+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ප‍්‍රශංසාවේ බලය - යෝෂා මනූ
March 8, 2026 Sunday Sermon Notes


දේව වචනය අපගේ සුවයේ ඖෂධයයි. දේව වචනය අපට ජීවනය, සහනය ගෙන දෙයි. හදවත් සුව කරයි. ඔබේ ශරීරය, මානසික ලෙඩ රෝගෙන් සිටිනවානම් සුවය අත් පත් වේ. ඒ දේව වචනය නිසාය. දෙවියන්වහන්සේගේ සත්‍යයවූ දේව වචනය ඉතා උතුම්ය.

බයිබලයේ පවසන පරිදි දෙවියන්වහන්සේ අප කන බොන දේවල් වලටත් ආශීර්වාද කර ඇත. දෙවියන්වහන්සේ අපට පොරොන්දුවක් දී ඇත. අප ඒ පොරොන්දු උරුම කරගෙන මේ පොළොවේ ජීවත් විය යුතුය. ස්වර්ගයේ ස්ථීරවම සුවයෙන් ජීවත් වීමට හැකි වේ.

නික්මයාම 23:25-26
[25] නුඹලා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න, උන්වහන්සේ නුඹේ භෝජනයටත් නුඹේ වතුරටත් ආශීර්වාද කරනසේක; මම නුඹ මධ්‍යයෙන් රෝග ඉවත්කරන්නෙමි. [26] නුඹේ දේශයෙහි කිසි ගබ්සාවීමක්වත් වඳව සිටීමක්වත් නොවන්නේය. මම නුඹේ දවස් ගණනද සම්පූර්ණකරන්නෙමි.

මේ පොරොන්දු දෙවියන්වහන්සේ යුදෙව් හා ඉශ‍්‍රායෙල් සෙනඟට දුන් පොරොන්දුවක්ය. මෙය අලුත් ගිවිසුමේ දෙයකි. අපි දෙවියන්වහන්සේට ඉතා සතුටින් ප‍්‍රීතියෙන් සේවය කරමු. අප ජීවිතයේ දෙවියන්වහන්සේට ස්තුති කිරීම, ප‍්‍රශංසා කිරීම, නමස්කාර කිරීම, දේව වචනය ප‍්‍රකාශ කිරීම එය උන්වහන්සේට කරන මෙහෙයකි. දෙවියන්වහන්සේ අපව මේ ලෝකයට මැව්වේ නමස්කාර කරන පිණිසය. දෙවියන්වහන්සේගේ පොරොන්දු අපට දී තිබෙන්නේ මේ පොළොවේ භුක්ති විඳීමටය.

ගීතාවලිය 22:3
[3] නුමුත් ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසා මධ්‍යයෙහි වාසයකරන්නාවූ ඔබ ශුද්ධසේක.

අප මධ්‍යයේ වැඩ වසන්නේ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේය. ඉශ‍්‍රායෙල් දේශයේ සිටින මනුෂ්‍යයන් පමණක් නොව, අපත් උන්වහන්සේගේ ආත්මික ඉශ‍්‍රායෙල් සෙනඟය. උන්වහන්සේ අප මධ්‍යයේ වැඩ වසන්නේ අප උන්වහන්සේට ප‍්‍රශංසා කරන නිසාය. යක්ෂයාගේ සිතුවිලි ගිනි හෙලි හා සමානය. යක්ෂයාට කළ හැකි වන්නේ සොරකමත්, මරණයත්, විනාශයත්ය.

නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.[යොහන් 8:44]

ප‍්‍රශංසා වනම් දෙවියන්වහන්සේ අපට දී ඇති බලවත්ම ආයුධයකි.

ප‍්‍රශංසාව තුළින් යක්ෂයාගේ සිතුවිලි බැඳ දැමිය හැකිය. ඒ නිසා අපි නමස්කාරයට කාලය වෙන් කරමු. ඇදහිල්ලේ වචන කතා කිරීමෙන් බය දුරුකළ හැකිය. අප දේව වචනය කතා කළ යුතුය. අපේ රොටීවලට, වතුරට දෙවියන්වහන්සේ ආශීර්වාද කර ඇත.

ක‍්‍රියා 16: 12-28
[12] එයින් මකිදෝනියේ නුවරක්වූ, ඒ දිශාවේ ප්‍රධාන නුවර හා රෝමයන්ගේ වාසයක් වූ පිලිප්පියට ඇවිත්, ඒ නුවර කීප දවසක් නැවතී සිටියෙමුව. [13] සබත් දවසේදී අපි පිටත්වී නුවර දොරටුවෙන් පිට යාච්ඤා ස්ථානයක් ඇතැයි අපට කල්පනාවුණ ගංගාවක් අද්දරට ගොස් හිඳ, රැස්ව සිටි ස්ත්‍රීන්ට කථාකෙළෙමුව. [14] තියාතිරා නුවර විසූ රත්නිල් පිළි විකුණන්නාවූ ලිදියා නම් දේවභක්ති ස්ත්‍රියෙක් අපේ වචන අසාගන සිටියාය. පාවුල් විසින් කියනලද කාරණා සලකන ලෙස ස්වාමීන්වහන්සේ ඇගේ සිත විවරකළසේක. [15] ඈද ඇගේ ගෙයි වැසියන්ද බව්තීස්මකරනු ලැබුවායින් පසු, ඈ කථාකොට: මා ස්වාමීන්වහන්සේට විශ්වාසව සිටින කෙනෙකැයි නුඹලා ඒත්තුගෙන සිටිනු නම්, මාගේ ගෙට ඇවිත් එහි නැවතුණ මැනවියි අපෙන් ඉල්ලා, අප නවත්වාගත්තාය.
[16] අප යාච්ඤාකරන තැනට යද්දී, ශාස්ත්‍ර කියන ආත්මයක් ඇත්තාවූ, පේනකීමෙන් ස්වකීය ස්වාමිවරුන්ට බොහෝ ලාභ ඉපදේවුවාවූ එක්තරා තරුණියක් අපට සම්බවූවාය. [17] ඈ පාවුල් සහ අප පස්සේ එමින්: මේ මනුෂ්‍යයෝ ගැළවීමේ මාර්ගය නුඹලාට ප්‍රකාශ කරන්නාවූ, මහෝත්තම දෙවියන්වහන්සේගේ දාසියෝයයි මොරගසා කීවාය. [18] ඈ බොහෝ දවසක්ම මෙසේ කළාය. එවිට පාවුල් අතිශයෙන් අප්‍රසන්නවී, හැරී ආත්මයට කථාකොට: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේගේ නාමයෙන් ඇගෙන් අහක්වී යන්ට නුඹට අණකරමියි කීවේය. ඒ පැයේදීම ආත්මය අහක්වගියේය.
[19] නුමුත් ඇගේ ස්වාමිවරු තමුන්ගේ ලාභ ලැබීමේ බලාපොරොත්තුව නැතිවූ බව දැක, පාවුල් සහ සීලස් අල්ලා වෙළඳාම්පළට ඇදගන ගොස්, [20] මුළාදෑනීන් ඉදිරියෙහි සිටෙවුවෝය, නඩුකාරයන් ළඟටද ඔවුන් ගෙනගොස්: යුදෙව්වරුවූ මේ මනුෂ්‍යයෝ අපගේ නුවර අතිශයින් කළඹමින්, [21] රෝමයන්වූ අප විසින් පිළිගන්ටවත් පවත්වන්ටවත් නුසුදුසුවූ චාරිත්‍ර උගන්වතියි කීවෝය. [22] එවිට සමූහයා ඔවුන්ට විරුද්ධව එක්ව නැගුටුණෝය. නඩුකාරයෝද ඔවුන්ගේ වස්ත්‍ර ඉරාදමා, ඔවුන්ට කෝටුවලින් තළන්ට අණකළෝය. [23] ඔව්හු ඔවුන්ට බොහෝ පහර දුන්නායින් පසු හිරගෙයි දමා, ඔවුන් ප්‍රවේසමෙන් රැකවල්කරන්ට හිරගෙයි මුළාදෑනියාට අණකළෝය.
[24] ඔහු එවැනි අණක් ලැබූ බැවින් ඔවුන් ඇතුළ හිරගෙයි දමා, ඔවුන්ගේ පාද සවිලෙස දඬුගැසුවේය. [25] නුමුත් මධ්‍යම රාත්‍රිය පමණේදී පාවුල්ද සීලස්ද යාච්ඤාකරමින් දෙවියන්වහන්සේට ගී කීවෝය, හිරකාරයෝද ඔවුන්ට ඇහුම් කන්දීගන සිටියෝය; [26] හදිසියෙන් මහත් පොළෝකම්පාවක් විය, එයින් හිරගෙයි අත්තිවාරම් සෙලවුණේය. එකෙණෙහිම සියලු දොරවල් ඇරුණේය; සියල්ලන්ගේ බැඳුම්ද මිදුණේය. [27] එකල හිරගෙයි මුළාදෑනියා නින්දෙන් පිබිද, හිරගෙයි දොරවල් ඇරී තිබෙනවා දැක, හිරකාරයෝ පැනලා ගියෝයයි සිතා, කඩුව ඇදගන තමාම මරාගන්ට හැදුවේය. [28] නුමුත් පාවුල් කථාකොට: නුඹට කිසි අනතුරක් කර නොගන්න. මක්නිසාද අපි සියල්ලෝ මෙහියයි මහත් හඬින් මොරගසා කීවේය.

අපට ආශීර්වාද ගලා එන්නේ ප‍්‍රශංසා කරන විටය. ප‍්‍රශංසා කිරීම ඉතා වැදගත්ය. එය කළ යුතු වන්නේ අපගේ තොල් වලිනි. අප දේව වචනය අසන විට දෙවියන්වහන්සේට අපගේ සිත විවෘත කිරීමට හැකිය.

අප තුළ ක‍්‍රියා කරන දෙවියන්වහන්සේගේ වචන වල බලය යක්ෂයා දන්නේය. ප‍්‍රශංසාවේ බලය ගීතිකාවේ බලය අති උතුම්ය.


Watch the Sermon Video

Read 202 times