+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
නිතරම ස්වාමීන්ගෙන් උපකාර සොයන්න- මනූ මැතානි
February 1, 2026 Sunday Sermon Notes
හෙබ්‍රෙව් 13:6
[6] මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව.
අපට සෑම දෙයකටම දෙවියන්වහන්සේගේ උපකාරය නොලබා ජීවත් විය නොහැකිය. උන්වහන්සේගේ උපකාරය නිතරම අවශ්‍යය.
අප ජීවත් වන්නේ උන්වහන්සේගේ උපකාරයෙන් හා ප‍්‍රඥාවෙනි.
යෙසායා 41:10
[10] භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.
අප ජීවත් වන්නේ දේව වචනයෙනි. දෙවියන්වහන්සේ අපට උපකාර කරනවා සේම අපටද මනුෂ්‍යයන්ට උපකාර කළ හැකිය.
දෙවියන්වහන්සේගේ දකුණතින් අපව ඔසවනවා ඇත.
ගීතාවලිය 118:6
[6] ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය; භය නොවන්නෙමි. මනුෂ්‍යයා මට කුමක් කළ හැක්කේද?
වචනාර්ථය මනුෂ්‍යයන්ට ජීවනය ගෙන දෙන්නේ නැත.
1 කොරින්ති 8:1
[1] දේවතාවන්ට පුදනලද දේවල් ගැනය. අප සියල්ලන්ටම ඥානය ඇති බව දනිමුව. ඥානය උඩඟුකම උපදවයි, නුමුත් ප්‍රේමය වැඩ සිද්ධකරයි.
ශුද්ධාත්මයාණන්වහන්සේගේ ප‍්‍රේමය වැඩ සිද්ධ කරයි.
2 කොරින්ති 3:6
[6] තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයින් කොට අප සමර්ථකළසේක; එනම් වචනාර්ථයේ හැටියට නොව පරමාර්ථයේ හැටියටය. මක්නිසාද වචනාර්ථය නසන්නේය, පරමාර්ථය ජීවත්කරන්නේය.
දෙවියන්වහන්සේ අපව අළුත් ගිවිසුමේ සේවකයන් කර තිබේ. ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපකාරය ඇතිව ජීවත් වුවහොත් එය විශාල ආශීර්වාදයක් වේ. අප උන්වහන්සේ තුළින් කරන්නේ නිවැරදි දේ පමණි.
ආත්මයෙන් අප ජයග‍්‍රාහකයෝය.
ආත්මයාණන්වහන්සේ තුළින් අපට තිබෙන්නේ ජීවනය පමණි. යේසුස්වහන්සේ කුරසියේදී දරාගත් වේදනාව තුලින් අප සම්පූර්ණ සුවය ලබා ඇත.
දෙවියන්වහන්සේගේ උපකාරය ඇතිව ජීවත් වීමට හැකියාව, බලය අපට දී ඇත.
ශු. යොහන් 11:11-12
[11] උන්වහන්සේ මෙසේ කියා, පසුව: අපගේ මිත්‍රවූ ලාසරුස් සැතපී ඉන්නේය; ඔහු පුබුදුවන පිණිස යමියි ඔවුන්ට කීසේක. [12] එබැවින් ගෝලයෝ උන්වහන්සේට කථාකොට: ස්වාමිනි, ඔහු සැතපී සිටී නම් ඔහුට සුවවේයයි කීවෝය.
ශු. යොහන් 11:13-15
[13] යේසුස්වහන්සේ කීවේ ඔහුගේ මරණය ගැනය. ඔව්හු, නින්දේ පහසුගැනීම ගැන උන්වහන්සේ කීසේකැයි සිතුවෝය. [14] එබැවින් යේසුස්වහන්සේ ඔවුන්ට පැහැදිලිලෙස කථාකොට: ලාසරුස් මැරිලාය. [15] නුඹලා විශ්වාසකරන පිණිස මා එහි නොසිටියාට නුඹලා නිසා සතුටුවෙමි; එසේවී නුමුත් ඔහු ළඟට යමුයයි කීසේක.
ශු. යොහන් 11:16
[16] එහෙයින් දිදිමුස් නම්වූ තෝමස්: අපිත් මුන්වහන්සේ සමඟ නසින පිණිස යමුයයි සහකාර ගෝලයන්ට කීවේය.
දෙවියන්වහන්සේට කාල වේලාවක් නැත.
දෙවියන්වහන්සේගේ හාස්කමට බාධාවක් වන්නේ අපගේ අවිශ්වාසකමය, නොඇදහිලිකාරකම සහ බිය සැකයය. උන්වහන්සේට ඕනෑම වේලාවක හාස්කම් කළ හැකිය.
ගීතාවලිය 106:8-11
[8] එසේ වුවත් උන්වහන්සේ තමන් බලපරාක්‍රමය දක්වන පිණිස ස්වකීය නාමය නිසා ඔවුන් ගැළවූසේක. [9] උන්වහන්සේ රතු මුහුදට තරවටුකළසේක, එය වියළුණේය. වනයක් මැදින් මෙන් ගැඹුර මැදින් ඔවුන් ගෙනගියසේක. [10] ඔවුන්ට වෛරවූවාගේ අතින් ඔවුන් ගැළවූසේක, සතුරාගේ අතින් ඔවුන් මිදූසේක. [11] ජලධාරාවෝ ඔවුන්ගේ විරුද්ධකාරයන් වසාගත්තෝය. ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරු නොවීය.
අප ගැළවීම ලබා ගත් දවසේදී දෙවියන්වහන්සේ අපට දුන්න ශක්තිය බලය තුළින් අපගේ සෑම සතුරෙකුම දෙවියන්වහන්සේ විනාශ කළේය.
දෙවියන්වහන්සේ අපගේ ජීවිතයේ බලවත් දේවල් කරන බව අප විශ්වාස කරමු.
ඔබ යේසුස්වහන්සේ පිළිගත් මොහොතේදී හා වතුර බව්තීස්මය ගන්නා වේළාවේදී එක් සතුරෙකුවත් නැත. අපට ජය ගත හැකිය.
එක සතුරෙකුටවත් අපට තර්ජනය කිරීමට නොහැකිය.
වතුර බව්තීස්මයේ අප නව මනුෂ්‍යයෙකු වී නැවත නැඟිටියි. දැන් අප තුල වාසය කරන්නේ ක‍්‍රිස්තුස්වහන්සේයි.
ගලාති 2:20
[20] මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.
දෙවියන්වහන්සේ තුළ අප නව මැවිල්ලකි. අපට දෙවියන්වහන්සේ සියළු පොරොන්දු දී ඇත. අප සිටින්නේ යේසුස්වහන්සේ තුළයි. උන්වහන්සේගේ නාමය පවසමින් ඒ පොරොන්දු ඉෂ්ට කළ යුතුය.
අපගේ ජීවිතයේ තවත් මරණයක් නැත. මරණයෙන් අප මුදවා උන්වහන්සේ අපව සදාකාල ජීවනයට ගෙන එන ලදි. ක‍්‍රිස්තුස්වහන්සේ තුළ නව ජීවනයක් ඇත.
අප දැන් ජීවත් වන්නේ ක‍්‍රිස්තුස්වහන්සේගේ ඇදහිල්ලෙන්ය.
දෙවියන්වහන්සේ කවදාකවත් අපව අසරණ කරන්නේ නැත. අප ඇදහිල්ලේ ප‍්‍රකාශයෙන් ජීවත් වෙමු.
1 යොහන් 4:17
[17] අප තුළ ප්‍රේමය සම්පූර්ණව තිබීම නම්, ඒ තැනන්වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයෙහි සිටින බැවින්, විනිශ්චය දවස ගැන නිසැකකම ඇතුව සිටීමය.
අප තුල ගැළවීම තිබෙනවානම් අපත් මේ ලෝකයේ සිටී.
බයිබලය නම් දෙවියන්වහන්සේගේ සත්‍යය එළිදරව්වයි. ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපකාරය ඇතිව හදවතින් විශ්වාස කරමු.
විනිශ්චය දවස ගැන අපට නිසැකකමක් ඇත.
දේව වචනය මෙනෙහි කරමු. වචනය තුල පවතිමු දෝශාරෝපණයෙන් ජීවත් නොවී දේව වචවය සමඟ රැඳෙමු.
යේසුස්වහන්සේ බලවන්තය ඒ බලවත් තැනන්වහන්සේ අප තුළය.
ගලාති 3:5
[5] ඉදින් නුඹලාට ආත්මයාණන්වහන්සේ දෙන්නාවූ, නුඹලා අතරෙහි ආශ්චර්යයන් කරන්නාවූ තැනන්වහන්සේ එසේ කරන්නේ ව්‍යවස්ථාවේ ක්‍රියාවලින්ද? නොහොත් ඇදහිල්ලේ පණිවිඩය කරණකොටගෙනද?
හාස්කම් හා ශුද්ධාත්ම බව්තීස්මය ලැබෙන්නේ ඇදහිල්ලේ පණිවිඩය ඇසීමෙනි. දෙවියන්වහන්සේ නිතරම යහපත කරයි.
ඇදහිල්ලේ වාක්‍යය ඇසීමෙන් දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කරමු. දෙවියන්වහන්සේ අපගේ ජීවිතයේ ආශ්චර්යමත් දේවල් කරන බව අප විශ්වාස කළ යුතුය.
හෙබ්‍රෙව් 5:13
[13] ඉතින් කිරි බොන සෑමදෙනම ළදරුවන් බැවින් ඔව්හු ධර්මිෂ්ඨකමේ වචනය ගැන අසමර්ථව සිටිති.
දෙවියන්වහන්සේ අපව පිළිගන්නේ ධර්මිෂ්ඨ කෙනෙකු හැටියටය.
ඇදහිල්ලේ වාක්‍යයෙන් අප ජයගත්තවුන්ය.
රෝම 3:23-24
[23] මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති. [24] එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති.
ධර්මිෂ්ඨකම යන වචනයෙහි අර්ථය දෙවියන්වහන්සේ ඉදිරියේ සුදුස්සෙකු ලෙස අප සිටිති. දෙවියන්වහන්සේ අපව දකින්නේ යේසුස්වහන්සේගේ මිදිම තුළිනි. උන්වහන්සේ අපව දකින්නේ නව මැවිල්ලක් ලෙසය.
හිතෝපදේශ 28:1
[1] කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්භීතව සිටිති.
දෙවියන්වහන්සේ අපව නොමිලයේම ධර්මිෂ්ඨයෙකු කර ඇත. ධර්මිෂ්ඨයන් සිංහයන් මෙන් එඩිතරය.
ධර්මිෂ්ඨකම යන්නෙන් අදහස් කරන්නේ ඔබ දෙවියන්වහන්සේ ඉදිරියේ සිටගෙන ඉන්නේ සුදුස්සෙක් ලෙසයි.
ඔව්හු බැටළුපැටවාණන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය; ඔව්හු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝය.[එළිදරව් 12:11]
හෙබ්‍රෙව් 5:13
[13] ඉතින් කිරි බොන සෑමදෙනම ළදරුවන් බැවින් ඔව්හු ධර්මිෂ්ඨකමේ වචනය ගැන අසමර්ථව සිටිති.
දෙවියන්වහන්සේ අපව ධර්මිෂ්ඨ කර තිබෙන්නේ ශුද්ධව ජීවත් වීමටය.
රෝම 5:17
[17] මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරණකොටගෙන මරණය රජකම්කළේවී නම්, කරුණාවේද ධර්මිෂ්ඨකම නමැති දීමනාවේද බහුලත්වය ලබන අය, එක්කෙනාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ඊට වඩා ජීවනයෙහි රජකම්කරන්නෝය.
අප ශුද්ධව ජීවත් වෙමු. ශුද්ධාත්මයාණන් වහන්සේ අපගේ හදවත වෙනස් කර ඇත. උන්වහන්සේ අපට මාංශමය වූ සිතක් දී ඇත. ඇදම්ගේ ස්වාභාවය අප තුළ නොමැත. අපට දැන් තිබෙන්නේ ධර්මිෂ්ඨ යේසුස්වහන්සේගේ ස්වාභාවයය. අප දැන් සිටින්නේ ක‍්‍රිස්තුස්වහන්සේ තුළය. ධර්මිෂ්ඨකමේ වාක්‍යය දිගින් දිගටම අසමු.
ක‍්‍රිස්තුස්වහන්සේගේ ලේ වලින් අපව මුදවාගෙන ඇත.
1 යොහන් 2:20, 27
[20] නුඹලා ශුද්ධ තැනන්වහන්සේගෙන් ආලේපයක් ලැබ සියලු දේම දනිහුය.
[27] නුඹලා ගැන වනාහි, නුඹලා උන්වහන්සේගෙන් ලැබූ ආලේපය නුඹලා තුළ පවතින්නේය, යමෙකු විසින් නුඹලාට ඉගැන්වීම ඕනෑකරන්නේ නැත; එම ආලේපය සියල්ල ගැන නුඹලාට උගන්වන ලෙසද, එය බොරු නොව සත්‍යව තිබෙන ලෙසද, එයින් නුඹලාට ඉගැන්නූ ප්‍රකාරයටද උන්වහන්සේ තුළ පැවතෙන්න.
අන්තක‍්‍රිස්තුස් ආත්මයන් ඔබට යම් දේවල් පවසනවානම් ඔබට ඒ දේවල් තේරුම් ගැනිමට හැකිවෙනු ඇත. ඒ අප තුළ තිබෙන දෙවියන්වහන්සේගේ ආලේපය නිසාය. ශුද්ධාත්මයාණන්වහන්සේ අපට උපකාර කරන තැනන්වහන්සේය.
හෙබ්‍රෙව් 5:13
[13] ඉතින් කිරි බොන සෑමදෙනම ළදරුවන් බැවින් ඔව්හු ධර්මිෂ්ඨකමේ වචනය ගැන අසමර්ථව සිටිති.
අප සම්බන්ධ විය යුත්තේ දෙවියන්වහන්සේගේ වචනය සමඟය. උන්වහන්සේ අප වෙනුවෙන් කුරුසියේ කළ ක‍්‍රියා ගැන අප තේරුම් ගත යුතුය. අප ඒ සත්‍යය තේරුම් ගෙන ඒවායින් ඵල ප‍්‍රයෝජන ගනිමු. ඒවා භුක්ති විඳිමු.
හෙබ්‍රෙව් 7:25
[25] එබැවින්, උන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නන් උදෙසා මැදහත්කම්කරන පිණිස උන්වහන්සේ නිරතුරුම ජීවත්වන හෙයින්, ඔවුන් කෙළවර දක්වාම ගළවන්ට උන්වහන්සේට පුළුවන.
දෙවියන්වහන්සේ නිතරම අප වෙනුවෙන් මැදහත්කාරකම් කරමින් සිටී.
ජීවනයත් මරණයත් ඇත්තේ අපගේ දිවෙහිය. ලෞකික ශෝකය අපට මරණය, රෝගය, ඳිළිඳුකම උපදවයි.
2 කොරින්ති 7:10
[10] මක්නිසාද දේවකැමැත්තට එකඟවූ ශෝකයෙන්, තැවෙන්ට කාරණයක් නොවන්නාවූ ගැළවීමට පමුණුවන පසුතැවිලිවීම හටගන්නේය. නුමුත් ලෞකික ශෝකය මරණය උපදවන්නේය.
යේසුස්වහන්සේ අප වෙනුවෙන් ඳඩුවම් දරාගත්තේ අපව සුව කිරීමටයි.
යෙසායා 53:5
[5] නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය; උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ.
පාපයට දෙවියන්වහන්සේ සමාව දී ඇත.
1 පේතෘස් 2:24
[24] අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක; උන්වහන්සේගේ තුවාලවලින් නුඹලා සුවකරනු ලැබුවහුය.
අප කුරුසියේ සිටි යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගෙන් සුවය ලබා ගත් පිරිසක්ය.
2 කොරින්ති 7:10
[10] මක්නිසාද දේවකැමැත්තට එකඟවූ ශෝකයෙන්, තැවෙන්ට කාරණයක් නොවන්නාවූ ගැළවීමට පමුණුවන පසුතැවිලිවීම හටගන්නේය. නුමුත් ලෞකික ශෝකය මරණය උපදවන්නේය.
දෙවියන්වහන්සේගේ අභිමුඛත්වයේ ඇත්තේ ප‍්‍රීතිය පමණි. ලෞකික ශෝකය යනුවෙන් හැඳින්වෙන්නේ යක්ෂයාගේ සිතුවිලි අපේ ජීවිතයට ගෙන ජීවත් වීමයි.
අප දෙවියන්වහන්සේ තුළ ජිවත් වි උන්වහන්සේගේ යහපත භුක්ති විඳිමු. සත්‍යය වචනය කතා කර සත්‍යය වචනය තුළ ජීවත් වෙමු.
ශුද්ධාත්මයාණන් වහන්සේ අප අතර සිටින බවට විශ්වාස කරමු. ආත්මයාණන්වහන්සේ බලවත්සේ අප තුළ ක‍්‍රියා කරයි.
Watch the Sermon Video


