+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ස්වාමීන් තුළ පැවතීමෙන් ඵල දරන්න - යෝෂා මනූ
January 11, 2026 Sunday Sermon Notes


 
ගීතාවලිය 16:11
[11] ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය; ඔබගේ දකුණු පැත්තෙහි සදාකාලේටම සැපත ඇත්තේය.

දෙවියන්වහන්සේ අපගේ රජතුමන්ය. දෙවියන්වහන්සේ ඔබටත් මටත් ජීවන මාර්ගයක් පෙන්වා දී ඇත. අප ඒ මාර්ගයේ ගමන් කළ යුතුය. ප‍්‍රීතිය තිබෙන්නේ දෙවියන්වහන්සේ තුළය. අප සිටින්නේ දෙවියන්වහන්සේගේ අභිමුඛයේය. අප සිටින්නේ උන්වහන්සේ තුළය.

සදාකාලික ජීවනය ඇත්තේ දෙවියන්වහන්සේ තුළය. ප‍්‍රීතියේ සම්පූර්ණකම අපට ඇත්තේය.

අපි අපගේ ප‍්‍රීතිය සොරකම් කරන්නට යක්ෂයාට ඉඩ නොදෙමු. දෙවියන්වහන්සේ තුළ ඇති සදාකාලික සැපත මේ ලෝකයේ සැපතට සමාන කළ නොහැකිය. උන්වහන්සේගේ සැපත කිසි දෙයකට සමාන කළ නොහැකිය. උන්වහන්සේගේ සැපත කිතුනු අප භුක්ති විඳී.

ශු යොහන් 15:1-2
[1] මම සැබෑවූ මිදිවැලය, මාගේ පියාණන්වහන්සේ ගොවියාය. [2] මා තුළෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහකරනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍රකරනසේක.

දෙවියන්වහන්සේගේ වචනය තුළ අප ඵල දැරිය යුතුය. දෙවියන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ තුළ අප සිටිනවානම් ගසක අත්තක් සේ අප ඵල දැරිය යුතුය කියාය.
අන්‍යජාතීන් වන අපව දෙවියන්වහන්සේ ගළවන ලදි.

ගලාති 5:22
[22] නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්-ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, [23] විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.

සමාදානයේ කුමාරයාණෝ යේසුස්වහන්සේය. දෙවියන්වහන්සේ තුළ ඔබ ඵල නොදරනවානම් උන්වහන්සේ ඒ අතු ඉවත් කරයි. උන්වහන්සේ තුළ පවතිනවානම් උන්වහන්සේ ප‍්‍රසන්න වෙයි. සතුටු වෙයි. අපගේ ඇදහිල්ලේ ගමන ගැන දෙවියන්වහන්සේ ප‍්‍රසන්න වෙයි. දෙවියන්වහන්සේ අපව පවිත‍්‍ර කරන්නේ දේව වචනයෙනි.

යොහන් 15:3-6
[3] මා විසින් නුඹලාට කී වචනය කරණකොටගෙන නුඹලා දැන් පවිත්‍රය. [4] මා තුළ පැවතෙන්න, මමත් නුඹලා තුළ පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම්, ඵල දරන්ට නුඹලාට බැරිය. [5] මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය. [6] යමෙක් මා තුළෙහි නොපවතී නම්, ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළීයයි; ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ, ඒවා දාලායන්නේය.

දෙවියන්වහන්සේගේ වචනය කියවන විට මෙනෙහි කරන විට අපගේ සිත් පවිත‍්‍ර වෙයි.
ඔබ දෙවියන්වහන්සේගේ වචනය තුළ පැවතෙන්න. අප දෙවියන්වහන්සේ තුළ පවතීනම් අප බොහෝ සේ ඵල දරයි. දෙවියන්වහන්සේගේ ශක්තියෙන් ආලේපයෙන් අපට සියල්ල කළ හැකිවේ. දෙවියන්වහන්සේ අප සමඟ නැතිනම් අප පරාජිතයෝය. ජීවනයේ උල්පත දෙවියන්වහන්සේය.


Watch the Sermon Video

Read 224 times