Print this page

ආත්මික ජීවිතය වර්ධනය කර ගැනීම - මනූ මැතානි
June 15, 2025 Sunday Sermon Notes


ආත්මික මනුෂ්‍යන් ලෙස ඔබේ ජීවිතය වෙනස් කිරීමට අවශ්‍ය නම් ඔබ සිටින ස්ථානය නොව ඔබගේ හදවත වෙනස් කළ යුතුයි.

ඔබ අසන වචන, ගීතිකා ඔබගේ ජීවිතයට බලපායි.

ඔබට ආත්මික ජීවිතය ගොඩනගා ගත යුතු නම් ඔබ ආත්මික ගී ගායනා කළ හැකියි.

ඒලෙසම දේව වචනයට අපි එකඟ විය යුතුයි

කොලොස්සි 3:15
[15] ක්‍රිස්තුස්වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩුකෙරේවා. ඒ පිණිස නුඹලා එක ශරීරයක්ව සිටීමට කැඳවාගනු ලැබුවහුය; ස්තුතිවන්තවද සිටින්න;

අපගේ සිත කැලඹිලි තත්වයට පත් වීමට ඉඩ නොදිය යුතුයි. දෙවියන්වහන්සේගේ සමාදානය අප තුළ තිබිය යුතුයි.

දෙවියන්වහන්සේ අපගේ සිත පාලනය කරන්නේ නැත. උන්වහන්සේ බලහත්කාර කමින් අපව පාලනය කරන්නේ නැත.
නමුත් අපි දෙවියන්වහන්සේගේ සමාදානයට එකඟ විය යුතුයි.

අපි ජීවිතයේ කලඹල වීම වෙනුවට දෙවියන්වහන්සේගේ සමාදානය තෝරාගත යුතුයි.

මන්ද කලබලකාරි කමෙන් අපට කිසි විසදුමක් නොලැබේ.
උන්වහන්සේගේ සමාදානයට අපගේ සිත පාලනය කිරීමට ඉඩදෙමු.

දෙවියන්වහන්සේ අපගේ සමාදාන විනිශ්‍යකරුවෙක් ලෙස සිටි.
එමනිසා උන්වහන්සේට අපගේ හදවතේ සිටින්න ඉඩදෙමු.
සමාදානයක් නොමැති විට කිසි විටකත් තීරණ ගැනීමට සුදුසු නැත.

ඔබ කැලඹීමට පත්වන විට ‘ස්වාමීනී ඔබවහන්සේගේ සමාදානය මගේ හදවතේ විනිශ්‍ය කරුවෙකු ලෙස සිටින්න’ යැයි පවසන්න.

දේව සමාදානය වැදගත්ය. ඒ තුළ අපට සුවය, මිදීම, සඵලත්වය වැනි ආශිර්වාද සියල්ලක්ම අඩංගු වී තිබේ. සමාදානය යන වචනයේ අර්ථය වන්නේ එයයි.

උන්වහන්සේ අපව එක ශරීරයක් ලෙස කැඳවා තිබේ. අපි වෙන් වෙන් වශයෙන් සිටියත් අපි සැවොම එක ශරීරයක්ව තිබේ.

ඔබ ඔබගේ ශරිරය සමඟ සහභාගි කම් කළ යුතුය. අපි එහි කොටස් අනවශ්‍යයයි කියමින් කපා දැමිය නොහැක.

ශරීරය සමඟ සහභාගි කම් පැවැත්වීමෙන් අපට මිදීම සුවය සමාදානය තබාගත හැක.

සැබැ බැටළුවන් සමඟ සහභාගිකමක් පවත්නමු. අන්තිම දවසේදි දෙවියන්වහන්සේ අප සැබැ බැටළුවන් සමඟ සහභාගිකම් කළාද, අප උන්වහන්සේගේ ශරීරයට සැලකු ආකාරය පෙන්වා දෙයි.

මරියා ඉතා අනර්ඝ ජටාමාංස තෙල් රාත්තලක් රැගෙන යේසුස්වහන්සේගේ පාද ආලේප කළවිට ගෝලයන්ට එය වටහා ගත නොහැකි විය. එසේ සිදුකළේ මන්ද යයි ඔවුන් සිතීය. විශේෂයෙන්ම යුදාස් පැවසූයේ ‘මෙම තෛයිලය විකුණා ලොකු මුදලක් ලබා ගැනීමට හැකියාව තිබුණි. එය දුප්පතුන් අතර බෙදා ගැනීමට තිබුණා නොවේදැයි’ කියා පැවසීය. එය අවුරුද්දක වැටුපක් ලෙස ඔවුන් ගනන් සාදා බැලීය. (යොහන් 12:3-5)

එය තුළින් අපට ගත හැක්කේ අපි කෙතරම් උන්වහන්සේගේ ශරිරයට සලකනවාද යන්නයි.

අපි එක ශරීරයක කොටස් ලෙස එකිනෙකාව ශක්තිමත් කිරීම, ධෛර්ය්‍යවන්ත කිරීම, එකිනෙකාව නිවැරදි කිරීම කළ යුතුව ඇත.

අපගේ මාංශමය ශරීරයේ තුවාලයක් තිබුනානම් අපි එයට ඉඩදි සිටින්නේ නැත. එය සුවකර ගැනීමට නොයෙක් දේ කරයි. අපි එකම එක ශරීරයක්ව සිටී.

ඔබ ලෝකයා සමඟ ගනුදෙනු කිරීමට කැමති නම් ඔබ ලෞකික ලෙස සිතිමටත්, ලෝකේ ආකාරයට තීරණ ගැනීමටත්, පටන් ගනි.

උන්වහන්සේ අපව කැඳවා තිබෙන්නේ එක ශරීරයක් ලෙසටය. වෙන් වෙන් සභාවල සිටියත් අපි එක ශරීරයකි.
අපි ප‍්‍රඥාව පාවිචිකළ යුතුය.

මෙම ශරීරය තුළ සමහරක් වර්ධනය වීමටත්, තවත් සමහරක් වර්ධනය නොවිත් සිටි. සමහරක් වර්ධනය වීමට කැමති නැත. ඔවුන් මුරන්ඩු කමෙන් ජීවත් වෙයි.

සමහරක් වර්ධනය වී අනෙක් අයටත් උදව් කිරීමට කැමති වේ. එය අපට ඇති විශාල වගකීමකි.

අවශ්‍ය වන්නේ යටහත් පහත් කමින් යුතුව උඩඟු නොවී අනිත් අයට යාච්ඤා කිරීම, ශක්තිමත් වීමට වචන කථා කිරීම, ආශිර්වාදයක් වීම, උපදෙස් අවශ්‍ය විට උදව් කිරීම, ශුද්ධආත්මයාණන්වහන්සේ එලිදරව් කරන දේ පැවසීමයි.

අපි ලෝකයට අයිති නැත. නමුත් ලෝකයේ ජීවත් වෙයි. ලෝකයේ බලපැම්, මාංශයේ බලපැම් අපගේ ජීවිතයට පැමිණිය හැක. මාංශයේ තෘෂ්ණාව අපට ඇති විය හැක.

1 යොහන් 2:15
[15] ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.

මෙහි යොහාන් කථා කරන්නේ ලෝකයාට නොව කිතුනුවන් වන අපටයි.
උන්වහන්සේගේ ශරීරයටයි.

ලෝකයට ප‍්‍රේමකරන්නා තුළ පියාණන්වහන්සේ සමඟ සමීප සම්බන්ධතාවයක් නොමැත.

ජීවිතයේ අහංකාරකම පියාණන්වහන්සේ ගෙන් නොව ලෝකයෙන් වෙයි.

අහංකාර කම තිබෙන පුද්ගලයන් කුඩා දෙයකටත් කලබල වෙයි.
හරියට ෆියුස් ගියා මෙන් විසන්දි වෙයි. ඔවුන් සභාව අතහැර යාමටත් පෙලබේ.

උන්වහන්සේ යමක් අපට කියා දීමට තැත් කරද්දි ඔබ සභාවෙන්, කිතුනු ශරීරයෙන් විසන්දි වීමට තැත් කරයි.

අපේ හදවතේ අහංකාර කමේ සර්පයා සිටින බව දැනගත යුතුයි.

අපට ක්ෂණික කෝපය ඇතිවන විට නොකිය යුතු දේවල් අපගේ මුඛයෙන් පිටවෙයි. එය වටහාගෙන ස්වාමීන්වහන්සේට කියා දී ඉන් මිදෙන්න.

කිතුනුවෙක් ලෙස ඔබ මුඛයට පැමිණෙන ඕනැම දෙයක් පිටකළ යුතු නොවේ. ඔබ ඔබවම සෝදිසි කර බලන්න.

ඔබ කියන දෙයින් තව පුද්ගලයෙකුට හානියක් විය හැක. තවකෙක් පැකිලීමකට පත් විය හැක. නිරපරාදේ ඔබ කලබල විය. එය ජීවිතයේ අහංකාරකමය.

ඔබ දෙස බැලුවේ නැතැයි, ඔබ සමඟ කථා කළේ නැතැයි කියමින් ඔබ කැළඹිය යුතු නැත. අප දෙවියන්වහන්සේ නොවේ. අපි සියල්ලන්ටම වැරදිය හැක.

ඔවුන් සිතූ ලෙස අප සැලකුව නැති නිසා ඔවුන් සභාව හැර ගොස් ඇත. මේවා සුළු දේවල්ය. ඔබ කැලඹිය යුතු නැත.අපගේ ජීවිත වලින් මෙවැනි දේ සිතුවිලි ඉවත් කළ යුතුයි.

මෙවැනි දේ අපගේ ජීවිතයට පාඩමක් කොට ගෙන එවැනි දේවල් අපගේ ජීවිතයෙන් ඉවත් කරමු. අපගේ ජීවිතය වෙනස් කර ගනිමු.

මා ආශා කරන දේ කෙසේ හෝ මට ලැබිය යුතුයයි සිතීම අහංකාරකම, මාංෂයේ තෘෂ්ණාව වේ.

තවත් කෙනෙකුගේ දියුණුව දැකීමට නොහැකි වීම, අනෙකාගේ යහපත් ක‍්‍රියා විවේචනය කිරීම ඇස් වල තෘෂ්ණාවයි.

1 යොහන් 2:16
[16] මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.

දෙවියන්වහන්සේගේ රාජ්‍ය උදෙසා කරන්නාවූ දේවල් විවේචනය නොකර සිටිමු. එය අපරාධයක්යැයි නොපවසමු. එසේ පැවසීම ඇස්වල තෘෂ්ණාවයි.

ඒ ස්ත‍්‍රිය යේසුස්වහන්සේගේ ශරීරයට ඒ තෛලය වත් කළවිට යූදාස් කලබල විය. එය “යූදාස් ආත්මය” ලෙස නම් කළ හැක.

භාන්ඩාගාරය භාරව සිටියත් යූදාස් හොරෙක්ය.

යේසුස්වහන්සේගේ ශරීරය උදෙසා කරන්නාවු දේ සතුටින් කරමු. අපි උන්වහන්සේට ප‍්‍රශංසා කළ යුතුයි. ගෞරවය පුද කරමු.

දෙවියන්වහන්සේගේ ශරීරය කිසිදා පහත් කොට නොසිතන්න. දෙවියන්වහන්සේගේ සභාව උතුම්ය. ඉතා වටිනා දෙයක්ය. එය ගොඩනැගිල්ලකට සීමා නොවුනත් අප සියළු දෙනා එක්රැස් වන ස්ථානය සභාව වේ.

දෙවියන්වහන්සේ අපට සපයා දෙන යහපතට උන්වහන්සේට ස්තූති දෙමු.

දෙවියන්වහන්සේ අපට ප‍්‍රකාෂ කරන්නේ ස්තුති දීමෙන් ජීවත් වන ලෙසයි.

1 යොහන් 2:17
[17] ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.

ලෝකයේ තිබෙන සෑම දෙයම පහවී යයි. ලෝකයේ තෘෂ්ණාවත් එලෙසමය.

නමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලිකවම පවත්නේය.

දෙවියන්වහන්සේගේ පලමු කැමැත්තනම් යේසුස්වහන්සේ ස්වාමින් ලෙස පිලිගැනීමයි.

බොහෝ දෙනා දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීමට උත්සහා කළත් අන්තිම දවසේ වහන්සේ ඔවුන්ට මෙසේ පවසයි.

ශු. මතෙව් 7:21
[21] ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල්නොවන්නෝය.

යේසුස්වහන්සේව විශ්වාස කරන සියලු දෙනා දෙවියන්වහන්සේගේ කැමැත්ත කරයි.

යේසුස්වහන්සේ එකම එක පූජාවක් ලෙස පිලිගැනීම අපි ප‍්‍රතික්ශේප කළහොත් වෙන කිසි දෙයක් කළත් අපිට උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුලු විය නොහැක.

යේසුස්වහන්ස ඔබවහන්සේ දෙවියන්වහන්සේගේ ඒක ජාතක පුත‍්‍රයාය. බැටළු පැටවානන්, ඔබවහන්සේ මා වෙනුවෙන් මිය ගිය බව මම විශ්වාස කරමි. ඔබවහන්සේගේ ලේ තුලින් මට පව් කමාව ඇත. මා සම්පුර්ණයෙන්ම ශුද්ධ පවිත‍්‍ර වී ඇත. යනුවෙන් පැවසීමයි උන්වහන්සේගේ පළමු කැමැත්ත.

ඉන්පසුව දෙවියන්වහන්සේ අපගේ වර්ධනය සමඟ උන්වහන්සේගේ ක‍්‍රියාව අප තුළින් කිරීමට උන්වහන්සේ බලා සිටි.

අපි යේසුස්වහන්සේගේ නාමයෙන් කරන සෑම දේටම අපට විපාක තිබේ.
යේසුස්වහන්සේව පිලිගැනීමෙන් ඔබට දේවරාජයට ඇතුළු වීමට හැක.

ශු. යොහන් 5:23
[23] පියාණන්වහන්සේ කවරෙකුවත් විනිශ්චය නොකොට සියලු විනිශ්චයම පුත්‍රයාටදී තිබේ. පුත්‍රයාට ගෞරව නොකරන්නා ඔහු එවූ පියාණන්වහන්සේටත් ගෞරව නොකරයි.

මනුෂ්‍යයාට ගැළවීම තිබෙන්නේ යේසුස්වහන්සේ තුළිණි.

යේසුස්වහන්සේව පිලිනොගන්නා පුද්ගලයා දේවියන්වහන්සේට ගෙෘරව නොකරයි.

ශු. යොහන් 5:24
[24] සැබවක් සැබවක් නුඹලාට කියමි–මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ, ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි.

යේසුස්වහන්සේව පිලිගෙන උන්වහන්සේගේ වචනය පිලිගන්නා පුද්ගලයාට සදාකාල ජීවනය තිබේ. දෙවියන්වහන්සේ එවැනි පුද්ගලයාව ප‍්‍රතික්ෂේප නොකරයි.

එම පුද්ගලයා දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉටුකර තිබේ. ඔහු මරණයෙන් ජීවනයට ඇතුළු වී තිබේ. ඔහු යේසුස්වහන්සේව පිලිගෙන උන්වහන්සේව අනුගමනය කිරීමට තීරණය කර ඇත. ඔහු කිසිම දෝෂාරෝපණයකට, විනිශ්චයකට පත් නොවේ.

අප මව් කුසට ආ දිනයේ සිටම පව් කාරයෙක් ලෙස හදුන්වයි. අපගෙන් පව් නොවුනත් අපට ආදම් ගේ ස්වාභාවය තිබේ. එනම් මරණයේ ස්වභාවයයි.

නමුත්, අපි යේසුුස්වහන්සේව පිලිගත් පසු අපට කිසිම දෝෂාරෝපණයක් විනිශ්‍යයක් නොමැතිව මරණයෙන් අපව ජීවනයට ඇතුලු කරන සේක.

“මට මරණයක් නැත, මගේ පරණ මනුෂයයා මිය ගොස් ඇත” කියා ඔබට කිව හැක.

මා තුළ තිබෙන්නේ යේසුස්වහන්සේගේ ජීවනය පමණි. ඉන්පසු අප ජීවත්වන්නේ වෙනස්ම ආකාරයකටය.

1 යොහන් 3:13
[13] සහෝදරයෙනි, ලෝකයා නුඹලාට වෛරකරන්නේ නම් මවිත නොවෙන්න.

ලෝකයා නුඹලාට වෛරකරන්නේ නම් ඔබව පිලිගන්නේ නැත්නම් පුදුමයට පත් නොවෙන්න. එයට හේතුව අපි යේසුස්වහන්සේව ස්වාමින් ලෙස පිලිගත් නිසාය.

1 යොහන් 3:14
[14] අප සහෝදරයන්ට ප්‍රේමකරන බැවින්, අප මරණින් ජීවනයට පැමිණ සිටින බව අපි දනිමුව. ප්‍රේම නොකරන තැනැත්තේ මරණයෙහි පවතියි.


අපි සහෝදරයන්ට ප‍්‍රේම කරන ස්ථානයට පැමිණ සිටින්නේ අපි මරණයෙන් ජීවනයට පැමිණ සිටින නිසාය. එම ජීවනය තුළ ඔබ සිටින නිසා ඔබට සහෝදරයන්ට ප‍්‍රේම කළ හැක.

සහෝදරයන්ට ප‍්‍රේම කිරීමේ හැකියාව නැති මනුෂ්‍යයා තවමත් ගැලවීම ලබා නැත. සහෝදරයන්ට දොස් පවරන්නාට මරණීය ස්වභාවය තිබේ.

දෙවියන්වහන්සේ පවසන්නේ අප මරණයෙන් ජීවනයට ඇතුල්වී ඇති බවයි. එය අප තුළ ඇතිවූ විශාල වෙනසයි.

කොලොස්සි 1:13
[13] පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.

අපව අන්ධකාර බලයෙන් මුදවා ආලෝකයේ රාජ්‍යයට ගෙන විත් ඇත.
එය යේසුස්වහන්සේගේ රාජ්‍යයයි.

අන්ධකාර බලවේග වලට ඔබව පාලනය කළ නොහැක.
යේසුස්වහන්සේ ඔබව සම්පූර්ණයෙන්ම මුදවා ගෙන ඇත.

ඔබගේ ස්ථාන මාරුවක් පමණක් නොව ස්වාභාවයේ මාරුවක්ද වී ඇත.
ඔබ දැන් ලෝකයේ සිටියත් ඔබ ගමන් කරන්නේ ආලෝකයේය. අප ගමන් කරන්නේ සුභාරංචි වචනය තුළිණි.

කිතුනුවෙකුට භිය වීමට කිසිම හේතුවක් නැත.

ගැලවීම ලබා ගන්නට අවශ්‍යය නම් සුභාරංචි වචනය ඇසිය යුතුයි.
එවිට ඔවුන්ට මිදීම ලබා ගත හැක.

කොලොස්සි 1:14
[14] ලේ කරණකොටගෙන උන්වහන්සේ තුළ අපගේ මිදීම වන, පව්වලට කමාව අපට තිබේ.

යේසුස්වහන්සේගේ ලේ තුලින් අපට මිදීම සහ පව් කමාව දී තිබේ.

එපීස 1:7
[7] ඒ ප්‍රේමවන්තයාණන්වහන්සේ තුළ, උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, උන්වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය.

අපගේ මිදීම පිණිස යේසුස්වහන්සේ මිලයක් ගෙවා ඇත. අපට පාපයට සමාව තිබේ.

අප යක්ෂයාගෙන් ජය ගන්නේ යේසුස්වහන්සේගේ ලේ තුලින්ය. යක්ෂයා භිය වන්නේ උන්වහන්සේගේ ලේ වලටය.

එළිදරව් 12:11
[11] ඔව්හු බැටළුපැටවාණන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය; ඔව්හු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝය.

වතුර බව්තිස්මය අපගේ සුසාන භූමියයි. අප මැරී නැවත නැගිටුනේ නව මනුෂ්‍යයෙක් ආකාරයටය.

යේසුස්වහන්සේගේ ලේ තුලින් අපට ජය තිබේ. අප නව මැවිල්ලකි.
අපගේ ජීවිතය අලුත් වී තිබේ.

අපට ලෝකයේ තිබෙන සියළු දෙයින් ජය ගත හැක.

රෝම 12:2
[2] නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

අප ලෝකයේ ආකාරයට ක‍්‍රියා කළ යුතු නැත.
අපගේ සිත් අළුත් කිරීමෙන් වෙනස් වූ පුද්ගලයෙකු විය යුතුය.

ඔබ සිතක් නොවේ. ඔබ ආත්මයකි. ඔබගේ ආත්මයෙන් ඔබගේ සිත පාලනය කර ගත යුතුය.

අපගේ සිත අපව පීඩනයට පත් කරයි නමුත් අපව වරදට පත් කිරීමට ඉඩ නොදී අපි ආත්මයෙන් අවදිව සිටිය යුතුයි.

ක‍්‍රිස්තුස්වහන්සේ අප සමඟ වාසය කරමින් එක ආත්මයක් ලෙස එක්වී සිටියි.

යේසුස්වහන්සේ පිලිගත් පසු අප මලාවු තත්වයෙන් අවදී වී ඇත. අප නව මැවිල්ලකි.

ඔබගේ මනස ඔබට වද දෙන විට ඔබගේ මනසේ වධ දෙන ආත්මය යේසුස්වහන්සේගේ නාමයෙන් නිහඩ කළ යුතුය.

අප මනසින් පරාජයට පත් වුවහොත් ජීවිතයෙන්ද පරාජයට පත් වනු ඇත.

නමුත් ඔබ තුළ වාසය කරන තැනන්වහන්සේ කවදාවත් පරාජයට පත් වී නොමැත. ඉදිරියේදිත් එසේමය.

ඔබ ආත්මයක් ඔබට සිතක් තිබේ. ඔබ ජීවත්වන්නේ ශරීරයක් තුළය.

ඔබගේ ශරීරය ඔබව පාලනය කිරීමට තැත් කරයි. ඔබ කීකරු විය යුත්තේ සමාදානයටයි.

යක්ෂයා පාවිච්චි කරන්නේ ඔබගේ මනසයි. අපි අපගේ මනස වෙනස් කර ගන්නා තුරු යක්ෂයාට අපගේ මනස පාලනය කිරීමට ඉඩ තිබේ.

රෝම 8:6
[6] මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය.

අපට ජීවනය හා සමාදානය බුක්තිවිදීමට අවශ්‍යය නම් අප තුළ ආත්මික මනසක් තිබිය යුතුය.

අපගේ වගකීම අපගේ මනස අළුත් කර ගැනීමයි.

දේව වචනය ඇසීමෙන්, ගීතිකා ගායනා කිරීමෙන්, සැමවිටම උන්වහන්සේ පිළිබඳ සිතුවිලි ඇතුව ජීවත් වීමෙන්, උන්වහන්සේ අනුව ගමන් කරමින් උන්වහන්සේගේ ප‍්‍රකාරයට අනුව අපගේ මනස අලුත් කර ගනිමු.

යමක් සිදුනොවේයැයි පවසමින් මනස අපව පීඩාවට පත්කරවයි. නමුත් දෙවියන්වහන්සේට සියළු බාධා ඉවත් කර සියල්ල වෙනස් කළ හැකිය.

දෙවියන්වහන්සේ යමක් තොරා ගෙන තිබේද, එය කාටවත් වෙනස් කළ නොහැක. උන්වහන්සේ එය අනිවාර්යෙන්ම කරනු ඇත.

දෙවියන්වහන්සේට අවශ්‍යය නම් ඔබ වෙනුවෙන් නීති වෙනස් කළ හැක.

උන්වහන්සේගේ සම්පුර්ණ කැමැත්ත කරන පිණිස අපගේ මනස වෙනස් කරගත යුතුයි.

යහපත්, පිළිගතහැකිවූ, සම්පූර්ණ කැමැත්තක් දෙවියන්වහන්සේට තිබෙන සේක.

මෙය දැන ගැනීමට ඔබගේ මනස අළුත් කරගත යුතුයි. එය ඔබේ වගකීමයි.

ඒ සඳහා වචනය අසා අප එය මෙහෙහි කරමින් පිළිපදිමු.

ඔබව කැඳවා තිබෙන්නේ එක ශරීරයකටය. නිතරම ස්තුති දීමෙන් ජීවත්වන්න.
(කොලෝසි 3:15)

මනුෂ්‍යයෙකුට ස්තූතිවන්ත හදවතක් නොමැතිවීම දුක්සහිත කාරණාවකි.

ඔබගේ යාච්ඤා පටන් ගත යුත්තේ ස්තුති දීමෙන්ය.

පිලිප්පි 4:6
[6] නුඹලා කිසිවක් ගැනකනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න.

ස්තුති දීමෙන් දෙවියන්වහන්සේ සමඟ සහභාගිකම් පැවැත්විය යුතුය. උන්වහන්සේ ඔබගේ ජීවිතයේ කර තියෙන සියළු දේ ගැන පලමුව ස්තුති දෙන්න.

දෙවනුව ඔබගේ අවශ්‍යතාවය ලබා දුන් බවට ඇදහිල්ලෙන් ස්තුති දෙමු.

නිතරම අවශ්‍යතාවය ඉල්ලනවා වෙනුවට එය ලැබුනේයැයි අදහා උන්වහන්සේට ස්තුති දෙමු. ඔබගේ අවශ්‍යතාවය ලැබුනු බව විශ්වාස කරනවා නම් ස්තුති දෙන්න.

කිතුනුවන් ඇදහිල්ලෙන්, දෙවිපියාණන් තුළ මහත් විශ්වාසයෙන්, නොදුටුවත් නොලැබුනත් එය ලැබුනු බවට විශ්වාස කරයි. මෙය සැබැ ස්තුති දීමයි.

අපට කිසිවක් නොහැගුනත් අප දෙවියන්වහන්සේට ප‍්‍රේම කරමු.

පියාණන්වහන්සේ තවමත් සිහසුනේ වැඩ සිටියි. යක්ෂයාට උන්වහන්සේ පරාජය කළ නොහැක.

උන්වහන්සේ සදාකාලිකවම සිහසුනේ වැඩ සිටින සේක. උන්වහන්සේ කිසිදා පරාජය අත්දැක්කේ නැත.

ආදම් සහ ඒවගේ ක‍්‍රියාව පරාජයක් වුවත් උන්වහන්සේ කිසිදා ඒ ගැන කථා කළේ, හඬා වැලපුනේ නැත.

මනුෂ්‍යා ඔහුට දුන් නිදහස වැරදි ලෙස පාවිච්චි කළේය.

උන්වහන්සේ මනුෂ්‍යාට නිදහස් කැමැත්තක් දී තිබේ. එය උතුම්ම දෙයක් විය.

මනුෂ්‍යා වැටුනත් එයටත් මාර්ගයක් දෙවියන්වහන්සේට තිබුණි.

උත්පත්ති 3:15
[15] මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහියයි කීසේක.

මෙම පදයේ කුරුසියේ පණිවිඩය ගැන සඳහන් කර ඇත.
යක්ෂයාගේ හිස යේසුස්වහන්සේ පොඩි කරන ආකාරයත්, උන්වහන්සේගේ පාද වලට ඇණ ගසන ආකාරයත් මෙහි සඳහන් වේ.

දෙවියන්වහන්සේ එදා ජයග‍්‍රහණයේ ප‍්‍රකාෂයක් ප‍්‍රකාශ කළ සේක. එය සිදුවුණි.

ජයග‍්‍රහණයේ ජීවත්වු පුද්ගලයන් ඒ දවස් වල සිටියේය.

යේසුස්වහන්සේ පැමිණි පසු අපි නව මැවිල්ලක්වී මේ පොලවේ ජීවත් වෙයි.

අපි උන්වහන්සේගේ ජයග‍්‍රහණයයි.

දෙවියන්වහන්සේ සිදුවූ දෙයට කලබල නොවුණි. අපද මෙලෙස සිදුවුනේ මන්දැයි නොඅසමු. දෙවියන්වහන්සේට සියල්ල වෙනස් කළ හැක.

යක්ෂයා හරස් කර ඔබේ ජීවිතයට බාධාවක්ව පැමිණියත්, දෙවියන්වහන්සේ ඔහුව අහක් කර ඔබට මාර්ගය ඇර දෙනු ඇත.

පරාජය භාර නොගමින් ‘ස්වාමිනි ස්තුති වේවා සැබවින්ම මට ක‍්‍රිස්තුස්වහන්සේ තුළ මට සියල්ල කළ හැකි යයි’ පවසමින් අප ඉදිරියට යමු. (පිලිප්පි 4:13)

2 රාජාවලිය 6:1-2, 4-6
[1] ශිෂ්‍ය ප්‍රොපේතවරු එලිෂාට කථාකොට: බැලුව මැනවි, අප ඔබ ඉදිරියෙහි වසන මේ ස්ථානය අපට ඉඩ මදිය. [2] යොර්දාන ළඟට ගොස් එතනින් එක එකා ලීයක් බැගින් රැගෙන අපේ වාසයට එහි ස්ථානයක් සාදාගන්ට අපට අවසර ලැබේවයි කීවෝය.
[4] ඔව්හු යොර්දාන ළඟට පැමිණ ගස් කැපුවෝය. [5] එක් කෙනෙක් ලීයක් කපද්දී පොරෝතලය වතුරේ වැටුණේය. ඔහු: අනේ මාගේ ස්වාමිනි, ඒක ඉල්ලාගත් එකකැයි කෑගසා කීවේය. [6] එවිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා: ඒක වැටුණේ කොතනදැයි ඇසුවේය. ඔහු ඒ ස්ථානය ඔහුට පෙන්නූ විට ඔහු දණ්ඩක් කපා එහි දැමුවේය, එවිට යකඩය පාවුණේය.

වතුරට වැටුණ පොරෝතලය ඉල්ලා ගත්, ණයට ගත් එකකි.

දෙවියන්වහන්සේගේ මනුෂ්‍යා දණ්ඩක් ගෙන පොරව වැටුන ස්ථානයට දැමූවිට

යකඩය පාවීය. යකඩ කිසිදා පාවෙන දෙයක් නොවේය.

එය නැවත ලබා ගැනීමට හැකි වූයේ දෙවියන්වහන්සේගේ හස්තයේ ක‍්‍රියාව නිසාය.

උන්වහන්සේගේ හස්තයට ඔබගේ තියෙන ණය තුරුස් භාවයෙන් නිදහස් කළ හැක. උන්වහන්සේට ඔබට නැතිවූ දේ නැවත ලබාදිය හැක.

අපගේ විශ්වාසය නම් දෙවියන්වහන්සේට කළ නොහැකි දෙයක් නැත කියාය.

සමහරෙක් ඒක නම් කවදාවත් විය නොහැක යයි කිව හැකිය.

දෙවියන්වහන්සේට පුදුමාකාර දේ කළ හැකිය.

2 රාජාවලිය 6:25
[25] කොටළුහිසක් රිදී ෂෙකෙල් අසූවකටත් පරෙවිවසුරු කැබ් එකකින් සතරෙන් කොටසක් රිදී ෂෙකෙල් පහකටත් විකිණෙනතෙක් ඔව්හු සමාරිය වටලාගන සිටියෝය.

කෑමට හිඟකමක් සේම විශාල මිලක් ගෙවන්නට තිබූ අවස්ථාවක් දෙවියන්වහන්සේ වෙනස් කරන ලදි.

2 රාජාවලිය 6:32-33
[32] එලිෂා වැඩිමහල්ලන් සමඟ තමාගේ ගෙදර වාඩිව ඉන්දැද්දී රජ තමා වෙතින් මනුෂ්‍යයෙකු යැවීය. නුමුත් පණිවිඩකාරයා ඔහු ළඟට එන්ට පළමුවෙන් එලිෂා වැඩිමහල්ලන්ට කථාකොට: අර මිනීමරුවාගේ පුතා මාගේ හිස කපාදමන්ට එවූ බව නුඹලාට පෙනෙනවාද? නුඹලා බලා සිට පණිවිඩකාරයා ආවාම ඔහුට ඇතුළ්වෙන්ට ඉඩ නොදී දොර වසා එය තදකරගෙන සිටින්න. ඔහුට පස්සෙන් එන ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දය ඇසෙන්නේ නැද්දැයි කීවේය. [33] ඔහු ඔවුන් සමඟ කථාකරද්දීම පණිවිඩකාරයා ඔහු ළඟට ආවේය. රජු කථාකොට: මේ නපුර ස්වාමීන්වහන්සේගෙන් ය; ස්වාමීන්වහන්සේ ගැන මා තවත් බලාපොරොත්තු වෙන්නේ මොකටදැයි කීවේය.

දෙවියන්වහන්සේගේ ශාපයක් මේ ස්ථානයේ ඇතිවී තිබීමට හේතුව වූයේ රජතුමාගේ නපුරු කම නිසාය. ඔහු දෙවියන්වහන්සේට දොස් පැවරීමට එලිෂාගේ නිවසටම යන ලදි.

2 රාජාවලිය 7:1-2
[1] එවිට එලිෂා කථාකොට: ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න–හෙට මේ වේලාවට පමණ ෂෙකෙලයකට සිහින් පිටි මිම්මක්ද ෂෙකෙලයකට යව මිමි දෙකක්ද සමාරියේ දොරටුවෙහි විකිණෙනවා ඇත කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය. [2] එවිට රජු අත පිට හේත්තුවී සිටි අධිපති තෙමේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ අහසේ කවුළු සෑදුවත් මේක සිද්ධවිය හැකිදැයි කීවේය. ඒක නුඹේ ඇස්වලින් දක්නෙහිය, නුමුත් එයින් නොකන්නෙහියයි ඔහු කීවේය.

එලිෂාගේ දෙවියන්වහන්සේගේ යහපත් වචනයක් පැවසුවත් ‘ස්වර්ගයේ කවුළු විවෘත වූවත් එය කවදාවත් සිද්ධ වෙන්නට යන්නේ නැතැයි’ රජතුමා අසල සිටි අධිපතියා කීවේය.

එලිෂා පවසන්නේ ඔබ එය දුටුවත් බුක්ති නොවිදින බවයි.

2 රාජාවලිය 7:17
[17] තමාගේ අත පිට රජු හේත්තුවී සිටි අධිපතියා රජු විසින් දොරටුව බලාගැනීමට පත්කරනලද්දේය. ඔහු දොරටුවේදී සෙනඟට පෑගී මැරුණේය. මෙසේ රජු දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට ගිය විට ඔහු කී ලෙස සිද්ධවුණේය.

එලිෂා පැවසු ආකාරයටම මෙම අධිපතියා ආශිර්වාදය දූටූවත් එය භුක්ති විදීමට ඔහුට නොහැකි විය.

කොලොස්සි 3:16
[16] ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසයකෙරේවා. නුඹලා ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින්, දැනමුතුකම් දෙමින්, නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන්වහන්සේට ගීතිකාකරන්න.

දෙවියන්වහන්සේට දේව වචනය තුලින් ගීතිකා ගායනා කරන්න ඔබගේ ආත්මික වර්ධනය ඇති වන්නේ ඒ තුලින්ය.


Watch the Sermon Video

Read 10 times