+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ලෝකයේ අත්තිවාරම සෙලවී තිබුණත් ඔබ දෙවිවරුය - මනූ මැතානි
March 29, 2026 Sunday Sermon Notes


අපේ ජීවිතයේ දේවල් හරි ලෙස තේරුම් ගත යුතුය.

ගීතාවලිය 82:3-6
[3] දුප්පතා සහ පියා නැත්තාද විනිශ්චයකරව්. පීඩිතයාටත් අසරණයාටත් යුක්තිය ඉෂ්ටකරව්. [4] දුප්පතා හා දිළිඳා මුදාහරිව්. දුෂ්ටයාගේ අතින් ඔවුන් නිදහස් කරව්. [5] ඔව්හු නොදනිති, තේරුම්ද නොගනිති; අන්ධකාරයෙහි ඔබ මොබ හැසිරෙති. පොළොවේ අත්තිවාරම් සියල්ල සෙලවේ. [6] නුඹලා දෙවිවරුය, නුඹලා සියල්ලෝම මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝයයි කීයෙමි.

ලෝකය සම්පූර්ණයෙන්ම අන්ධකාරයෙන් වැසී ඇත. යේසුස්වහන්සේ පවසන්නේ, පොළොවේ අත්තිවාරම සෙලවී සම්පූර්ණයෙන්ම වෙනත් අතකට යොමුවී ඇති බවයි. දෙවියන්වහන්සේ අපව කැඳවා තිබෙන්නේ දෙවිවරු හැටියටය.

ශු. යොහන් 10:34-36
[34] යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නුඹලා දෙවිවරුයයි මම කීමියි නුඹලාගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙනවා නොවේද? (ලියවිල්ල කඩවෙන්ට බැරිය.) [35] දෙවියන්වහන්සේගේ වචනය ලැබූවන්ට දෙවිවරුයයි උන්වහන්සේ කීසේක් නම්, [36] මම දෙවියන්වහන්සේගේ පුත්‍රයෙමියි මා කී නිසා පියාණන්වහන්සේ විසින් කැපකොට ලෝකයට එවනලද තැනැත්තා ගැන–නුඹ දෙවියන්වහන්සේට අපහාසකරන්නෙහියයි නුඹලා කියවුද?

දෙවියන්වහන්සේ මුල පටන්ම සිටි තැනැන්වහන්සේය. ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස්වී ඇත. නමුත් උන්වහන්සේ ඔබවත් මාවත් කැඳවා තිබෙන්නේ දෙවියන්වහන්සේ හා සමානව හැසිරීමටය.

අප දෙවියන්වහන්සේගේ පුත‍්‍රයෝය. අපගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. දෙවියන්වහන්සේ ඔබටත් මටත් පවසන්නේ, උන්වහන්සේගේ ආත්මය අප තුළ වාසය කරන බවයි. එබැවින් අප දෙවියන්වහන්සේ ආකාරය. අප කරන සෑම දෙයක්ම කරන්නේ දෙවියන්වහන්සේගේ වචනයේ ප‍්‍රකාරයටය.

අප සිතන ආකාරය නැතිනම්, ලෝකයේ සිටින අච්චුවට අප ඇතුල් වී නොවේ සිටින්නේ. අප ඇතුල් වී සිටින්නේ දෙවියන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවයටයි. අපට දිව්‍යමය ස්වභාවය ඇත. දෙවියන්වහන්සේ මෙන් හැසිරෙන කල උන්වහන්සේ මෙන් කතා කරන කල මනුෂ්‍යයන් ඔබට විහිළු කරයි. නමුත් ඔබ පැවසිය යුතු වන්නේ ඔබ යේසුස්වහන්සේගේ දරුවෙකු කියාය. පුත‍්‍රයන් හැසිරෙන්නේ තමාගේ පියවරුන් සේමය.

දෙවියන්වහන්සේ ඔබවත් මාවත් ඒ ස්ථානයට ගෙනැවිත් තිබෙන්නේ උන්වහන්සේගේ දරුවන් මෙන් සිටින්නටය.

ශු. මතෙව් 13:38-39
[38] කෙත නම් ලෝකයය; හොඳ බීජ නම් රාජ්‍යයේ පුත්‍රයෝය; [39] කිරිඳි නම් නපුරාගේ පුත්‍රයෝය; ඒවා වපුළ සතුරා නම් යක්ෂයාය. කපන කාලය නම් ලෝකාන්තිමයය; කපන්නෝ නම් දේවධූතයෝය.

ශු. මතෙව් 13:40-42
[40] එබැවින් කිරිඳි එක්කොට ගින්නෙන් දවන්නාක් මෙන් ලෝකාන්තිමයේදී වන්නේය. [41] මනුෂ්‍ය පුත්‍රයා තමන් දූතයන් එවනසේක, ඔව්හු බාධා උපදවන සියල්ලද අයුතුකම් කරන්නන්ද උන්වහන්සේගේ රාජ්‍යයෙන් එක්කොට, [42] ගිනි උදුනෙහි හෙළන්නෝය. එහිදී හැඬීමද දත්මිටිකෑමද වන්නේය.

ඔබ ජීවිතය සම්පූර්ණයෙන්ම සහමුලින්ම වෙනස්ය. නමුත් අප ජීවත් වෙන්නේ දෙවියන්වහන්සේගේ ආනුභාවයෙනි. හොඳ බීජ වපුරන්නා මනුෂ්‍යය පුත‍්‍රයාය. හොඳ බීජ වලින් ඉපදෙන්නේ රාජ්‍යයේ දරුවන්ය. අප මේ ලෝකයේ ඉපදුණාට, අප මේ ලෝකයට අයිති නැත. ලෝකයේ සිටින්නට පුළුවන් නමුත් ඔබ ලෝකයට අයිති නැත. අප දැන් දෙවියන්වහන්සේගේ දරුවන්ය. දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ බාධා කරන සියල්ලෝම උන්වහන්සේ ඉවත් කරයි.

ශු. මතෙව් 13:43
[43] එකල ධර්මිෂ්ඨයෝ තමුන්ගේ පියාණන්ගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් බබළන්නෝය. ඇසීමට කන් ඇත්තේ අසාවා.

දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ධර්මිෂ්ඨයන් බැබළෙයි. දෙවියන්වහන්සේගේ දරුවන් ධර්මිෂ්ඨව ජීවත් වෙන අයය. යක්ෂයාගේ දරුවන් අයුතුකම් කරන අය සහ අධර්මිෂ්ඨව ජීවත් වෙන අයය. මේ දෙගොල්ලන්ම එක් වර්ගයක් නොව, දෙවිදිහකට ජීවත් වෙති.
දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ව මේ ලෝකෙන් මුදවා, නිදහස් කර දේව දරුවන් හැටියට ප‍්‍රකාශ කරන්නට කැමැත්තෙන් සිටී.

දෙවියන්වහන්සේ ඔබවත් මාවත් කැඳවා තිබෙන්නේ දෙවිවරුන් හැටියටය. උන්වහන්සේගේ ලියවිල්ලේ සඳහන් කර ඇති ප‍්‍රකාරයට ධර්මිෂ්ඨ අය ලෙස ඔබ බැබළෙන්න. දැනටමත් අපට කිසිම බියක් නැතිව මේ අන්ධකාර ලෝකයේ බැබළෙන්නට හැකිය.

දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කරමින් ජීවත් වන්න. දේව ලියවිල්ලේ ප‍්‍රකාරයට අපගේ ජීවිත ගොඩනඟා ගනිමු. දෙවියන්වහන්සේ පැමිණිමට නියමිත කාලය එන තෙක් අපි ඉවසීමෙන්, ඇදහිල්ලේන්, ප‍්‍රේමයෙන් සිටිමු. දේව බලයෙන් ශුද්ධාත්ම බලයෙන් මේ පොළොවේ ජීවත් වෙන්න හැකිය.

අප මේ පොළොවේ ලුණු හා සමානය. අන්ධකාර ස්ථානයට ආලෝකය අවශ්‍යය, එසේම ඒ ආලෝකය හා ඔබ තුළ තිබෙන දෙවියන්වහන්සේගේ ස්වභාවය වන ලුණු දකිමින් මනුෂ්‍යයන් ගැළවීම ලබයි. අප අන්ධකාරයෙන් ආලෝකයට ගෙන අවාවූ සෙනඟක්ය. මේ ලෝකයේ සෙනඟ දෙවියන්වහන්සේගේ රාජ්‍යය වෙත ගෙන ඒම අපගේ වගකීමකි.

පිලිප්පි 2:12
[12] එබැවින්, මාගේ ප්‍රේමවන්තයෙනි, නුඹලා නිතරම කීකරුව සිටියාක්මෙන්ම, මා ළඟ සිටියදී පමණක් නොව දැන් මා ඈත්ව සිටින විටද ඊට වඩා කීකරුව, භයෙනුත් වෙවුලුමෙනුත් නුඹලාගේම ගැළවීම ඉෂ්ටකරගන්න;

දෙවියන්වහන්සේ අපට කියා තිබෙන්නේ උන්වහන්සේ සිටින වේලාවේදීත් නැති වේලාවේදීත් නිතරම කීකරුව සිටින්න කියාය.

අප දෙවියන්වහන්සේට නිතරම කීකරු විය යුතුය. අපට තිබුණේ නපුරු හෘද සාක්ෂියක්ය. නමුත් දැන් අපේ සිතේ තිබෙන සිතුවිලි අදහස් වෙනස් කරමින් දැන් අප ජීවත්ව සිටින්නේ පිරිසිදු හෘද සාක්ෂියකින්ය. මනුෂ්‍යයන් ඉදිරියේත් කීකරු විය යුතුය.

පිලිප්පි 2:13
[13] මක්නිසාද තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා, කැමතිවෙන්ටත් වැඩකරන්ටත් නුඹලා තුළ ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේමය.

දෙවියන්වහන්සේ අපට පවසා තිබෙන්නේ උන්වහන්සේ සිටින වේලාවේදීත් නැති වේලාවේදීත් නිතරම කීකරු වෙන්න කියාය. බයිබලය කියවන අවස්ථාවේදීත් දෙවියන්වහන්සේ ඔබට යමක් පෙන්වා දෙනවානම් ඒ දෙයට කීකරු වන්න කියාය.

ආත්මිකභාවය වචන වලට පමණක් සීමා නොකරමු. මනුෂ්‍යයන් රවටන්නේත් වචන වලින්ය. මනුෂ්‍යයන්ගේ ජීවිත පාලනය කරන්නේත් ඒ අයගේ හැසිරීමෙනි. නමුත් දෙවියන්වහන්සේ දකින්නේ අපේ හදවතය. නිතරම කීකරුවිම පුරුද්දක් කර ගනිමු. අප නිතරම දෙවියන්වහන්සේට ගායනා කරමින් ජීවත් වෙමු. දෙවියන්වහන්සේ පවසන්නේ නිතරම උන්වහන්සේට ගායනා කරමින් ශක්තිමත්වී ප‍්‍රීති වෙන ලෙසය.

ඔබගේ ගැළවීම ක‍්‍රියාවය නැංවිය යුතු වන්නේ බියෙන් සහ වෙව්ලමින්ය. අප තුළ ක‍්‍රියා කරන්නේත් දෙවියන්වහන්සේමය. අප උන්වහන්සේට අපේ ජීවිතයට පැමිණෙන්ට ආරාධන් කළාට පසු අප තුළ ක‍්‍රියා කරන්නට ඉඩ දිය යුතුය. අපට මාංශයෙන් දේවල් කිරීමට අපහසුය. නමුත් දෙවියන්වහන්සේ අප තුළ වාසය කරන නිසා අපට සියල්ල කළ හැකිය. කිසිම දෙයක් අපහසු වන්නේ නැත. ඒ විශ්වාසයෙන් අප ජීවත් විය යුතුය.

යේසුස්වහන්සේ අප තුළට පැමිණ දැන් අප නව මැවිල්ලක් වී සිටියි. මනුෂ්‍යයන්ගේ ජීවිතවල කිසිම ස්ථීරභාවයක් නැත. ඒ ඔවුන් ලෝකයේ ක‍්‍රමයට ජීවත් වන නිසාය. නමුත් අප ජීවත් වන්නේ නොසෙල්වෙන රාජ්‍යයකය, ඒ රාජ්‍යය තුළ කිසිම සෙලවීමක් නැත. අප තුළ ධර්මිෂ්ඨකමද, සමාදානයද, ප‍්‍රීතියද, ස්ථීරය. ලෝකය මොන අතකට පෙරළුනත් එය වෙනස් වන්නේ නැත.

මනුෂ්‍යයන් අපව කැළඹීමට තැත් කරයි. නමුත් අප කැළඹිය යුතු නැත. අප ජීවත් විය යුත්තේ දේව රාජ්‍යයයේ ප‍්‍රතිපත්ති අනුවය. මනුෂ්‍යන් විටින් විට, කාලයෙන් කාලයට වෙනස් වෙයි. එමනිසා ඔවුන්ගේ පොරොන්දු අපට විශ්වාස කළ නොහැකිය. ඔවුන් තුළ ස්ථීරභාවයක් නැත. එවැනි පුද්ගලයන්ගෙන් ඈත් විය යුතුය.

හෙබ්‍රෙව් 12:27-28
[27] තව වරක්ය කී වචනයෙන් පෙන්වන්නේ නොසෙලවෙන්නාවූ දේවල් පවතින පිණිස සෙලවෙන ඒවා සෑදූ දේවල් මෙන් පහකරන බවය. [28] එහෙයින් සොලවන්ට බැරි රාජ්‍යයක් ලබන්නාවූ අපි, ගෞරවයෙන්ද දේවභයින්ද දෙවියන්වහන්සේට ප්‍රසන්නවන ලෙස සේවයකරන පිණිස, අනුග්‍රහය ඇතුව සිටිමු.

නොසෙල්වෙන රාජ්‍යයයේ අප දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහයෙන් ජීවත් වෙමු. දේව භයෙන් සහ උන්වහන්සේට උසස්ම ගෞරවය දෙමින් සිටිමු. දේව රාජ්‍යයේ තිබෙන්නේ සදාකාලික ජීවනයය.

සෙකරියා 4:6
[6] එකල ඔහු මට උත්තරදෙමින්: සෙරුබ්බාබෙල්ට ස්වාමීන්වහන්සේගේ වචනය මේය. එනම්, බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

අපගේ ආත්මය දෙවියන්වහන්සේ බලවත් කර ඇත. අප බලවත් මනුෂ්‍යයෝය. දෙවියන්වහන්සේ විශේෂ දෙයක් අප වෙනුවෙන් සූදානම් කර ඇත. උන්වහන්සේගේ වචනය බලවන්තය, ජීවමානය. එය තුළින් අපට සියල්ල කළ හැකිය. දෙවියන්වහන්සේ අපගේ ජීවිතයේ දේවල් වෙනස් කරනවා ඇත.

රෝම 4:17
[17] (නුඹ බොහෝ ජාතීන්ට පියෙකු කෙළෙමියි ලියා තිබෙන ලෙස) ආබ්‍රහම් තමා විශ්වාසකළාවූ, මළවුන් ජීවත්කරන්නාවූ, නැති දේ ඇති දේ මෙන් සඳහන්කරන්නාවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි අප සියල්ලන්ගේ පියාණෝය.

නැති දේ ඇති දේ මෙන් සඳහන් කරමින් ජීවත් වන්න. දේව වචනය ප‍්‍රකාශ කරමින් ශුද්ධ ලියවිල්ල අනුව ජීවත් වෙමු. දෙවියන්වහන්සේගේ වචනය කොයිම දෙමුවහත් කඩුවකටවත් වඩා තියුණුය. දෙවියන්වහන්සේට ලැබෙන ප‍්‍රතිඵල අපටත් ලබා ගත හැකිය. අප සත්‍යය දැනගත් විට සත්‍යය අපව නිදහස් කරයි. අප මේ සත්‍යය විශ්වාස කළ යුතු වේ.

ශුද්ධාත්මයාණන්වහන්සේට අප ජීවිතයට පැමිණෙන්න කියා ආරාධනා කළ යුතුය. එවිට උන්වහන්සේ අප ජීවිතයේ ක‍්‍රියා කරන්නට පටන් ගනී. දෙවියන්වහන්සේ අපේ රජුන්ගෙත් රජය. අප මේ පොළොවේ ජීවත් විය යුත්තේ රජෙකු විලසය. සත්‍යය අපව විනාශ නොකරයි. සත්‍යය අපේ ජිවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි.

2 කොරින්ති 3:14
[14] ඔවුන්ගේ සිත් දැඩිවුණේය. එසේය, අද දක්වාම පරණ ගිවිසුම කියවන කල එම වැස්ම පවතින්නේය. ඒ වැස්ම ක්‍රිස්තුස්වහන්සේ තුළ නැතිකරනලද්දේය.

අප තුළ සිටින්නේ ආත්මයාණන්වහන්සේය. උන්වහන්සේ සිටින තැන නිදහස්කම ඇත. ගැළවීම ලබා ගන්නා සෑම මනුෂ්‍යයාම නිදහස භුක්ති විඳිති. අප තුළ සිටින තැනැන්වහන්සේ ලෝකයේ මනුෂ්‍යයාට වඩා බලවන්තය. අප සත්‍යය පිළිගත්තාම සත්‍යය අපේ ජීවිතය නිදහසේ ගෙවන්න උපකාර කරනවා ඇත.

යෙසායා 52:1-2
[1] සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, නුඹේ බලය පැළඳගන්න; ශුද්ධ නුවරවූ යෙරුසලම, නුඹේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මක්නිසාද තවත් අචර්මඡේදිතයෙක්වත් අපවිත්‍රයෙක්වත් නැවත නුඹ තුළට නොපැමිණෙන්නේය. [2] යෙරුසලම නුඹ ධූලි ගසාදමා, නැගිට වාඩිවෙන්න. වාලියෙක්වූ සියොන් දුව, නුඹේ බෙල්ලේ බැඳුම් ගළවාදමන්න.

ඉශ‍්‍රායෙල් සෙනඟ සිටියේ කොඳුරමින්ය. දෙවියන්වහන්සේගේ දේවල් ඔවුන් සුළු කරන ලදී.

යක්ෂයාට අවශ්‍යය අපව පාගා දැමීමටය. අප යේසුස්වහන්සේව පිළිගත්තානම් අප උන්වහන්සේගේ ශක්තියෙන් අපට යක්ෂයා පාගා දැමිය හැකිය.

රෝම 5:6-7
[6] මක්නිසාද අප දුර්වලව සිටියදීම නියම කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ අභක්තිකයන් උදෙසා මළසේක. [7] ධර්මිෂ්ඨයෙකු උදෙසා යමෙකු මැරෙන්ට කැමතිවීම දුර්ලභය. සමහරවිට සත්පුරුෂයා උදෙසා මැරෙන්ට යමෙකු ධෛර්ය ඇතුව සිටින්ට පුළුවන.

අප සිටියේ අභක්තික මනුෂ්‍යයන් හැටියටය. නමුත් කිසිම ශක්තියක් අපට තිබුණේ නැත. යක්ෂයා අපට වධ වේදනා රෝග පීඩා ගෙන ආවේය. නමුත් අප යේසුස්වහනසේ පිළිගත් පසුව අපට උන්වහන්සේගේ ශක්තිය ලැබුණි. දෙවියන්වහන්සේ පවසන්නේ අප දැන් ශක්තිමක් බවය.

යෙසායා 52:2-3
[2] යෙරුසලම නුඹ ධූලි ගසාදමා, නැගිට වාඩිවෙන්න. වාලියෙක්වූ සියොන් දුව, නුඹේ බෙල්ලේ බැඳුම් ගළවාදමන්න. [3] මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා නිකමට විකුණන ලද්දහුය; මිල නැතුව නුඹලා මුදනු ලබන්නහුය.

යෙසායා 52:4
[4] තවධ ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මුලදී මාගේ සෙනඟ මිසරයෙහි විදේශිව සිටින්ට එහි ගියෝය. අෂූර්වරු නිෂ්කාරණයේ ඔවුන්ට පීඩාකළෝය.

යෙසායා 52:5
[5] දැනුත් මට මෙහි තිබෙන්නේ කුමක්ද? මක්නිසාද මාගේ සෙනඟ නිකමට ගෙනයනලද්දේය. ඔවුන්ගේ ආණ්ඩුකාරයෝ කෑමොරගසති, මාගේ නාමයද නිතරම දවස මුලුල්ලෙහි අපහාසකරනු ලැබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

අප දේව වචනය සුළු කරනවානම් උන්වහන්සේගේ වචනයට කිසිම දෙයක් කළ නොහැකිය. දේව වචනය විශ්වාස කරමින් අපේ ජිවිතයට අදාළ කර ගනිමු. උන්වහන්සේගේ ලේ වලින් අපව මුදවාගන්නා ලදී. කිසිම කාරණාවක් නොමැතිව යක්ෂයා පිඩා කරනවා ඇත. නමුත් අප උන්වහන්සේගේ වචනය විශ්වාස කරමින් ජීවත් විය යුතුය. එවිට යක්ෂයාගෙන් පීඩා එන්නේ නැත. යේසුස්වහන්සේ අපව මුදවාගන්නා ලැබුවේ මිලයක් ගෙවමින්ය. මරණය වෙනුවට ජීවනය දෙනු ලැබුවේය.

ගීතාවලිය 127:2
[2] වේලාසනින් නැගිටීමත්, බොහෝ රෑවෙනකල්ම නිවාඩු නොගැනීමත්, වෙහෙසව සපයාගත් භෝජන බුදීමත් නුඹලාට නිෂ්ඵලවේ. මක්නිසාද උන්වහන්සේ තමන් ප්‍රිය තැනැත්තාට එසේ නින්ද දෙනසේක.

ශෝකයේ ආහාර වේල් භුක්ති විඳිමින් පසුගිය දේවල් ගැන දුක් වෙමින් සිටින්නේ නම්, අප එයින් නිදහස් වී ගැළවිය යුතුය. අතීතයේ සිදු වූ සිදුවීම් ගැන අප කලකිරීමට යුතු නැත. එයට හේතුව, යේසුස්වහන්සේ අප තුළ වාසය කරන නිසාය. අප ජීවත් වන්නේද යේසුස්වහන්සේ නිසාය. යේසුස්වහන්සේ කරුසියේදී දුගී දුප්පත් වූයේ උන්වහන්සේ අප සමඟ දෙවියන්වහන්සේගේ ධනය බෙදා ගන්නා පිණිසය. අපගේ ජිවිතය විනාශ කරන්නේ මනස සහ මුඛයයි. අප දෙවියන්වහන්සේ සමඟ සහභාගීකම් පැවැත්විය යුතුය.

2 කොරින්ති 8:9
[9] මක්නිසාද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව, එනම්, උන්වහන්සේ ධනවන්තව සිටිය නුමුත්, තමන්වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන නුඹලා ධනවන්ත වන පිණිස, නුඹලා උදෙසා දිළිඳුවූ බව නුඹලා දන්නහුය.

අප වෙනුවෙන් උන්වහන්සේ මේ පොළොවට පැමිණ, මව් කුසක ඉපදුණේය. දෙවියන්වහන්සේගේ නිදහස අප විශ්වාස කළ යුතුය. යේසුස්වහන්සේ කටු ඔටුන්නක් හිස මත පැළඳ සිටියේ ඔබවත් මාවත් මානසික පීඩන වලින් නිදහස් කිරීමටය.

ගීතාවලිය 127:2
[2] වේලාසනින් නැගිටීමත්, බොහෝ රෑවෙනකල්ම නිවාඩු නොගැනීමත්, වෙහෙසව සපයාගත් භෝජන බුදීමත් නුඹලාට නිෂ්ඵලවේ. මක්නිසාද උන්වහන්සේ තමන් ප්‍රිය තැනැත්තාට එසේ නින්ද දෙනසේක.

වේලාසන නැඟිට කනස්සලු නොවී යාච්ඤා කරමු.

1 පේතෘස් 3:9
[9] නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට, නුඹලාට ආශීර්වාදයක් උරුමවෙන පිණිස කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාදම කරන්න.

බයිබල් පද අප සිතේ තබා ගත යුතුය. නපුරට නපුරවත්, නින්දාවට නින්දාවවත් නොකරමු. ඒ දේවල් කිරීමට අපට අයිතියක් නැත. එයට හේතුව අපගේ පරණ මනුෂ්‍යයා වළලා දමා තිබෙන නිසාය. අපි දෙවියන්වහන්සේගේ ආශීර්වාදය ලබා ගනිමු.

1 පේතෘස් 2:21-23
[21] එසේය, ඊට නුඹලා කැඳවනු ලැබුවහුය. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ නුඹලා නිසා වධවිඳ, නුඹලා උන්වහන්සේගේ අඩි පාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් දී ගියසේක. [22] උන්වහන්සේ කිසි පාපයක් නොකළසේක, උන්වහන්සේගේ මුඛයෙහි වංචාවක්ද සම්බවුණෙත් නැත, [23] උන්වහන්සේ නින්දාකරනු ලැබූ කල නින්දා නොකළසේක; වධවින්ද කල තර්ජන නොකර, ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරන තැනන්වහන්සේට කාරණය

යේසුස්වහන්සේ අපට ආදර්ශයක් ලෙස මේ පොළොවේ ජීවත් වූයේය. තවත් කෙනෙකුට ශාප කරන්න අපට අයිතියක් නැත. යේසුස්වහන්සේ සියල්ලම දෙවියන්වහන්සේට භාර කරන ලදි.

නව මැවිල්ලක් හැටියට ජීවත් වෙන්න අප තෝරා ගත යුතුය.


Watch the Sermon Video

Read 123 times