන් අපට මරණය හා පාතාලය අතර ගිවිසුමක් ඇතිවුණි.

යේසුස්වහන්සේව පිළිගැනීමෙන් පසු අපට ජීවනයත් සමඟ ගිවිසුමක් ඇතිවුණි. දැන් අපට
සදාකාල ජීවනයත් ස්වර්ගයත් සමඟ ගිවිසුමක් ඇත.

මරණය සමඟ ඇතිකල ගිවිසුම යනු, මේ පොළොවේ මළාවූ ජීවිතයක් ගත කිරීමෙන් පසු මනුෂ්‍යයා සදාකාලයටම මරණය තිබෙන ස්ථානයට යෑමයි.

මනුෂ්‍යයාගේ තිබෙන පාපිෂ්ඨ ස්වභාවය නිසා මනුෂ්‍යයා ස්වභාවයෙන්ම අපායට යනු ඇත.

අධර්මිෂ්ඨ ලෝකයේ පාලකයා හැටියට සිටින්නේ යක්ෂයාය.

2 කොරින්ති 4:4
නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබළෙන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.

ලෝකයේ දෙවියා යනු ලෝකයේ ක‍්‍රම සහ විධි සාදා තිබෙන යක්ෂයාය.

ලෝකයා සමඟ බැඳී සිටින ගිවිසු තුළ කුමන දෙයකදීවත් සෑහීමකට පත්වීමක් නැත. සෑම දේකම අඩුපාඩු ඇත. එයයි යෙසායා 28:20 පවසන්නේ,
මක්නිසාද යමෙකුට දිගාවීමට ඇඳ දිග මදිය; පෙරවාගැනීමට වැස්ම පළල මදිය.

නමුත් යේසුස්වහන්සේව පිළිගැනීමෙන් පසුව උන්වහන්සේ අපට කථාකරනුයේ බහුලත්වය ගැනය.

දෙවියන්වහන්සේ පැවසුවේ උන්වහන්සේ පැමිණියේ ජීවනය ලබා දීමටත් එම ජීවනය අධික ලෙස ලබා දීමටත්ය.

යේසුස්වහන්සේ සාතන්ව හැඳින්වූයේ සොරා, බොරුකාරයා සහ වංචාකාරයා ලෙසිනි.

යොහන් 10:10
සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය.

යක්ෂයා පැමිණෙන්නේ මනුෂ්‍යයන් තුළින්, වැරදි ඉගැන්වීම් තුළින්. මනුෂ්‍යයන්ගෙන් ලැබෙන්නාවු වැරදි අවබෝධයන් සහ අදහස් තුළින්ය. ඒ තුළින් සතුරා අපගේ මනස් පාලනය කරයි.

එපීස 2:1
නුඹලා නුඹලාගේ වරද සහ පාප කරණකොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත්කළසේක.

යේසුස්වහන්සේ අපට උන්වහන්සේගේ ජීවනය දුන්සේක.

යෙසායා 26:3
ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.

දේව වචනය මනස තුළට ඇතුල් කර ගන්න. මනස අලුත්කර ගන්න. එවිට විශ්වාසය ගොඩනඟා ගත හැකි වනු ඇත. දෙවියන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමට නම්, අප වචනය තුළට ඇතුල්විය යුතුය.

රෝම 12:1
එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.

අපගේ ශරීරය දෙවියන්වහන්සේගේ මාළිගාවයි. එය දෙවියන්වහන්සේට පිළිගත හැකිවූ යාගයක් කොට අප උන්වහන්සේට දිය යුතුය.

රෝම 12:2
නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

දෙවියන්වහන්සේගේ වචනයෙන් ඔබගේ සිත වෙනස් කර ගත යුතුයි. එයින් දේව කැමැත්ත කුමක්ද කියා දැන ගැනීමට අපට පුළුවන.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අප හැඟීම් බරව ජීවත් නොවී දෙවියන්වහන්සේගේ කැමැත්ත කුමක්ද කියා දැන ගැනීමය. උන්වහන්සේගේ කැමැත්ත වචනයට ඇතුළු වී මනස වෙනස්කර ගැනීමය.

හිතෝපදේශ 23:29‭-‬31
දුක ඇත්තේ කාටද? කාලකණ්ණිකම කාටද? තරඟ කාටද? මැසිවිලි කාටද? නිෂ්කාරණා තුවාළ කාටද? රතු ඇස් ඇත්තේ කාටද? මුද්‍රිකපානය ළඟ පමාවෙන්නන්ටය; මිශ්‍රකළ මිදියුස සොයා යන්නන්ටය. මුද්‍රිකපානය රතුව පෙනෙන විටත්, පාත්‍රයෙහි දිලිහෙන විටත්, සිනිදුලෙස වැක්කෙරෙන විටත්, ඒ දෙස නොබලන්න.

අපගේ ඇසට හරිව පෙනෙන දේ අපගේ විනාශය විය හැක. විනාශය පැමිනෙන්නේ ටිකෙන් ටිකය.

ආදම් පව් කල පමණින් මිය ගියේ නැත. කෙමෙන් කෙමෙන් ඔහුගේ ජීවිතයේ ආලෝකය පහවුණි. නග්නභාවය ඔවුන්ට පෙනුනි. ලැජ්ජාව නිසා දෙවියන්වහන්සේට මුහුණ දිය නොහැකිභාවයට පත්වුණි. යක්ෂයා කෙමෙන් කෙමෙන් විනාශය ඔහුගේ පවුල තුළට ගෙනෙන ලදි. ලොව පළමු මිනීමැරුම ඔහුගේ නිවස තුළ සිදුවිය. සුළු දෙයකට සහෝදරයන් අතර ඊර්ෂ්‍යාව ඇතිවිය.

බයිබලයේ අපට සියල්ල ආදර්ශයක් ලෙස සඳහන් කොට ඇත. එය අදටත් ගැළපෙන ආකාරයට ලියා ඇත.

යක්ෂයා මනුෂ්‍යයාව මරණය කරා රැගෙන යන්නේ ටිකෙන් ටිකය.

නමුත් යෙසුස්වහන්සේ ඒ මරණයෙන් අප මුදා ගෙන ඇත.

යේසුස්වහන්සේව පිළිගත් මොහොතේ උන්වහන්සේ ඔබ තුළට පැමිණ, ඔබගේ පරණ ස්වභාවය ඉවත් කරනසේක. එසේම, වතුර බව්තිස්මයේදී ඒ පරණ ස්වභාවය වළදමා නැවත නැගිටි පසු ඔබ නව මැවිල්ලක්ව සිටින බව ඔබ පිළිගත යුතුය.

සැබෑ නව උපත යනු: "ස්වාමිනී, මා තුළ තිබෙන මේ මරණීය ස්වභාවය අද දවසේදී මා අවසන් කර යේසුස්වහන්සේ ස්වාමීන් ලෙස පිළිගනිමි, ඔබවහන්සේ මා තුළට වඩින්න. මාගේ ජීවිතයේ තිබෙන පරණ ස්වභාවය ඉවත් කරමින් මට ඔබවහන්සේගේ දිව්‍යමය ස්වභාවය දෙන්න. දේව දරුවෙකු ලෙස මා පිළිගෙන ඔබගේ ශුද්ධ බලයෙන් මා පුරවන්න. මාගේ ජීවිතයට අද දවසේ වෙනසක් ඇති වෙන්න ඕනේ කියා අපි අධිෂ්ඨාන කර ගැනීමයි."

දෙවියන්වහන්සේ අපගේ සිත නැමැති දොරටුවට තට්ටු කරමින් සිටියි. එය විවෘත කිරීම ඔබ සතු දෙයකි.

ස්වාමීන්වහන්සේ කිසිවෙකුට බලෙන් ගැළවීම දෙන්නේ නැත.

යොහන් 1:10
උන්වහන්සේ ලෝකයෙහි සිටිසේක, ලෝකයද උන්වහන්සේ කරණකොටගෙන සාදනලද්දේය, නුමුත් ලෝකයා උන්වහන්සේ ඇඳින ගත්තේ නැත.
යේසුස්වහන්සේ මැව්ම්කරු කියා ලෝකයාට වටහා ගැනීමට නොහැකිවිය.

යේසුස්වහන්සේ මෙළොවට පැමිණියේ මනුෂ්‍යාකාරයෙනි. උන්වහන්සේ කුරුසපත්වූයේ සම්පූර්ණ මනුෂ්‍යයෙකු ලෙසිනි.

යොහන් 1:11
උන්වහන්සේ ස්වකීය ස්ථානවලට ආසේක, ස්වකීයයෝ උන්වහන්සේ පිළි නොගත්තෝය.

උන්වහන්සේට අවශ්‍ය වුනේ යුදෙව්වරුන් වෙතට පැමිණ ඔවුන් තුළින් මුළු ලොවට බලපෑමක් ඇති කිරීමටය. නමුත් ඔවුන් උන්වහන්සේව පිළිගත්තේ නැත.

12 නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.

13 ඔව්හු ලෙයෙන්වත් මාංසයේ කැමැත්තෙන්වත් මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන්වහන්සේගෙන් උපන්නෝය.

අපගේ පොළොවේ දෙමාපියන් තුළින් අප මේ පළමු උපත ලැබූ නමුත් අප ඉහළින් නැවත ඉපදිය යුතුයි.

හිතෝපදේශ 23:31‭-‬32
මුද්‍රිකපානය රතුව පෙනෙන විටත්, පාත්‍රයෙහි දිලිහෙන විටත්, සිනිදුලෙස වැක්කෙරෙන විටත්, ඒ දෙස නොබලන්න. අන්තිමේදී එය සර්පයෙකු මෙන් හපාකා, පොළඟෙකු මෙන් දෂ්ටකරයි.

බීමත්කම නිසා මනුෂ්‍යයා දුෂ්ට ක‍්‍රියා කරමින් අවසානයේදී එයින් පීඩාවට පත්වනු ඇත.

හිතෝපදේශ 23:33
නුඹේ ඇසට අද්භූත දේවල් පෙනෙන්නේය, නුඹේ සිත හිතුවක්කාර දේවල් කථාකරන්නේය.

බීමත්කම නිසා මනුෂ්‍යයාගේ මනස ටිකෙන් ටික අවුල් වෙන්නට පටන් ගෙන අවසානයේ විනාශය කරා යයි.

හිතෝපදේශ 23:34 නුඹ මුහුද මැද නිදාගන්නෙකු මෙන්ද කුඹගසක මුදුනේ නිදන කෙනෙකු මෙන්ද වන්නෙහිය.

හිතෝපදේශ 23:35
ඔව්හු මට පහරදුන්නෝය, නුමුත් මට රිදුණේ නැත; ඔව්හු මට ගැසුවෝය, නුමුත් ඒක මට දැනුණේ නැත; මට කොයි වේලේ ඇහැ ඇරේද? නැවත එය තවත් සොයන්නෙමියි නුඹ කියන්නෙහිය.

වරදට වැටුනු කෙනා නැවත නැවත එම වැරද කරාම යයි.

රෝම 8:5
මක්නිසාද මාංසිකලෙස සිටින්නෝ මාංසික දේවලටද ආත්මිකලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම්වෙති.

මාංසික කෙනෙකු හා ආත්මික කෙනෙකු සිතන්නේ දෙවිධියකටයි.
ඔබ සිත වෙනස් කර තිබේනම් මනුෂ්‍යයා කුමක් කලත් ඔබට වැදගත් නැත.

රෝම 8:6
මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය.

රෝම 8:7
කුමක්හෙයින්ද, මාංසයේ ඇල්ම දෙවියන්වහන්සේට සතුරුකමය; ඒක දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට යටත් නැත, යටත්වෙන්ටත් බැරිය.

දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව අනුව උන්වහන්සේගේ ඒකජාතක පුත‍්‍රයා මෙළොවට එවමින් මනුෂ්‍යයාට මිදීම ලබා දුන්සේක. මාංසයෙන් සිටින කෙනා එය විශ්වාස කරන්නේ නැත.

යොහන් 3:16
මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.

යොහන් 10:10
සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය.

යේසුස්වහන්සේ කතා කළේ ජීවතුන් අතර සිටින සෙනඟටය.

යේසුස්වහන්සේ පැමිණියේ අපට දෙවියන්වහන්සේ හා සමඟ ගිවිසුමක් සාදා ජීවනය අධික ලෙස දෙන්නටය.

යේසුස්වහන්සේ ගිවිසුමක් සෑදුවේ අප වෙනුවෙන් ජීවිතය පුජා කර ලේ වගුරුවමින්ය.

දෙවියන්වහන්සේ තමා විසින්ම යේසුස්වහන්සේව අප වෙනුවෙන් පූජා වීමට සුදානම් කළසේක.

ජීවනය උදෙසා යේසුස්වහන්සේ ඇති කළ ගිවිසුම තුළ ඔබ ජීවත්වන්න.


Watch the Sermon Video

Read 365 times