+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ශුද්ධවූ අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු - මනූ මැතානි
March 1, 2026 Sunday Sermon Notes


 
වචනය කියවන විට නිතරම අපේ හදවත් වලට ඇදහිල්ල පැමිණේ. වචනය නොඅසනවානම් අපේ හැඟීම් වලට වහල් වී යක්ෂයාගේ හඬට ඇහුම්කන් දෙයි. වචනය අසනවානම් ඇදහිල්ලෙන් අප ගොඩනඟනු ඇත. අප යාච්ඤා කරන අවස්ථාවේදීත් වචනය මෙනෙහි කරමු. යාච්ඤාවත් වචනයත් දෙකම වැදගත්ය.

අපේ ජීවිතයේ යහපත් දේ අත්දැකීමට අවශ්‍යයනම් දෙවියන්වහන්සේගේ යහපත් වචන මෙනෙහි කරමු. දෙවියන්වහන්සේගේ සියල්ල යහපත්ය උන්වහන්සේගේ අයහපත් දේවල් කිසිවත් නැත.

1 රාජාවලිය 8:56
[56] තමන්වහන්සේ පොරොන්දුවූ සියල්ලේ හැටියට තමන්ගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට නිශ්චලතාව දුන් ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා. උන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ මෝසෙස් ලවා ගිවිස්සාවූ සියලු යහපත් වචනවලින් එක වචනයක්වත් හිස්නොවීය.

දෙවියන්වහන්සේගේ සෑම පොරොන්දුවක්ම වචනයක්ම හිස් දේවල් කියා කිසි කෙනෙකුට සාක්ෂි දැරිය නොහැකිය. උන්වහන්සේ පවසන්නේ උන්වහන්සේගේ පොරොන්දු යහපත් බවයි අප එය හොඳින් දැනගත යුතු කරුණක් වේ.

සෑම මනුෂ්‍යයන්ගේ යහපත් පොරොන්දු ඉෂ්ට වෙන තරමට දෙවියන්වහන්සේ ක‍්‍රියා කරන ලදී. උන්වහන්සේගේ වචනයට උන්වහන්සේ බොරු නොකියයි. උන්වහන්සේ අපට දී තිබෙන පොරොන්දු ඉෂ්ට කරන බව අප විශ්වාස කළ යුතුය. අපට හැඟුනත් නොහැඟුනත් අප තදින්ම විශ්වාස කළ යුතු වන්නේ උන්වහන්සේගේ වචනය යහපත් හා අනර්ඝ බවය.

ගීතාවලිය 105:42
[42] මක්නිසාද උන්වහන්සේ ස්වකීය ශුද්ධ වචනයද තමන් මෙහෙකරුවූ ආබ්‍රහම්ද සිහිකළසේක.

දෙවියන්වහන්සේගේ වචන හා උන්වහන්සේගේ පොරොන්දු හා කැමැත්ත මේ සෑම දේම එකක්ය. දෙවියන්වහන්සේගේ ශුද්ධ හා අනර්ඝ පොරොන්දු උන්වහන්සේ මතකයේ තබාගෙන ඒවා උන්වහන්සේ ඒවා ඉෂ්ට කරන බව අප විශ්වාස කළ යුතුය.

2 පේතෘස් 1:4
[4] ඒ කරණකොටගෙන උන්වහන්සේ තමන් අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු අපට දී තිබේ; එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂ්‍යකමෙන් නුඹලා ගැළවී, ඒ පොරොන්දු කරණකොටගෙන දේව ස්වභාවට පංගුකාරයන් වන පිණිසය.

දෙවියන්වහන්සේගේ පොරොන්දු යහපත්ය. උන්වහන්සේගේ ශුද්ධ, යහපත්, අනර්ඝ පොරොන්දු උන්වහන්සේගේ දු දරුවන්ගේ ජීවිතවල ඉෂ්ට කරන බව අපි විශ්වාස කළ යුතුය. දෙවියන්වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය අප තදින් අල්ලා ගත යුතුය.

හෙබ්‍රෙව් 10:23
[23] අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.

අපේ ඇදහිල්ලේ ප‍්‍රකාශ කිරීම නිසැකකම තදින් අල්ලා ගත යුතුය. උන්වහන්සේගේ පොරොන්දු නිතර නිතර ප‍්‍රකාශ කරන්න. අපට එය හැඟුනත් නැතත් උන්වහන්සේගේ පොරොන්දු වෙනස් වන්නේ නැත. උන්වහන්සේ අපට අශුද්ධ පොරොන්දු දෙන්නේ නැත. දෙවියන්වහන්සේගේ පොරොන්දු වලට අපි ගරු කළ යුතුය.

දෙවියන්වහන්සේගේ පොරොන්දු යහපත්, අනර්ඝයි, ශුද්ධයි.

ශු. මතෙව් 12:47-50
[47] එවිට එක්කෙනෙක් උන්වහන්සේට කථාකොට: බැලුව මැනව, ඔබගේ මෑණියෝද සහෝදරයෝද ඔබ සමඟ කථාකරන්ට සොයමින් පිටත සිටිතියි උන්වහන්සේට කීවේය. [48] එහෙත් උන්වහන්සේ තමන්ට කථාකළ තැනැත්තාට උත්තරදෙමින්: මාගේ මෑණියෝ කවුද? මාගේ සහෝදරයෝ කවුරුදැයි කියා,[49] තමන් ගෝලයන් දෙසට අත දිඟුකොට: මෙන්න, මාගේ මෑණියෝ සහ මාගේ සහෝදරයෝ! [50] ක්නිසාද ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන කවුරු නුමුත් මාගේ සහෝදරයාත් සහෝදරීත් මෑණියෝත්යයි කීසේක.

යේසුස්වහන්සේ තමන්ගේ මවවත් සහෝදරයාවත් අගෞරවයට පත් කළේ නැත. ස්වර්ගයේ වැඩ වාසය කරන පියාණන්වහන්සේගේ කැමැත්ත කරන අයට දෙවියන්වහන්සේගේ ආශීර්වාද ලැබේ.

ශු. මාර්ක් 3:33
[33] උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත් කවුරුදැයි කියා,

ශු. ලූක් 8:19
[19] උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද උන්වහන්සේ වෙතට ආවෝය, නුමුත් සමූහයා නිසා උන්වහන්සේ ළඟට එන්ට නුපුළුවන්විය.[20] එවිට: ඔබගේ මෑණියෝද සහෝදරයෝද ඔබ දකිනු කැමතිව පිටත සිටිතියි උන්වහන්සේට කියනලද්දේය. [21] එහෙත් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත් නම් දෙවියන්වහන්සේගේ වචනය අසා පිළිපදින්නාවූ මොව්හුයයි වධාළසේක.

යේසුස්වහන්සේ පැවසුවේ මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත සහ දෙවියන්වහන්සේගේ වචනය එකම දේ බවය. ලූක් සහ මතෙව් තේරුම් ගත් දේ එකමය. යේසුස්වහන්සේගේ සහෝදරයන් වන්නේ පියාණන්වහන්සේගේ වචනය අහුම්කන් දී වචනය ඉෂ්ට කරන කෙනාය.

ශු. මාර්ක් 3:35
[35] මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන කවරෙක් නුමුත් මාගේ සහෝදරයාත් සහෝදරීත් මෑණියොත්යයි වධාළ සේක

දෙවියන්වහන්සේගේ කැමැත්ත පියාණන්වහන්සේගේ වචනය මේ හැම දෙයකින්ම අපි දකින්නේ එකම දේය. දෙවියන්වහන්සේගේ කැමැත්ත අවුරුදු ගණනාවක් තිස්සේ සොයමින් සිටිනවානම් වචනය මෙනෙහි කරන්න, වචනය කියවන්න දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔබට පැහැදිලිව තේරුම් ගත හැකිය.

ශු. ලූක් 11:27-28
[27] තවධ උන්වහන්සේ මේ වචන කියද්දී සමූහයා අතරෙන් එක්තරා ස්ත්‍රියෙක් ශබ්දනගා: ඔබවහන්සේ දැරූ කුසයද ඔබවහන්සේට කිරිදුන් තනද වාසනාවන්තයයි උන්වහන්සේට කීවාය. [28] උන්වහන්සේද කථාකොට: එසේය, ඊට වඩා දෙවියන්වහන්සේගේ වචනය අසා එය පවත්වන්නෝ සැබවින්ම වාසනාවන්තයෝයයි කීසේක.

දෙවියන්වහන්සේගේ වචනය අසමින් රක්ෂා කරන පිළිපදින මනුෂ්‍යයෝ ආශීර්වාදලද්දෝය. අනවශ්‍ය අය සමඟ කාලය ගත නොකරමු. අප දෙවියන්වහන්සේගේ වචනය තදින් අල්ලා ගත යුතුය. දෙවියන්වහන්සේගේ පොරොන්දු ශුද්ධය යහපත්ය. උන්වහන්සේගේ පොරොන්දු ඉෂ්ට කරමින් අපි ජීවත් වෙමු.

ශු. මතෙව් 7:21
[21] ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් ් නොවන්නෝය.

කුරුසපත් වී සිටිනවානම් ආත්මයෙන් ගමන් කළ යුතුය. ස්වර්ග රාජ්‍යයට නිකරුණේ මනුෂ්‍යයන්ට ඇතුල් විය නොහැක.

ශු. මතෙව් 7:22-23
[22] ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකීයෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත. [23] එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.

යේසුස්වහන්සේගේ පියාණන්වහන්සේගේ කැමැත්ත නොකරනවානම් දෙවියන්වහන්සේ අපව හඳුනන්නේ නැත. දෙවියන්වහන්සේගේ කැමැත්ත නම් යේසුස්වහන්සේ ස්වාමීන් ලෙස පිළිගැනීමයි. යේසුස්වහන්සේ අපගේ පාපය සහ ශාපය වෙනුවෙන් උන්වහන්සේ මැරුණු බව අප විශ්වාස කළ යුතු කරුණක් වේ. කිතුනුවන් වන අප අවස්ථාවාදීන් නොවේ. සෑම විටම දෙවියන්වහන්සේගේ කැමැත්ත සොයමු. දෙවියන්වහන්සේගේ ආශීර්වාදවලින් අපගේ ජීවිතවලට පොහොසත්කම ගෙන දෙයි. දේව කැමැත්ත කිරීම, වචනය මෙනෙහි කිරීම හා උන්වහන්සේගේ පොරොන්දු රකින එක අප ජීවිතයේ වැදගත් දෙයකි.

එපීස 5:14
[14] එහෙයින්: නිදන්නාවූ නුඹ පිබිද මළවුන්ගෙන් නැගිටින්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ නුඹ කෙරෙහි උදාවනසේකැයි උන්වහන්සේ කියනසේක.

ආත්මිකව නිදිබරකමෙන් ජීවත් නොවී අවදිව සිටිමු. අප අවදිව සිටියහොත් ක‍්‍රිස්තුස්වහන්සේ අපට ආලෝකය ලබා දෙයි නැතහොත් කුමක්ද කරන්න අවශ්‍ය කියා උන්වහන්සේ අපට පෙන්නුම් කර දෙයි.

ගීතාවලිය 119:130
[130] ඔබගේ වචන එළිදරව්වීමෙන් ආලෝකය ලැබේ; එයින් නුවණ නැත්තන්ට තේරුම් ලැබේ.

දෙවියන්වහන්සේගේ සත්‍යය වචනය ආලෝකයට සමානය. අපේ ජීවිතය, තීරණ හා සිතුවිලි ඉතා වැදගත් බව දෙවියන්වහන්සේ අපට පෙන්නුම් කර දෙයි. උන්වහන්සේගේ වචනය තුළින් අපට බොහෝ දේවල් පෙන්නුම් කර දෙයි.

ගීතාවලිය 139:17
[17] දෙවියන්වහන්ස, ඔබගේ සිතිවිලි මට කොපමණ අනර්ඝද! ඒවායේ ගණන කොපමණ මහත්ද!

දෙවියන්වහන්සේගේ සිතුවිලි දේව වචනයයි. අප සිත්වල තිබෙන සිතුවිලි දෙවියන්වහන්සේගේ සිතුවිලි හා සමාන විය යුතුය.

යෙසායා 55:8
[8] මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය, නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

යෙසායා 55:9
[9] අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක්මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ.

අප සිතුවිලි වලට ඉඩ දුන්නොත් බොහෝ අලාභ සිදු වේ. ස්වර්ගයේ තිබෙන දේවල් මේ පොළොවේ සිදු විය යුත්තේ අප තුළිනි. දෙවියන්වහන්සේගේ සිතුවිලි ඉතා වැදගත්ය. උන්වහන්සේගේ ඒ සිතුවිලි අප ජීවිතයට අදාළ වේ.

යෙරෙමියා 29:11
[11] මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.

දෙවියන්වහන්සේ අපට මතු කාලයේදී යහපත් දේ ලබා දෙනවා ඇත.

ශාලෝම් යන්නෙහි අර්ථය සමාදානය, සඵලත්වය, සම්පූර්ණකමය. බයිබලයේ පවසන්නේ උන්වහන්සේගේ යෝජනා අනර්ඝ බවය. අප දෙවියන්වහන්සේගේ සිත සමඟ එකඟ වෙමු.

හිතෝපදේශ 18:9
[9] තවධ තමාගේ වැඩට අලසව සිටින්නා නාස්තිකාරයාගේ සහෝදරයාය.

කම්මැලි නාස්තිකාර මනුෂ්‍යයන් සමඟ ඇසුරු නොකරමු.

හිතෝපදේශ 28:19
[19] තමාගේ බිම අස්වධ්දන්නාට බොහෝසෙයින් කෑම ලැබේ; එහෙත් නිෂ්ඵල අය අනුව යන්නා දිළිඳුකමින් පූර්ණවේ.

තමා වපුරන දේ තමාගේ ජීවිතයේ තිබෙන දේවල් ගැන කල්පනා කරමින් ජීවත් වෙනවා නම් ඒ මනුෂ්‍යයාට සඵලත්වයට පත් වේ. නිෂ්ඵල අය සමඟ සිටිනවානම් ඔබ ජීවත් වන්නේද නිෂ්ඵලකමෙන්ය කිසිම යහපත් දෙයක් සිදු වන්නේ නැත. මේ ලෝකය මැව්වා වූ දෙවියන්වහන්සේට අපි නමස්කාර කළ යුතුය.

ක්‍රියා 17:19-21
[19] එබැවින් ඔව්හු ඇරියෝපගයට ඔහු ගෙනගොස්: නුඹ කියන මේ අලුත්වූ ඉගැන්වීම කිමෙක්දැයි අපට දැනගන්ට පුළුවන්ද? [20] මක්නිසාද සමහර අමුතු කාරණා නුඹ අපේ කන්වල හෙළන්නෙහිය. එහෙයින් මේ කාරණාවල අර්ථය කිමෙක්ද කියා දැනගන්ට කැමැත්තෙමුයයි කීවෝය. [21] (මක්නිසාද සියලු අතීනසයෝද එහි පොරොත්තුව සිටියාවූ විදේශීහුද අමුතු කාරණයක් කීමෙන් නොහොත් ඇසීමෙන් මිස වෙන සැටියකින් කාලය ගත නොකළෝය.)

පාවුල් ශුද්ධාත්මයාණන්වහන්සේ පැවසූ ආකාරයට සුභාරංච් වචනය දේශනා කරන ලදී. අනවශ්‍ය ලෙස කාලය ගත නොකර දේව වචනය සමඟ සිටිමු. සමහර මනුෂ්‍යයන් ඔබගේ ඇදහිල්ල නාස්ති කර ඔබගේ යහපත් විපාක නොලැබෙන විදියට වාද කර ජීවිතය නාස්ති කරන්නට උත්සාහ කරයි. එවැනි මනුෂ්‍යයන්ගෙන් ඈත් වී දෙවියන්වහන්සේගේ වචනය සමඟ ඇදහිල්ලෙන් සිටිමු.

2 යොහන් 1:7
[7] මක්නිසාද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුක්තව එන බව ඒත්තු නොගන්නාවූ බොහෝ රැවටිලිකාරයෝ ලෝකයට පැමිණ සිටිති. රවටන්නාද විරුද්ධ-ක්‍රිස්තුස්ද මොහුය.

යේසුස්වහන්සේ මාංශයෙන් මේ පොළොවට පැමිණ අපගේ දිළිඳුකම, අපරාධය, පාපය, රෝගය, ශාපය මේ සියළු දේම දරාගත්තේ උන්වහන්සේගේ ශරීරයේ පිටයි.
දෙවියන්වහන්සේ කුරුසිය රැගෙන ගමන් කරන්නට කීවේ පරණ ගිවිසුමේ අයටය. යුදෙව්වන් මෙය පිළිගත්තේ නැත. අප නව ජීවනයට පැමිණ කුරුසපත් ජීවිතයක් ගත කරමු.

2 යොහන් 1:8
[8] අප විසින් කළ දේ නුඹලාට නැති නොවන ලෙසත් සම්පූර්ණවූ විපාකයක් නුඹලාට ලැබෙන ලෙසත් නුඹලාම බලාගන්න.

අපට සම්පූර්ණ විපාක ලැබිය යුතු බව අපම බලාගතයුතුවේ. ක‍්‍රිස්තුස්වහන්සේ පිළිගත්තායින් පසුව උන්වහන්සේ විපාක දී ඇත. යහපත් පවුල් ජීවිතයක්, යහපත් ලෙස ජීවිතයේ ගමන් කරන්න, ආත්මිකව වර්ධනය වෙන්න, ශක්තිමත් වෙන්න දියුණු වෙන්න, ප‍්‍රඥාව හා ආත්මයෙන් වර්ධනය වෙන්න, ආත්මික මනුෂ්‍යයෙක් හැටියට ඇදහිල්ලෙන් ගමන් කරමින් ජයග‍්‍රාහී ජීවිතයක් ගත කරන්නට දෙවියන්වහන්සේ අපට විපාක දී ඇත. අප ඒ විපාක ලබා ගත යුතුය.

2 යොහන් 1:9
[9] ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීමෙහි නොපැවතී ඉස්සරහට යන්නාවූ කිසිවෙකුට දෙවියන්වහන්සේ නැත්තේය. ඒ ඉගැන්වීමෙහි පවතින්නාටම පියාණන්වහන්සේද පුත්‍රයාණන්වහන්සේද සිටිනසේක.

සමහර අය ක‍්‍රිස්තුස්වහන්සේ ගැන සුළුවට දැනගෙන දෙවියන්වහන්සේ ගැන දන්නා අයව මුළා කරන්නට උත්සාහ කරයි. මේ මනුෂ්‍යයන් අන්ත-ක‍්‍රිස්තුගේ අයය. අප ඒ අයට බයිබල් පද වලින් කතා කර ඒ අයව අත්හැරිය යුතුය. දෙවියන්වහන්සේගේ සිතුවිලි ඉතා අලංකාරය.

2 යොහන් 1:10
[10] නුඹලා වෙතට එන යමෙක් මේ ඉගැන්වීම නොගෙනෙනවා නම්, ඔහු ගෙදරට පිළි නොගන්න, ඔහුට ශුභසිද්ධවේවයි නොකියන්න.

අප විශ්වාස කරන දෙවියන්වහන්සේට වඩා යමක් කතා කරන්න, අපේ ආත්මික ජීවිතයට බලපෑමක් ඇති කරන්න මනුෂ්‍යයෙකු පැමිණෙනවානම් ඒ මනුෂ්‍යයන්ගෙන් ඈත් වෙමු.

2 යොහන් 1:11
[11] මක්නිසාද ශුභසිද්ධවේවයි ඔහුට කියන්නා ඔහුගේ නපුරු ක්‍රියාවලට පංගුකාරයෙක් වන්නේය.

දෙවියන්වහන්සේගේ වචනය සත්‍යය උන්වහන්සේගේ වචනය කවදාවත් බොරු නොකරයි.

සත්‍යය වචනය කතා කරන්න පුරුදු වෙන්න.

හිතෝපදේශ 22:17
[17] නුඹේ කන නමා ප්‍රඥාවන්තයන්ගේ බස් අසා, නුඹේ සිත මාගේ ඉගැනවීමට යොමුකරන්න.

කව්රුහරි කෙනෙක් ඔබට දෙවියන්වහන්සේගේ වචනය උගන්වනවා නම් ඔහුට යටත් විය යුතුය. අප නොදන්න දේවල් දෙවියන්වහන්සේ ඒ කෙනා තුළින් කතා කරනවා ඇත.

හිතෝපදේශ 22:18
[18] මක්නිසාද ඒවා නුඹ තුළෙහි තබාගන, ඒවා මුළුමනින්ම නුඹේ තොල්වල පිහිටන්නේ නම් එය ප්‍රසන්න දෙයක්ය.

දේව වචනය නුඹේ හදවත තුළෙහි තබා ගන්න. දෙවියන්වහන්සේගේ වචනය මිසක වෙන කිසි දෙයක් ඔබගේ මුඛයෙන් පිට නොකරන්න වගබලා ගන්න.

යෝෂුවා 1:8
[8] මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහනොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාවල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට නුඹේ මාර්ගය සඵලවී නුඹට ශුභ සිද්ධවන්නේය.

දෙවියන්වහන්සේගේ වචනය රාත‍්‍රියේදිත් දහවලේදීත් මෙනෙහි කරමු. එවිට අපගේ මාර්ගය සඵල වෙයි.

යෝෂුවා 1:9
[9] මා විසින් නුඹට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීසේක.

දෙවියන්වහන්සේ අප සමඟ සිටින සේක. උන්වහන්සේගේ සාරවූ සත්‍යය වචන අපේ ජීවිතයට අදාළ කරගනිමු.

හිතෝපදේශ 22:18
[18] මක්නිසාද ඒවා නුඹ තුළෙහි තබාගන, ඒවා මුළුමනින්ම නුඹේ තොල්වල පිහිටන්නේ නම් එය ප්‍රසන්න දෙයක්ය.

දෙවියන්වහන්සේ තුළ ප‍්‍රසන්න දෙයක් නම් ඒ තුළ ඇදහිල්ල තිබේ. ඇදහිල්ල නැතිව දෙවියන්වහන්සේ ප‍්‍රසන්න කරන්න බැරිය. උන්වහන්සේගේ වචනය අප සිතේ තබාගෙන සිටියහොත් දෙවියන්වහන්සේට එය ප‍්‍රසන්න වන කාරණාවක් වේ.

හිතෝපදේශ 22:19
[19] නුඹේ විශ්වාසය ස්වාමීන්වහන්සේ කෙරෙහි තිබෙන පිණිස මම අද ඒවා නුඹට, එසේය, නුඹට දැන්නුවෙමි.

අපට දන්වා තිබෙන දේවල් ගැන දෙවියන්වහන්සේ ගැන විශ්වාසය තබන්න.

හිතෝපදේශ 22:20
[20] නුඹ එවූවන් වෙතට නුඹ සැබෑකමේ වචනවලින් උත්තර ගෙනෙන පිණිස සැබෑකමේ වචනවල හරිකම නුඹට දන්වන්ට,

සැබෑවූ වචනවලින් කතා කරමු.

හිතෝපදේශ 22:21
[21] මම මන්ත්‍රණ සහ දැනගැන්මත් ගැන උතුම්වූ කාරණා නුඹට නොලිවුවෙම්ද?

ගීතාවලිය 139:17
[17] දෙවියන්වහන්ස, ඔබගේ සිතිවිලි මට කොපමණ අනර්ඝද! ඒවායේ ගණන කොපමණ මහත්ද!

දෙවියන්වහන්සේගේ සිතිවිලි වලින් මනස පුරවාගෙන සිටින්න. ඒවා මහත් වූ දේවල්ය.
දෙවියන්වහන්සේ පවසන්නේ උන්වහන්සේව අදහන ඕනෑම කෙනෙකුට වචනයෙන් පිරී සිටින ලෙසය. අප දෙවියන්වහන්සේගේ අලංකාර මැවිල්ලය.


Watch the Sermon Video

Read 163 times