+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
අපගේ දෙවිඳුට සීමා නොමැත - යෝෂා මනූ
February 15, 2026 Sunday Sermon Notes
දෙවියන්වහන්සේ යහපත් දෙවි කෙනෙකි. බයිබලයේ පවසන්නේ, උන්වහන්සේ ඉතා බලවත් කියාය. උන්වහන්සේ බලවත් දේවල් කර තිබෙන දෙවියන්වහන්සේය. අපට තිබෙන්නේ උන්වහන්සේ කෙරෙහි අදහා විශ්වාස කිරීමයි. උන්වහන්සේගේ ආශීර්වාදය මේ පොළොවේ භුක්ති විඳිමු.
දෙවියන්වහන්සේගේ ආශීර්වාදයන් වලට උන්වහන්සේ දුකක් එකතු නොකරයි. එම පොරොන්දු විශ්වාස කරන්නාට දෙවියන්වහන්සේ ආශීර්වාද කරයි. දෙවියන්වහන්සේව විශ්වාස නොකරන්නාට කිසිම දෙයක් නොලැබෙයි.
දෙවියන්වහන්සේගේ යහපත්භාවය අප අත්විඳිය යුතුය. දෙවියන්වහන්සේගේ කැමැත්ත මනුෂ්‍යයන් ලෙඩ රෝගෙන් සිටීම නොව, සුවෙන් ජීවත් වීමයි.
දෙවියන්වහන්සේගේ වචනයෙන් උන්වහන්සේට කරන්න අපහසු කිසි දෙයක් නැත. හැම දෙයක්ම කරන්නට උන්වහන්සේගේ වචනය විශ්වාසවන්තය. දෙවියන්වහන්සේ විශ්වාසයි වගේම උන්වහන්සේගේ වචනයද විශ්වාසවන්තය.
දේව වචනය තුළ ජීවනය පිරී තිබේ.
ගීතාවලිය 78:41
ඔව්හු නැවත හැරී දෙවියන්වහන්සේ පරීක්ෂාකළෝය, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ උදහස්කළෝය.
දෙවියන්වහන්සේව සීමා නොකළ යුතුය. උන්වහන්සේ සීමාවෙන් තොර වූ දෙවි කෙනෙකි. දෙවියන්වහන්සේගේ ප‍්‍රේමයටද කිසි සීමාවක් නැත.
උන්වහන්සේගේ වචනය විශ්වාසවන්තය. දෙවියන්වහන්සේ විශ්වාසවන්තයි වගේම උන්වහන්සේගේ ආරම්භයත් අවසානයත් අපි නොදනිමු, නමුත් ඒ සෑම දෙයක්ම දෙවියන්වහන්සේ දනී.
ඉශ‍්‍රායෙල් සෙනඟට දෙවියන්වහන්සේ බොහෝ යහපත් දේවල් කළා. ඒ මනුෂ්‍යයන් මිසරයෙන් ගළවාගෙන දෙවියන්වහන්සේ පුදුමාකාර හාස්කම් කළේය. ඔවුන් එය දකින ලදි. ඵාරාවෝගේ සිත කෙතරම් දැඩි වුවධ ඔහු ඉශ‍්‍රායෙල් සෙනඟ නිදහස් කරන්නට විරුද්ධ වී ඔවුන් වහලුන් ලෙසද සිටියා. ඔවුන් මිසරයෙන් නිදහස ලැබුවේ වසර හාරසියකට පසුවය. හාරසිය වසරක් පුරාවටම ඔවුන් ජීවත් වූයේ ඵාරාවෝගේ වහලුන් ලෙසය. බයිබලයේ පැවසෙන පරිදි ඵාරාවෝගේ සිත කෙතරම් දැඩි වුවත් අවසානයේ ඔවුන් නිදහස් කරන ලදි. ඉශ‍්‍රායෙල් සෙනඟ වස්තුත් රැගෙන මිසරයෙන් පිටවිය.
උප්පත්ති 18:5-15
[5] ඔබවහන්සේලාගේ සිත් ශක්තිමත් කරගන්න පිණිස මම කෑම ටිකක් ගෙනෙන්නෙමි; පසුව ඔබවහන්සේලාට යත හැකිය. මක්නිසාද ඔබවහන්සේලා තමන් මෙහෙකරුවා වෙතට ආවේ ඒ පිණිසයයි කීය. ඔව්හුද: නුඹ කී ලෙස කරන්නැයි කීවෝය. [6] එවිට ආබ්‍රහම් කූඩාරමේ සිටි සාරා වෙතට යුහුව ගොස්: සිහින් පිටි නැළි තුනක් ඉක්මනින් සූදානම්කොට අනා රොටි සාදන්නැයි කීය. [7] ආබ්‍රහම් ගව රැළට දිවගොස් ළපටි හොඳ වස්සෙකු ගෙනවුත් මෙහෙකරුවාට දුන්නේය; ඔහු ඌ ඉක්මනින් පිළියෙළකෙළේය. [8] ඔහු වෙඬරු හා කිරිද පිළියෙළකළ වස්සාද ගෙනවුත් ඔවුන් ඉදිරියෙහි තබා ගස යට ඔවුන් ළඟ සිටියේය; ඔව්හුද කෑවෝය. [9] නුඹේ භාර්යාවවූ සාරා කොතැන්හිදැයි ඔව්හු ඔහුගෙන් ඇසුවෝය.[10] කූඩාරමෙහියයි ඔහු කීය. එවිට උන්වහන්සේ: සැබවින්ම එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට මම නුඹ වෙතට නැවත එන්නෙමි; බලව, නුඹේ භාර්යාවවූ සාරා පුත්‍රයෙකු ලබන්නීයයි කීසේක. උන්වහන්සේට පස්සෙන් තිබූණු කූඩාරම් දොරකඩදී සාරාට ඒ ඇසුණේය. [11] ආබ්‍රහම්ද සාරාද මහලුව වයෝවෘද්ධව සිටියෝය; ස්ත්‍රීන්ට ඇති නියමය සාරා පිළිබඳව නැවතී තිබූණේය. [12] සාරා සිත තුළ සිනාසී: මා වයෝවෘද්ධ වූවායින් පසුත් මාගේ ස්වාමියා මහලුව සිටියදීත් මම ප්‍රීතියක් ලබන්නෙම්දැයි කීවාය. [13] එවිට ස්වාමීන්වහන්සේ ආබ්‍රහම්ට කථාකොට: මහලුවූ මම සැබවින් දරුවෙකු වධන්නෙම්දැයි කියමින් සාරා සිනාසුණේ මක්නිසාද? [14] ස්වාමීන්වහන්සේට බැරි දෙයක් ඇද්ද? එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට නුඹ වෙතට නැවත එන්නෙමි, සාරා පුත්‍රයෙකු ලබන්නීයයි කීසේක. [15] සාරා භයවූ බැවින්: මා සිනාසුණේ නැතැයි කීවාය. උන්වහන්සේද: නැත; නුඹ සිනාසුණායයි කීසේක.
දෙවියන්වහන්සේ අපගේ සිතේ සිතුවිලි පවා දන්නේය. අප උන්වහන්සේව විශ්වාස කළ යුතුය. අප දෙයක් සිතන්නටත් පෙර දෙවියන්වහන්සේ එය දන්නේය. දෙවියන්වහන්සේ ආබ‍්‍රහම් හා සාරා වෙතට පැමිණියේ පොරොන්දු ඉෂ්ට කරන්නටය. දෙවියන්වහන්සේගේ සත්‍යය වචනය සැක නොකරන්න.
යෙරමියා 32:17
[17] අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මහත් බලයෙන්ද දිගුකළ ඔබගේ හස්තයෙන්ද ඔබ අහසත් පොළොවත් මැවූසේක; ඔබට බැරිවූ කිසි දෙයක් නැත්තේය.
දෙවියන්වහන්සේට කරන්න බැරි දෙයක් නැත. උන්වහන්සේට සියල්ල කළ හැකි තැනැන්වහන්සේය.
ලූක් 1:37
[37] මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේයයි කීවේය.
දේව වචනය තුළින් ඇදහිල්ල පැමිණේ. දෙවියන්වහන්සේ කතා කරන වචන හිස් වචන නොවේ. එබැවින් දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කරන්න.
මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමැති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත. [යෙසායා 55:11]
රෝම 4:17-19
[17] (නුඹ බොහෝ ජාතීන්ට පියෙකු කෙළෙමියි ලියා තිබෙන ලෙස) ආබ්‍රහම් තමා විශ්වාසකළාවූ, මළවුන් ජීවත්කරන්නාවූ, නැති දේ ඇති දේ මෙන් සඳහන්කරන්නාවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි අප සියල්ලන්ගේ පියාණෝය. [18] නුඹේ වංශය මෙසේ වන්නේය කියා තිබෙන ලෙස, ආබ්‍රහම්, බොහෝ ජාතීන්ගේ පියා වන පිණිස, බලාපොරොත්තුවීමට ඉඩ නැති තැන බලාපොරොත්තුවෙන් විශ්වාසකෙළේය. [19] ඔහු (අවුරුදු සියයක් පමණ වයස්ගතව සිටියදී,) ඇදහිල්ලෙන් දුර්වල නොවී, තමාගේම ශරීරය මළ බව හා සාරාගේ කුසය මළ බවත් සිතා ඇදහිලි නැතිකම කරණකොටගෙන චංචල නොවී,[20] එසේය, දෙවියන්වහන්සේගේ පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව, දෙවියන්වහන්සේට ගෞරවකරමින්, [21] පොරොන්දුවූ දේ ඉෂ්ටකරන්ට උන්වහන්සේට පුළුවන කියා නිසැකව විශ්වාසකෙළේය.
දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ට පැවසුවේ ඔහු ප‍්‍රේම කරන එකම පුත‍්‍රයා දෙවියන්වහන්සේට පූජා කරන්න කියාය නමුත් ඒ අවස්ථාවේදීත් ආබ‍්‍රහම් උන්වහන්සේ සැක කළේ නැත, ඔහු දෙවියන්වහන්සේව විශ්වාස කළාය. ඔහුට අවුරුදු සියය වෙන කොට පුත‍්‍රයෙකු ලබා දුන්නානම් උන්වහන්සේට සියල්ල කළ හැකි බව ආබ‍්‍රහම් දන්නේය.
දෙවියන්වහන්සේට උවමනා වූයේ ආබ‍්‍රහම්ගේ කීකරුකම දකින්නය. අපද බලාපොරොත්තුවක් නතිව සිටිනවානම් දෙවියන්වහන්සේව විශ්වාස කර උන්වහන්සේ ගැන බලාපෙරොත්තුවෙන් විශ්වාසයෙන් සිටින්න.
අපි ඇදහිල්ලේන් දුර්වල නොවී සිටිමු. ආබ‍්‍රහම් ඔහු තුළ තිබූණු ඇදහිල්ල කවදාවත් නැති කරගත්තේ නැත. දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ව හඳුන්වහන්නේ සියළු ජාතීන්ගේ පියා ලෙසය.
දෙවියන්වහන්සේද මනුෂ්‍යය වර්ගයා වෙනුවෙන් යේසුස්වහන්සේව මේ පොළොවට එවන ලදි.
Watch the Sermon Video


