+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

භය නොවී ස්ථීරව සිටින්න - යෝෂා මනූ
March 22, 2026 Sunday Sermon Notes

 

 

දෙවියන්වහන්සේ සමඟ ඇති විශ්වාසභාවය, සහභාගිකම අප දවස්පතා ගොඩනඟාගත යුතුය. බයිබලයේ බොහෝ පද අපව නිතර ස්ථීර කරයි. ඔබ දූවිල්ල, පණුවෙක්, නොවටිනා කෙනෙක් යන වචන පවසමින් යක්ෂයාට ඔබව පාගන්නට ඉඩ නොදෙන්න. ඔබ ධර්මිෂ්ඨ දේව දරුවෙක්, දෙවියන්වහන්සේ ඔබව යේසුස්වහන්සේ සමඟ ඔසවා උන්වහන්සේගේ දකුණු පස ඔබව හිඳුවා ඇත. සතුරා සිටින්නේ ඔබගේ පාද යටය. ඔබ කතා කරන වචන ඉතා වැදගත්ය.

ගීතාවලිය 23 හි යහපත් බැටළු එඬේරාණෝ ස්වාමීන්වහන්සේය.

1 ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය.
2 උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ලගින්ට සලස්වනසේක.
නිශ්චලවූ දිය අසලින් මා ගෙනයනසේක.
3 උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත්කරනසේක;
ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙනයනසේක.
4 එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි;
මක්නිසාද ඔබ මා සමඟය.
ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ.
5 මාගේ සතුරන් ඉදිරියෙහි ඔබ මට කෑම මේසයක් පිළියෙළ කරනසේක.
මාගේ හිස තෙලින් ආලේපකළසේක;
මාගේ කුසලාන උතුරායයි.
6 සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය.
මම සදාකල්ම ස්වාමීන්ගේ ගෘහයෙහි වාසයකරන්නෙමි.

යක්ෂයා මරණය පෙන්වන්නේ සෙවනැල්ලක් සේය. අප එයට බිය නොවී, එතැන නතර නොවී එය පසුකර යා යුතුය. දෙවියන්වහන්සේ අප සමඟයි. අප උන්වහන්සේ තුළ සිටින දේව දරුවන්ය. අප ජීවත් වන්නේ පොරොන්දු දේශයේය. මොනම උපද්‍රවයක් පැමිණියත් අප බිය විය යුතු නැත, මන්ද දෙවියන්වහන්සේ අප සමඟ සිටී.

ඔබගේ ප‍්‍රකාශය විය යුත්තේ “මම භය වන්නේ නැත, කැළඹෙන්නේ නැත, තැති ගන්නේ නැත” කියාය. දේව වචනය අපට මඟ පෙන්වයි. දෙවියන්වහන්සේගේ ආත්මය අපව සනසයි. ඒ වචනයත් ආත්මයත් තුළින් සැනසීම ලැබෙයි. භිය, රෝග, හිඟකම අපගේ සතුරන්වේ. ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිමින් සියලු හිඟකම් සපුරනු ඇත.

ස්වාමීන්වහන්සේ එඩේරාය, අපට කිසි හිඟයක් නැත. අප තුළ සිටින දෙවියන්වහන්සේ ලෝකයේ සිටින සතුරාට වඩා බලවන්තය.

දෙවියන්වහන්සේගේ ශුධ ආත්මයේ බලයෙන් අපව ආලේප කර ඇත. උන්වහන්සේගේ ආලේපය අප තුළින් ගලා එයි. දෙවියන්වහන්සේගේ ගෘහයේ අප සිටිනවානම් උන්වහන්සේගේ ආත්මය අප තුළ ගමන් කරයි. දෙවියන්වහන්සේ අපට පොරොන්දු දී තිබෙන්නේ මේ පොළොවේ උරුමකරගන්න පිණිසය.

යෙසායා 54:14
[14] නුඹ ධර්මිෂ්ඨකමෙන් පිහිටුවනු ලබනවා ඇත. නුඹ බලාත්කාරයෙන් දුරුව භය නැතුව සිටින්නෙහිය; භීතියෙනුත් දුරව සිටිනවා ඇත, ඒක නුඹට ළං නොවන්නේය.

කෙනෙකු අලුත් ගිවිසුම තුළ ගැළවීම ලැබුවානම් ඒ පුද්ගලයා ධර්මිෂ්ඨය.

අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට *පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක. (*එනම් - පාපය තමන් පිටට ගන්ට) [2 කොරින්ති 5:21]

අප ධර්මිෂ්ඨ දේව දරුවෙකු කියා අප නිතරම ප‍්‍රකාශ කළ යුතුය. බයිබලයේ පවසන පරිදි අප පරණ ගිවිසුමේ සිටින විට පව්කාරයන්ය. නමුත් අලුත් ගිවිසුමේ හැටියට අප දෙවියන්වහන්සේගේ දරුවන් වී අප දැන් ධර්මිෂ්ඨය. නව මැවිල්ලේ ස්වාභාවය ධර්මිෂ්ඨකමය.

එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ. [2 කොරින්ති 5:21]

අපගේ පව්කාර ස්වභාවය පහවී ගොස් සියල්ලක්ම අලුත් වී තිබේ. ඇදහිල්ල අපේ ජීවිතයේ අත්තිවාරමය.

ගීතාවලිය 11:3
[3] අත්තිවාරම් විනාශවූවොත් ධර්මිෂ්ඨයා කුමක් කළ හැක්කේද?

ධර්මිෂ්ඨ මනුෂ්‍යයා තුළ දෙවියන්වහන්සේ සිටී. උන්වහන්සේ අප තුළ සිටිනවානම් අප බිය විය යුතු නැත.

2 කොරින්ති 10:4-5
[4] (මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.) [5] අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.

අප සිටින්නේ ආත්මික සටනකය. නමුත් අප මතක තබා ගත යුතු වන්නේ අපි ජයග‍්‍රාහී අය වන්නෙමු. යක්ෂයා සමඟ අපට සටනක් නැත. අප තුළ වාසය කරන්නේ යේසුස්වහන්සේය. යක්ෂයා ගෙනෙන සිතුවිලිවලට හසු නොවී යේසුස්වහන්සේගේ යුධායුධ වලින් ඒවා බිඳ හෙළිය යුතුය. අප දෙවියන්වහනසේගේ තොරාගත් සෙනඟක්ය. අපගේ යුධායුධ බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය. යුධායුධය නම් අප කතා කරන වචනය. යක්ෂයා ඔබගේ වාතාවරණය ඔසවන්නට උත්සාහ කරතත් ඔබ ඒවා බිඳ දැමිය යුතුය. අප නිදහස්කම ඇතිව ජීවත්වෙමු.

ගලාති 5:1-3
[1] ක්‍රිස්තුස්වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමටය. එබැවින් දාසකම නැමති වියගහකට නැවත අසු නොවී ස්ථිරව සිටින්න.[2] ඉදින් නුඹලා චර්මඡේද්‍යය ලබන්නහු නම්, ක්‍රිස්තුස්වහන්සේගෙන් නුඹලාට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුල් නම් මම නුඹලාට කියමි.[3] එසේය, චර්මඡේද්‍යය ලබන සෑමදෙනම මුලු ව්‍යවස්ථාව පැවැත්වීමට ණයකාරයෝව සිටින්නෝයයි නැවත සාක්ෂිදෙමි.

යක්ෂයාගේ සිතුවිලි වලට ඔබව පාලනය කරන්නට ඉඩ නොදෙන්න.

ගලාති 2:20
[20] මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවධ මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.

අප තුළ ඇත්තේ හාස්කමේ ජීවිතයකි. දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමු.

2 කොරින්ති 5:7
[2] (මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.

අප ජීවන වචන කතා කරන විට අපට ඇදහිල්ලෙන් ජය ගත හැකිවේ.


Watch the Sermon Video

Read 153 times