+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

යේසුස්වහන්සේ අපව පොරොන්දු දේශයට ගෙනාවේය - මනූ මැතානි
January 25, 2026 Sunday Sermon Notes

 

 වචනය ඇසිම තුළින් අප හදවතට අවංක ප‍්‍රේමයක් සහ ඇදහිල්ලක් ඇතිවේ. අපගේ වචන හා ක‍්‍රියාවන් ඉතාම වැදගත්ය.

යේසුස්වහන්සේ අන්ධකාරයෙන් උන්වහන්සේගේ දේව රාජ්‍යට අපව ගෙන ඇවිත් ඇත.  නව ගිවිසුමෙහි අපි අනුග‍්‍රහයේ සෙනඟක් වෙමු.

නික්මයාම 3:8
[8] එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස්කර ඒ රටින් පිටත්කොට යහපත්වූ විශාලවූ දේශයකට, කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට, එනම් කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද ඉඩමට පමුණුවන්ට බැස්සෙමි.

දෙවියන්වහන්සේ අපව පොරොන්දු දේශයට ගෙනැවිත් ඇත. ආත්මික තලයෙන් අපි ජයගත් සෙනඟක් වන්නෙමු.

ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ස්වර්ගීයවූ ස්ථානවල උන්වහන්සේ සමඟ අප හිඳවූසේක. [එපීස 2:6]

එපීස 1:4
[4] ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම, උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශීර්වාදවලින් උන්වහන්සේ අපට ආශීර්වාද කළසේක.

අප මේ පොළොවේ සිටින්නේ ශාරීරිකව හා මනසින්ය. ඒ දේවල් වලටද දෙවියන්වහන්සේ අපට ආශීර්වාද කර ඇත.

රෝම 8:37
[37] නුමුත් අපට ප්‍රේමකළාවූ තැනන්වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වමුව.

ආත්මිකව අප අතිශයින් ජයගත්තෝය.

2 කොරින්ති 7:10
[10] මක්නිසාද දේවකැමැත්තට එකඟවූ ශෝකයෙන්, තැවෙන්ට කාරණයක් නොවන්නාවූ ගැළවීමට පමුණුවන පසුතැවිලිවීම හටගන්නේය. නුමුත් ලෞකික ශෝකය මරණය උපදවන්නේය.

ශෝකයේ ආත්මයට ඔබව පාලනය කරන්නට ඉඩ නොදෙන්න. ඔබ තීරණය කරගත යුතු කරුණක් වන්නේ ඉදිරි කාලය තුළත් දෙවියන්වහන්සේගේ වචනය සමඟ සිටින්නටය.

යෙසායා 63:10
[10] නුමුත් ඔව්හු කැරළිගසා, උන්වහන්සේගේ ශුද්ධාත්මයට දුක් ඉපදෙවූවෝය. ඒ නිසා උන්වහන්සේ ඔවුන්ට සතුරෙක් වී, උන්වහන්සේම ඔවුන්ට විරුද්ධව යුද්ධකළසේක.

ශුද්ධාත්මයාණන්වහන්සේට විරුද්ධව දුක්දීම, කැරලි ගැසීම අප නොකළ යුතුය, දෙවින්වහන්සේගේ කැමැත්තට ඉඩදී උන්වහන්සේ සමඟ අප ගමන් කළ යුතුය.

අපට මඟ පෙන්වන තැනැන්වහන්සේ දෙවියන්වහන්සේය. උන්වහන්සේ දිනපතා අපට උපකාර කරන බව අප විශ්වාස කළ යුතුය.

1 සාමුවෙල් 15:23
[23] මක්නිසාද කැරළිකාරකම පේනකීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහීමටත් සමානය. නුඹ ස්වාමීන්වහන්සේගේ වචනය පහකළ නිසා උන්වහන්සේත් නුඹ රජකමෙන් පහකළසේකැයි කීවේය.

කැරළිකාරකම පේන කීමේ ආත්මය හා සමානය. ශුද්ධාත්මයාණන්වහන්සේ බලහත්කාරකමෙන් අපව කැඳවන්නේ නැත.

කොලොස්සි 2:18
[18] පහත්වීමටද දේවදූතයන්ට නමස්කාරකිරීමටද කැමතිවීමෙන් දිනුම නුඹලාගෙන් පහකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න. එබඳු තැනැත්තා තමා දුටු දේවල හැසිරෙමින්, තමාගේ මාංසික බුද්ධියෙන් නිරර්ථකලෙස උඩඟුවී,

කොලොස්සි 2:19
[19] මුළු ශරීරයට පුරුක් සහ නහර කරණකොටගෙන උපකාර කොට, එය සම්බන්ධකර දෙවියන්වහන්සේගේ වර්ධනයෙන් වර්ධනයකරන්නාවූ හිසට නොබැඳී සිටින්නේය.

දේව දුතයන් යන වචනයෙහි අර්ථය නම් දෙවියන්වහසේගේ පණිවිඩකාරයාය. හිස නම් දෙවියන්වහන්සේය. දෙවියන්වහසේ නම් දේව වචනයය. දේව වචනයට පටහැනි දේවල් නොකර සිටිමු.

2 තෙසලෝනික 2:14-15
[14] අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තේජස ලබාගැනීම පිණිස උන්වහන්සේ අපේ ශුභාරංචිය කරණකොටගෙන නුඹලා ඊට කැඳෙවුසේක. [15] එබැවින්, සහෝදරයෙනි, නුඹලා ස්ථිරව සිට අපගේ වචනයෙන් හෝ ලියුමෙන් හෝ නුඹලාට ඉගැන්වූ ගුරුකම් තදින් අල්ලාගෙනම සිටින්න.

පාරම්පරික ලෙස සභාව තුළ තිබූණු දේවල් ක‍්‍රියා පොතෙහි සඳහන් වන පරිදි එක ක‍්‍රමයකට සභාව ගෙන ගිය අපොස්තුළුවරු, ඉවැන්ජලිස්තවරු, ගුරුවරයන්, සභා නායකයන් සඳහා දෙවියන්වහන්සේ එක ක‍්‍රමයකට ගෙන ගියාය. නමුත් අනාගතයේදී අප දෙවියන්වහන්සේගේ ඒ පාරම්පරික දේවල් වලින් බොහෝසේ ඈත් වී ඇත.

ශුද්ධාත්මයාණන්වහන්සේ කාලයෙන් කාලයට වෙනස් වන්නේ නැත. උන්වහන්සේ සදහටම ඒකාකාරය.

මලාකී 3:6
[6] මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම වෙනස් නොවෙමි; එබැවින් යාකොබ්ගේ පුත්‍රයෝවූ නුඹලා විනාශ නොවී සිටින්නහුය.

දෙවියන්වහන්සේගේ සත්‍යයතාවය වෙනස් වන්නේ නැත. සෑම පරම්පරාවකටම උන්වහන්සේ සත්‍යයයි.

කොලොස්සි 2:18
[18] පහත්වීමටද දේවදූතයන්ට නමස්කාරකිරීමටද කැමතිවීමෙන් දිනුම නුඹලාගෙන් පහකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න. එබඳු තැනැත්තා තමා දුටු දේවල හැසිරෙමින්, තමාගේ මාංසික බුද්ධියෙන් නිරර්ථකලෙස උඩඟුවී,

ඔබට දෙවියන්වහන්සේ දී තිබෙන විපාක නැති කර නොගනින්න.

දෙවියන්වහන්සේගේ නාමය වැරදි ලෙස පාවිච්චි නොකරමු. දෙවියන්වහන්සේ යමක් කී විට අප යටහත්කමෙක් එය බාර ගනිමු.

මනුෂ්‍යයන් රැවටීමද වැරදි දෙයකි. අපි අවංකව ස්ථීරව ගමන් කරමු.

කොලොස්සි 2:19
[19] මුළු ශරීරයට පුරුක් සහ නහර කරණකොටගෙන උපකාර කොට, එය සම්බන්ධකර දෙවියන්වහන්සේගේ වර්ධනයෙන් වර්ධනයකරන්නාවූ හිසට නොබැඳී සිටින්නේය.

2 තෙසලෝනික 2:15
[15] එබැවින්, සහෝදරයෙනි, නුඹලා ස්ථිරව සිට අපගේ වචනයෙන් හෝ ලියුමෙන් හෝ නුඹලාට ඉගැන්වූ ගුරුකම් තදින් අල්ලාගෙනම සිටින්න.

දේව වචනය, ඔබගේ ප‍්‍රකාශන තදින් අල්ලා ගන්න.

2 තිමෝති 1:13
[13] නුඹ මාගෙන් ඇසූ සාරවූ වචනවල ආදෘශය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ඇදහිල්ල සහ ප්‍රේමයෙන් යුක්තව අල්ලාගන සිටින්න.

නමස්කාරයෙන්, වචනයෙන්, ගීතිකාවලින් අපි ශක්තිමත් වෙමින් ජීවත් වෙමු. දෙවියන්වහන්සේගේ වචනය තුළින් අපගේ මනස අළුත් කර ගමු.

මාංශයේ දේවල් අපගේ හිස්කම නැති කරන්නේ නැත.

ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ වාසය කරයි.

ද්වීතීය කථාව 30:8-14
[8] නුඹ හැරී ඇවිත්, ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුව, අද මා විසින් නුඹට අණකරන උන්වහන්සේගේ සියලු ආඥා පවත්වන්නෙහිය. [9] එවිට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ අත්වල සියලු වැඩවල ඵලයද නුඹේ ගර්භයේ ඵලයද නුඹේ සිව්පාවුන්ගේ ඵලයද නුඹේ භූමියේ ඵලය ද යහපත පිණිස නුඹට වැඩිකර දෙනසේක. [10] මක්නිසාද මේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාද පනත්ද පවත්වන හැටියට නුඹ උන්වහන්සේගේ හඬට කීකරුවන්නෙහිනම්, නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරෙන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන් කෙරෙහි ප්‍රසන්නව සිටියාක් මෙන් නැවත නුඹට යහපත පිණිස නුඹ කෙරෙහිත් ප්‍රසන්නවනසේක. [11] අද මා විසින් නුඹට අණකරන මේ ආඥාව නුඹට අමාරු වැඩිවූ එකක්වත් දුරව තිබෙන එකක්වත් නොවේ. [12] අප විසින් එය පවත්වන පිණිස අප උදෙසා ස්වර්ගයට නැගී, එය අපට ගෙනත් අපට ප්‍රකාශකරන්නේ කවරෙක්දැයි නුඹ විසින් අසන්ට ඕනෑවෙන හැටියට එය ස්වර්ගයෙහි තිබෙනවා නොවේ. [13] අප විසින් එය පවත්වන පිණිස අප උදෙසා මුහුදෙන් එතරට ගොස් එය අපට ගෙනත් අපට ප්‍රකාශකරන්නේ කවරෙක්දැයි නුඹ විසින් අසන්ට ඕනෑවෙන හැටියට එය මුහුදෙන් එතර තිබෙනවාත් නොවේ. [14] නුමුත් ඒ වචනය ලෙස නුඹ කරන පිණිස එය නුඹට ඉතා ළංව නුඹේ මුඛයේද නුඹේ සිතේද තිබේ.

දේව වචනය තිබිය යුත්තේ ඔබගේ සිතේ හා මුඛයෙහිය. අපට වෙනත් දේවල් අවශ්‍ය නැත.

ක්‍රියා 16:16-17
[16] අප යාච්ඤාකරන තැනට යද්දී, ශාස්ත්‍ර කියන ආත්මයක් ඇත්තාවූ, පේනකීමෙන් ස්වකීය ස්වාමිවරුන්ට බොහෝ ලාභ ඉපදෙවූවාවූ එක්තරා තරුණියක් අපට සම්බවූවාය. [17] ඈ පාවුල් සහ අප පස්සේ එමින්: මේ මනුෂ්‍යයෝ ගැළවීමේ මාර්ගය නුඹලාට ප්‍රකාශ කරන්නාවූ, මහෝත්තම දෙවියන්වහන්සේගේ දාසියෝයයි මොරගසා කීවාය.

ක්‍රියා 16:18
[18] ඈ බොහෝ දවසක්ම මෙසේ කළාය. එවිට පාවුල් අතිශයෙන් අප්‍රසන්නවී, හැරී ආත්මයට කථාකොට: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේගේ නාමයෙන් ඇගෙන් අහක්වී යන්ට නුඹට අණකරමියි කීවේය. ඒ පැයේදීම ආත්මය අහක්වගියේය.

දෙවියන්වහන්සේගේ සේවකයන් ගැළවීමේ මාර්ගය කියා දෙයි.

යේසුස්වහන්සේගේ බලවත් ආත්මය අප තුළත් ක‍්‍රියා කරනවා ඇත. යක්ෂයාගේ ආත්ම අප තුළට පැමිණ ක‍්‍රියා කිරීමට නොහැකිය.

ද්වීතීය කථාව 13:1-3
[1] නුඹලා අතරෙහි අනාගතවක්තෘ කෙනෙක්වත් ස්වප්නකාරයෙක්වත් නැගිට, [2] නුඹ දැනනොගත්: අන් දෙවිවරුන් අනුව අපි ගොස් ඔවුන්ට සේවය කරමුයයි කියමින්, ලකුණක් හෝ ආශ්චර්යයක් නුඹට නියමකළ කල්හි, ඔහු නුඹට කී ලකුණත් ආශ්චර්යයත් සිද්ධවුණත්, [3] ඒ අනාගතවක්තෘගේ වචනවලටවත් ඒ ස්වප්නකාරයාටවත් ඇහුම්කන්නොදෙන්න. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලාගේ මුළු සිතෙන්ද මුළු ආත්මයෙන්ද නුඹලා ප්‍රේමකරනවාදැයි දැනගන්ට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා සෝදිසිකරන සේක.

අපගේ මුළු සිතින් දෙවියන්වහන්සේට ප‍්‍රේම කරමු. අප ප‍්‍රිය කළ යුත්තේ දේව වචනයටයි.

යේසුස්වහන්සේ පැවසුවේ අප උන්වහන්සේට සැබවින්ම ප‍්‍රේම කරනවානම් දේව වචනය ආරක්ෂා කරන්න කියාය.

ශු. යොහන් 14:12-15
[12] සැබැවක් සැබැවක් නුඹලාට කියමි–මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය; මා පියාණන්වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය. [13] නුඹලා මාගේ නාමයෙන් ඉල්ලන කොයි දෙයක් වුවත්, පුත්‍රයා තුළ පියාණන්වහන්සේ මහිමය ලබන පිණිස මම ඒක ඉෂ්ටකරන්නෙමි. [14] නුඹලා විසින් මාගේ නාමයෙන් කොයි දෙයක් ඉල්ලුවත්, මම ඒක ඉෂ්ටකරන්නෙමි. [15] නුඹලා මට ප්‍රේමකරනවා නම් මාගේ ආඥා රක්ෂාකරන්නහුය.

දෙවියන්වහන්සේ තුළින් අප යම් යම් හොඳ ක‍්‍රියාවන් කරයි. උන්වහන්සේගේ නාමයෙන් ඉල්ලන ඕනෑම දෙයක් අප හට ලැබෙයි.

ක‍්‍රිස්තුස්වහන්සේ අපට ආශීර්වාද කර තිබෙන්නේ උන්වහන්සේගේ මහිමවත් වූ නාමය ඔසවන්නටය. එවිට උන්වහන්සේ වෙතට අපව ඇදගන්නවා ඇත.

යෝෂුවා 24:14
[14] එබැවින් නුඹලා ස්වාමීන්වහන්සේට භයව අවංකකමිනුත් සැබෑකමිනුත් උන්වහන්සේට සේවයකරන්න. නුඹලාගේ පියවරුන් ගංගාවෙන් එතරදීත් මිසරයේදීත් සේවයකළ දෙවිවරුන් පහකරදමා, ස්වාමීන්වහන්සේට සේවයකරන්න.

දෙවියන්වහන්සේ යෝෂුවා තුළින්ද බොහෝ දේවල් කර ඇත.

විනිශ්චයකාරයන්ගේ පොත 2:7, 10
[7] සෙනඟ යෝෂුවාගේ සියලු දවස්වලද යෝෂුවාට පසුවත් ජීවත්ව සිටියාවූ, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා කළ උන්වහන්සේගේ සියලුම මහත් ක්‍රියා දුටුවාවූ වැඩිමහල්ලන්ගේ සියලු දවස්වලද ස්වාමීන්වහන්සේට සේවයකළෝය.
[10] ඒ මුළු පරම්පරාවද තමුන්ගේ පියවරුන්ට එකතුවුණේය. ඔවුන්ට පසුව ස්වාමීන්වහන්සේවත් ඉශ්‍රායෙල් උදෙසා උන්වහන්සේ කළ ක්‍රියාවල්වත් නොදන්නාවූ වෙන පරම්පරාවක් නැගුටුණේය.

විනිශ්චයකාරයන්ගේ පොත 3:11-15
[11] එවිට ඒ සතළිස් අවුරුද්දක් දේශය නිශ්චලව තිබූණාය. කෙනස්ගේ පුත්‍රවූ ඔත්නීයෙල්ද මළේය. [12] නැවත ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබූණු දේ කළෝය. ඔවුන් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබූණු දේ කළ නිසා උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව මෝවබ්හි රජවූ එග්ලොන් බලවත් කළසේක. [13] ඔහු අම්මොන් සහ අමලෙක් පුත්‍රයන් රැස්කරවාගන ගොස් ඉශ්‍රායෙල්ට පහර දුන්නේය, ඔව්හු ඉඳිගස් නුවරද හිමිකරගත්තෝය. [14] ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ්හි රජවූ එග්ලොන්ට දසඅට අවුරුද්දක් සේවයකළෝය. [15] එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට මොරගැසූ කල ස්වාමීන්වහන්සේ ගැළවුම්කාරයෙකු ඔවුන්ට නැගුටුවාදුන්සේක. ඔහු වනාහි බෙන්යමින් ගෝත්‍රයට අයිති ගේරාගේ පුත්‍රවූ වමත හුරු මනුෂ්‍යයෙක්වූ ඒහුද්ය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ්හි රජවූ එග්ලොන්ට ඔහු අත තෑග්ගක් යැවුවෝය.

විනිශ්චයකාරයන්ගේ පොත 3:31
[31] ඔහුට පසුව පැමිණියේ අනාත්ගේ පුත්‍රවූ ෂම්ගර්ය. හෙතෙම පිලිස්තිවරුන්ගෙන් මනුෂ්‍යයන් හසියයක් හරක් අංකුසයකින් මැරීය. ඔහුද ඉශ්‍රායෙල් ගැළවුවේය.

විනිශ්චයකාරයන්ගේ පොත 4:1, 8, 9
[1] ඒහුද් මැරුණායින් පසු ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවත ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබූණු දේ කළෝය.
[8] එවිට බාරාක් ඈට කථාකොට: නුඹ මා සමඟ යනවා නම් මම යන්නෙමි. නුඹ මා සමඟ නොයනවා නම් මමත් නොයන්නෙමියි කීය.
[9] ඈද: සැබවින් මම නුඹ සමඟ යන්නෙමි. එසේවී නුමුත් නුඹ යන ගමන නුඹේ ගෞරවය පිණිස නොවන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්ත්‍රියක් අතට සිසෙරා පාවාදෙනවා ඇතැයි කීවාය. දෙබොරා තොමෝ පිටත්වී බාරාක් සමඟ කෙදෙෂ්ට ගියාය.

විනිශ්චයකාරයන්ගේ පොත 4:8
[8] එවිට බාරාක් ඈට කථාකොට: නුඹ මා සමඟ යනවා නම් මම යන්නෙමි. නුඹ මා සමඟ නොයනවා නම් මමත් නොයන්නෙමියි කීය.

අප ජීවතුන් අතර සිටින කාලය තුළ අපට බොහෝ වගකීම් ඇත. ඒවානම්, දේව වචනය පතළ කරමින්, අන් අයට උගන්වන්නටත්, ඒ අයගේ ජීවිතවලට බලපෑම් ඇති කරන්නටත් අපට හැකිය.

බයිබලය කියවන්නට පුරුදු වෙමු. එයින් අපට බොහෝ ආදර්ශ ලබා ගත හැකිය.

අපි දෙවියන්වහන්සේගේ හඬ අසන්නට පුරුදු වෙමු.

දෙවියන්වහන්සේගේ වචනය නොමැතිව කිසිවක් කළ නොහැකිය. දෙවියන්වහන්සේගේ වචනය තුළන් ඊළඟ පරම්පරාව ගැන සිතන්න.


Watch the Sermon Video

Read 234 times