+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
අපගේ ජීවිතයේ ස්ථාන මාරුවීමක් සිදු වී ඇත - යෝෂා මනූ
April 12, 2026 Sunday Sermon Notes
යේසුස්වහන්සේ දැන හඳුනාගැනීමට පෙර මනුෂ්‍යයන් අපගේ ජීවිත පාලනය කළා. අපගේ ශරීරයද, ලෙඩ රෝගද අපව පාලනය කළා. නමුත් යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ පිළිගැනීමෙන් පසු උන්වහන්සේ අපට පැහැදිලිවම ප‍්‍රකාශ කළේ අපට මේ ජීවනයේ රජකම් කරන්න කියාය. අප මේ බයිබල් පද එවිට දැනසිටියේ නැත. නමුත් මේ පද දැනගැනීමෙන් අපේ ජීවිතයට එළිදරව්වක් වන්නේය.
අප පළමුවෙන්ම දැනගත යුතු වන්නේ අප රජ පූජකයන් වන බවයි. දෙවියන්වහන්සේ අපට නව උපතක් දුන් බවත් ඒ තුළින් උන්වහන්සේ අපේ ජීවිතයේ යම් වෙනසක් සිදු කර තිබේ.
1 පේත‍්‍රැස් 2,:9
[9] නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.
දෙවියන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ අපේ ජීවිතය අන්ධකාරයෙන් ආලෝකයට ගෙන ආ බවයි. අප විශ්මපත් අලෝකයට පැමිණ ඇත. මේ පදය අනුව උන්වහන්සේගේ යහපත් දේවල්, හාස්කම්, උන්වහන්සේගේ චරිතය ගැන සහ උන්වහන්සේ කළා වූ දේවල් ගැන උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස උන්වහන්සේ අපව තෝරා ගන්නා ලදී. ඒ තෝරාගත් වංශයට අප අයිතිය.
රජ කෙනෙකු තමාගේ සෙනඟව පාලනය කරයි. පූජකයන් මනුෂ්‍යයන්ට උපස්ථාන කරන අතර ඔවුන් උදෙසා මැදහත්කාරකම්ද යාච්ඤාද කරති.
දැන් දෙවියන්වහන්සේ අපව රජ කෙනෙකු හැටියටත් පූජකයෙකු ලෙසත් පත් කර තිබේ.
යේසුස්වහන්සේ උන්වහන්සේ අපේ උත්තම පූජකයා වාගේම අපගේ රජතුමන්ය.
දෙවියන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ රජ කරන්නේ සවර්ගයේ කියාය. නමුත් අප සිටින්නේ මේ පොළොවේය. දෙවියන්වහන්සේ පවසන්නේ මේ පොළොවේ අපට රජකම් කරන ලෙසය. මනුෂ්‍යයන්ට උපස්ථාන කරමින් මනුෂ්‍යයන් වෙනුවෙන් යාච්ඤා කර, මනුෂ්‍යන්ගේ ප‍්‍රශ්න, කරදර, ගැටළු එන විට ඒ අය වෙනුවෙන් යාච්ඤා කරන්නට
අපට පුළුවන.
කොලොස්සි 1:13
[13] පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.
යේසුස්වහන්සේ පිළිගන්නට පෙර, අපි අන්ධකාරයේ යක්ෂයාගේ සිතුවිලි සහ ප‍්‍රයෝග වලින් මුළා වී සිටියෙමු. බයිබලයේ පවසන්නේ පියාණන්ගේ බලයෙන් ඒ අන්ධකාරයෙන් අපව මුදවාගත් බවයි. අප දැන් සිටින්නේ දේව පුත‍්‍රයාගේ රාජ්‍යයේය. ඒ රාජ්‍යයේ ආලෝකයෙන් අප බැබලිය යුතුය. අප ඒ ආලෝකයේ බැබළෙන කල මනුෂ්‍යයන්ට එය පෙනෙන්නේය.
අප මෙතෙක් කල් ජීවත් වුයේ අන්ධකාරයේය. නමුත් දෙවියන්වහන්සේ අපව ජීවනයට කැඳවා තිබේ. අප දැන් ජීවත් වන්නේ උන්වහන්සේගේ අභිමුඛයේය.
ගීතාවලිය 107:20
[20] උන්වහන්සේ ස්වකීය වචනය එවා ඔවුන් සුවකොට ඔවුන්ගේ විනාශවලින් මුදාහරිනසේක.
අප දිනපතා ප‍්‍රකාශ කළ යුතු වන්නේ ජීවන වචනය. ජීවනයේ රජකම් කරන විට යක්ෂයාගේ කූට උපක‍්‍රම වලට හසු නොවී සිටීමට අපට හැකිය. අප තුළ ඇත්තේද සදාකාල ජීවනයය. අපි ඒ ජීවනය තුළ රජකම් කරමු.
ගීතාවලිය 35:9
[9] මාගේ ආත්මය ස්වාමීන් කෙරෙහි සතුටුවන්නේය. උන්වහන්සේගේ ගැළවීම කෙරෙහි ප්‍රීතිවන්නේය.
අපගේ මනස සම්පූර්ණ වීමෙන් සියල්ලම සඵල වේ. නමුත් අප මනසින් දුර්වලව, මානසිකව කඩා වැටුණොත් අපට කිසිවක් කළ නොහැකිය.
ඔබ පවසනවානම් “මට මේ දේ කළ නොහැකියි” කියා එවිට ඔබට කිසිවක් කරන්නට හැකි වන්නේ නැත. අපගේ ප‍්‍රකාශ ඉතාමත් වැදගත්ය.
දේව වචනය තුළින් අපට දෙන එකම බෙහෙත ප‍්‍රීතියයි. දේව වචනයේ තිබෙන ඒ ප‍්‍රීතියෙන් අප ජිවත් විය යුතුය. මොන ප‍්‍රශ්න කරදර පැමිණියත් ඒවාට නොසැලී අප දේව වචනයෙන් ජය ගමු.
ගීතාවලිය 91:1
[1] මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය.
මෙය පරණ ගිවිසුමේ පදයක් වුවද අලුත් ගිවිසුමට අදාළය.
දිනපතා දෙවියන්වහන්සේ සමඟ කාලය ගත කරමින් සිටින කල එය අපගේ වාසස්ථානය වන්නේය. දෙවියන්වහන්සේ අපගේ හදවත තුළ වාසය කරයි. ඒ ස්ථානයේ අප රජකම් කරයි. අප දෙවියන්වහන්සේ සමඟ දිනපතා සහභාගිකම් කිරීමෙන්, උන්වහන්සේ අප තුළද, අපි උන්වහන්සේ තුළද පවතින්නෙමු.
යොහන් 15:1-5
[1] මම සැබෑවූ මිදිවැලය, මාගේ පියාණන්වහන්සේ ගොවියාය. [2] මා තුළෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහකරනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍රකරනසේක. [3] මා විසින් නුඹලාට කී වචනය කරණකොටගෙන නුඹලා දැන් පවිත්‍රය. [4] මා තුළ පැවතෙන්න, මමත් නුඹලා තුළ පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම්, ඵල දරන්ට නුඹලාට බැරිය.[5] මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය.
දෙවියන්වහන්සේ නොමැතිව අපට කිසි දෙයක් කළ නොහැකිය. අප යම් දෙයක් කළහොත් එය සාර්ථක වන්නේද නැත. අපි උන්වහන්සේ සමඟ බැඳී සිටිමු. අපට සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම් ජයග‍්‍රාහිව, සමාදානයෙන් යුක්තව උන්වහන්සේ තුළ අප වාසය කළ යුතු වේ.
ගීතාවලිය 91:1-5
[1] මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය. [2] උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය; මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි.[3] මක්නිසාද උන්වහන්සේ පක්ෂි වැද්දාගේ මලපතින්ද විනාශකරන වසංගතයෙන්ද නුඹ මුදාහරිනසේක. [4] උන්වහන්සේ ස්වකීය පියාපතින් නුඹ වසනසේක, නුඹ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂාවන්නෙහිය. උන්වහන්සේගේ සත්‍යවාදිකම පලිහක්ය, මහා පලිහක්ය. [5] රාත්‍රියේ භීතියටවත්, දවාලේ විදින ඊගසටවත්,
අපව රැකබලාගන්නේ දෙවියන්වහන්සේය. අප යන සෑම තැනකදීම දෙවියන්වහන්සේ සිහි කළ යුතුයි.
සභාවේ හිස යේසුස්වහන්සේය. ශරීරය අපි වෙමු. අප සියළු දෙනා ඒ ශරීරයේ අවයවයන්ය. අපගේ ආත්මය තුළ උන්වහන්සේ වාසය කරයි. දෙවියන්වහන්සේ නිතරම අප සමඟ සිටින නිසා උන්වහන්සේ අපව රැකබලා ගනියි. උන්වහන්සේගේ නාමය අපව ආරක්ෂා කරයි. අපට කෙතරම් බාධා පැමිණියත් දෙවියන්වහන්සේ වචනයත් යේසුස්වහන්සේගේ නාමයත් අපව ආරක්ෂා කරයි.
ගීතාවලිය 35:9
[9] මාගේ ආත්මය ස්වාමීන් කෙරෙහි සතුටුවන්නේය. උන්වහන්සේගේ ගැළවීම කෙරෙහි ප්‍රීතිවන්නේය.
බයිබලය පවසන පරිදි ප‍්‍රාණය කොටස් තුනකට බෙදේ, කැමැත්ත, හැඟීම් හා මනස.
ගැළවීම දුන්නේ දෙවියන්වහන්සේය.
ගැළවීම දුන් දෙවියන්වහන්සේ කෙරෙහි අප ප‍්‍රීති විය යුතුය. උන්වහන්සේ කෙරෙහි අප නිතරම සතුටු විය යුතුය.
සමහර මනුෂ්‍යයන්ගේ ජීවිත වල ඇත්තේ භය, කරදර, දුක සහ වේදනාව පමණි. ඒ මනුෂ්‍යයන් කරන ප‍්‍රකාශනද වැරදිය. නමුත් අප දෙවියන්වහන්සේ තුළ සිටිනවානම් මේ කිසිවකට බිය විය යුතු නැත.
අපගේ ආත්මය තුළ යේසුස්වහන්සේ වාසය කරයි. අපට ගැළවිම දෙනු ලැබුවේ අපගේ දෙවියන්වහන්සේය. අපි ස්වාමීන් කෙරෙහි නිතරම සතුටු වෙමු.
සුවය, සමාදානය, ජයග‍්‍රහණය හා සම්පූර්ණකම මේ හැම ආශීර්වාදයක්ම ගැළවීම තුළ ඇත. දෙවියන්වහන්සේ අපව නිරයෙන් මුදවා ගැළවීම දුන් නිසා අප උන්වහන්සේට ස්තුති කළ යුතුය.
යෙසායා 61:10
[10] මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදෙවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවුසේක.
මනුෂ්‍යයන්ට ඇති ප‍්‍රශ්න කරදර නිසා ඒ අයගේ මුඛයෙන් ප‍්‍රශංසා පිට වන්නේ නැත. නමුත් අප හොඳින් අවබෝධකරගත යුතු වන්නේ ගීතාවලිය 91 පරිච්චේදයේ පවසන පරිදි අපගේ වචන වලින් ඒ දේවල් පවසන විට අපේ ශරීරය එයට කීකරු වන බවයි.
යම් යම් දේවල් අපව පාලනය කරන්නටත් දෙවියන්වහන්සේගෙන් වෙන් කරන්නටත් තැත් කරයි. නමුත් අප අපේ දෙවියන්වහන්සේ තුළ වචනය මෙනෙහි කිරීමට අපි තීරණය කර ගනිමු.
අප ස්වාමීන්වහන්සේ තුළ බොහෝ සේ ප‍්‍රීති විය යුතුය. අප ධර්මිෂ්ඨ දේව දරුවන්ය. අපගේ ප‍්‍රාණය දෙවියන්වහන්සේ තුළ සන්තෝෂ වන්නේය. අපට දුන් ධර්මිෂ්ඨකම ගැන අපි උන්වහන්සේට ප‍්‍රශංසා ගෞරවය දෙමු.
Watch the Sermon Video


