+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

හැඟීම් වලට ඔබව පාලනය කරන්ට ඉඩ නොදෙන්න - මනූ මැතානි
January 11, 2025 Sunday Sermon Notes


1 කොරින්ති 9:24-26
[24] දුවන ස්ථානයෙහි සියල්ලන්ම දුවන නුමුත් තෑග්ග ලබන්නේ එක්කෙනෙක්ම බව නොදනිවුද? එසේම නුඹලාත් ලබාගන්නා පිණිස දුවන්න. [25] දිනන පිණිස වීර්යකරන්නාවූ සියල්ලෝම සියල්ලෙහි පමණ දැන හැසිරෙති. ඔවුන් එසේ කරන්නේ දිරන්නාවූ ඔටුන්නක් ලබාගන්න පිණිසය; අප වනාහි නොදිරන එකක් ලබාගන්නා පිණිසය. [26] එබැවින් මා දුවන්නේ සැකයෙන් මෙන් නොවේය; පහරදෙන්නේ හුළඟට පහරදෙන්නාක්මෙන් නොවේය.

අපගේ හැඟීම් හරි ලෙස පාවිච්චි කරමු. යේසුස්වහන්සේව පිළිගත් පසුව ආත්මයෙන් ගමන් කරමු. අපට දිනපතා දෙවියන්වහන්සේගේ යහපත අත්දැකීමට පුළුවන.

අපගේ ජීවිත ගමනේදී අවංකව අවනතවී දේව වචනය අනුව යමු.
උන්වහන්සේගේ කරුණාව, වචනය, ප‍්‍රේමය, අනුකම්පාව මේ සෑම දෙයක්ම අප ලෝකයාට දිය යුතුය. අපට දෙවියන්වහන්සේගේ වචනය තුළින් මනුෂ්‍යයාට ප‍්‍රඥාව, ධෛර්යය දිය හැකිය.

පිලෙමොන් 1:5-6
[5] නුඹ තුළ පවතින සියලු යහපත් දේ ගැන දැනගැනීමෙන් නුඹේ ඇදහිල්ලේ හවුල්කාරකම ක්‍රිස්තුස්වහන්සේ උදෙසා බලවත්වන පිණිස, [6] මාගේ යාච්ඤාවලදි නුඹ ගැන මතක්කරමින් නිතරම මාගේ දෙවියන්වහන්සේට ස්තුතිකරමි.

පාවුල් යේසුස්වහන්සේට ස්තූති කළේ ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන සියළු යහපත් දේවල් ගැනය. අප තුළින් අපගේ ඇදහිල්ල ක‍්‍රියාත්මක වෙන ලෙස අප තුළ ඇති සියළු යහපත් දේවල් ප‍්‍රකාශ කරමු.

ඔබ තුළින් ඔබගේ ඇදහිල්ල ක‍්‍රියාත්මක වන ලෙස ඔබ කතා කරන්න, සිතන්න, පිට කරන්න. ඔබ තුළ තිබෙන යහපත් දේවල් අනුව ක‍්‍රියා කරන්න.

අප තුළ දෙවියන්වහන්සේගේ සුවය, සමාදානය, ප‍්‍රීතිය, බලය ‍යන මේ සෑම දේවල් ඇත. දෙවියන්වහන්සේගේ රාජ්‍යය අප තුළයි. ඔබ තුළ තිබෙන දිව්‍යමය බලයෙන් ක‍්‍රියා කරන්න.

2 කොරින්ති 4:7
[7] නුමුත් ඒ බලයේ ඉතා උතුම්කම අපට නොව දෙවියන්වහන්සේට අයිතිවන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමුව.

ද්වීතීය කථාව 28:47-48
[47] සියලු දේ පුරාම තිබෙද්දී නුඹ ප්‍රීතියෙන්ද සිත් සන්තෝෂයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවය නොකළ නිසා, [48] ස්වාමීන්වහන්සේ නුඹට විරුද්ධව එවන්නාවූ නුඹේ සතුරන්ට නුඹ විසින් බඩගින්නද පිපාසායද නිර්වස්ත්‍රකමද සියල්ල ගැන හිඟකමද ඇතුව සේවයකරනවා ඇත. ඔවුන් නුඹ විනාශකර දමන තුරු යකඩ වියගහක් නුඹේ කරේ තබනවා ඇත.

දෙවියන්වහන්සේ තුළ අපට සියල්ල ඇත. අප සිත් සන්තෝෂයෙන් දෙවියන්වහන්සේට නමස්කාර කළ යුතුය. දෙවියන්වහන්සේ අප තුළ වගුරුවා ඇත්තේ උන්වහන්සේගේ ප‍්‍රේමයය.

දෙවියන්වහන්සේ අපව කැඳවා තිබෙන්නේ ආශීර්වාදයටයි.
දෙවියන්වහන්සේ අපට සියල්ල දී ඇති නිසා උන්වහන්සේට අපි ප‍්‍රශංසා කරමු.

ශු. ලූක් 17:14-15
[14] උන්වහන්සේ ඔවුන් දැක: නුඹලා ගොස් පූජකයන්ට පෙනීසිටින්නැයි කීසේක. [15] තවධ ඔව්හු යද්දී පවිත්‍රවූවෝය. ඔවුන්ගෙන් එක්කෙනෙක් තමාට සුවවූ බව දැක, මහත් ශබ්දයකින් දෙවියන්වහන්සේට ගෞරවකරමින් හැරී ඇවිත්,

ශු. ලූක් 17:16-17
[16] උන්වහන්සේගේ පාමුල මුහුණින් වැටී උන්වහන්සේට ස්තුතිකළේය. ඔහු සමාරියයෙක්ය. [17] යේසුස්වහන්සේ උත්තරදෙමින්: දසදෙනාම පවිත්‍රවුණා නොවේද? නුමුත් නවධෙනා කොයිද?

ශු. ලූක් 17:18-19
[18] මේ විදේශිකයා හැර දෙවියන්වහන්සේට ගෞරවකරන්ට වෙන කිසිවෙක් හැරී නායේද කියා, [19] ඔහුට කථාකොට: නැගිට යන්න. නුඹේ ඇදහිල්ල නුඹ සුවකෙළේයයි කීසේක.

ඔබ දෙවියන්වහන්සේ තුළින් සුවවී උන්වහන්සේට ස්තූති කරන්න. දෙවියන්වහන්සේට කළ නොහැක්කක් නොමැත. අපගේ උත්තම පූජකයාණෝ ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේය.

2 රාජාවලිය 5:14-15
[14] එවිට ඔහු බැස ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ කීම ලෙස යොර්දානෙහි සත්වරක් ගිලුණේය. ඔහුගේ මාංසයද කුඩා ළමයෙකුගේ මාංසය මෙන් හරි ගැහී ඔහු පවිත්‍රවුණේය. [15] එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට හැරී ඇවිත් ඔහු ඉදිරියේ සිට කථාකොට: ඉතින් ඉශ්‍රායෙල්හි සිටින දෙවියන්වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවිකෙනෙක් නැති බව දැන් දනිමි. එබැවින් දැන් ඔබගේ මෙහෙකරුවාගෙන් සතුටු පඬුරක් පිළිගත මැනවැයි කීවේය.

අපගේ ආත්මික ජීවිතය ගොඩනඟාගෙන යන විට අපගේ හදවතේ තිබෙන යම් යම් අදහස් සිතින් අත්හැරිය යුතුය. දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය තුළින් අපට සුවය ලැබේ.

2 රාජාවලිය 5:16-17
[16] ඔහුද: මා සේවයකරන ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම කිසිවක් පිළිනොගනිමියි කීවේය. එවිට ඔහු එය පිළිගන්න හැටියට ඔහුට පෙරැත්ත කෙළේය; එහෙත් ඔහු නොකැමති විය. [17] එවිට නාමන්: එසේ නැත්නම් අශ්වතරයන් දෙන්නෙකුගේ බරට පස්වත් ඔබගේ මෙහෙකරුවාට ලැබේවා; මක්නිසාද මින් මතු ඔබගේ මෙහෙකරුවා ස්වාමීන්වහන්සේට මිස වෙන දෙවිවරුන්ට දවන පූජාවක්වත් යාගයක්වත් ඔප්පුකරන්නේ නැත.

දෙවියන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙමු.

ශු. ලූක් 17:18-19
[18] මේ විදේශිකයා හැර දෙවියන්වහන්සේට ගෞරවකරන්ට වෙන කිසිවෙක් හැරී නායේද කියා, [19] ඔහුට කථාකොට: නැගිට යන්න. නුඹේ ඇදහිල්ල නුඹ සුවකෙළේයයි කීසේක.

මනුෂ්‍යයාගේ ඇදහිල්ල දෙවියන්හන්සේට ගෞරවය මහිමය දීමයි. ඇදහිල්ල ඔබව සම්පූර්ණ කරයි. අප තුළ දෙවියන්වහන්සේගේ ජීවනය ඇත.

1 කොරින්ති 9:27
[27] නුමුත් මාගේ ශරීරය දමනයකර වහල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයිලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිසය.

යාකොබ් 3:2
[2] මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.

යහපත් වචන කතා කිරීමෙන් ඔබට හොඳ සුවයෙන් ජීවත් වෙන්නට පුලුවන.

වචන හරි ලෙස පාවිච්චි කර ඔබගේ ශරීරය දමනය කරන්න. දෙවියන්වහන්සේ අපව පාපයෙන් ගැළෙව්වේ ශුද්ධකමෙන් ජීවත් වන්නටය.

දෙවියන්වහන්සේ වෙනුවෙන් වෙන්වූ ජීවිතයක් ගත කරමු.

ඔබ දේව වචනයට අදාළව ජීවත් වනවානම් මනුෂ්‍යයන්ද ඔබට ගරු කරනවා ඇත. මනුෂ්‍යයන් ඔබගේ ජීවිතය දෙස බලා ඔවුන්ද ගැළවීම ලබයි.

හිතෝපදේශ 14:25
[25] සැබෑ සාක්ෂිකාරයෙක් ප්‍රාණ ගළවන්නේය; එහෙත් බොරු කියන්නෙක් වංචාව නික්මවයි.

දෙවියන්වහන්සේගේ සැබෑ සාක්ෂිකාරයා ආත්ම දිනාගනියි. අප දෙවියන්වහන්සේගේ සාක්ෂිකාරයෝ වෙමු.

යාකොබ් 5:12
[12] නුමුත්, මාගේ සහෝදරයෙනි, නුඹලා වරදට පත් නොවන පිණිස, ස්වර්ගය ගැනවත් පොළොව ගැනවත් වෙන කිසිවක් ගැනවත් නොදිවුරන්නැයි ප්‍රධානකොට කියමි. නුඹලාගේ එසේය කීම එසේය කියාද, නැත කීම නැත කියාද වේවා.

වරදට පත් නොවන ආකාරයෙන් ජීවත් වීමට අවශ්‍යනම් සැබෑ සාක්ෂිකාරයෝ වෙමු. දෙවියන්වහන්සේගේ වචනය තුළින් ඔබගේ සාක්ෂිය ගොඩනඟන්න.

ගීතාවලිය 19:7
[7] ස්වාමීන්ගේ ව්‍යවස්ථාව සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත්කරන්නේය. ස්වාමීන්ගේ සාක්ෂිය සත්‍යය, නුවණ නැත්තන් ඥානවත්කරන්නේය.

දෙවියන්වහන්සේගේ වචනය සම්පූර්ණය. දෙවියන්වහන්සේගේ වචනය තුළින් අපගේ ප‍්‍රාණය වෙනස් කරමින් දිනපතා අපගේ සාක්ෂිය ගොඩනඟමු. ස්වාමීන්වහන්සේගේ සාක්ෂිය සත්‍යය.

දෙවියන්වහන්සේගේ වචනය මත, සාක්ෂිය මත අප අපගේ ජීවිතය ගොඩනඟමු.

ශු. මතෙව් 5:34-36
[34] නුමුත් මම නුඹලාට කියමි: කිසිසේත් නොදිවුරන්න; ස්වර්ගය දෙවියන්වහන්සේගේ සිංහාසනය බැවින් ඒක ගැනවත්, [35] පොළොව දෙවියන්වහන්සේගේ පාපුටුව බැවින් ඒක ගැනවත්, යෙරුසලම මහරජහුගේ නුවර බැවින් ඒක ගැනවත් නොදිවුරන්න. [36] එක හිසකෙසක් සුදුකරන්ටවත් කළුකරන්ටවත් ඔබට නොහැකි බැවින් හිස ගැනත් නොදිවුරන්න.

ලෝකයේ මනුෂ්‍යයන් සමඟ ජීවත් වන විට ප‍්‍රඥාවන්තව ජීවත් වෙමු.

ශු. මතෙව් 5:37
[37] නුඹලාගේ වචනය: එසේය, එසේය කියාද: නැත, නැත කියාද වේවා. මීට වැඩිවූ යමක් ඇද්ද එය නපුරාගෙන් වේ.

1 කොරින්ති 9:27
[27] නුමුත් මාගේ ශරීරය දමනයකර වහල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයිලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිසය.

ශු. යොහන් 15:4-5
[4] මා තුළ පැවතෙන්න, මමත් නුඹලා තුළ පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම්, ඵල දරන්ට නුඹලාට බැරිය. [5] මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය.

ශු. යොහන් 15:6
[6] යමෙක් මා තුළෙහි නොපවතී නම්, ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළීයයි; ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ, ඒවා දාලායන්නේය.

දෙවියන්වහන්සේ තුළ පැවතෙමු. උන්වහන්සේ නොමැතිව අපට සැබෑ සාක්ෂිකාරයන් විය නොහැකිය.

අපගේ සියළු කාරණා කළ යුත්තේ දෙවියන්වහන්සේ වෙනුවෙන්ය. දෙවියන්වහන්සේගෙන් වෙන් වීමෙන් අපට කිසිවක් කළ නොහැකිය.

අප දෙවියන්වහන්සේ තුළ නොමැතිනම් යාච්ඤාවෙන්ද වචනයෙන්ද එකිනෙක්කෙනා සමඟ සහභාගිකම් පවත්වමින් උන්වහන්සේගේ සත්‍යය වචනය ඉගෙන ගනිමු.

අප තේරුම් ගත යුතු කරුණක් වන්නේ අප ගත කරන ජීවිතයේ උන්වහන්සේ සමඟ ගමන් කරන ගමන ඵල දරන වටිනා ජීවිතයක් විය යුතුය, අප කරනා සෑම දෙයක්ම දෙවියන්වහන්සේ දන්නේය.

මලාකී 3:16
[16] එකල ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ එකිනෙකා සමඟ කථාකරගත්තෝය. ස්වාමීන්වහන්සේද කන්දී ඇසූසේක. එවිට ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ නාමය සැලකුවාවූ අය ගැන උන්වහන්සේ ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියනලද්දේය.

ස්වාමීන්වහන්සේට භය ඇති මනුෂ්‍යයා එකිනෙකා සමඟ කතා කරයි. අප සම්බන්ධතා පැවැත්විය යුත්තේ ආත්මික ජීවිතය වර්ධනය වෙන අය සමඟය.

ගීතාවලිය 119:63
[63] මම ඔබ කෙරෙහි භය ඇති සියල්ලන්ගේද ඔබගේ නියෝග පවත්වන්නන්ගේද සමාගම්කාරයෙක්මි.

දෙවියන්වහන්සේගේ දේවල් සුළු කරන මනුෂ්‍යයින්ගෙන් ඈත් වෙමු. උන්වහන්සේට භය ඇති මනුෂ්‍යයින් සමඟ කාලය ගත කරමු.

2 කොරින්ති 6:14
[14] නොඇදහිලිකාරයන් සමඟ අසමලෙස සම්බන්ධ නොවෙන්න. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරය සමඟ ආලෝකයේ ඇති පංගුකාරකම මොකද?

මලාකී 3:16
[16] එකල ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ එකිනෙකා සමඟ කථාකරගත්තෝය. ස්වාමීන්වහන්සේද කන්දී ඇසූසේක. එවිට ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ නාමය සැලකුවාවූ අය ගැන උන්වහන්සේ ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියනලද්දේය.

දෙවියන්වහන්සේට භය ඇතිව සිටින මනුෂ්‍යයින් එකිනෙක්කෙනා සමඟ කතා කරන විටදී ශුද්ධාත්මයාණන් වහන්සේ කන් දෙමින් සිටී.

දේව භය ඇති මනුෂ්‍යයාට දෙවියන්වහන්සේ නිතරම විපාක දෙයි.
අපගේ ජීවිතයේ හැඟීම් වලට ඉඩ නොදී ආත්මිකව ජීවත් වෙමු. දුර්වල මනුෂ්‍යයන් නොව අප දෙවියන්වහන්සේ තුළ ශක්තිමත් මනුෂ්‍යයෝය.


Watch the Sermon Video

Read 311 times