+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

දෙවියන්වහන්සේ විසින් කැඳවාගත් කෙනෙකු තුළ තිබිය යුතු ගුණාංග - මනූ මැතානි
January 13, 2026 Bible Study Notes


යෙරෙමියා 1:5
[5] මම නුඹ ගර්භයෙහි සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි, නුඹ කුසෙන් නික්මෙන්ට පළමුවෙන් මම නුඹ කැපකොට, ජාතීන්ට අනාගතවක්තෘ කෙනෙකු කොට නුඹ නියමකෙළෙමියි කීය.

ශු. මතෙව් 13:19
[19] යමෙක් රාජ්‍යයේ වචනය අසා තේරුම් නොගන්නේද, ඔහුගේ සිතේ වපුළ දේ නපුරා ඇවිත් උදුරාගන්නේය. මග අසල වපුරනලද්දේ නම් මොහුය.

ශු. මාර්ක් 4:14-15
[14,15] වචනය ඇසූ කල තමුන්ගේ සිත් තුළ වපුළ වචනය සාතන් එකෙණෙහිම ඇවිත් පැහැරගනීද, වචනය වපුරනලද මග අසල වූවෝ නම් ඔව්හුය.

1 සාමුවෙල් 3:19-20
[19] සාමුවෙල් වැඩුණේය, ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිට, ඔහුගේ වචනවලින් එකක්වත් සිස්වෙන්ට ඉඩ නුදුන්සේක. [20] සාමුවෙල් ස්වාමීන්වහන්සේගේ අනාගතවක්තෘ කෙනෙකු හැටියට ස්ථිරකරනලද බව දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සිටි සියලු ඉශ්‍රායෙල්වරු දැනගත්තෝය.

1 තිමෝති 1:12
[12] මම විශ්වාසයෙකැයි ගණන්ගෙන තමන්වහන්සේගේ සේවයට අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා පත්කළ බැවින් මට බලය දුන්නාවූ උන්වහන්සේට ස්තුතිකරමි.

1 තිමෝති 1:12
[12] මම විශ්වාසයෙකැයි ගණන්ගෙන තමන්වහන්සේගේ සේවයට අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා පත්කළ බැවින් මට බලය දුන්නාවූ උන්වහන්සේට ස්තුතිකරමි.

හිතෝපදේශ 18:12
[12] විනාශයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩඟුව තිබේ, ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේය.

1 තිමෝති 6:3-4
[3] යමෙක් සාරවූ වචනවලට, එනම් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වචනවලටත් භක්තිවන්තකමේ හැටියටවූ ධර්මයටත් එකඟ නොවී, වෙනස් ධර්මයක් උගන්වන්නේ නම්, [4] ඔහු කිසිවක් නොදැන, වචන ගැන ප්‍රශ්නකිරීමෙන්ද වාදකිරීමෙන්ද උමතුව අහංකාරව සිටියි; එයින් ඊර්ෂ්‍යාවද විවාදයද අපහාසයද නපුරුයයි සිතීම්ද දූෂ්‍යවුණ සිත් ඇත්තාවූ,

ශු. මතෙව් 11:28-29
[28] වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි. [29] මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය.

ශු. මතෙව් 11:30
[30] මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද (සේවය) සැහැල්ලුයයි කීසේක.

යෙසායා 40:1
[1] මාගේ සෙනඟ සනසන්න, සනසන්නැයි නුඹලාගේ දෙවියන්වහන්සේ වදාරනසේක.

යෙසායා 40:2
[2] යෙරුසලමට කරුණාවෙන් කථාකොට: ඇගේ සටන කෙළවරවීයයි කියාද ඇගේ වරද ගෙවී ගියේය කියාද ඇගේ සියලු පාපවලට ස්වාමීන්වහන්සේ අතින් ඈට දෙගුණයක් ලැබුණේය කියාද ඈට මොරගසා කියන්න.

එසකියෙල් 13:22-23
[22] මා විසින් ධර්මිෂ්ඨයාගේ සිතට කණගාටු නොකළ නුමුත් නුඹලා බොරුවෙන් එය ශෝකකළ නිසාද දුෂ්ටයා ජීවත්වෙන පිණිස ඔහු තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරෙන හැටියට නුඹලා ඔහුගේ අත් බලවත්කළ නිසාද, [23] නුඹලා තවත් නිෂ්ඵල දර්ශන නොදකින්නහුය, දිවස් කීම් නොකියන්නහුය. මමද මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුයයි කීය.

යාකොබ් 2:1-4
[1] මාගේ සහෝදරයෙනි, අපගේ තේජවන්ත ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිල්ල මනුෂ්‍යයන්ගේ තරාතිරම් සැලකීම ඇතුව නොදරන්න. [2] රන් මුද්දක්ද අලංකාර වස්ත්‍රද පැළඳගන ඉන්න මනුෂ්‍යයෙකුත් කිලුටු ඇඳුම් ඇඳගන ඉන්න දිළින්දෙකුත් නුඹලාගේ සිනගෝගයට ආවොත්, [3] නුඹලා අලංකාර වස්ත්‍ර පැළඳගන ඉන්න අය සලකා: මෙහි හොඳ තැනක හිඳගන්ටය කියාද, දිළින්දාට: නුඹ ඔහේ සිටින්න, නොහොත් මාගේ පාපුටුව ළඟ ඉඳගන්නැයි කියාද, කියනවා නම්, [4] නුඹලා භේදවූ අදහස් ඇත්තෝව, නපුරු සිතිවිලිවලින් යුක්ත විනිශ්චයකාරයෝ නොවන්නෝද?

1 යොහන් 2:16
[16] මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.

2 තිමෝති 2:19
[19] එසේද වුවත්: ස්වාමීන්වහන්සේ තමන්ගේ අය දන්නාසේකැයිද ස්වාමීන්වහන්සේගේ නාමය සඳහන්කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහවෙත්වායිද යන මුද්‍රාව ඇතුව දෙවියන්වහන්සේගේ ස්ථිර අත්තිවාරම පවත්නේය.

2 තිමෝති 2:20
[20] ඉඳින් ලොකු ගෙයක රන් රිදී භාජන පමණක් නොව ලී මැටි භාජනත් ඇත්තේය; සමහරක් ගෞරවය පිණිසය, සමහරක් අගෞරවය පිණිසය.

1 කොරින්ති 8:1
[1] දේවතාවන්ට පුදනලද දේවල් ගැනය. අප සියල්ලන්ටම ඥානය ඇති බව දනිමුව. ඥානය උඩඟුකම උපදවයි, නුමුත් ප්‍රේමය වැඩ සිද්ධකරයි.

රෝම 16:17-18
[17] සහෝදරයෙනි, නුඹලා ඉගෙනගත් ධර්මයට විරුද්ධව භේදයන්ද බාධාවට හේතුවූ දේවල්ද උපදවන්නන් බලා, ඔවුන්ගෙන් අහක්වෙන මෙන් නුඹලාගෙන් ඉල්ලමි. [18] මක්නිසාද එබඳු අය අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේට නොව තමුන්ගේම බඩට සේවයකරමින්, තමුන්ගේ සෞම්‍ය ප්‍රිය වචනවලින් අවංක අයවලුන්ගේ සිත් මුළාකරති.

පිලිප්පි 3:16-18
[16] නුමුත් අපි යම් ස්වභාවකට පැමිණ සිටිමුද, ඒ ප්‍රකාරයට හැසිරෙමුව. [17] සහෝදරයෙනි, එක්ව මා අනුව යන්නෝ වෙන්න. අප නුඹලාට ආදර්ශයක්ව සිටින්නේ යම් සේද, එසේ හැසිරෙන්නන් බලාගන්න. [18] මක්නිසාද, මා නුඹලාට බොහෝ වර කී ලෙසත්, දැනුත් අඬමින් කියන ලෙසත්, බොහෝදෙනෙක් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියට සතුරෝව හැසිරෙති.

පිලිප්පි 3:19
[19] ඔවුන්ගේ කෙළවර විනාශයය, ඔවුන්ගේ දෙවියෝ බඩය, ඔවුන්ගේ පාරට්ටුව නම් තමුන්ගේ ලජ්ජාව ගැනය. ඔවුන් සලකන්නේ ලෝක දේවල්ය.

හිතෝපදේශ 13:20
[20] ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.

පිලිප්පි 3:19
[19] ඔවුන්ගේ කෙළවර විනාශයය, ඔවුන්ගේ දෙවියෝ බඩය, ඔවුන්ගේ පාරට්ටුව නම් තමුන්ගේ ලජ්ජාව ගැනය. ඔවුන් සලකන්නේ ලෝක දේවල්ය.

2 තිමෝති 2:21
[21] එබැවින් යමෙක් මේවා අත්හැර තමාම පවිත්‍රකරගනී නම්, ඔහු පිරිසිදුකරනු ලැබුවාවූ, ස්වාමියාගේ පාවිච්චියට සුදුසුවූ, සියලු යහපත් වැඩවලට සූදානම්වූ, ගෞරවය පිණිසවූ භාජනයක් වන්නේය.

ගලාති 6:8 SROV
[8] ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය; ආත්මයාණන්වහන්සේ සඳහා වපුරන්නා ආත්මයාණන්වහන්සේගෙන් සදාකාල ජීවනය කපාගන්නේය.


Watch the Sermon Video

Read 283 times