+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ස්වාමීන් ඔබ වෙනුවෙන් හදිසියෙන් දේවල් කරයි - යෝෂා මනූ
March 15, 2026 Sunday Sermon Notes


දෙවියන්වහන්සේ අපව කවදාවත් අත්හරින්නේ නැත. එල්ෂැඩායි කියන්නේ අපගේ දෙවියන්වහන්සේය. උන්වහන්සේ තුළ කිසි හිඟයක් නැත. බයිබලයේ පවසන්නේ එල්ෂැඩායි දෙවියන්වහන්ස්ගේ අභිමුඛයේ අප සැඟවී සිටී. උන්වහන්සේ රැකවරණය ආරක්ෂාව අපට දී ඇත.

ගීතාවලිය 91:1
[1] මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය.

හෙබ්‍රෙව් භාෂාවෙන් “මහෝත්තම” යන වචනයේ අර්ථය නම් ‘’එල්යෝන්’’ ‘’MOST HIGH’’ වේ.

දෙවියන්වහන්සේගෙන් කිසිම දෙයක් අපට සැඟවිය නොහැක. දෙවියන්වහන්සේට නිරයත්, අන්ධකාරයත් පෙනෙන බව බයිබලය පවසයි. දෙවියන්වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය ගෙන දෙයි. දෙවියන්වහන්සේගේ ආවරණය හා රැකවරණය තුළ උන්වහන්සේ සමඟ සම්බන්ධකමක් පවත්වා අප වාසය කරනවානම් අපට කවදාවත් කිසිම අන්තරාවක් වන්නේ නැත. දෙවියන්වහන්සේගේ නාමය ඉතාම වැදගත්ය.

උතුම්වූ සර්වපරාක‍්‍රම දෙවියන්වහන්සේ සමඟ අප වාසය කරන විට උන්වහන්සේ අපේ යන එන මාවත් ආරක්ෂා කරයි. අපට සිතුවිලි ගෙනෙන්නේ යක්ෂයා විසින්ය. ඒවා අයහපත් සිතුවිලිය. යක්ෂයා අප වෙතට මේ දේවල් එවන්නේ අපව අධෙර්යයමත් කර අපව පහතට දැමීමටය. ඒ නිසා දෙවියන්වහන්සේගේ පොරොන්දු අප ප‍්‍රකාශ කළ යුතුය.

ක‍්‍රියා 16:24-36
[24] ඔහු එවැනි අණක් ලැබූ බැවින් ඔවුන් ඇතුළ ් හිරගෙයි දමා, ඔවුන්ගේ පාද සවිලෙස දඬුගැසුවේය. [25] නුමුත් මධ්‍යම රාත්‍රිය පමණේදී පාවුල්ද සීලස්ද යාච්ඤාකරමින් දෙවියන්වහන්සේට ගී කීවෝය, හිරකාරයෝද ඔවුන්ට ඇහුම් කන්දීගන සිටියෝය; [26] හදිසියෙන් මහත් පොළෝකම්පාවක් විය, එයින් හිරගෙයි අත්තිවාරම් සෙලවුණේය. එකෙණෙහිම සියලු දොරවල් ඇරුණේය; සියල්ලන්ගේ බැඳුම්ද මිදුණේය. [27] එකල හිරගෙයි මුළාදෑනියා නින්දෙන් පිබිද, හිරගෙයි දොරවල් ඇරී තිබෙනවා දැක, හිරකාරයෝ පැනලා ගියෝයයි සිතා, කඩුව ඇදගන තමාම මරාගන්ට හැදුවේය. [28] නුමුත් පාවුල් කථාකොට: නුඹට කිසි අනතුරක් කර නොගන්න. මක්නිසාද අපි සියල්ලෝ මෙහියයි මහත් හඬින් මොරගසා කීවේය.[29] එකල ඔහු එළි ඉල්ලාගන ඇතුළට පැන, භයින් වෙවුලමින්, පාවුල් සහ සීලස් ඉදිරියෙහි වැටී, [30] ඔවුන් පිටතට කැඳවා කථාකොට: ස්වාමිවරුනි, ගැළවෙන පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය. ඔව්හු කථාකොට: [31] ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගන්න, එවිට නුඹ ගැළවෙන්නෙහිය, නුඹද නුඹේ ගෙයි වැසියෝද එසේමයයි කීවෝය.[32] තවධ ඔව්හු ඔහුගේ ගෙදර වැසි සියල්ලන් ඇතුල්ව ඔහුට ස්වාමීන්වහන්සේගේ වචනය කියාදුන්නෝය. [33] ඔහු රාත්‍රියේ ඒ පැයේදීම ඔවුන් රැගෙන, ඔවුන්ගේ තුවාල සේදුවේය; ඔහුද ඔහුගේ ගෙයි වැසි සියල්ලෝද එකෙණෙහිම බව්තීස්මකරනු ලැබුවෝය. [34] ඔහු ඉහළ තමාගේ ගෙට ඔවුන් කැඳවාගන ගොස්, ඔවුන් ඉදිරියෙහි කෑම මේසයක් තබා, තමාගේ ගෙයි වැසි සියල්ලන් සමඟ දෙවියන්වහන්සේ අදහමින් බොහෝසේ ප්‍රීතිවූයේය.[35] පහන්වූ කල නඩුකාරයෝ: ඒ මනුෂ්‍යයන් යන්ට හරින්නැයි සේවකයන් අත කියා යැවුවෝය.[36] එවිට හිරගෙයි මුළාදෑනියා ඒ වචන පාවුල්ට දන්වා: නුඹලා මුදාහරින්ට නඩුකාරයෝ කියා එවුවෝය. එබැවින් පිටතට ඇවිත් සමාදානයෙන් ගිය මැනවියි කීවේය.

බයිබලයේ ඇති වචන ඔබගේ ජීවිතයට ආශීර්වාද ගෙන දෙයි. දෙවියන්වහන්සේ අපේ යාච්ඤා වලට පිළිතුරු දෙන දෙවියන්වහන්සේය. දෙවියන්වහන්සේ හදිසියෙන් කරන යහපත් දේවල් ගැන අපි මෙනෙහි කරමින් විශ්වාස කරමු.

දෙවියන්වහන්සේගේ ගැළවීම කියා නිම කළ නොහැකි ගැළවීමකි. අප යාච්ඤා කළ පසු ගීතිකා ගායනා කරමු. අශුද්ධ ආත්ම වලින් වෙලී සිටිනවානම් නිදිබරකමෙන්, කම්මැලිකමෙන්, අධෙර්යයකමෙන් සිටින්නේ නම්, මේ සියල්ලම අශුද්ධ ආත්ම, ඒ ආත්ම වලින් අප නිදහස් වී දෙවියන්වහන්සේව නිදහසේ නමස්කාර කරමු.

යෙසායා 40:28-31
[28] පොළොවේ සීමාවල මැවුම්කාරවූ ස්වාමීන්වහන්සේ වන සදාකාල දෙවියන්වහන්සේ ක්ලාන්ත නොවන බවත් වෙහෙස නොවන බවත් නුඹ දන්නේ නැද්ද? නුඹ අසා නැද්ද? උන්වහන්සේගේ ඥානය දැනගන්ට බැරිය.[29] උන්වහන්සේ ක්ලාන්තවූ අයට ශක්තිය දෙනසේක; බලය නැත්තාට සවිය වැඩිකරනසේක. [30] තරුණයෝ පවා ක්ලාන්තව වෙහෙසවන්නෝය. යෞවනයෝද මුලුමනින්ම වැටෙන්නෝය. [31] නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.

දෙවියන්වහන්සේ අපගේ ශක්තියයි. උන්වහන්සේ අපට ශක්තිය දී සිතුවිලි අදහස් ජය ගෙන සමාදානයේ මනසක් ඇතිව ජීවත් වීමට අපට උපකාර කරයි. දෙවියන්වහන්සේ කෙරෙහි අප විශ්වාසය තැබිය යුතුය. අප දෙවියන්වහන්සේ සමඟ කාලය ගත කරන විට උන්වහන්සේ අපගේ ශක්තිය වැඩි කරගන්නේය.


Watch the Sermon Video

Read 162 times