භයාදුකමේ ආත්මයට විරුද්ධව ප‍්‍රකාශ කරමු - යෝෂා මනූ
April 6, 2025 Sunday Sermon Notes
දේව ප‍්‍රේමය තුළ ජීවත්වීම ඉතාම යහපත්ය. දෙවියන්වහන්සේ අපට දිනපතා ජීවනය දෙන්නාවු තැනැන්වහන්සේය. අප ජීවත්වන්නේ උන්වහන්සේගේ ජීවනය තුළය. උන්වහන්සේ අපව මරණයෙන් ජීවනයට අතුල්කර ඇත.
දෙවියන්වහන්සේ අපව සුරක්ෂිතව තබා ඇති නිසා අපි උන්වහන්සේට ස්තූතිවන්ත වෙමු. උන්වහන්සේ කිසිදා අප අත් නාරියි. උන්වහන්සේ අපට පෝෂණය දෙන්නාවු දෙවියන්වහන්සේය.
භය කියන්නාාවූ දෙය මේ අන්ධකාර ලෝකයේ පැතිර යන්නවූ දෙයකි. මනුෂ්‍යයන් අද කුඩා දෙයටත් භයවෙති. නමුත් බයිබලයේ පවසන්නේ දෙවියන්වහන්සේ අපට භයාදුකමේ ආත්මයක් දී නැත කියාය. බයිබලයේ සඳහන් එම පොරොන්දු අප ප‍්‍රකාශ කළ යුතුය. අපගේ ප‍්‍රකාශ ඉතා වැදගත්ය.
මන්ද අප ජීවත්වන්න යන්නේ අප ප‍්‍රකාශ කරන දේ තුළය.
බයිබලයේ පරණ ගිවිසුමේ දෙවියන්වහන්සේ අපට පොරොන්දු රාශියක්දී ඇත. යෙසායා පොතේ සඳහන් මෙම පදයද පොරොන්දුවකි.
ගැළවීම ලැබුවායින් පසු අපි දෙවියන්වහන්සේ තුළ ධර්මිෂ්ඨකම ලබා ගෙන ඇත.
යෙසායා 54:14
නුඹ ධර්මිෂ්ඨකමෙන් පිහිටුවනු ලබනවා ඇත. නුඹ බලාත්කාරයෙන් දුරුව භය නැතුව සිටින්නෙහිය; භීතියෙනුත් දුරව සිටිනවා ඇත, ඒක නුඹට ළං නොවන්නේය.
මෙම ධර්මිෂ්ඨකම තුළ අපව පිහිටුවා ගත යුතුය. එය නිවසකට දමන්නාවු අත්තිවාරමක් සේය. එනම්, ඔබ දෙවියන්වහන්සේ සමඟ ඇදහිල්ලෙන් සම්බන්ධකමක් ගොඩනගාගෙන ජීවත්වීමය.
ඔබ ධර්මිෂ්ඨ නම් ඔබගේ ප‍්‍රකාශ හා ඔබගේ ජීවිතයේ ඵල වෙනස් විය යුතුය.
ධර්මිෂ්ඨකම යනු ඔබගේ නව ස්වභාවයයි. ඔබගේ පිහිටීමයි. කෙනෙකුගේ ජීවිතයේ වර්ධනය වීම දැකිය හැක්කේ ධර්මිෂ්ඨකමේ ඵල තුළිණි.
ධර්මිෂ්ඨකම යනු ඔබගේ ස්වභාවයයි. (2 කොරින්ති 5:17, 21) ඔබ නව මැවිල්ලක්ය, ඔබ තුළට නව ස්වභාවයක් ඇතුල්ව ඇත. දැන් ඔබ තුළ ඇත්තේ යේසුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමයි.
එම ධර්මිෂ්ඨකමෙන් ඔබව පිහිටුවා ගන්නා කල, ඔබ ආශීර්වාද හිමිකර ගනු ඇත. එම ආශීර්වාද නම් භය නැතිව සිංහයෙකු මෙන් නිර්භීතව සිටීමය. (හිතෝපදේශ 28:1)
යක්ෂයාට අප ඉඩ දෙන්නේ අපගේ වචන වලින්ය. අප අපගේ වචන වලින් ඉඩ දුන්නොත් අප භය වනු ඇත. ඔබ යම් දෙයක් කෙරෙහි භය වුවහොත් එම භය ඔබව වෙළා ගනු ඇත. යෝබ් භයවුන සියල්ල ඔහුට සිද්ධ වුණේය. (යෝබ් 3:25)
ඔබ භයට එන්නට ඉඩ නොදෙන්න. යමක් පොඩි දෙයක් සේ පෙණුනත් එය එසේ තිබෙන්ට ඉඩ නෑර එයට අණ කළ යුතුය. දෙවියන්වහන්සේ අපට එම ආධිපත්‍යය බලය දී ඇත. ලෙඩ රෝග මැඩපවත්වන්නාවු ආධිපත්‍යය බලය අප තුළ ඇත. වචන වලින් අපි අණ කරමින් දුරු කරමු. අපගේ ප‍්‍රකාශ නිතර තදින් අල්ලා ගනිමු.
අපි ප‍්‍රකාශ කිහිපයක් කරමු.
01
දෙවියන්වහන්සේ මට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් මනසක්ය.
2 තිමෝති 1:7
02
මෙසේ ස්වාමීන්වහන්සේ මාගේ උපකාරකාරයාණෝය; මම භය නොවන්නෙමි, මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියන්නෙමි.
හෙබ්‍රෙව් 13:6
03
භය නොවෙන්න, මක්නිසාද මම ඔබ සමඟ සිටිමි. තැති නොගනින්න, මක්නිසාද මම ඔබේ දෙවියන්වහන්සේය. මම ඔබ ශක්තිමත්කොට, ඔබට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නමැති දකුණතින් ඔබ උසුලන්නෙමි. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම: භය නොවෙන්න” මම ඔබට පිහිටවන්නෙමියි කියමින් ඔබේ දකුණත අල්ලාගන්නෙමි.
යෙසායා 41:10, 13
04
ප්‍රේමයෙහි භය ඇත්තේ නැත. සම්පූර්ණ ප්‍රේමය භය දුරුකරයි, මක්නිසාද භය දඬුවමින් යුක්තය; භයවන තැනැත්තේ ප්‍රේමයෙහි සම්පූර්ණ නොවී සිටියි.
1 යොහන් 4:18
(මා තුළ ඇති සම්පූර්ණ ප්‍රේමය භය දුරුකරයි.)
05
මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.
හිතෝපදේශ 29:25 (මම ස්වාමීන් කෙරෙහි විශ්වාස කරන බැවින් මනුෂ්‍යයාට භය නොවී සුරක්ෂිතව සිටිමි.)
06
මම ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්නෙමි, කිසිකෙනෙකුට භය නොවෙන්නෙමි, තැතිනොගන්නෙමි. මක්නිසාද මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේම මා සමඟ යනසේක; උන්වහන්සේ මාගෙන් අහක්ව යන්නේවත් මාව අත්හරින්නේවත් නැතැයි කීවේය.
ද්විතීය කථාව 31:6
07
සේනාවක් මට විරුද්ධව කඳවුරු බැන්දත්, මාගේ සිත භය නොවන්නේය. මට විරුද්ධව යුද්ධයක් හටගත්තත්, එකල්හිත් මම සුරක්ෂිතව සිටින්නෙමි.
ගීතාවලිය 27:3
08
මක්නිසාද මම භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලැබුවෙමි, මා ලැබුවේ පුත‍්‍රකමේ ආත්මයයි.
රෝම 8:15
09
නුමුත් මට ඇහුම්කන්දෙන තැනැත්තේ සුවසේ වාසයකොට, විපතට භය නොවී, නිශ්චලව සිටින්නේය.
හිතෝපදේශ 1:33
(මම විපතට භය නොවන්නෙමි.)
10
මා විසින් ඔබට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැති නොගනින්න, නොකැලඹෙන්න. මක්නිසාද ඔබ යන සෑම තැන්හිම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේකැයි කීසේක. භය නොවෙන්න, නොකැලඹෙන්න. “මම භය නොවී නොකැලඹී සිටින්නෙමි, ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්නෙමි.” මක්නිසාද මට විරුද්ධව යුද්ධකරන මාගේ සියලු සතුරන්ට ස්වාමීන්වහන්සේ මෙසේ කරනසේකැයි කීවේය.
යෝෂුවා 1:9, 8:1, 10:25
11
යේසුස්වහන්සේ පැවසුවේ, සමාදානය මට තබා තිබෙන බවයි; “මාගේ සමාදානය ඔබට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. ඔබගේ සිත කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.”
යොහන් 14:27
12
භය සිත් ඇත්තන්ට කථාකොට: භය නොවී ශක්තිමත් වෙන්න’ බලව” ඔබගේ දෙවියන්වහන්සේ පළිගැනීම වන දෙවියන්වහන්සේගේ විපාකදීම ඇතුව එනසේක; උන්වහන්සේම ඇවිත් ඔබ ගළවනසේකැයි කියන්න’ ඔබ මැවුවාවූද ඔබ සෑදුවාවූද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: “භය නොවෙන්න, මක්නිසාද මම ඔබ මුදාගතිමි; ඔබේ නම කියා හඬගැසීමි, ඔබ මාගේය.” යෙසායා 35:4, 43:1
13
එවිට ඔබේ පය නොපැකිල, ඔබ සුවසේ ඔබේ මාර්ගයෙහි යන්නෙහිය. ඔබ සැතපෙන කල භය නොවන්නෙහිය. එසේය, ඔබ සැතපුණාම ඔබේ නින්ද මිහිරිවන්නේය. හදිසි භීතියටවත් දුෂ්ටයන් පිටට පැමිණෙන කුණාටුවටවත් භය නොවන්න.
හිතෝපදේශ 3:23-25
14
මේ මහත් සමූහයා නිසා භය නොවෙන්න, නොකැලඹෙන්න; මක්නිසාද මේ යුද්ධය ඔබගේ නොව දෙවියන්වහන්සේගේය.
2 ලේකම් 20:15
15
දුෂ්ටයා භයවෙන දේම ඔහු පිටට පැමිණෙයි; ධර්මිෂ්ඨයා ආශාවන දේ ඔහුට දෙනු ලබන්නේය.
හිතෝපදේශ 10:24
16
මම ස්වාමීන් සෙවීමි, උන්වහන්සේ මට උත්තරදී, මාගේ සියලු භයින් මා මිදූසේක.
ගීතාවලිය 34:4
17
ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ‍්‍රම් වෙත පැමිණ: ආබ‍්‍රම්, භය නොවෙන්න; ඔබේ පලිහද ඔබේ ඉතා මහත් විපාකයද මම යයි කීසේක.
උත්පත්ති 15:1
18
ඔවුන්ට භය නොවෙන්න. මක්නිසාද ඔබ උදෙසා සටන්කරන්නේ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීමි. ස්වාමීන්වහන්සේම ඔබට පෙරටුව යනසේක; උන්වහන්සේ ඔබ සමඟ වනසේක, උන්වහන්සේ ඔබෙන් අහක්ව යන්නේවත් ඔබ අත්හරින්නේවත් නැත. භයනොවන්න, නොකැලඹෙන්නැයි කීවේය. ද්විතීය කථාව 3:22, 31:8
19
බලව, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දේශය ඔබ ඉදිරිපිට තබා තිබේ. ඔබේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට කීලෙස නැගීගොස් හිමිකරගනින්න; භයනොවන්න, නොකැලඹෙන්නැයි කීයෙමි.
ද්විතීය කථාව 1:21
මෙම පද අප මෙනෙහි කරමු. ඔබට නින්ද නොයන්නේ නම් පවසන්න ස්වාමිනී මම සුවසේ නින්දට යනවා. ස්වාමීනි මට මිහිරි නින්දක් දුන් නිසා ස්තූතියි කියා.
දෙවියන්වහන්සේ නිතර පවසන්නේ භය නොවන්න, නොකැළඹෙන්න දෙවියන්වහන්සේ අප සමඟය කියාය.
භය වධදීමේ ආත්මයක්ය. ඔබගේ මනසට වධ දෙන්නට භයට ඉඩ නොදී සිටිමු. අප දෙවියන්වහන්සේගේ වචනය ප‍්‍රකාශ කරමින් නිතරම ජය ගන්නෝ වෙමු.
භයට දොර නෑර සිටිමු. භය යක්ෂයාගේ ස්වභාවයයි.
දෙවියන්වහන්සේ ප‍්‍රේමයයි. ප‍්‍රේමය තුළ භය ඇත්තේ නැත.
Watch the Sermon Video