+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ඔබ පොළොවේ ලුණුය - මනූ මැතානි
March 3, 2026 Bible Study Notes
ක‍්‍රියා 13:2
[2] ඔවුන් ස්වාමීන්වහන්සේට මෙහෙකරමින් නිරාහාරයෙන් උන් කල, ශුද්ධාත්මයාණන්වහන්සේ කථාකොට: මා විසින් බාර්ණබස්ද සාවුල්ද කැඳවූ වැඩය පිණිස ඔවුන් මට වෙන්කරන්නැයි කීසේක.
1 රාජාවලිය 19:11-13
[11] උන්වහන්සේද: පිටතට ඇවිත්, කන්ද උඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින්නැයි කීසේක. එවිට ස්වාමීන්වහන්සේ ඒ ළඟින් ගියසේක, ස්වාමීන්වහන්සේට පෙරටුවෙන් මහත්වූ බලවත්වූ හුළඟක් කඳු දෙදරවා පර්වත බිඳගෙන ගියේය; එහෙත් ස්වාමීන්වහන්සේ හුළඟෙහි නොවූසේක. හුළඟට පසු පොළෝකම්පාවක් විය; එහෙත් ස්වාමීන්වහන්සේ පොළෝකම්පාවෙහි නොවූසේක. [12] පොළෝකම්පාවට පසු ගින්නක් විය; එහෙත් ස්වාමීන්වහන්සේ ගින්නෙහි නොවූසේක. ගින්නට පසු සියුම් නිශ්චලතාවේ හඬක්විය. [13] එලියා ඒ අසා තමාගේ මුහුණ සළුවෙන් වසාගෙන පිටත්ව ගොස් ගුහාවේ දොරකඩ සිටියේය. එවිට හඬක් ඔහු වෙතට පැමිණ: එලියා, නුඹ මෙහි මක්කරනවාදැයි ඇසුවේය.
ශු මාර්ක් 9:49-50
[49] සියල්ලෝම ගින්නෙන් ලුණුලනු ලබන්නෝය. [50] ලුණු හොඳය. නුමුත් ඒවායේ ලුණු ගතිය නැතිවුණොත් ඒවා රස කරන්නේ කුමකින්ද? නුඹලා තුළ ලුණු ඇතුව සිටින්න, එකිනෙකා සමඟ සමාදානයෙන් සිටින්නැයි කීසේක.
ශු මතෙව් 5:13
[13] නුඹලා පොළොවේ ලුණුය. නුමුත් ලුණුවල රස නැතිවුණොත් ඒවා කුමකින් රසකරනු ලබන්නේද? එතැන් පටන් ඒවා පිටත දමනු ලබන්ටද මනුෂ්‍යයන්ගේ පයින් පාගනු ලබන්ටද මිස අන් කිසිවකට නොවටනේය.
කොලොස්සි 4:5-6
[5] නුඹලා ප්‍රස්තාව අල්ලාගනිමින්, පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියාකරන්න. [6] නුඹලා එකිනෙකාට උත්තරදිය යුතු කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.
දේශනාකාරයා 10:12
[12] ප්‍රඥාවන්තයාගේ මුඛයේ වචන ප්‍රසන්නය; නුමුත් අඥානයාගේ තොල් ඔහු විනාශකරයි.
ලූක් 4:22
[22] සියල්ලෝ උන්වහන්සේට සාක්ෂිදෙමින්, උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු කරුණාවේ වචන ගැන පුදුමව: මොහු යෝසෙප්ගේ පුත්‍රයා නොවේදැයි කීවෝය.
කොලොස්සි 4:6
[6] නුඹලා එකිනෙකාට උත්තරදිය යුතු කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.
එපීස 4:15
[15] ප්‍රේමයෙන් යුක්තව ඇත්ත කථාකරමින්, හිසව සිටින ක්‍රිස්තුස්වහන්සේ උදෙසා සියලු දේවලදී වැඩෙන පිණිසත්ය.
එපීස 4:29 - 30
[29] නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න. [30] දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය.
එපීස 5: 26-27
[26] එසේ කළේ සභාව ශුද්ධව, කැලලක් හෝ රැළි හෝ එබඳු යමක් නැතුව, [27] තේජවත් සභාවක් කොට තමන්ට ඔප්පුකරගැනීම සඳහා වචනය නමැති වතුරෙන් සේදීමෙන්, උන්වහන්සේ එය පවිත්‍රකොට පිරිසිදුකරන පිණිසය.
ලුක් 6:45
[45] යහපත් මනුෂ්‍යයා තමාගේ සිතෙහිවූ යහපත් සම්පතෙන් යහපත් දේද නපුරු මනුෂ්‍යයා නපුරු සම්පතෙන් නපුරුදේද පිටතට ගෙනෙන්නේය. මක්නිසාද මුඛය කථාකරන්නේ සිතේ පූර්ණකමෙන්ය.
ලුක් 21:14-15
[14] එබැවින් උත්තරදිය යුතු කෙසේදැයි කලින් කල්පනා නොකරන්නට නුඹලාගේ සිත්හි නියමකරගන්න. [15] මක්නිසාද නුඹලාගේ සියලු එදිරිකාරයින් විසින් විරුද්ධව සිටින්ටවත් බොරුකරන්ටවත් බැරිවූ මුඛයක්ද ප්‍රඥාවද මම නුඹලාට දෙන්නෙමි.
2 තිමෝති 2:14
[14] මේ දේවල් සිහිකරවමින්, කිසි ප්‍රයෝජනයක් නැතුව, අසන්නන්ට හානිය සිදුවන ලෙස වචන ගැන තරඟ නොකරන්ට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන්ට අණකරන්න.
හිතෝපදේශ 12:17-19
[17] සැබෑව කියන්නා ධර්මිෂ්ඨකමද බොරු සාක්ෂිකාරයා වංචාවද දක්වන්නේය. [18] කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය. [19] සැබෑව කියන තොල සදහටම ස්ථිරව පවතියි; එහෙත් බොරු කියන දිව මොහොතකට පමණක්ය.
2 තිමෝති 4:2
[2] වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න; සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර, අවවාදකර, අනුශාසනාකරන්න කියාය.
2 තිමෝති 4:3
[3] මක්නිසාද ඔවුන් සාරවත් ඉගැන්වීම නොඉවසා, කසන කන් ඇතුව, තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස්කරගෙන,
2 තිමෝති 4:4
[4] සත්‍යයට කන් නොදී, ප්‍රබන්ධවලට හැරීයන කාලය පැමිණෙන්නේය.
2 තිමෝති 2:15
[15] සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරන්න.
2 කොරින්ති 7:10
[10] මක්නිසාද දේවකැමැත්තට එකඟවූ ශෝකයෙන්, තැවෙන්ට කාරණයක් නොවන්නාවූ ගැළවීමට පමුණුවන පසුතැවිලිවීම හටගන්නේය. නුමුත් ලෞකික ශෝකය මරණය උපදවන්නේය.
2 තිමෝති 2:14
[14] මේ දේවල් සිහිකරවමින්, කිසි ප්‍රයෝජනයක් නැතුව, අසන්නන්ට හානිය සිදුවන ලෙස වචන ගැන තරඟ නොකරන්ට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන්ට අණකරන්න.
2 තිමෝති 2:15
[15] සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරන්න.
ක‍්‍රියා 18:24-26
[24] අලෙක්ෂන්ද්‍රියෙහි උපන්නාවූ, උගතෙක්වූ, අපොල්ලොස් නම් එක්තරා යුදෙව්වෙක් එපීසයට ආවේය; ඔහු වනාහි ලියවිලි ගැන බලවත්ව සිටියේය. [25] මේ මනුෂ්‍යයා ස්වාමීන්වහන්සේගේ මාර්ගය ගැන උගන්වනු ලැබ ආත්මයෙන් ජ්වලිතව සිට, යේසුස්වහන්සේගේ කාරණා ගැන හරි ආකාර කථාකර ඉගැන්නුවේය. එහෙත් ඔහු යොහන්ගේ බව්තීස්මය පමණක් දැනගන සිටියේය. [26] ඔහු සිනගෝගයේදී නිර්භීතව කථාකරන්ට පටන්ගත්තේය. ප්‍රිස්කිලාද අකිලාද ඔහුගේ බස් අසා, ඔහු තමුන් ළඟට කැඳවාගෙන, දෙවියන්වහන්සේගේ මාර්ගය වඩා හරිලෙස ඔහුට තෝරාදුන්නෝය.
ක‍්‍රියා 19:1-2
[1] තවද අපොල්ලොස් කොරින්තියෙහි සිටියදී පාවුල් ඉහළ පළාත් මැදින් ගොස්, එපීසයට ඇවිත්, සමහර ගෝලයන් සම්බව: [2] නුඹලා අදහාගත් කල ශුද්ධාත්මයාණන්වහන්සේ ලැබුවහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය. ඔව්හු: නැත, ශුද්ධාත්මයාණන්වහන්සේ ඇති බවවත් නොඇසීමුයයි කීවෝය.
2 තිමෝති 2:16
[16] නුමුත් අපහාසිකවූ හිස් දෙඩවිලිවලින් අහක්ව සිටින්න. ඔවුන් අභක්තියේ තව දුරට ගමන්කරනවා ඇත,
1 පේත‍්‍රැස් 3:15
[15] නුමුත් නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරවකරන්න. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තරදෙන්ට නිතර සෑදී සිටින්න, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය.
Watch the Sermon Video


