+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ඇදහිල්ලේ ප‍්‍රකාශය - මනූ මැතානි
January 18, 2026 Sunday Sermon Notes

 

 1 කොරින්ති 4:20
[20] මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය (ප්‍රකාශවන්නේ) කථාවෙන් නොව බලයෙන්ය.

දෙවියන්වහන්සේ කතාවෙන් නොව බලයෙන් ක‍්‍රියා කරයි. ආවේසවී සිටි මනුෂ්‍යයන්ව දෙවියන්වහන්සේ සුව කරන ලදි. දුර්වල වූ මනුෂ්‍යයන්ට උන්වහන්සේ පණ දුන්නාය. වෛශ්‍යාකමෙන් ජීවත් වු අයද යේසුස්වහන්සේ පිළිගන්නා ලදි.

දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ තුළින් කළ දේවල් බොහෝය. මනුෂ්‍යයන්ට නව බලාපොරොත්තු නව ජීවනයක් දුන්නාහ. දෙවියන්වහන්සේ අපගේ ජීවිතයේ යහපත් දේවල් පමණක් ඉෂ්ට කරයි. යේසුස්වහන්සේ මනුෂ්‍යයන්ව දියුණු කළහ, උසස් කළහ.

දෙවියන්වහන්සේගේ වචනය සුළු නොකරමු. දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගේ තරාතිරම බලන්නේ නැත. වචනයට මුල් තැන දී වචනයට අනුව ගමන් කරමු.

හෙබ්‍රෙව් 10:23
[23] අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.

ප්‍රකාශකිරීම යන වචනයේ අර්ථය නම් ස්වාමීන්වහන්සේ පැවසූ දේ සමඟ එක්සත්ව, එකඟ වී ඒ දේ විශ්වාස කරමින් ප්‍රකාශ කිරීමයි.

ප්‍රකාශ කිරීම ඔබගේ ජීවිත රටාවක් කර ගන්න. ප‍්‍රකාශනය යන වචනයේ තේරුම දෙවියන්වහන්සේ පැවසූ දෙයට එක්සත්වී අපත් එය ප‍්‍රකාශ කළ යුතුය යන්නයි.

විශ්වාසවන්ත දෙවියන්වහන්සේ අපහට පොරොන්දු වූ දේවල් විශ්වාස කරමින් තදින් අල්ලා සිටිමු. දෙවියන්වහන්සේගේ වචනය ඔබ ප‍්‍රකාශ කරන විට ඔබගේ වචනය බලවත්වී ක‍්‍රියා කරයි. ප‍්‍රකාශනය සුළු නොකරන්න.

අප කතා කළ යුත්තේ දෙවියන්වහන්සේගේ වචනය පමණක්ය. දෙවියන්වහන්සේගේ වචනය බීජයක් හා සමානය. දෙවියන්වහන්සේගේ වචනය උන්වහන්සේගේ කැමැත්තයි. අප දෙවියන්වහන්සේගේ වචනය ක‍්‍රියාවට නඟමු.

1 තිමෝති 1:5-7
[5] ආඥාවේ අභිප්‍රාය නම් පිරිසිදු සිතකිනුත් යහපත් හෘදයසාක්ෂියකිනුත් සැබෑ අවංකවූ ඇදහිල්ලෙනුත් නික්මෙන ප්‍රේමයය. [6] ඒ දේවලින් සමහරු අහක්ව නිෂ්ඵල කථාවට හැරී ගියෝය. [7] තමුන් කියන්නේ කිමෙක්ද කියාවත් නිසැකකොට සහතිකකරන්නේ කුමන දේ ගැනද කියාවත් තේරුම් නොගෙන සිටින නුමුත්, ඔව්හු ව්‍යවස්ථාවේ ගුරුවරු වෙන්ට කැමැත්තෝය.

පිරිසිදු හදවතක්, අවංක ඇදහිල්ලක් සහ ප‍්‍රේමයක් මේ දේවල් ඉතා වැදගත්ය.

රෝම 10:8
[8] වාක්‍යය නුඹ ළඟය, නුඹේ මුඛයේද නුඹේ සිතේද තිබේය කියාය. එනම් අප විසින් ප්‍රකාශකරන ඇදහිල්ලේ වාක්‍යයය.

දෙවියන්වහන්සේ අප තුළයි උන්වහන්සේ කිසිදා අපව අත් නොහරී. උන්වහන්සේ සෑම දවසකම අපට මඟ පෙන්වයි.

1 යොහන් 5:14
[14] උන්වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය.

අපගේ යාච්ඤාවන් තිබිය යුත්තේ දෙවියන්වහන්සේගේ කැමැත්ත මතය. හැඟීම් අනුව යාච්ඤා කිරීම දෙවියන්වහන්සේගේ වචනයට පටහැනිය.

2 තිමෝති 1:7
[7] මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.

ස්වාමීන්වහන්සේ අපට සුවධායක මනසක් දී ඇත.

ඔබගේ ප‍්‍රකාශන වලින් ඔබගේ මනස පවිත‍්‍ර කර ගත හැකිය. උන්වහන්සේ අපට බලයේ ආත්මයක් දී ඇත. ඒ බලයේ ආත්මයෙන් අප ක‍්‍රියා කළ යුතුය. දෙවියන්වහන්සේ අපට බයාදුකමේ ආත්මයක් දී නැත. උන්වහන්සේගේ ලේ බලය අප තුළ ක‍්‍රියා කරයි.

ශු. ලූක් 10:19
[19] බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය.

සර්පයන් සහ ගෝනුස්සන් පාගා දැමීමට දෙවියන්වහන්සේ අපට බලය දී ඇත. යේසුස්වහන්සේගේ බලවත් නාමයෙන් අපි ජය ගනිමු. සියලු නාමයන්ට වඩා උන්වහන්සේගේ නාමය උසස්ය.

පිලිප්පි 2:6-9
[6] උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා, [7] එය ඉවත්කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක. [8] මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, කුරුසියේ මරණය දක්වා කීකරුවූසේක. [9] එබැවින් දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක.

පිලිප්පි 2:10-11
[10] එසේ කළේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණනමන පිණිසත්, [11] යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය.

දෙවියන්වහන්සේගේ මහත්වූ ක‍්‍රියාවන් නිසා ශාපය, මරණය, විනාශය මේ සියල්ල උන්වහන්සේ කුරුසියේ දරාගත්තේය. උන්වහන්සේ යටත්වී උන්වහන්සේගේ මරණය තුළින් ශාපයේ බලය මරණයේ බලය සම්පූර්ණව විනාශ කරමින් මුළු මිනිස් සංහතිය වෙනුවෙන් යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන්ව සිටියාය.

සියලු නාමවලට වඩා උසස් වූ නාමයක් දෙවියන්වහන්සේ යේසුස්වහන්සේට දෙන ලදි.
දෙවියන්වහන්සේගේ උසස්තම නාමය පවසමින් යක්ෂයන් දුරු කරන්න අපට හැකියාව ඇත. දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වෙමු.

ශු. මාර්ක් 16:17
[17] අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය;

යේසුස්වහන්සේගේ නාමය ඔබගේ මුඛයෙන් කතා කර යක්ෂයන්ව පළවා හරින්න. යේසුස්වහන්සේ දකින්නේ අපගේ ඇදහිල්ලය.

1 යොහන් 5:4
[4] මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය.

ඔබ දෙවියන්වහන්සේ තුළ ජයගත් කෙනෙක්ය.

2 කොරින්ති 4:4
[4] නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබෙළන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.

යක්ෂාකාර දේවල් වලින් අපි ඈත් වෙමු.

හිතෝපදේශ 10:22
[22] ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.

1 යොහන් 5:4
[4] මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය.

දෙවියන්වහන්සේගෙන් ඉපදී සිටින මනුෂ්‍යයෝ ජයගත්තවුන්ය.

1 යොහන් 4:4
[4] මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති.

අප ලෝකයේ දෙවියාගෙන් ජය ගත් අයය. අප තුළ වාසය කරන තැනැන්වහන්සේ ලෝකයේ දෙවියාට වඩා බලවන්තය. උන්වහන්සේගේ බලය තුළින් අපට ජය හිමි වේ.
දැන් අප ඉපදී සිටින්නේ කුණු නොවන බීජයෙනි වෙනස් නොවන සදාකාලික සදහටම පවතින බීජයකි.

1 පේතෘස් 1:23
[23] මක්නිසාද නුඹලා කුණුවෙන්නාවූ බීජවලින් නොව දෙවියන්වහන්සේගේ ජීවමානවූ පවතින්නාවූ වචනය කරණකොටගෙන, කුණු නොවෙන්නාවූ බීජවලින් නැවත උත්පාදකරනු ලැබුවහුය.

කුණු නොවන බීජයෙන් ඉපදී සිටින නිසා අප දැන් ජයග‍්‍රාහකයෝය.

විනිශ්චයකාරයන්ගේ පොත 6:11-12
[11] ස්වාමීන්වහන්සේගේ දූතයා ඇවිත් අබියෙශ්‍රීය යෝවාෂ්ට අයිතිවූ ඔප්‍රාහි තිබෙන අලෝන ගස යට හිඳගත්තේය. යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු සඟවාගන්න පිණිස ඒවා මුද්‍රික යන්ත්‍රයෙහි මඩිමින් සිටියේය. [12] ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට පෙනී: ධෛර්යමත් බලවත් මනුෂ්‍යය, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීය.

විනිශ්චයකාරයන්ගේ පොත 6:13-14
[13] ගිඩියොන් ඔහුට කථාකොට: අහෝ මාගේ ස්වාමිනි, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක් නම් මේ සියල්ල අපට සිද්ධවී තිබෙන්නේ මක්නිසාද? ස්වාමීන්වහන්සේ අප මිසරයෙන් ගෙනාවා නොවේද කියා අපේ පියවරුන් අපට කියාදුන් උන්වහන්සේගේ සියලු පුදුම ක්‍රියා කොයිද? දැන් නම් ස්වාමීන්වහන්සේ අප අත්හැරදමා මිදියන්වරුන් අතට අප පාවාදුන්සේකැයි කීවේය. [14] ස්වාමීන්වහන්සේ ඔහු දෙස බලා: නුඹේ මේ බලවත්කමින් ගොස් මිදියන්වරුන් අතින් ඉශ්‍රායෙල් ගළවන්න. මා නුඹ යැවුවා නොවේදැයි කීසේක.

විනිශ්චයකාරයන්ගේ පොත 6:15-16
[15] ඔහු උන්වහන්සේට කථාකොට: අහෝ, ස්වාමිනි, කුමකින් මම ඉශ්‍රායෙල් ගළවාගනිම්ද? බැලුව මැනව, මාගේ පවුල මනස්සේහි ඉතා දිළිඳු පවුලය, මමද මාගේ පියාගේ ගෙයි ඉතාම කුඩා තැනැත්තා වෙමියි කීවේය. [16] ස්වාමීන්වහන්සේද: සැබවින් මම නුඹ සමඟ සිටින්නෙමි, නුඹ එක්කෙනෙකුට මෙන් මිදියන්වරුන්ට පහරදෙන්නෙහියයි ඔහුට කීසේක.

දෙවියන්වහන්සේ අප සමඟයි. අපේ ජීවිතයේ දෙවියන්වහන්සේට කළ නොහැකි දෙයක් නැත. සත්‍යය නම් දේව වචනයය. ඔබ දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කරන්න.
ඔබගේ ප‍්‍රකාශන තදින් අල්ලා ගන්න.

1 යොහන් 5:4
[4] මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය.

ඇදහිල්ලේ ප‍්‍රකාශනයෙන් අප ලෝකයෙක් ජය ගන්නා අයය. ලෝකයෙන් ජය ගන්නේ අපගේ ඇදහිල්ලෙනි.

රෝම 12:3
[3] නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි.

සෑම කෙනෙකුටම දෙවියන්වහන්සේ ඇදහිල්ලේ කොටසක් දී තිබේ. උන්වහන්සේගේ ඇදහිල්ලෙන් අප ජීවත් වේ. දෙවියන්වහන්සේ අපට පවසන්නේ ඇදහිල්ල වචනය තුළ ප‍්‍රකාශ කර සිත අලුත් කර ගෙන වර්ධනය කර ගන්න කියාය.

රෝම 10:8
[8] වාක්‍යය නුඹ ළඟය, නුඹේ මුඛයේද නුඹේ සිතේද තිබේය කියාය. එනම් අප විසින් ප්‍රකාශකරන ඇදහිල්ලේ වාක්‍යයය.

දෙවියන්වහන්සේගේ ඇදහිල්ලේ වාක්‍යය අපි ප‍්‍රකාශ කරමු. ඇදහිල්ලෙන් කතා කිරීමෙන් බිය පහවේ.

රෝම 10:9-10
[9] කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය. [10] මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය.
ඔබ දෙවියන්වහන්සේ තුළ ගළවීමට පත් වන්නේ සිතින් අදහා ගැනීමෙන් හා මුඛයෙන් ප‍්‍රකාශ කිරීමෙන්ය.

1 පේතෘස් 3:9-11
[9] නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට, නුඹලාට ආශීර්වාදයක් උරුමවෙන පිණිස කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාදම කරන්න. [10] මක්නිසාද: ජීවිතයට ඇලුම්වෙන්ටත් යහපත් දවස් දකින්ටත් කැමති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කථාකිරීමෙන්ද වලක්වාගනීවා. [11] නපුරෙන් ඉවත්ව යහපත කරාවා; සමාදානය සොයා, එය පස්සේ දුවාවා;

ඔබගේ ප‍්‍රකාශන තදින් අල්ලා ගන්න. නපුරු දේවල් ප‍්‍රකාශ කිරීමෙන් වංචා කිරීමෙන් වැළකෙමු.

යාකෝබ් 3:2
[2] මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.

වචනය තුළ පැකිලීමට පත් නොවෙමු. ඔබගේ මුළු ශරීරයම දමනය කර ගන්න.

හෙබ්‍රෙව් 3:1
[1] එහෙයින්, ස්වර්ගීය කැඳවීමකට පංගුකාරවූ ශුද්ධවූ සහෝදරයෙනි, අපේ ඇදහිල්ලේ ප්‍රේරිතයාණන් සහ උත්තම පූජකයාණන්වූ යේසුස්වහන්සේ කල්පනාකරන්න.

අප සියළු දෙනාම ස්වර්ගීය කැඳවීමක පංගුකාරයෝය. පොළොවේ දේවල් වලට අනුව අප ජීවත් නොවෙමු. ස්වර්ගීය කැඳවීම අනුව අප ගමන් කරමු. යේසුස්වහන්සේ ගැන කල්පනා කරන්න. යේසුස්වහන්සේ ගැන ප‍්‍රකාශ කරමු. අපගේ උත්තම පූජකයාණෝ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේය.

හෙබ්‍රෙව් 4:14
[14] එබැවින් අහස පසුකරගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් නම් මහා උත්තම පූජකයෙක් අපට සිටින නිසා, අපේ ඇදහිල්ල තදින් අල්ලාගන සිටිමු.

අපි ජීවිතයේ ප‍්‍රකාශන කරන්නට පුරුද්දක් කර ගනිමු.


Watch the Sermon Video

Read 215 times