Print this page

දීමේ ආකල්පය (2 වන කොටස) - මනූ මැතානි
November 27, 2022 Sunday Sermon Notes

 

දිනපතා දේව වචනය කියවීම, මෙනෙහි කිරීම ඉතා වැදගත්ය. එමඟින් අපට වැරදි ඉගැන්වීම් හා වැරදි එළිදරව් තුළින් පැමිණෙන දර්ශනවලින් ගැළවීමටත්, ඒවා ප්‍රතික්ෂේප කිරීමටත් අපට හැකියාව ලැබේ.

බොරුකාර ආත්ම කරන්නාවූ නොමඟ යැවීම්වලට අසු නොවන්න.

රෝම 6:16
නුඹලා කීකරුකම පිණිස දාසයන් කොට යමකට නුඹලාම භාරදෙන්නහුද, එය මරණයට පමුණුවන්නා වූ පාපය වේවා, ධර්මිෂ්ඨකමට පමුණුවන්නාවූ කීකරුකම වේවා, නුඹලා කීකරු වන එකට දාසයන් වන බව නොදනිවුද?

වංචාකාර ආත්මයකට අප යටත් වුවහොත් අප එයට කීකරුවී වහලුන් බවට පත්වේ.

යේසුස්වහන්සේ මනුෂ්‍යයන්ට කිසි ප්‍රයෝජනයක් නැති, යහපතක් නොවන දේවල් කළේ නැත.

මේ දේවල් මැජික්කාරයන්, විජ්ජාකාරයන් විසින් කරන ලකුණු අද පවා බොරු අනාගතවක්තෘන් විසින් කරමින් සිටියි.

නමුත් යේසුස්වහන්සේ කළේ මනුෂ්‍යයන්ට යහපතක්, ප්‍රයෝජනයක්, නිදහසක්, සුවයක් ගෙනෙන දේවල් පමණය.

ලකුණක් ඉල්ලූ අයට යේසුස්වහන්සේ දුන් විශාලතම ලකුණ නම් උන්වහන්සේගේ කුරුසපත්වීම පිළිබඳ ඉඟියයි. (මතෙව් 12:34-42)

ද්විතීය කතාව 13:2-3
නුඹ දැනනොගත්: අන් දෙවිවරුන් අනුව අපි ගොස් ඔවුන්ට සේවය කරමුයයි කියමින්, ලකුණක් හෝ ආශ්චර්යයක් නුඹට නියමකළ කල්හි, ඔහු නුඹට කී ලකුණත් ආශ්චර්යයත් සිද්ධවුණත්, ඒ අනාගතවක්තෘගේ වචනවලටවත් ඒ ස්වප්නකාරයාටවත් ඇහුම්කන්නොදෙන්න. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලාගේ මුළු සිතෙන්ද මුළු ආත්මයෙන්ද නුඹලා ප්‍රේමකරනවාදැයි දැනගන්ට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා සෝදිසිකරන සේක.

ලකුණුද පුදුමද කෙරේ ඇදී යන්නාවු මනුෂ්‍යයා එහි වහලුන් බවට පත්වේ. ඔවුන්ට ඒවා නැතිවම බැරිය.

හාස්කම් ලකුණු තුළින් ඔවුන් ඔබව මුළාවේ ආත්ම පසුපස ගෙනයයි. කිතුණුවන් මෙලෙස යාමෙන් යක්ෂ ආත්මවලට යටත්ව මනස අවුල් කරගෙන ශරීරයට අනවශ්‍ය වේදනා ඇතිකර, ඔවුන්ට අනවශ්‍ය හඬවල් ඇසෙන්ට පටන් ගනියි. විවධ සිතුවිලි හටගෙන ඔබ අහංකාර පුද්ගලයෙකු බවට පත්වේ.

ඉන්පසුව කිසිවෙකුට අවනතවීමට ඇහුම්කන්දීමට නොකැමැතිව මනසින් අසෙන්නාවු හඬට වහලෙකු බවට පත්ව නොයෙක් ආත්ම පසුපස යන්නට පටන් ගනියි.

එයින් මිදීමට නම් දෙවියන්වහන්සේගේ වචනය අසා කීකරුවිය යුතුයි. ඔබව නිදහස් කළ හැක්කේ දේව වචනයට පමණය.

දෙවියන්වහන්සේගේ වචනය කොතරම් ඇසුවත් ඔබ කවදාවත් උඩඟු වන්නේ නැත.

දෙවියන්වහන්සේගේ වචනය අසන්න, අසන්න ඔබ යටහත්කමට පත්වන්නේය.

නමුත් මාංශාකාර ක්‍රියාවන් නිතරම ක්‍රියා කරන්නේ උඩඟු ආත්මයන් තුළින්ය. යක්ෂ ආත්මය ඊර්ෂ්‍යාවේ ආත්මයක්ය, නිතරම මනුෂ්‍යයාව සත්‍යතාවේ වචනයෙන් නොමඟ ගෙනියන ආත්මයක්ය.

දෙවියන්වහන්සේ අපට සභාවක් දී තිබෙන්නේ අපට නොතේරෙන දෙයක් අසා දැනගැනීමටය.

ද්විතීය කතාව 13:3…..මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලාගේ මුළු සිතෙන්ද මුළු ආත්මයෙන්ද නුඹලා ප්‍රේමකරනවාදැයි දැනගන්ට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා සෝදිසිකරන සේක.

සෑම කිතුනුවෙකු ආලේපලත් කෙනෙකුය.

අප සැවෝම යේසුස්වහන්සේ සමඟ ඔසවා උන්වහන්සේ සමඟ හිඳුවා ඇත.

මනුෂ්‍යයන් දෙවියන්වහන්සේට වඩා මනුෂ්‍යයාට ගරු කරනවානම් එය රූපවන්දනාවකි.

ද්වීතීය කථාව 13:4 නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගොස්, උන්වහන්සේට භයව, උන්වහන්සේගේ ආඥා රක්ෂාකොට, උන්වහන්සේගේ හඬට කීකරුව, උන්වහන්සේට සේවයකර, උන්වහන්සේට ඇලුම්ව සිටින්න.

ඔබ දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නේනම්, ඔබ දෙවියන්වහන්සේගේ හඬට ඇහුම්කන්දී, උන්වහන්සේට ගරු කරමින්, උන්වහන්සේගේ හඬට කීකරුවන්න.

1 තිමෝති 4:1
එහෙත් පසු කාලවලදී සමහරු මුළාකරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මයාණන්වහන්සේ පැහැදිලිලෙස කියනසේක.

නොගැලපෙන තැන්වලට ගොස් නිකරුනේ බලා නොසිටින්න. බලා සිටීමෙන් ඔබ එයට භාරවෙයි, කීකරුවෙයි, වහලෙක් වෙයි. අවසානයේදී ඔබට සත්‍ය වචනයට ඇහුම්කන්දීමට අසීරුවෙයි. ඵල දැරීමට නොහැකිවෙයි.

වචනයෙන් පිට ඵල දැරීමට නොහැකිය.

වියළි තැන්වලට ගොස් මනස අවුල් කර නොගන්න.

වතුර සහ තෙතමනය වෙන් කළ නොහැකි ආකාරයට, ඇදහිල්ලත් වචනයත් කිසිදා ඔබට වෙන් කළ නොහැකියි.

වචනයෙන් ඈත්ව යන විට මුළා කිරීමේ ආත්මවලට රැවටේ.

ඒ වැරදි දේවල් බැලීමෙන් අප වැරදි ගුරුකම්වලට යටවෙන්නේය.

ස්වාමිපුරුෂයින්, ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේම කරන ආකාරයටම ඔබ ඔබේ භාර්යාවන්ට ප්‍රේමකරන්න. (එපීස 5:25)

භාර්යාවන්, ඔබ ක්‍රිස්තුස්වහන්සේට යටත් වන ආකාරයටම ඔබගේ ස්වාමිපුරුෂයින්ට යටත්වෙන්න. (එපීස 5:22)

ඔබ යටත්කමින් ඔබගේ නිවස ගොඩ නගන්න. දරුවන් ඉදිරියේ ආදර්ශමත් ජීවිතයක් ගත කිරීමට තීරණය ගන්න.

දීමනා සහ දසයෙන් කොටස් දීමේ ආකල්පය දෙස බලමු
අපට දීමට කැමති හදවතක් තිබිය යුතුයි, අවංක හදවතක් තිබිය යුතුයි (1 ලේකම් 26:5-9)

අවංක ලෙස හැසිරෙන්නන්ගෙන් දෙවියන්වහන්සේ කිසි යහපත් දෙයක් නොවලක්වනසේක. (ගීතාවලිය 84:11)

දාවිත් පැවසුවේ තමා මිලයක් නැතිව දෙවියන්වහන්සේට කිසිවක් නොදෙන බවයි. (2 සාමුවෙල් 24:22-24)

යොහන් 12:7-8
එබැවින් යේසුස්වහන්සේ කියනසේක්: මා තැන්පත්කරන දවසට මේ තෙල තබාගන්ට ඈට ඉඩ හරින්න. මක්නිසාද දිළින්දෝ නුඹලා සමඟ නිතරම සිටිති; නුමුත් මම නුඹලා සමඟ නිතරම නොසිටිමියි කීසේක.

මර්ක් 14:6
නුමුත් යේසුස්වහන්සේ කියනසේක්: ඈ නිකම් උන්නාවේ; නුඹලා ඈට කරදරකරන්නේ මක්නිසාද? ඈ මට කළේ යහපත් ක්‍රියාවක්ය.

ඔබ දෙවියන්වහන්සේට දෙන දේට විරුද්ධව මනුෂ්‍යයා විවේචනය කෙරුවත් ඔබ නොසැලී ඔබගේ කාර්යය සතුටු සිතින් ඉටුකරන්න.

දෙවියන්වහන්සේ ණයකාරයෙක් නොවේ, ඔබට එය ආශීර්වාදයක් කොට හරවා නොදෙනවානම් උන්වහන්සේ ඔබෙන් කිසිවක් නොගනියි.

අප දෙවියන්වහන්සේගේ කොටස දුන් පසු, ඉතිරිය පාවිච්චි කළ යුත්තේ ශුද්ධ දේටය. (ද්විතීය කතාව 26:14)

දසයෙන් කොටස් හා දීමනා දෙයාකාරය.

වැපිරීමක් නැතිව අස්වැන්නක් නොලැබේ. දෙවියන්වහන්සේ ආශීර්වාද කරන්නේ ඔබ වපුරන බීජවලටය.

දසයෙන් කොටස් ආරම්භවූයේ ව්‍යවස්ථාවෙන් නොව, ආබ්‍රහම් තුළය, එය ව්‍යවස්ථාවටත් පෙරය. ආබ්‍රහම් තමාගේ දසයෙන් කොටස් දෙවියන්වහන්සේ වෙතට ගෙනාවේය. ඒ තුළින් ආබ‍්‍රහම් ආශීර්වාදලත් තැනැත්තෙතු බවට පත්වුණේය.

ද්විතීය කතාව 26:2
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන නුඹේ දේශයෙන් රැස්කරගන්නාවූ භූමියේ සියලු ඵලවලින් ප්‍රථම ඒවායෙන් ස්වල්පයක් රැගෙන පෙට්ටියක දමාගෙන, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයට යන්න.

අප දසයෙන් කොටස් ගෙනායුත්තේ ස්වාමීන්වහන්සේගේ නාමය තිබෙන, ස්වාමීන්වහන්සේ තෝරා තිබෙන ස්ථානයකටය.

ද්වීතීය කථාව 26:3
නුඹ ඒ දවස්වල සිටින පූජකයා ළඟට පැමිණ: ස්වාමීන්වහන්සේ අපට දෙන ලෙස අපේ පියවරුන්ට දිවුළ දේශයට මා ඇවිත් සිටිනවාය කියා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අද ප්‍රකාශකර සිටිමියි ඔහුට කියන්න.

ඔබගේ පඬුර ස්වාමීන්වහන්සේ වෙත පුදකිරීමේදී ඔබ ලබා තිබෙන්නාවූ ගැළවීම නැමැති පොරොන්දු දේශයට ස්වාමීන්වහන්සේ ඔබ පමුණුවා ඇති හෙයින් ඒ ගැන ප‍්‍රශංසා කරන්න.

ස්වාමීන්වහන්සේ ඔබට මඟ පෙන්වන පරිදි, ඔබට ආත්මික පෝෂණය ලැබෙන නිවැරදි ස්ථානයකට ඔබගේ දසයෙන් කොටස දිය යුතුය.

ද්වීතීය කථාව 26:4‭-‬6
පූජකයා නුඹේ අතින් පෙට්ටිය ගෙන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය ඉදිරිපිට ඒක තබාවා. එවිට නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කථාකර: මාගේ පියාණෝ නැතිවෙන්ට ගිය අරාමියයෙක්ය, ඔහු ස්වල්පදෙනෙකුන් සමඟ මිසරයට ගොස් එහි වාසය කොට මහත්වූ බලවත්වූ ගණනින් බොහෝවූ ජාතියක් විය. මිසරවරුද අපට නපුරුකම් කරමින් අපට පීඩාකොට අප තද වහල්කමට පත්කළෝය.

ඔබ කවරයක බහා ඔබගේ දසයෙන් කොටස ස්වාමීන්වහන්සේ වෙත ගෙනෙන අවස්ථාවේ ඔබ වහල්ව සිටි ලෞකික ලෝකයෙන් ඔබව ගලවා මුදවා නිදහස් කිරීම ගැන ඔබගේ මුඛයෙන් ප‍්‍රශංසා කරමින්, ස්තුතිවන්ත වෙමින් ඔබ ස්වාමීන්වහන්සේ ඉදිරියට පැමිණිය යුතුය.

ද්වීතීය කථාව 26:7‭-‬9
අපි අපේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මොරගැසීමුව, ස්වාමීන්වහන්සේ අපේ හඬ අසා, අපේ පීඩාවත් වෙහෙසත් හිරිහැරයත් බලා, බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද මහත් භයංකරකමින්ද ලකුණුවලින්ද හාස්කම්වලින්ද අප මිසරයෙන් පිටතට පමුණුවා, මේ ස්ථානයට අප ගෙනවුත්, කිරිද මීපැණිද ගලා යන දේශයක් වන මේ දේශය අපට දුන්සේක.

නොවටිනා ඔබව නිදහස් කර මුදවා, වටිනා ස්ථානයක තැබුවාවූ ස්වාමීන්වහන්සේට ඔබගේ නමස්කාරයෙන් ස්තුති දීමෙන් ස්වාමීන්වහන්සේ වෙතට ඔබගේ දසයෙන් කොටස් ගෙන එන්න.

ද්වීතීය කථාව 26:10‭-‬11
දැන් ස්වාමීන්වහන්ස, මෙන්න, ඔබ මට දී තිබෙන භූමියේ ඵලවලින් ප්‍රථම ඒවා ගෙනායෙමියි කියා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා තබා, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නමස්කාරකොට, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹටද නුඹේ පවුලටද දුන් සියලු යහපත් දේ ගැන නුඹද ලෙවීයයාද නුඹලා අතරෙහි වසන විදේශියාද ප්‍රීතිවන්න.

ස්වාමීන්වහන්සේ බලන්නේ ඔබගේ ආකල්පයයි. පාපයේ වහල්කමෙන් මිදී ඔබට නිදහසේ නමස්කාර කිරීමට උන්වහන්සේ ඔබට ලබා දී ඇති නිසා ඊට ගෙවීමක් නොව නමස්කාරයක් ලෙස සතුටු සිතින් ඔබ පිදිය යුතුය.

යේසුස්වහන්සේගේ ලේ වලට අපට කිසිවක් දිය නොහැක. යේසුස්වහන්සේගේ ලේ රන් රිදී වලට වඩා අනර්ඝයි.

ඔබ සිටිය තත්වයෙන් මිදී නව මැවිල්ලක් වීම ගැන ස්වාමීන්වහන්සේට සතුටින් නමස්කාර කරන්න. එය කිසිදා මතක නැති නොකරන්න.

සාවුල් රජතුමාට තමාගේ මුල අමතක විය. ඔහු පසුව අහංකාර වූයේය.

ද්වීතීය කථාව 26:14
මාගේ දුකේදී එයින් කෑවේවත්, අපවිත්‍රකමේදී එයින් අහක්කළේවත්, මළ කෙනෙකු උදෙසා එයින් දුන්නේවත් නැත. මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කන්දී, ඔබ මට අණකළ සියල්ල ලෙස කෙළෙමි.

දෙවියන්වහන්සේගේ කොටස දුන් පසු ඉතිරිය ශුද්ධ දේට යොදවන්න. ඔබගේ පවුල උදෙසා යමක් ඉතිරි කරගන්න.

අපට සම්පත දෙනු ලබන්නේ ස්වාමීන්වහන්සේය. (ද්වීතීය කථාව 8:18)

දෙවියන්වහන්සේ කවදාවත් ඔබට ණයවී දසයෙන් කොටස් දෙන්නයයි කියන්නේ නැත. දෙවියන්වහන්සේ ඔබව වහලෙක් කරන්නේ නැත.

හිතෝපදේශ 22:6‭-‬7
දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය. වස්තුකාරයා දිළිඳුන් කෙරෙහි ආණ්ඩුකරන්නේය, ණයගන්නා ණයදෙන්නාට මෙහෙකරුවෙක්ය.

ද්වීතීය කථාව 26:15
ඔබගේ ශුද්ධ වාසස්ථානය වන ස්වර්ගයේ සිට බලා, ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටද ඔබ අපේ පියවරුන්ට දිවුළ ලෙස අපට දුන්නාවූ කිරි හා මීපැණි ගලා යන දේශයක්ව තිබෙන භූමියටද ආශීර්වාදකළ මැනවයි කියන්න.

දසයෙන් කොටස් ආරම්භ වන්නේ ගැළවීම තුළිනි.


Watch the Sermon Video

Read 356 times