+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
රාජ්‍යයේ ශුභාරංචිය - යෝෂා මනූ
January 18, 2026 Sunday Sermon Notes
දෙවියන්වහන්සේට ප‍්‍රශංසා, ගෞරව කිරීම අපගේ උතුම්ම සේවයයි. දෙවියන්වහන්සේගේ වචනයෙන් අපට නිතරම ලාභ ලැබෙයි.
හිතෝපදේශ 21:5
කඩිසර අයගේ යෝජනාවලින් ලාභම ලැබේ; එහෙත් ඉක්මන්කාරයා ඉක්මන්වෙන්නේ හිඟවීමට පමණකි.
වචනයේ ආකාරයේ සිතුවිලි පමණක් සිතමින් සිත අලුත් කර ගැනීමෙන් සඵලත්වය ලැබේ.
පළමුකොට රාජ්‍යයද ධර්මිෂ්ඨකමද සොයන කල අන් සියලු දේම දෙවියන්වහන්සේ අපගේ ජීවිතයට එකතු කරයි.
මතෙව් 6:33
නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.
දෙවියන්වහන්සේට දිය යුතු ස්ථානය අප දෙන කල අපගේ යෝජනා, සිතුවිලි හා කරන්නාවු සියලු දෙයින් ලාභ ලැබෙයි. දේව වචනය කොපමණ කියෙව්වත් එයින් පාඩු සිදු නොවෙයි.
දෙවියන්වහන්සේගේ කැමැත්ත අප සියල්ලෙහි සඵලවෙමින් සුවෙන් සිටීමය.
3 යොහන් 2
ප්‍රේමවන්තය, නුඹේ ආත්මය (මනස) සඵලවන්නාක්මෙන්ම නුඹ සියල්ලෙහි සඵලවන ලෙසද සුවසේ සිටින ලෙසද යාච්ඤාකරමි.
මනස සඵලවන කල අප ආශීර්වාද ලබමින්, සියල්ලෙහි සඵල වෙමින් සුවෙන් සිටිනු ඇත. දෙවියන්වහන්සේ දෙන්නාවු සමාදානය, සුවය, දීර්ඝායුෂ කියා නිමකළ නොහැකිය.
සමහර අවස්ථාවලදි අප දුර්වල වනු ඇත. අපහපත් වාතාවරණයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. නමුත් දෙවියන්වහන්සේ පවසන්නේ ශක්තිමත්ව, ධෛර්යමත්ව සිටින්න කියාය. (යෝෂුවා 1:9)
යෝෂුවා 1:9
මා විසින් නුඹට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීසේක.
නිදහස අත්දකිනවා සේම එය අත්පත් කරගෙන ඒ තුළ ජීවත්වීම ඉතා වැදගත්ය.
ලූක් 4:18-19
18 ස්වාමීන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනාකරන්ට උන්වහන්සේ මා ආලේපකළසේක; වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශකරන්ටද මඩනාලද්දවුන් නිදහස්කර හරින්ටද 19 ස්වාමීන්වහන්සේගේ පිළිගත යුතු අවුරුද්ද ප්‍රකාශකරන්ටද උන්වහන්සේ මා එවුසේකැයි ලියා තිබෙන ස්ථානය සොයාගෙන,
යේසුස්වහන්සේ යෙසායා පොතෙන් මේ බයිබල් පාඨය සොයාගෙන කියවන ලදි.
යෙසායා 61:1-2
1 ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද, 2 ස්වාමීන්වහන්සේගේ කරුණාවේ අවුරුද්ද සහ අපේ දෙවියන්වහන්සේගේ පළිගැනීමේ දවසත් ප්‍රකාශකරන්ටද, වැලපෙන සියල්ලන් සනසන්ටද,
මේ වර්ෂය නිදහස්කමේ කරුණාවේ වර්ෂයක්ය. මාර්ගයක් නොමැති අයට දෙවියන්වහන්සේ කරුණාවේ මාර්ග දොරටු විවර කරනු ලබයි. පීඩා විඳින්නන් එයින් මුදවනු ඇත. දෙවියන්වහන්සේ බලවත් දේ කරන බවට අප විශ්වාස කරමු.
යේසුස්වහන්සේව ආලේප කර ආකාරයටම දෙවියන්වහන්සේ අප අලේප කර ඇත්තේ ශුභාරංචි වචනය සියල්ලන්ට දේශනා කරන්ටය.
මේ ආලේපය කාරණා 4ක් සඳහා ඇත.
1. දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට
2. බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ට
3. වහලුන්ට නිදහස
4. හිරකාරයන්ට හිරගෙයින් මිදීම ප්‍රකාශකරන්ට
දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට දෙවියන්වහන්සේ මා ආලේප කළ සේක යන කරුණ ගැන අප හදාරමු. දෙවියන්වහන්සේගේ ආලේපය වියගස් කඩා බිඳ දමයි. “මා ආලේපලත් කෙනෙක්යැයි” අප නිතර පැවසිය යුතුය.
1 යොහන් 2:20 | 27
20 නුඹලා ශුද්ධ තැනන්වහන්සේගෙන් ආලේපයක් ලැබ සියලු දේම දනිහුය.
27 නුඹලා ගැන වනාහි, නුඹලා උන්වහන්සේගෙන් ලැබූ ආලේපය නුඹලා තුළ පවතින්නේය, යමෙකු විසින් නුඹලාට ඉගැන්වීම ඕනෑකරන්නේ නැත; එම ආලේපය සියල්ල ගැන නුඹලාට උගන්වන ලෙසද, එය බොරු නොව සත්‍යව තිබෙන ලෙසද, එයින් නුඹලාට ඉගැන්නූ ප්‍රකාරයටද උන්වහන්සේ තුළ පැවතෙන්න.
තුමූ ආලේප ලත් කෙනෙක්යැයි ඔබට කියමින් ඔබව භය කිරීමට මනුෂ්‍යයන්ට ඉඩ නොදෙන්න. ඔබත් ආලේපලත් කෙනෙක්යැයි නොභියව පවසන්න.
මෙම භිය තිබූනේ පරණ ගිවිසුම තුළය. දාවිත් සාවුල් රජ ආලේප ලත් කෙනෙක්යැයි පවසා ඔහුට අත ගසන්නට භියවිය. (1 සාමුවෙල් 26:10-11) නමුත් නව ගිවිසුම තුළ අප එසේ භයවිය යුතු නැත.
දිළිඳුන් ගැන මතෙව් 5:3 හි සඳහන්ව ඇත.
මතෙව් 5:3
සිතින් දිළින්දෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය. සිතින් දිළින්දන් යනු දෙවියන්වහන්සේව නොදන්නාවු අයය. මේ අයට දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ සුභාරංචිය පැවසිය යුතුය. මේ අය දෙවියන්වහන්සේව සොයමින් සිටියි. දෙවියන්වහන්සේව සොයන්නන්ට උන්වහන්සේ ආශීර්වාද කරනු ඇත.
දිළින්දෝ යන වචනයේ ග‍්‍රීක අර්ථය පීඩා විදින්නන්, විපතට පත්වූවන් හා සදාකාල පොහොසත්කමක් නොමැතිව සිටින්නන්ය. මේ අය ආශීර්වාද ලද්දන් වන්නේ ඔවුන්ට දේව රාජ්‍යය හිමි හෙයින්ය. “එන්න, සත්‍යය සොයමින් සිටින්නාට මම සත්‍යයි” පවසමින් ඔවුන්ට දෙවියන්වහන්සේ ආරාධනාවක් දෙයි.
මාර්ගයද සැබෑවධ ජීවනයද යේසුස්වහන්සේය. (යොහන් 14:6)
දෙවියන්වහන්සේව නාදුනන්නන් සිතින් දිළින්දන්ය. දෙවියන්වහන්සේව සොයන්නන් උන්වහන්සේ වෙතට පැමිණි කළ උන්වහන්සේ ඔවුන්ගේ අභ්‍යන්තරය පුරවයි.
සුභාරංචිය යනු ජීවමාන දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කිරීමෙන් උන්වහන්සේගේ පොරොන්දු අයිතිවීමය. පළමු පොහොසත්කම දෙවියන්වහන්සේව හඳුනාගැනීමය.
දේව වචනය මුතු හා සමානය. එය ඉතා මිහිරිය. දේව වචනය කෑමත්, බීමත් නොවේය. ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියත්ය.
රෝම 14:17
මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.
යේසුස්වහන්සේ අපගේ රජතුමාය. රජතුමා අපගේ හදවතට පැමිණ සිටියි. ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතිය යන කාරණා අපට මාංසාකාරයෙන් ලැබෙන දේවල් නොවේය. ඒවා ආත්මික දේවල් වේ.
ධර්මිෂ්ඨකම යනු දෙවියන්වහන්සේ සමඟ හරි සම්බන්ධ කමක් ඇතිව සිටීමය.
සමාදානය යනු පිටස්තරින් කුමන පීඩනයක් පැමිණියත් අභ්‍යන්තරයේ ඇති ශාන්ත සමාදානයයයි. යේසුස්වහන්සේ කුණාටුවේදී සිටියේ නිදාගෙනය. ගෝලයන් කැළඹුනත් උන්වහන්සේ සිටියේ සමාදානයෙන්ය. (මතෙව් 8:24-25)
ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතිය යනු යමක් ලැබුණත් නැතත් ප‍්‍රීතිවීමය.
ලූක් 17:20
20 දෙවියන්වහන්සේගේ රාජ්‍යය කොයි කලක එන්නේදැයි ඵරිසිවරුන් විසින් ඇසූ බැවින් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය පෙරහැර සහිතව නොඑන්නේය. 21 බලව, ඒක මෙතැනය! එතැනයයි නොකියන්නෝය; මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා ඇතුල්ේයයි කීසේක.
යේසුස්වහන්සේ පැවසුවේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා තුළේයයි කියාය. යේසුස්වහන්සේ යන යන සෑම තැන පැවසුවේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ සුභාරංචියයි.
මතෙව් 4:23
තවධ යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සෙනඟ අතරෙහි සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද ගලීලය මුළුල්ලෙහි ඇවිද්දසේක.
යේසුස්වහන්සේ මුළු ගලීලයේ රාජ්‍යයේ සුභාරංචිය පැවසීය. අපද අපගේ නගරය තුළ රාජ්‍යයේ සුභාරංචිය පැවසීය යුතුය.
මතෙව් 9:35
යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද සියලු නුවරවලද ගම්වලද ඇවිද්දසේක.
යේසුස්වහන්සේ සියලු ගම් වලද. නගරයේද රාජ්‍යයේ සුභාරංචිය පැවසීය. දෙවියන්වහන්සේගේ කැමැත්ත සියලුම ගම්වල, නගර වල දෙවියන්වහන්සේගේ සුභාරංචිය පතළ කිරීමය.
මතෙව් 24:14
රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.
අවසානය පැමිණෙන්නේ සුභාරංචි වචනය මුළු ලොව පුරාවටම අසන්නට ලැබුණු පසුවය.
මාර්ක් 13:10
තවධ ශුභාරංචිය පළමුකොට සියලු ජාතීන්ට ප්‍රකාශකරනු ලබන්ට ඕනෑය.
ගැළවීම ලැබූ සියල්ලන්ගේම වගකීම සුභාරංචිය පැවසීමයි.
මාර්ක් 16:15
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට ශුභාරංචිය ප්‍රකාශකරන්න.
මළවුන්ගෙන් නැඟිටි යේසුස්වහන්සේ ගෝලයන්ට අණ කළේ ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට ශුභාරංචිය ප්‍රකාශකරන්න කියාය. අපගේ යුතුකම දෙවියන්වහන්සේගේ වචනය මනුෂ්‍යයන්ට කියාදීමය.
මාර්ක් 1:14-15
14 යොහන් පාවාදෙනු ලැබුවායින් පසු යේසුස්වහන්සේ ගලීලයට පැමිණ දෙවියන්වහන්සේගේ (රාජ්‍යය ) ශුභාරංචිය දේශනාකරමින්: 15 කාලය සම්පූර්ණවිය, දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය. පසුතැවිලිවී ශුභාරංචිය අදහාගන්නැයි කීසේක.
යේසුස්වහන්සේ ගියාවූ සෑම තැනම රාජ්‍යයේ සුභාරංචිය පැවසීය. අපගේ යුතුකමත් ලොව මුළුල්ලේ රාජ්‍යයේ සුභාරංචිය පැවසීමය.
Watch the Sermon Video


