+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ඔබේ වචන වලින් ඔබ බරක් ඇති කර ගන්නේය - මනූ මැතානි
April 19, 2026 Sunday Sermon Notes
දෙවියන්වහන්සේගේ වචනය ලියා තිබෙන ආකාරයට අපි ප‍්‍රීති වෙමු. ස්වාමීන්වහන්සේ අපට සුවය, සමාදානය දි ඇත. මේ දේවල් උදෙසා අප ප‍්‍රීති වෙමු.
යෙරෙමියා 23:36
[36] ස්වාමීන්වහන්සේගේ බරයයි තවත් සඳහන් නොකරන්න. මක්නිසාද එක එක මනුෂ්‍යයාට පැමිණෙන බර ඔහුගේම වචනය වේ; අපේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ වන ජීවමාන දෙවියන්වහන්සේගේ වචන නුඹලා පෙරළා තිබේ.
අපේම වචන වලින් අපේ ජීවිතයට බරක් ඇති කර ගෙන තිබේ. ඒ නිසා ජීවමාන දෙවියන්වහන්සේගේ වචනයම ඔබ ප‍්‍රකාශ කරන්න.
උන්වහන්සේගේ වචනය ඉතා පවිත‍්‍රය. ඒ වචන ප‍්‍රකාශ කරමින් අපි අපගේ ජීවිතයේ බර ඉවත් කර ගනිමු.
හිතෝපදේශ 30:5
[5] දෙවියන්වහන්සේගේ සියලු කීම් පවිත්‍රය; උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන්ට උන්වහන්සේ පලිහක්ය.
හිතෝපදේශ 30:6
[6] උන්වහන්සේ නුඹට තරවටු නොකරන පිණිසත් නුඹ බොරුකාරයෙක් නොවන පිණිසත් උන්වහන්සේගේ වචනවලට කිසිවක් එකතු නොකරන්න.
දෙවියන්වහන්සේ විශ්වාස කරන්නාට උන්වහන්සේ පලිහක්ය. උන්වහන්සේගේ පවිත‍්‍ර වචනයට එකතු කිරීමට කිසිවක් නැත. අනවශ්‍ය වචන උන්වහන්සේගේ වචනයට එකතු කිරීමෙන් අපේ ජීවිතයට බරක් වේ.
යෙරෙමියා 23:36
[36] ස්වාමීන්වහන්සේගේ බරයයි තවත් සඳහන් නොකරන්න. මක්නිසාද එක එක මනුෂ්‍යයාට පැමිණෙන බර ඔහුගේම වචනය වේ; අපේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ වන ජීවමාන දෙවියන්වහන්සේගේ වචන නුඹලා පෙරළා තිබේ.
දෙවියන්වහන්සේට ඇත්තේ එකම මාර්ගයකි. උන්වහන්සේගේ වචනය තිබෙන ආකාරයෙන්ම අපි පිළිගත යුතුය. දෙවියන්වහන්සේ පවසන ආකාරයට නැති දේ ඇති දේ මෙන් පවසමු.
උත්පත්ති 1:1-3
[1] පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක. [2] පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය; ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මය ජලමතුයෙහි හැසිරෙමින් සිටිසේක. [3] දෙවියන්වහන්සේ: එළිය වේවයි කීසේක; එවිට එළිය විය.
දෙවියන්වහන්සේ බලන්නේ අපගේ සිතේ තිබෙන ආකල්පය. පාළුව, හිස්ව තිබූ අන්ධකාරයට විසඳුම දෙවියන්වහන්සේ ප‍්‍රකාශ කරන ලදී.
දෙවියන්වහන්සේ අපව මවා තිබෙන්නේ උන්වහන්සේගේ ස්වරූපයටය. දෙවියන්වහන්සේ ආලෝකය ගැන කතා කරන සේම අපිත් ආලෝකය ගැන කතා කරමු. උන්වහන්සේගේ ජිවමාන වචනය ගැන විශ්වාස කරන්න. දෙවියන්වහන්සේ කතා කළ ආකාරයට අපත් කතා කළ යුතුය.
යෙරෙමියා 23:36
[36] ස්වාමීන්වහන්සේගේ බරයයි තවත් සඳහන් නොකරන්න. මක්නිසාද එක එක මනුෂ්‍යයාට පැමිණෙන බර ඔහුගේම වචනය වේ; අපේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ වන ජීවමාන දෙවියන්වහන්සේගේ වචන නුඹලා පෙරළා තිබේ.
ඔබගේ ජීවිතයට බරක් ඇතිකරගෙන තිබෙන්නේ ඔබගේ වචන වලින්මය. යේසුස්වහන්සේගේ ප‍්‍රකාශන උන්වහන්සේ හරි ලෙස පවසන ලදී.
ඔබගේ වචන වලින් ජීවිතයට බරක් නොවී සැහැල්ලුවෙන් ජිවත් වන්න. දෙවියන්වහන්සේ අපහට පැවසුවේ, වෙහෙසවන්නා වූ බර උසුලන්නා වූ මනුෂ්‍යයන්ට උන්වහන්සේ වෙතට පැමිණෙන්නට කියාය.
වචන ගැන ප‍්‍රවේසම් වුවහොත් අපේ ජීවිතයට බරක් වෙන්නේ නැත. අපගේ බර යේසුස්වහන්සේ කුරුසියේදී උසුලාගන්නා ලදී.
ශු. මතෙව් 11:28
[28] වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි.
ගීතාවලිය 34:19
[19] ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ සියල්ලෙන් ඔහු ගළවනසේක.
බයිබලයේ පවසන පරිදි ධර්මිෂ්ඨයාට බොහෝ පීඩා ඇතිවන්නේය. නමුත් ඒ සියල්ලෙන්ම උන්වහන්සේ අපව ගළවන ලදී. ඔබටත් යම් එළිදරව්වක් ඇත්තේ නම් එළිදරව්වෙන් ජීවත් වන්න. ශුද්ධාත්මයාණන්වහන්සේ අපට එළිදරව්වක් දී ඇත. අපි ඒ තුළ ජීවත් වෙමු.
යෝබ් 1:21
[21] නග්නව මාගේ මවු කුසින් ආවෙමි, එසේම නග්නව හැරී යන්නෙමි. ස්වාමීන්වහන්සේ දුන්සේක, ස්වාමීන්වහන්සේ ගත්සේක; ස්වාමීන්වහන්සේගේ නාමයට ප්‍රශංසාවේවයි කීවේය.
ගීතාවලිය 55:22
[22] නුඹේ බර ස්වාමීන් පිට තබව, උන්වහන්සේ නුඹ උසුලනසේක. උන්වහන්සේ කිසි කළකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙනසේක.
අප ඉගෙන ගන්නා දේවල් පතල කළ යුතුය. දෙවියන්වහන්සේගේ බලයට කිසිම සීමාවක් නැත. දෙවියන්වහන්සේගේ සත්‍ය වචනය අන් අය සමඟ බෙදා ගන්න. සත්‍යය අපව නිදහස් කරයි.
දෙවියන්වහන්සේ කවදාවත් මනුෂ්‍යයන්ට ලෙඩ රෝග, ප‍්‍රශ්න, කරදර, ගෙන එන්නේ නැත. උන්වහන්සේ මනුෂ්‍යයන්ට ප‍්‍රේම කරයි.
ඔබගේ බර ස්වාමීන් පිට තබන්න. එවිට සැහැල්ලුභාවයෙන් මේ ජීවන ගමන ගෙන ගිය හැකිය. දෙවියන්වහන්සේ අප සමඟයි. දෙවියන්වහන්සේගේ ජීවන වචන අපි කතා කරමු.
යෙරෙමියා 23:36
[36] ස්වාමීන්වහන්සේගේ බරයයි තවත් සඳහන් නොකරන්න. මක්නිසාද එක එක මනුෂ්‍යයාට පැමිණෙන බර ඔහුගේම වචනය වේ; අපේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ වන ජීවමාන දෙවියන්වහන්සේගේ වචන නුඹලා පෙරළා (ව්කෘතිව) තිබේ.
වචන පෙරලා තිබෙනවානම් අපේ ජිවිතයේ බර ඉබේම ඇති වේ. දේව වචනය විකෘති නොකර සිටින්නට වග බලා ගන්න. දෙවියන්වහන්සේගේ වචනය පවිත‍්‍රය උන්වහන්සේගේ වචනයෙන් අපට ආරක්ෂාව ගෙන දෙයි.
හිතෝපදේශ 30:5
[5] දෙවියන්වහන්සේගේ සියලු කීම් පවිත්‍රය; උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන්ට උන්වහන්සේ පලිහක්ය.
දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කරන්නාට උන්වහන්සේ පලිහක් වී සිටියි. දෙවියන්වහන්සේගේ වචනයට පටහැනි ලෙස ක‍්‍රියා නොකරමු.
හිතෝපදේශ 23:7
[7] මක්නිසාද තමාගේ සිතෙන් ගණන්ගන්නා ලෙසම ඔහු වන්නේය. කන්න බොන්නැයි ඔහු නුඹට කියයි; නුමුත් ඔහුගේ සිත නුඹ සමඟ නැත.
කුඩා ආරම්භයන් කවදාවත් සුළු නොකරන්න. දෙවියන්වහන්සේගේ වචනය ඔබ බීජයක් හැටියට සලකන්න. ආශීර්වාදලද්දෙකු ලෙස ජීවත් වීමට කැමති නම්, ඔබ සිතන දේ හා ප‍්‍රකාශ කරන දේ වෙනස් කර ගන්න.
සෙකරියා 4:10
[10] මක්නිසාද කුඩා දේවල දවස හෙළාදැක්කේ කවුද? මේ සත වන ස්වාමීන්වහන්සේගේ ඇස් තුමූ සෙරුබ්බාබෙල්ගේ අතේ ලඹකැටය තිබෙනවා දැක ප්‍රීතිවන්නෝය; ඒවා පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුවතියි කීය.
අපගේ ජීවිතයේ සෑම දෙයක්ම ආරම්භ වන්නේ දෙවියන්වහන්සේගේ වචනයේ බීජයෙනි.
හිතෝපදේශ 18:20-21
[20] මනුෂ්‍යයෙකුගේ බඩ තමාගේ මුඛයේ ඵලයෙන් පිරෙයි; තමාගේ තොල්වල අස්වැන්නෙන් ඔහු සෑහීමට පැමිණෙයි. [21] මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ; ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්තිවිඳින්නෝය.
මනුෂ්‍යයෙකුගේ බඩ තමාගේ මුඛයේ ඵලයෙන් පිරෙයි. මරණයත් බීජයකි, ජීවනයත් බීජයකි. අප තෝරාගත යුතු වන්නේ ජීවනයේ බීජයයි. ජීවන වචනය ප‍්‍රකාශ කිරීමෙන් අපට ආශීර්වාදාත්මකව ජීවත් විය හැකිය. අප දෙවියන්වහන්සේගේ වචනය වැපිරිය යුතුය.
බීජය නම්, දෙවියන්වහන්සේගේ වචනයයි. ඒ නිසා අපි දේව වචනය නැමති බීජයයි
හිතෝපදේශ 13:13
[13] දේව වචනය සුළුකර සිතන්නාට විනාශය පැමිණෙයි; එහෙත් ආඥාවට භය ඇත්තා විපාක ලබයි.
දෙවියන්වහන්සේ දී තිබෙන බීජ සුළු කරන්නාට විනාශය පැමිණෙයි. දේව වචනයේ හැටියට ජීවත් වන මනුෂ්‍යයාට යහපත සිද්ධ වෙයි.
දෙවියන්වහන්සේගේ වචනය ආපසු හිස්ව හැරී එන්නේ නැත. සුවයෙන් ජයග‍්‍රාහිකව ජීවත් වීම දෙවියන්වහන්සේගේ කැමැත්තයි. දෙවියන්වහන්සේ අපට දී තිබෙන ආශීර්වාදය අප විශ්වාස කළ යුතුය.
යාකොබ් 1:25
[25] නුමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගන, මතක නැතිකරන අසන්නෙක් නොවී, ක්‍රියාකරන කෙනෙක්ව, එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක්‍රියාකිරීමෙහිදී ආශීර්වාද ලබන්නේය.
ඔබගේ අස්වැන්න තිබෙන්නේ ඔබ වපුරන බීජ තුළයි. එනම්, සිතින් නියමකරගන්නා වචනය නැමති බීජයයි.
2 රාජාවලිය 4:1-2
[1] ප්‍රොපේත පුත්‍රයන්ගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියෙක් එලිෂාට මොරගසා: ඔබගේ මෙහෙකරුවූ මාගේ පුරුෂයා මළේය. ඔබගේ මෙහෙකරුවා ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටි බව ඔබ දන්නෙහිය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්ට ඇවිත් සිටීයයි කීවාය. [2] එලිෂා කථාකොට: මම නුඹට කුමක්කරම්ද? ගෙයි නුඹට තිබෙන්නේ මොනවාදැයි මට කියන්නැයි ඈට කීවේය. තෙල් කුළාවක් මිස ගෙයි වෙන කිසිවක් ඔබගේ දාසියට නැතැයි ඈ කීවාය.
ශු. යොහන් 2:3
[3] මුද්‍රිකපානය ඉවරවූ කළ : ඔවුන්ට මුද්‍රිකපානය නැතැයි යේසුස්වහන්සේගේ මෑණියෝ උන්වහන්සේට කීවාය.
ශු. යොහන් 2:4
[4] යේසුස්වහන්සේද: ස්ත්‍රිය, නුඹෙන් මට කම මොකද? මාගේ වේලාව තවම පැමුණුණේ නැතැයි ඈට කීසේක.
ශු. යොහන් 2:5
[5] උන්වහන්සේගේ මෑණියෝ: උන්වහන්සේ නුඹලාට කියන කොයි දෙයක් නුමුත් කරන්නැයි මෙහෙකරුවන්ට කීවාය.
ශු. යොහන් 2:6-7
[6] යුදෙව්වරුන්ගේ පවිත්‍රවීමේ ප්‍රකාරයට එක ඒකේ මෙත්‍රෙ දෙකක් තුනක් පමණ වතුර අල්ලන්නාවූ ගල් භාජන හයක් එහි තබා තිබුණේය. [7] භාජනවල වතුර පුරවන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක. ඔව්හු ඒවා කට දක්වා පිරෙවුවෝය.
යේසුස්වහන්සේ යමක් පැවසුවානම් එය එසේම සිද්ධ වෙනවා ඇත. යේසුස්වහන්සේ කියන දේ අප කළ යුතුය. අනිවාර්යයෙන් එය සාර්ථක වෙනවා ඇත. අපගේ අස්වැන්න තිබෙන්නේ දෙවියන්වහන්සේ දෙන බීජය තුළිනි. දේව වචනයේ බීජයෙන් අප ජිවිතයට සුවය ගෙන දේ.
දෙවියන්වහන්සේ අපේ මිදුම්කරුය.
අප කරන ක‍්‍රියාවේදී ආශීර්වාදය තිබේ. මනුෂ්‍යයන් කෙරෙහි විශ්වාස කිරීම ශාපයකි. නමුත් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම ආශීර්වාදයකි.
අපි දෙවියන්වහන්සේගේ වචනයට ගෞරවය මහිමය දෙමු. ඇදහිල්ල නම් නොදකිනා දේවල් ගැන විශ්වාස කිරීමය.
2 රාජාවලිය 4:2
[2] එලිෂා කථාකොට: මම නුඹට කුමක්කරම්ද? ගෙයි නුඹට තිබෙන්නේ මොනවාදැයි මට කියන්නැයි ඈට කීවේය. තෙල් කුළාවක් මිස ගෙයි වෙන කිසිවක් ඔබගේ දාසියට නැතැයි ඈ කීවාය.
2 රාජාවලිය 4:3-4
[3] එවිට ඔහු: නුඹ පිටත ගොස් නුඹේ සියලු අසල්වාසීන්ගෙන් භාජන එනම් හිස් භාජන බොහොමයක් ඉල්ලා ගන්න. [4] නුඹත් නුඹේ පුත්‍රයනුත් ඇතුල්වී දොර පියාගෙන, ඒ සියලු භාජනවල තෙල් වත්කොට, පිරුණු ඒවා පැත්තක තබන්නැයි කීවේය.
දේව වචනය විශ්වාස කරන්නා කවදාකවත් ලැජ්ජාවට පත් වන්නේ නැත. හැඟීම් වලට වඩා දේව වචනය විශ්වාස කරන්න. ඔබ යාච්ඤා කරන වේලාවේ දී ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට කතා කරයි. උන්වහන්සේ බීජද දෙයි, ඒ බීජ වැපිරීමෙන් ඔබට සඵලත්වය ලැබෙයි.
යෙසායා 55:10
[10] එලෙස වැස්ස සහ හිම අහසෙන් බැස පොළොව පොඟවා සශ්‍රීකකර, ඵල හටගන්වා, වපුරන්නාට බීජද කන්නාට කෑමද දෙන තුරු එහි හැරී නොයන්නාක්මෙන්,
දෙවියන්වහන්සේ වපුරන්නාට බීජ දෙන බව විශ්වාස කරන්න. මනුෂ්‍යයන්ට කරන්න බැරි දේවල් දෙවියන්වහන්සේට කළ හැකිය.
යෙසායා 55:11
[11] මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමැති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.
දෙවියන්වහන්සේගේ මුඛයෙන් පිට වන බීජ [වචන] හිස්ව හැරී එන්නේ නැත. දෙවියන්වහන්සේගේ වචනයට ගෞරවය දෙමු. වචනයවත් දෙවියන්වහන්සේවත් අපට වෙන් කළ නොහැකිය. අපි උන්වහන්සේගේ වචනයට කීකරු වී ගමන් කරමු. දෙවියන්වහන්සේගේ වචනය විශ්වාසවන්තය.
1 තෙසලෝනික 2:13
[13] එසේහෙයින් නුඹලා පණිවිඩයේ වචනය, එනම් දෙවියන්වහන්සේගේ වචනය අපෙන් ලැබූ කළ , නුඹලා පිළිගත්තේ මනුෂ්‍යයන්ගේ වචනය නොව ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ වචනයව තිබෙන්නාවූ, අදහන නුඹලා තුළ ක්‍රියාද කරන්නාවූ වචනය බැවින්, අපිත් නොකඩව දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.
ශු. ලූක් 8:11
[11] ඉඳින් උපමාව මෙසේය. බීජ නම් දෙවියන්වහන්සේගේ වචනයය.
ශු. ලූක් 8:12
[12] මග අසල ඒවා නම් වචනය ඇසූ අයය; එකළ ඔවුන් අදහා නොගැළවෙන පිණිස යක්ෂයා ඇවිත් ඔවුන්ගේ සිත්වලින් වචනය උදුරාගන්නේය.
සුවයේ බීජ සඵලත්වයේ බීජ හරි ලෙස පාවිච්චි කරමින් ක‍්‍රියා කරනවානම් එවිට නියමිත කාලයේදී අපට අස්වැන්න ලැබෙනු ඇත.
Watch the Sermon Video


