+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
දෙවියන්වහන්සේට සීමා නැත - යෝෂා මනූ
February 1, 2026 Sunday Sermon Notes
අප මේ වසර පුරාවට ශක්තිමත්ව ධෛර්යමත්ව සිටිමු.
යෝෂුවා 1:8
[8] මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහනොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාවල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට නුඹේ මාර්ගය සඵලවී නුඹට ශුභ සිද්ධවන්නේය.
දේව වචනයෙන් පිරී තිබෙන මේ පොත අපගේ මුඛයෙන් පහ නොකරමු. ගීතිකාවක් වචනයක් විය හැකියි. අප මේ දේවල් පවසන විට අප අපවම ධෛර්යමත් කර ගනී.
දෙවියන්වහන්සේගේ වචනය රෑ දහවල් මෙනෙහි කරමු.
දෙවියන්වහන්සේට කළ නොහැකි දෙයක් නැත. උන්වහන්සේ යහපත් දෙවි කෙනෙක්ය.
බයිබලයේ පවසන පරිදි දෙවියන්වහන්සේට සිමාවන් නැත.
පිලිප්පි 4:13
[13] මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට පුළුවන.
ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළින් අපට සියල්ල කළ හැකිය.
‘’ක‍්‍රිස්තුස්වහන්සේ’’ යන්නෙහි අර්ථය ආලේපලත් තැනැන්වහන්සේය.
අප අපගේ මනස යක්ෂයාගෙන් ආරක්ෂා කර ගනිමු. යක්ෂයා අපගේ සිත් තුළට ඇතුලු කරන්නේ නරක සිතුවිලි, බිය, කනස්සල්ල, සැකය, අවිශ්වාසය යන මෙවැනි දේවල්ය. අප ඒවායින් ආරක්ෂා වීමට නම් දෙවියන්වහන්සේගේ වචනය සමඟ සිටිය යුතුය.
දේව වචනයේ සත්‍යය අප දිගින් දිගටම කථා කළ යුතුය.
ලුක් 1:37
[37] මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේයයි කීවේය.
දෙවියන්වහන්සේගේ වචනය බලයෙන් පිරී ඇත. උන්වහන්සේගේ කැමැත්ත අප සියළු දෙනා සුවයෙන්, සාමයෙන් ජීවත් වෙනවාටය.
ගීතාවලිය 112:6-7
[6] මක්නිසාද ඔහු කිසි කලෙකත් නොසෙල්වන්නේය; ධර්මිෂ්ඨයා සදාකල්ම සිහිකරනු ලබන්නේය.[7] ඔහු නරක ආරංචිවලට භය නොවන්නේය. ඔහුගේ සිත ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබමින් ස්ථිරව තිබේ.
දිනපතා දෙවියන්වහන්සේගේ වචනය මෙනෙහි කරන විට අප දෙවියන්වහන්සේ තුළ ස්ථීර වෙයි.
යෙරමියා 32:27
[27] බලව, මම මාංසමයවූ සියල්ලන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේය. මට කරන්ට අමාරුවූ කිසි දෙයක් ඇද්ද?
උප්පත්ති 1:20-22
[20] දෙවියන්වහන්සේ: ජලය වනාහි එහි හැසිරෙන ජීවමාන සත්වයන් බොහෝකොට හටගන්වාවා, පක්ෂීහු පොළොවට උඩින් ආකාශ කුක්ෂියෙහි පියාසරකෙරෙත්වායි කීසේක. [21] තවද දෙවියන්වහන්සේ ඉතා මහත් ජලචර සත්වයන්ද ඒ ඒ වර්ගලෙස ජලයෙහි බොහෝසෙයින් හටගත්තාවූ එහි හැසිරෙන පණ ඇති සියලු සත්වයන්ද ඒ ඒ වර්ග ලෙස පියාපත් ඇති සියලු පක්ෂීන්ද මැවූසේක. [22] දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක. දෙවියන්වහන්සේ උන්ට ආශීර්වාදකොට: නුඹලා සඵලව බෝවෙමින් මුහුදු ජලය පුරා පැතිර සිටිව්, පක්ෂීහුද පොළොවෙහි බෝවෙත්වයි කීසේක.
උප්පත්ති 1:24-31
[24] දෙවියන්වහන්සේ: පොළොව වනාහි ඒ ඒ වර්ග ලෙස තිරිසනුන්ද බඩගා යන ජාතීන්ද පොළොවේ මෘගයන්ද යන ජීවමාන සත්වයන් ඒ ඒ වර්ග ලෙස හටගන්වාවයි කීසේක. ඒ එසේ විය. [25]දෙවියන්වහන්සේ ඒ ඒ වර්ග ලෙස පොළොවේ මෘගයන්ද ඒ ඒ වර්ග ලෙස සිව්පාවුන්ද ඒ ඒ වර්ග ලෙස භූමියෙහි බඩගා යන සියලු සතුන්ද සෑදූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක. [26] තවද දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි කීසේක. [27] දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක.
[28] දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නැයි කීසේක. [29] තවද දෙවියන්වහන්සේ: බලව, මුළු පොළෝතලයෙහි ඇති බීජ දරන සියලු පලාද බීජ දරන ඵල ඇති සියලු වෘක්ෂයන්ද නුඹලාට දුනිමි; එය නුඹලාට ආහාර පිණිස වන්නේය. [30] පොළොවේ සියලු මෘගයන්ටත් ආකාශයේ සියලු පක්ෂීන්ටත් පොළොව පිට බඩගා යන පණ ඇති සියලු සතුන්ටත් ආහාර පිණිස සියලු නිල් පලා දුනිමියි කීසේක. ඒ එසේ විය. [31] දෙවියන්වහන්සේ තමන් සෑදූ සියල්ලම දුටුසේක, බලව ඒ ඉතා යහපත්ව තිබූණේය. සවස විය, උදය විය, ඒ සවෙනි දවසක්ය.
උප්පත්ති 1:26
[26] තවද දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි කීසේක.
යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් අප අනිවාර්යයෙන්ම ලෙඩ රෝග වලින් සුව වේ. අපට සියළු දේ සපයන්නේ උන්වහන්සේය.
දෙවියන්වහන්සේ හාස්කම් කරන දෙවියන්වහන්සේය. උන්වහන්සේ පොරොන්දු ඉෂ්ට කරන දෙවි කෙනෙකි.
2 කොරින්ති 4:4
[4] නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබළෙන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.
Watch the Sermon Video


