+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

දේව වචනයට කැපවී සිටින්න - මනූ මැතානි
March 22, 2026 Sunday Sermon Notes

 

දෙවියන්වහන්සේගේ වචනය මෙනෙහි කිරීමෙන් අපට උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමට හැකිය. දිනපතා බයිබලය කියවා මෙනෙහි කරන්න. ශුද්ධාත්මයාණන්වහන්සේ අපට මඟ පෙන්වන තැනැන්වහන්සේය. දෙවියන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ වචනයි. දෙවියන්වහන්සේගේ කැමැත්ත කුමක්ද කියා තේරුම් ගැනීමෙන් අපට සාර්ථක ජීවිතයක් ගත කිරීමට හැකිය.

ඉශ‍්‍රායෙල් සෙනඟ දෙවියන්වහන්සේට අකීකරු පුත‍්‍රයන් හැටියට ක‍්‍රියා කල හෙයින් අකීකරුකමෙන් ඇදහිල්ලේ ගමන යෑමට නොහැකි විය. කීකරුකමෙන් ඇදහිල්ලේන් ජීවත් විය හැකිය. අපි ලෝකයට මුල්තැන දී ජීවත් වුවහොත් ලෝකය අපගේ ජීවිතයේ බරක් වන්නේය. අප ලෝකයා සතුටු කිරීමෙන් අපගේ මාංශයට සතුටක් හා ප‍්‍රශ්න වලට තාවකාලික විසඳුම් ලැබෙයි. නමුත් එය අපේ ආත්මික ජීවිතයට විශාල බලපෑමක් ඇති වන්නේය. එවිට ආත්මයෙන් වර්ධනය නොවී මාංශයෙන් වර්ධනය වේ. මාංශයෙන් වර්ධනය වීම පහසුය. නමුත් ආත්මයෙන් වර්ධනය වීමට සත්‍යතාවේ වචනයට අප කැප විය යුතුය.
දේව වචනයට කීකරුවී ගමන් කරන්නට පුරුදු වෙමු.

රෝම 6:14
[14] කුමක්හෙයින්ද, නුඹලා ව්‍යවස්ථාව යටතෙහි නොව අනුග්‍රහය යටතෙහි සිටින බැවින්, පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය.

පාපය යනු දෙවියන්වහන්සේට පිළිකුල් කාරණාවකි. එයින් අපටද හානි ඇති විය හැකිය.
දෙවියන්වහන්සේගේ වචනයට අකීකරුව ගමන් කිරීම පාපයයි.

1 යොහන් 3:4
[4] පව්කරන සෑමදෙනම නොපනත්කමද කරති. පාපය නම් නොපනත්කමය.

පාපය නම් දෙවියන්වහන්සේගේ වචනය කඩ කිරීමයි. බයිබලයේ පාපය දෙවියන්වහන්සේ විනාශ කර ඇති බව සඳහන් වේ.

1 යොහන් 3:8
[8] පව්කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය; මක්නිසාද යක්ෂයා පටන්ගැන්මේ සිට පව්කරන්නේය. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශකරනු ලැබුවේ මේ පිණිසය, එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශකරන පිණිසය.

පව්කරන තැනැත්තාට තමාගේ ජීවිතය ගැන කිසි පාලනයක් නැත. පටන්ගැන්මේ සිට යක්ෂයා ව්‍යවස්ථාව කඩ කළා. ආරම්භයේ සිටම ඒව ව රවටා ආදම් ද ඒ වචනය විශ්වාස කර මුලු මිනිස් සන්හතියටම පාපයේ බීජය ඇතුල් කරන ලදි. මේ පොළොවට පැමිණෙන සෑම කෙනෙකුම පාපයේ බීජය රැගෙන එයි. දෙවියන්වහන්සේ මේ පාපයේ ක‍්‍රියාව වෙනස් කරන කරනු ලැබුවේය. දෙවියන්වහන්සේගේ පුත‍්‍රවු යේසුස්වහන්සේ මෙලොවට පැමිණියේ මේ පාපයේ තිබෙන බලය විනාශ කිරීමටය.

රෝම 14:23
[23] නුමුත් සැකකරමින් කන තැනැත්තා, ඇදහිල්ලෙන් යුක්තව නොකන බැවින්, වරදට පත්කරනු ලැබ සිටියි; ඇදහිල්ලෙන් නොවූ සියල්ල පාපයය.

යක්ෂයාගේ ක‍්‍රියා පාපයය.

1 යොහන් 3:8
[8] පව්කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය; මක්නිසාද යක්ෂයා පටන්ගැන්මේ සිට පව්කරන්නේය. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශකරනු ලැබුවේ මේ පිණිසය, එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශකරන පිණිසය.

යක්ෂයා අපව පොළඹවමින් සිතට හා මනසට ඇතුල් කර ඇති පාප ක‍්‍රියා නැතිකර දැමීමට යේසුස්වහන්සේ ප‍්‍රකාශ වූයේය. යේසුස්වහන්සේගේ ප‍්‍රකාශ වීමෙන් අප දකින්නේ පාප ක‍්‍රියාවන් විනාශ කළේය.

අපට තිබුණේ පව්කාර ස්වභාවයක්ය. අප යේසුස්වහන්සේව පිළිගත් කල උන්වහන්සේගේ පැමිණීම ගැන පැහැදීමක් ඇති වූවා. පසුව උන්වහන්සේ පාපයේ ක‍්‍රියාව සම්පූර්ණයෙන්ම පහ කර දමා අපගේ ජීවිත වෙනස් කළේය. අපගේ ඇදහිල්ල හා විශ්වාසය තුළින් යේසුස්වහන්සේ පාපයේ බලය අපගේ ජීවිත වලින් විනාශ කර හමාරය.

1 යොහන් 3:9
[9] දෙවියන්වහන්සේගෙන් ඉපදී සිටින කිසිවෙක් පව්කරන්නේ නැත, මක්නිසාද ඔහු තුළ උන්වහන්සේගේ බීජය පවතින්නේය. දෙවියන්වහන්සේගෙන් ඉපදී සිටින බැවින් පව්කරන්ට ඔහුට නුපුළුවන.

දෙවියන්වහන්සේගේ ආශීර්වාදයෙන් ඉපදී සිටින කෙනෙක් පව් කරන්නේ නැත. ආත්මයට පව් කිරීමට බැරිය. එයට හේතුව නම්, උන්වහන්සේ අපගේ ආත්මය දෙවියන්වහන්සේගේ ආත්මය සමඟ එක් කර ඇත. ඔබ ආත්මයෙන් පව් කරනවානම් ඔබට ගැළවීමක් නැත. නමුත් ඔබගේ ආත්මය දෙවියන්වහන්සේ ආරක්ෂා කරයි. සැම විටම ගැළවීම ලබා ගැනීමෙන් ඵලක් නැත. එවැනි ජීවිත ගත කිරීම වියවුල්ය.

1 යොහන් 5:18
[18] දෙවියන්වහන්සේගෙන් ඉපිදී සිටින කිසිවෙක් පව් නොකරන බව අපි දනිමුව; එහෙත් දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තේ තමාම ආරක්ෂාකරගන්නේය, නපුරා ඔහුට අතගසන්නේ නැත.

අපේ ආත්මය පව් කරන්න පොළඔවන්නේ නැත. දෙවියන්වහන්සේ කවදාවත් පව් කරන්නේ නැත.

1 කොරින්ති 6:17
[17] නුමුත් ස්වාමීන්වහන්සේට එක්වූ තැනැත්තේ එක ආත්මයය.

අප ආත්මට කලින් තිබුණේ ආදම්ගේ ස්වභාවයයි. ශුද්ධාත්මයාණන්වහන්සේ පැමිණියේ අපේ ආත්ම හා එක්වීමටය. දෙවියන්වහන්සේ කවදාවත්ම අපව දාලා යන්නේ නැත.

හෙබ්‍රෙව් 13:5
[5] නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.

හිඟකම්, කරදර ගැන අප බිය විය යුතු නැත. දෙවියන්වහන්සේ අප සමඟය. ඔබ දන්න දේට වඩා දෙවියන්වහන්සේගේ වචනය ඉතා වැදගත්ය. උන්වහන්සේගේ වචනය කවදාවත් වරදින්නේ නැත. දෙවියන්වහන්සේ අපගේ ධනවතාය. උන්වහන්සේ කිසිසේත් අපව අත් නොහරී. අප දෙවියන්වහන්සේට දෝෂාරෝපණය කළ යුතු නැත. ඔබ දන්නා දේවල් වැරදි විය හැකි නමුත් දෙවියන්වහන්සේගේ වචනය කවදාවත් වෙනස් වන්නේ නැත.

දෙවියන්වහන්සේ අප තුළට පැමිණියේ අප සමඟ සිටින්නටය. උන්වහන්සේ අප තුළට පැමිණියේ අපගේ ස්වාමියා වීමටයි. සමහර මනුෂ්‍යයන් සිතන්නේ දෙවියන්වහන්සේ අප වෙතට පැමිණියේ ගනුදෙනු කිරීමට කියාය. නමුත් ඔවුන් වැරදිය. දෙවියන්වහන්සේ අප තුළට පැමිණියේ අප සමඟ වාසය කිරීමටය. දෙවියන්වහන්සේට අපගෙන් කිසිවක් අවශ්‍යය නැත. අප උන්වහන්සේගේ සෙනඟය.

ඒදම් උයනේදී නැතිකරගත් සෙනඟ මුදා ගන්නට දෙවියන්වහන්සේ කැමතිය. ඒ සෙනඟ තුළට පැමිණ වාසය කිරීමට ඒ මනුෂ්‍යයන් අතර සිටීමට දෙවියන්වහන්සේගේ කැමැත්තය.
දෙවියන්වහන්සේ අපගේ ස්වාමියා ලෙස සිට අපගේ අවශ්‍යයතාවයන් වලට වඩා උන්වහනන්සේ අපට සපයා දෙන්නේය. අපගේ ඇදහිල්ල මදිකම නිසා උන්වහන්සේව අවිශ්වාස නොකර විශ්වාස කරමු.

රෝම 3:3
[3] ඉඳින් සමහරෙක් ඇදහිල්ල නැතුව සිටියොත් කිමෙක්ද? ඔවුන්ගේ ඇදහිලි නැතිකමෙන් දෙවියන්වහන්සේගේ විශ්වාසකම හිස්වේද?

දෙවියන්වහන්සේගේ වචනය තුළින් ඔබ වර්ධනය වෙන්න. උන්වහන්සේගේ නව ගිවිසුම ගැන තේරුම් ගෙන විශ්වාස කරන්න. බයිබලයේ ලියවී ඇති පරිදි පරණ ගිවිසුම ඡායාවකි. සමහර මනුෂ්‍යයින් ඡායාව සමඟ සිටියි. නමුත් ඔවුන්ගේ ජීවිත වියලී ඇත. ඔවුන්ගේ නමස්කාරය ජීවන නමස්කාර නොව මරණයේ නමස්කාරය. පව් කරන මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ නොව යක්ෂයාගේය.

දෙවියන්වහන්සේගේ වචනය තුළින් ඔබ වර්ධනය විය යුතුය. උන්වහන්සේගේ නව ගිවිසුම ගැන ඔබ තේරුම් ගෙන විශ්වාස කරන්න. උන්වහන්සේ අපට කතා කරන්නේ නව ගිවිසුම තුළිණි. අප ඡායාවන් දෙස බලමින් සිටියහොත් මුළා වූ ජීවිතයක් ගත කිරීමට සිදු වේ. යේසුස්වහන්සේ වැළඳගෙන උන්වහන්සේ සමඟ සහභාගීකම් පවත්වමින් දේව වචනය වි ශ්වාස කර ඔබ ගමන් කළ යුතු වේ.

රෝම 3:4
[4] එසේ නොවේවා. ඔබවහන්සේගේ වචනවලින් ඔබ සාධාරණව පෙනෙන පිණිසත් ඔබ විනිශ්චයකරනු ලබන කල ජය ගන්න පිණිසත්ය කියා ලියා තිබෙන ලෙස, සියලු මනුෂ්‍යයන් බොරුකාරයන් වුණත් දෙවියන්වහන්සේ සැබෑ බව පෙනේවා.

සියළු මනුෂ්‍යයන් බොරු කීවත් දෙවියන්වහන්සේ බොරු නොකියයි. වැරදි පුද්ගලයන් ලඟට ගොස් ඔබගේ දුර්වලකම් ගැන කතා නොකරන්න. ඒවායින් ඔවුන් අයුතු ප‍්‍රයෝජන ගත හැකිය. දෙවියන්වහන්සේ පැවසුවේ උන්වහන්සේ තුළ සිටින කව්රු වූවත් ලැජ්ජාවට පත් වන්නේ නැත කියාය.

රෝම 10:11
[11] උන්වහන්සේ කෙරෙහි අදහන කවරෙක්වත් ලැජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියවිල්ල කියන්නේය.

රෝම 3:4
[4] එසේ නොවේවා. ඔබවහන්සේගේ වචනවලින් ඔබ සාධාරණව පෙනෙන පිණිසත් ඔබ විනිශ්චයකරනු ලබන කල ජය ගන්න පිණිසත්ය කියා ලියා තිබෙන ලෙස, සියලු මනුෂ්‍යයන් බොරුකාරයන් වුණත් දෙවියන්වහන්සේ සැබෑ බව පෙනේවා.

ඔබව විනිශ්චය කරන අවස්ථාවේදී ඔබ ධර්මිෂ්ඨයි කියා ප්‍රකාශ කරන්න. ඔබගේ වචන වලින් ඔබ ධර්මිෂ්ඨයි කියා විනිශ්චය කරන වේලාවේදී ජය ගන්න. දෙවියන්වහන්සේ අපට ප‍්‍රේම කරයි. උන්වහන්සේ අපට සමාව දී ඇත. දෙවියන්වහන්සේගේ වචනය ලියා තිබෙන ප‍්‍රකාරයට ජීවත් වෙමු.

ධර්මිෂ්ඨකමෙන් අප ජය ගනිමු. දෙවියන්වහන්සේ අපේ ජිවිතයේ යක්ෂයාගේ ක‍්‍රියා සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත. යක්ෂයා ඉදිරියේ නොවටිනා අයෙකු සේ නොසිටිමු. මන්ද දෙවියන්වහන්සේ අපගේ ජීවිත සරසා ඇත.

යෙසායා 61:10
[10] මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදේවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවධ මට පෙරෙවුසේක.

අප දෙවියන්වහන්සේ තුළ මහත් සේ ප‍්‍රීති වෙමු. අපට ගැළවීමේ වස්ත‍්‍රද දෙවියන්වහන්සේ අපට දී ඇත. මනුෂ්‍යයා ජීවත් විය යුත්තේ දෙවියන්වහන්සේගේ වචනයෙනි.

ඒදම් උයනේදී යේසුස්වහන්සේ ආදම් සොයා ගෙන පැමිණි කල ඔහු ලැජ්ජාව නිසා සැඟවී සිටියේය. ඔවුන් සිටියේ නග්නවය. නමුත් ඒ ලැජ්ජාව වසා ගැනීමට දෙවියන්වහන්සේ අපට ගැළවීමේ සළුවක් දී ඇත. අප ධර්මිෂ්ඨයෝය. දේව වචනය තුළ ජීවත් වන්න. උන්වහන්සේට ස්තුති ප‍්‍රශංසා කර දෙවියන්වහන්සේ අපට කියා තිබෙන පරිදි අප ධර්මිෂ්ඨයන් හා ශුද්ධවන්තයන් කියා අපි පවසමු. එය අහංකාර ප‍්‍රකාශනයක් නොවේ.

රෝම 10:10
[10] මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය.

අපගේ ගැළවීම ගැන මුඛයෙන් කියා දෙමු.

ගීතාවලිය 50:23
[23] ස්තුතිපූජා කරන තැනැත්තේ මට ගෞරවකරයි; ස්වකීය හැසිරීම (නැතහොත් ප්‍රකාශන) හරිලෙස පවත්වා ගන්නාට දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම දක්වන්නෙමි.

ස්තුති පූජා දෙන තැනැත්තා දෙවියන්වහන්සේට ගෞරවය කරයි. අපගේ ප‍්‍රකාශන වැදගත්ය. අපගේ හැසිරීම හොඳ වුනත් ප‍්‍රකාශන වැරදිනම් දෙවියන්වහන්සේගේ ගැළවීම, සුවය, මිදීම ලැබෙන්නේ නැත. ඒවා හරි ලෙස පාවිච්චි කරන විට දෙවියන්වහන්සේගේ ගැළවීම දැකිය හැකිය.

ස්වකීය හැසිරීම යන වචනයට හෙබ්‍රෙව් භාෂාවෙන් කියා සිටින්නේ ප‍්‍රකාශනයය. ප‍්‍රකාශන හරි ලෙස පැවැත්වීමෙන් ඔබ නොහිතන පුදුමාකාර ජීවිතයක් ගත කිරීමට හැකිය.

1 යොහන් 5:18
[18] දෙවියන්වහන්සේගෙන් ඉපිදී සිටින කිසිවෙක් පව් නොකරන බව අපි දනිමුව; එහෙත් දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තේ තමාම ආරක්ෂාකරගන්නේය, නපුරා ඔහුට අතගසන්නේ නැත.

දෙවියන්වහන්සේගෙන් ඉපදි සිටින කිසිම කෙනෙකුට පව් කළ නොහැකිය. උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් අප සමඟ එකට එකතු වී ඇත. ශුද්ධාත්මයාණන්වහන්සේට අප සමඟ ලේ ගිවිසුමක් ඇත. මනුෂ්‍යයන් ගිවිසුම් කඩ කළත් දෙවියන්වහන්සේ එසේ නොකරයි.

ගීතාවලිය 89:34
[34] මාගේ ගිවිසුම කඩ නොකරන්නෙමි, මාගේ තොල්වලින් නික්මුණු දේද වෙනස් නොකරන්නෙමි.

දෙවියන්වහන්සේගේ මුඛයෙන් පිට වන වචනත් උන්වහන්සේ කඩ නොකරයි. උන්වහන්සේ අපව කිසිදාක අත් නොහරී.

හෙබ්‍රෙව් 13:5
[5] නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.

දෙවියන්වහන්සේගේ වචනය එදත් අදත් සදහටම ඒකාකාරය. වෙනස් වෙන්නේ නැත. උන්වහන්සේ යමක් පැවසුවානම් පැවසුවාමය. දෙවියන්වහන්සේගේ ඒ සත්‍යය තුළ අපගේ ජීවිත ගොඩනඟා ගමු. සත්‍යය අපව නිදහස් කරයි.

උන්වහන්සේගේ සත්‍යය වචනය ස්වර්ගයේ පිහිටා ඇත. උන්වහන්සේගේ වචනය කිසි කලකත් කඩ කරන්නේ නැත. එතුමන්ගේ තොල් වලින් පැවසූ දෙයක් කිසි කලකත් වෙනස් කරන්නේ නැත. අප උන්වහන්සේගේ ඒ සත්‍යය තුළ ජීවිතය ගොඩනඟාගත යුතුවේ.

සත්‍යය දැනගත් පසු සත්‍යය අපව නිදහස් කරයි. දෙවියන්වහන්සේ පව්කාර මනුෂ්‍යයන් නිදහස් කරයි. ඔබගේ ජීවිතයට දෙවියන්වහන්සේගෙන් එළිදරව්වක් ලැබෙන තෙක් නිහඬව සිටින්න. අප නොවටිනා පව්කාර මනුෂ්‍යයන් ලෙස සිටින ලදී. නමුත් යේසුස්වහන්සේගේ ශුද්ධ වූ ලෙයින් අපව මුදවා අප නව මැවිල්ලක් කරන ලදී. උන්වහන්සේ අප ජීවිතයේ කර තිබෙන දේවල් ගැන මතක් කර උන්වහන්සේට ගෞරවයද, ප‍්‍රශංසාවද, ස්තුතිද කරමු.

1 තිමෝති 1:15
[15] පව්කාරයන් ගළවන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ලෝකයට ආසේක යන කීම විශ්වාසවූ සර්ව ප්‍රකාරයෙන් පිළිගත යුතුවූ කීමක්ය; ඔවුන් අතුරෙන් මම ප්‍රධාන පව්කාරයාය.

1 යොහන් 5:18
[18] දෙවියන්වහන්සේගෙන් ඉපිදී සිටින කිසිවෙක් පව් නොකරන බව අපි දනිමුව; එහෙත් දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තේ තමාම ආරක්ෂාකරගන්නේය, නපුරා ඔහුට අතගසන්නේ නැත.

නපුරාට අපේ ජීවිතයට ඒමට ඉඩ නොදී ආරක්ෂා කර ගනිමු. දෙවියන්වහන්සේගේ ලේ වල බලය ගැන කතා කරමු. දෙවියන්වහන්සේගේ සත්‍යය වචන තුළින් අපි ජීවත් වේ.

එළිදරව් 12:11
[11] ඔව්හු බැටළුපැටවාණන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය; ඔව්හු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝය.

බැටළුපැටවාණන්ගේ ලේ තුළින් අප පළමුකොට ජයගත්තෝය. යේසුස්වහන්සේගේ ලේ වලට අප උතුම්ම ගෞරවය දිය යුතුය. මන්ද උන්වහන්සේගේ ලේ වලින් අපි ගැළවීම ලැබූ නිසාය. උන්වහන්සේගේ ලේ කිසිම දෙයකට සමාන කර නොහැකිය. යක්ෂයාට අපව මිලදී ගැනීමට නොහැකිය. එයට හේතුව නම් ඊට වඩා දෙයක් යක්ෂයාට ගෙවීමට නොහැකිය. දෙවියන්වහන්සේ ඒ ගෙවීමත් කරන ලදී. ඒ උන්වහන්සේගේ ලේ තුළිනි. උන්වහන්සේ අපව ගළවාගත්තේය.

අපගේ සාක්ෂියේ වචනය දේව වචනයයි. පරණ මනුෂ්‍යයා ගැන නොසිතන්න. දැන් ඇත්තේ ජීවනය පමණකි. මරණයක් නැත. සෑම මනුෂ්‍යයන්ම ජීවත් වෙන්නේ දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේ තුළිණි. ඔවුන් නව මනුෂ්‍යයෝය.

ගීතාවලිය 138:2
[2] ඔබගේ ශුද්ධ මාළිගාව දෙසට නමස්කාරකරමින්, ඔබගේ කරුණාගුණය සහ සත්‍යය නිසා ඔබගේ නාමයට ස්තුතිකරන්නෙමි. මක්නිසාද ඔබගේ මුලු නාමයට ඉහළින් ඔබගේ වචනය උතුම්කළසේක.

එළිදරව් 19:10
[10] මේවා දෙවියන්වහන්සේගේ සැබෑ වචනයයිද ඔහු මට කීවේය. මම ඔහුට නමස්කාරකරන පිණිස ඔහුගේ පාමුල වැටුණෙමි. ඔහුද: එසේ නොකරන්ට බලාගන්න. මම නුඹේද යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන නුඹේ සහෝදරයන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන්වහන්සේට නමස්කාරකරන්න. මක්නිසාද, යේසුස්වහන්සේගේ සාක්ෂිය අනාගතවාක්‍යයේ ආත්මයයයි මට කීවේය.

යේසුස්වහන්සේගේ සාක්ෂිය අනාගතවාක්‍යයේ ආත්මයය. අනාගතවාක්‍යය අසන විට යේසුස්වහන්සේගේ සාක්ෂිය විය යුතුය.

1 යොහන් 5:18
[18] දෙවියන්වහන්සේගෙන් ඉපිදී සිටින කිසිවෙක් පව් නොකරන බව අපි දනිමුව; එහෙත් දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තේ තමාම ආරක්ෂාකරගන්නේය, නපුරා ඔහුට අතගසන්නේ නැත.

යේසුස්වහන්සේගේ ලේ වලින් තමාම ආරක්ෂා කර ගත යුතු වේ. අපේ ජීවිතය උසස් නොකර උන්වහන්සේ අප තුළ ජීවත් වන බව විශ්වාස කරමින් අප සිටිය යුතුය. අප ජීවත් විය යුත්තේ උන්වහන්සේගේ වචනයෙනි.

රෝම 6:15-17
[15] එසේවී නම් කිමෙක්ද? අපි ව්‍යවස්ථාව යටතෙහි නොව කරුණාව යටතෙහි සිටින නිසා පව්කරමුද? එසේ නොවේවා. [16] නුඹලා කීකරුකම පිණිස දාසයන් කොට යමකට නුඹලාම භාරදෙන්නහුද, එය මරණයට පමුණුවන්නා වූ පාපය වේවා, ධර්මිෂ්ඨකමට පමුණුවන්නාවූ කීකරුකම වේවා, නුඹලා කීකරු වන එකට දාසයන් වන බව නොදනිවුද? [17] එහෙත් නුඹලා පාපයේ දාසයන්ව සිටි නුමුත්, යම් ඉගැන්වීම් ක්‍රමයකට නුඹලා භාරදෙනලදද, ඊට සිතින්ම කීකරුවී, [18] පාපයෙන් නිදහස්කරන ලදුව, ධර්මිෂ්ඨකමේ දාසයන් වූ බැවින්, දෙවියන්වහන්සේට ස්තුතිවේවා.

පාපය අප තුළ අධිපතිකම් කරන්නේ නැත. මන්ද අප සිටින්නේ ව්‍යවස්ථාවේ යටතේය. අප ධර්මිෂ්ඨකමෙන් කීකරු වී උන්වහන්සේගේ කීම් වලට යටත් වි ජීවත් වෙමු.


Watch the Sermon Video

Read 141 times