+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
යේසුස්වහන්සේ ඔබගේ පිපාසය සංසිඳුවයි- යෝෂා මනූ
February 22, 2026 Sunday Sermon Notes
අපගේ දෙවියන්වහන්සේ ඉවසිල්ලේ සැනසිල්ලේ දෙවියන්වහන්සේය. දෙවියන්වහන්සේ ඔබ පිළිගෙන තිබෙන්නේ ඔබ යහපත කරන නිසා නොව, ඒ යේසුස්වහන්සේගේ යහපත්කම නිසයි.
අපි නමස්කාර කරන වේලාවේදී යක්ෂයා බලන්නේ සිතුවිලි වලින් කූට ප‍්‍රයෝග උපක‍්‍රම දමා දෙවියන්වහන්සේව නමස්කාර කිරීමෙන් වළක්වන්නයි. යක්ෂයාගේ සිතුවිලිවලට ඉඩ නොදී අපගේ සිත දෙවියන්වහන්සේ කෙරෙහි යොමු කරමු.
යේසුස්වහන්සේ මනුෂ්‍යයෙකු ආකාරයට පැමිණ මනුෂ්‍ය වේශය දරාගෙන උන්වහන්සේ යම් යම් දේවල් සීමා කරන ලදී. උන්වහන්සේ තේජස, දේවත්වය, මහිමය අතහැර අප වෙත පැමිණෙන ලදී. උන්වහන්සේ අපේ උදාහරණයයි.
අප වචනය සමඟ කාලය ගත කරන විට දෙවියන්වහන්සේ කතා කරයි. අනිවාර්යයෙන්ම කතා කරයි. අප වපුරා ඇති දේ අප කපා ගනී. දෙවියන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ අප සමඟයි කියාය. උන්වහන්සේ ප‍්‍රේමයෙන් වචනයෙන් අපට කතා කරයි. දෙවියන්වහන්සේ කවදාවත් මනුෂ්‍යයන්ට දොස් පවරන්නේ නැත. දෙවියන්වහන්සේ කිසිදා වෙනස් වන්නේ නැත.
ශු යොහන් 4:7-19
[7] සමාරියේ ස්ත්‍රියෙක් වතුර අදින්ට ආවාය. මට බොන්ට දෙන්නැයි යේසුස්වහන්සේ ඈට කීසේක.[8] මක්නිසාද උන්වහන්සේගේ ගෝලයෝ කෑම මිලේට ගන්ට නුවරට ගොස් සිටියෝය.[9] එවිට සමාරිය ස්ත්‍රී උන්වහන්සේට කථාකොට: යුදෙව් කෙනෙක්වූ ඔබ සමාරිය ස්ත්‍රියෙක්වූ මාගෙන් බොන්ට ඉල්ලන්නේ කොහොමදැයි කීවාය. (මක්නිසාද සමාරියයන් සමඟ යුදෙව්වන්ගේ ගනුදෙනුවක් නැත.) [10] යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ දීමනාවත්, මට බොන්ට දෙන්නැයි නුඹට කීවේ කවුද කියාන් නුඹ දැනගන සිටියා නම්, නුඹ ඔහුගෙන් ඉල්ලනවා ඇත, එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇතැයි කීසේක.[11] ස්ත්‍රීද: ස්වාමිනි, වතුර අදින්ට භාජනයක් ඔබට නැත, ළිඳත් ගැඹුරුය. එබැවින් ඒ ජීවනදායක වතුර ඔබට කොයින්ද? [12] ළිඳ අපට දුන් අපේ පියවූ යාකොබ්ට වඩා ඔබ උතුම්ද? ඔහුද ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ සිවුපාවෝද මෙයින් බීවෝයයි උන්වහන්සේට කීවාය. [13] යේසුස්වහන්සේ උත්තරදෙමින්: මේ වතුර බොන හැමදෙනාට නැවත පිපාසාවන්නේය. [14] නුමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසිකලෙක පිපාසා නොවන්නේය; මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්වෙන්නාවූ වතුර උල්පතක් වන්නේයයි කීසේක. [15] ස්ත්‍රීද: ස්වාමිනි, මට පිපාසා නොවන පිණිසත් වතුර අදින්ට මෙපමණ දුර නොඑන පිණිසත් එ වතුර මට දුන මැනවයි කීවාය.
[16] ගොස් නුඹේ පුරුෂයා කැඳවාගෙන මෙහි එන්නැයි යේසුස්වහන්සේ ඈට කීසේක.
[17] ස්ත්‍රීද උන්වහන්සේට උත්තරදෙමින්: මට පුරුෂයෙක් නැතැයි කීවාය. යේසුස්වහන්සේ ඈට කිය්න්සේක්: මට පුරුෂයෙක් නැතැයි නුඹ කීවා හරිය.
[18] මක්නිසාද නුඹට පුරුෂයන් පස්දෙනෙක් සිටියෝය; නුඹට දැන් සිටින තැනැත්තා නුඹේ පුරුෂයා නොවේ. එය නුඹ සැබෑලෙස කීවෙහියයි කීසේක. [19] ස්ත්‍රී උන්වහන්සේට කියන්නී: ස්වාමිනි, ඔබ අනාගතවක්තෘ කෙනෙකු බව මට පෙනේ.
යේසුස්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් බලන්නේ නැත. උන්වහන්සේ යටහත් පහත් මෘදු හදවතක් තිබෙන දෙවි කෙනෙකි. යේසුස්වහන්සේට අවශ්‍යය වූයේ උන්වහන්සේ තුළ යම් කිසි වෙනසක් සමාරියේ ස්ත‍්‍රියට දැනීමට සැලැසවීමටය. යේසුස්වහන්සේ කල්පනා කළේ උන්වහන්සේ තුළ තිබෙන ජීවනය ඇයට දෙන්නය.
මාංශාකාර මනුෂ්‍යයන් නිතරම සිතන්නේ මාංශයෙනි. නමුත් දෙවියන්වහන්සේගේ දේවල් අපට මාංශයෙන් තේරුම් ගත නොහැකිය. ආත්මිකව උන්වහන්සේගේ වචනය තේරුම් ගත හැකිය.
අප වෙන කෙනෙකු සමඟ කතා කරන විට වෙන කෙනෙකුට සුභාරංච්ය පවසන විට අප දෙවියන්වහන්සේගේ වචන කතා කළ යුතුය. ඒ මනුෂ්‍යයන්ට දෙවියන්වහන්සේගේ වචනය ගැන පිපාසයක් ඇති වන අයුරින් කතා කළ යුතුය. දෙවියන්වහන්සේ අපට පවසා ඇත්තේ මේ වචනයෙන් උපකාර කරන ලෙසය.
ශු යොහන් 4:24
[24] දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක.
දෙවියන්වහන්සේ සොයනවානම් ආත්මයෙන්ද සැබෑකමෙන්ද ඔබ නමස්කාර කළ යුතුය.
Watch the Sermon Video


