+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
රාජ්‍යයේ ශුභාරංචියේ වැදගත්කම - යෝෂා මනූ
January 25, 2026 Sunday Sermon Notes
ගීතාවලිය 121:1
[1] කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද? [2] මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ ස්වාමීන්ගෙන්මය. [3] උන්වහන්සේ නුඹේ පය සෙලවෙන්ට නොදෙනසේක. නුඹ ආරක්ෂාකරන තැනන්වහන්සේ නොනිදනසේක. [4] බලව, ඉශ්‍රායෙල් ආරක්ෂාකරන තැනන්වහන්සේට නිදිබරවීමක්වත් නිදාගැනීමක්වත් නැත්තේය. [5] ස්වාමීන්වහන්සේ නුඹ ආරක්ෂා කරන තැනන්වහන්සේය. ස්වාමීන්වහන්සේ දකුණතින් නුඹට සෙවණය. [6] දවාලේ ඉරවත් රාත්‍රියේ සඳවත් නුඹට පහර නොදෙන්නේය. [7] ස්වාමීන්වහන්සේ සියලු නපුරෙන් නුඹ ආරක්ෂාකරනසේක. නුඹේ ප්‍රාණය ආරක්ෂාකරනසේක. [8] දැන් පටන් සදාකාලේටම ස්වාමීන්වහන්සේ නුඹේ යාම ඊම ආරක්ෂාකරනසේක.
ප‍්‍රශ්න කරදර වලින්, ලෙඩ රෝග වලින්, හිඟකමෙන් දෙවියන්වහන්සේ අපව ආරක්ෂා කරයි.
දෙවියන්වහන්සේගේ වචනය වෙනස් වන්නේ නැත. අපගේ නෙත් උන්වහන්සේ වෙතට යොමු කරමු. අප යන එන සෑම තැනකදීම දෙවියන්වහන්සේ අපව ආරක්ෂා කරයි.
යේසුස්වහන්ස්ගේ ලේ තුළ අපට රැකවරණය තිබේ.
ඔව්හු බැටළුපැටවාණන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය; ඔව්හු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝය. [එළිදරව් 12:11]
ලුක් 4:18
[18] ස්වාමීන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනාකරන්ට උන්වහන්සේ මා ආලේපකළසේක; වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශකරන්ටද මඩනාලද්දවුන් නිදහස්කර හරින්ටද
දෙවියන්වහන්සේගේ කැමැත්ත අපට ගැළවීම දෙන්නටයි. දෙවියන්වහන්සේගේ උතුම්ම වස්තුව යේසුස්වහන්සේය. උන්වහන්සේ සමඟ අප සිටිනවානම් අපි දිළින්ඳන් නොව පොහොසත් සෙනඟ වන්නෙමු.
බයිබලයේ පවසන පරිදි යේසුස්වහන්සේගේ ආලේපය අප තුළ වගුරුවා ඇත.
නිතරම දේව වචනය ප‍්‍රකාශ කිරීමට සූදානමින් සිටින්න. යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් ගැළවීම ලබා ගෙන දේව රාජ්‍යයට ඇතුළු වෙමු.
දෙවියන්වහන්සේගේ කැමැත්ත වියවුල්භාවයෙන් පීඩනයෙන් ජිවත් වීම නොව සතුටින් සමාදයෙන් නිදහස්කම තුළ ජිවත් වීමයි.
මාර්ක් 1:1
[1] දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පටන්ගැන්මය.
දෙවියන්වහන්සේගේ සුභාරංචිය පතළ කිරීම අපගේ වගකීමකි. අප තුළ රජ කෙනෙකු වාසය කරයි. ඒ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේය. උන්වහන්සේ අප සමඟ රජකම් කරයි.
ලුක් 2:10
[10] දේවදූතයා ඔවුන්ට කථාකොට: භය නොවෙන්න; බලව, මුළු සෙනඟට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි.
දෙවියන්වහන්සේගේ යහපත් වචනය පතළ කරමු.
බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය. [රෝම 5:5]
හිතෝපදේශ 25:25
[25] දුර රටකින් ලැබෙන හොඳ ආරංචි පිපාසා ඇත්තෙකුට ඇල්වතුර මෙන්ය
ඔබ රෝගිව සිටින කෙනෙකු නම් දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔබව සුව කිරීමයි.
ඔබ ඇල්මැරුණු ජීවිතයක් ගත කරනවානම් දෙවියන්වහන්සේ ඒවායින් ඔබව නිදහස් කර ඇත. නමුත් අපේ හදවත් තුළ දෙවියන්වහන්සේ වෙතට ඒමට පිපාසයක් තිබිය යුතුය.
සදාකාල ජිවනය අපට උරුමය.
[13] ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක්වී, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක. [ගලාති 3:13]
මතෙව් 25:14
[14] කුමක්හෙයින්ද එය වනාහි අන් රටකට යන මනුෂ්‍යයෙක් තමාගේ දාසයන් කැඳවා, ඔවුන්ට තමා සන්තක දේ භාරදෙන්නාක්මෙන්ය.
දෙවියන්වහන්සේ අපට යම් යම් වගකීම් බාරදී ඇත. අපි ඒවා නිවැරදිව ඉෂ්ඨ කරමු.
ශු යොහන් 1:1
[1] පටන්ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමඟ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක.
දෙවියන්වහන්සේ ජීවමානය.
1 යොහන් 1:2-3
[2] නුඹලාත් අප සමඟ පංගුකාරකම ලබන පිණිස, අප දුටුවාවූ ඇසුවාවූ ඒ දේ නුඹලාටත් ප්‍රකාශකරමුව. [3] (ඒ ජීවනය ප්‍රකාශකරනු ලැබීය, අපි ඒ දැක සාක්ෂිදෙමින්, පියාණන්වහන්සේ සමඟ තිබූණාවූ අපට ප්‍රකාශකරනලද්දාවූ ජීවනය, එනම් සදාකාල ජීවනය නුඹලාට ප්‍රකාශ කරමුව.) එසේය, අපේ පංගුකාරකම පියාණන්වහන්සේද ස්වකීය පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේද සමඟය.
අප මනුෂ්‍යයාට ජීවනය ප‍්‍රකාශ කළ යුතුය. යේසුස්වහන්සේගේ වචන වලින් අප ශක්තිමත් වී ජීවත් වෙමු.
එළිදරව් 14:6
[6] පොළොවේ වසන්නන්ටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනඟටත් ප්‍රකාශකරන පිණිස, සදාකාල ශුභාරංචියක් ඇතුව සිටින තවත් දේවදූතයෙක් අහස මැද පියාසරකරනවා දුටිමි;
පොළොවේ වාසය කරන මනුෂ්‍යයාට සදාකාල සුභාරංචිය ප‍්‍රකාශ කළ යුතුය. සුභාරංචි වචනය වළක්වන්නට සිටින්නේ යක්ෂයාය.
2 කොරින්ති 4:4
[4] නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබළෙන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.
අපි අධෛර්යමත් නොවෙමු. සුභාරංචිය මනුෂ්‍යයාගේ ජීවිතය ආලෝකමත් කරයි. එය නිදහස් කරයි.
නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේයයි කීසේක. [යොහන් 8:32]
සුභාරංචිය තුළින් මනුෂ්‍යයා අන්ධකාර දේවල් වලින් ඈත්ව දෙවියන්වහන්සේ වෙතට ළංවේ.
රෝම 10:15
[15] (සමහරු) යවනු ලැබුවොත් මිස දේශනාකරන්නේ කොහොමද? මේ සම්බන්ධව: යහපත් දේ ගැන ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරද! කියා ලියා තිබේ.
යෙසායා 52:7
[7] ශුභ ආරංචි ගෙනෙන්නාවූ, සමාදානය ප්‍රකාශකරන්නාවූ, යහපත ගැන හොඳ ආරංචි ගෙනෙන්නාවූ, ගැළවීම ප්‍රකාශකරන්නාවූ: නුඹේ දෙවියන්වහන්සේ රජකම්කරනසේකැයි සියොන්ට කියන්නාවූ තැනැත්තන්ගේ පාද කඳු පිට කොපමණ අලංකාරද!
සමාදානයේ ශුභාරංචියේ සූදානම නැමති වහන් පය ලා සිටින්න.
[එපීස 6:15]
දැන් දෙවියන්වහන්සේ අප සමඟ කෝපයෙන් නොවේ සිටින්නේ. ජීවමාන දෙවියන්වහන්සේ සමඟ අපට සම්බන්ධකම් පැවැත්විය හැකිය. එය සමාදානයේ සුභාරංචියයි.
අන්න, ශුභාරංචි දන්වන්නාවූ, සමාදානය ප්‍රකාශකරන්නාවූ අයගේ පාද කඳු පිට එති! එම්බා යූදා, නුඹේ මංගල්‍යවල් පවත්වා නුඹේ බාරවල් ඉෂ්ටකරන්න. මක්නිසාද දුෂ්ටයා නුඹ මැදින් තවත් නොඑන්නේය; ඔහු සහමුලින්ම සිඳදමනු ලැබීය. [නාහුම් 1:15]
දෙවියන්වහන්සේ තුළ සිටින මනුෂ්‍යයාගේ සිත් අන්ධ කිරීමට යක්ෂයාට නොහැකිය. මනුෂ්‍යයාට සුභාරංචිය පවසන විට දෙවියන්වහන්සේ ඔවුන්ගේ සිත් (මනස) එළිය කරයි.
Watch the Sermon Video


