+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ස්වාමීන් මාගේ එඬේරාය මට හිඟයක් නොවන්නේය - යෝෂා මනූ
April 26, 2026 Sunday Sermon Notes


ජීවමාන දෙවියන්වහන්සේ අපේ ගැළවුම්කරුයි. උන්වහන්සේ අපේ ස්වාමීන්වහන්සේය.

දෙවියන්වහන්සේගේ වචනය කවදාවත් පහව යන්නේ නැත. අහස පොළොව පහවී ගියත් උන්වහන්සේගේ වචනය පහව නොයයි. අප ඒ වචනය විශ්වාස කරමු.

බයිබලයේ ප‍්‍රකාශ වන පරිදී දෙවියන්වහන්සේගේ වචනය අප සිතේ තැන්පත් කර ගත යුතුය.

පිලිප්පි 2:5-11
[5] ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබුණු සිතම නුඹලා තුළත් තිබේවා. [6] උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා,[7] එය ඉවත්කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක. [8] මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, කුරුසියේ මරණය දක්වා කීකරුවූසේක. [9] එබැවින් දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක.[10] එසේ කළේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණ නමන පිණිසත්, [11] යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය.

දෙවියන්වහන්සේගේ වචනය සැබැ වූ වචනයයි.

උන්වහන්සේගේ නාමය ලබන්න පෙර උන්වහන්සේ අප වෙනුවෙන් දුක් විඳ මරණයට පත් වන ලදී..

යේසුස්වහන්සේ මේ ලෝකයට පැමිණියේ අප වෙනුවෙන් දුක, ශෝකය, වේදනාව මේ සියල්ලම විඳින පිණිස මේ ලෝකයට පැමිණෙන ලදී.

දෙවියන්වහන්සේ යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැඟිටුනාට පසුව උන්වහන්සේට උසස්තම නාමය දෙන ලදී.

යේසුසුවහන්සේ පළමුවර මේ ලෝකයට පැමිණියේ අපව ගළවා ගන්නටයි. නමුත් උන්වහන්සේ දෙවන වර පැමිණෙන්නේ සම්පූර්ණයෙන්ම ගළවා නිදහස් කළ අයව සමඟ රජකම් කරන්නය. ස්වාමීන්ගේ ස්වාමීන් ලෙසත් රජුන්ගේ රජ ලෙසත්ය.

අපේ දෙවියන්වහන්සේ ජීවමානය.

ගීතාවලිය 23:1
[1]ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය

ගීතාවලිය ලියණු ලැබුවේ දාවිත්තුමා විසින්ය.

දිනපතා දෙවියන්වහන්සේගේ වචනය කියවා මෙනෙහි කරමු. දෙවියන්වහන්සේගේ වචනය අප සිත තුළ සඟවා ගනිමු.

එඬේරා යනුවෙන් හඳුන්වන්නේ පෝෂණය කරන්නායි. අපට ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් සියල්ල කළ හැකිය.

2 කොරින්ති 5:7
[7] (මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.)

පෙනෙන දේවල් තාවකාළිකය නොපෙනෙන දේවල් සදාකාලිකය. පෙනෙන දේවල් හෝ හැෙඟන දේවල් විශ්වාස කරනවානම් මෙය ඇදහිල්ලේ ගමනක් නොවේය.

2 කොරින්ති 4:18
[18] ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය.

දෙවියන්වහන්සේ අපව කැඳවා තිබෙන්නේ සදාකාල ජීවනයේ ජීවත් වෙන්නටය. අපේ දෙවියන්වහන්සේ ගැන ස්ථීරත්වයත් තිබිය යුතුය.

මම යහපත් බැටළු එඬේරාය. යහපත් බැටළු එඬේරා තමාගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙන්නේය.[යොහන් 10:11]

යේසුස්වහන්සේ අපේ එඬේරාය.

යොහන් 10:27
[27] මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔව්හු මා පස්සේ එති.
අප දෙවියන්වහන්සේගේ හඬ ඇසිය යුතුය.

යොහන් 10:10-11
[10] සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය. [11]මම යහපත් බැටළු එඬේරාය. යහපත් බැටළු එඬේරා තමාගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙන්නේය.

සොරා එන්නේ අපේ හදවතේ වචනය සොරකම් කරන්නටය. දේව වචනය සොරකම් කිරිමෙන් කිසිම දෙයක් අපට ලැබෙන්නේ නැත.

ගීතාවලිය 80:1
[1] බැටළු රැළක් මෙන් යෝසෙප් ගෙනයන්නාවූ, ඉශ්‍රායෙල්ගේ එඬේරාණෙනි, කන්දුනමැනව; කෙරුබිම් පිට වැඩහිඳින තැනන්වහන්ස, බැබළුව මැනව.

අප ජිවිතයේ අඩුපාඩු අවශ්‍යතා තිබෙනවානම් දෙවියන්වහන්සේගේ වචනය මෙනෙහි කරන්න. එවිට කිසි හිඟයක් ඇති වන්නේ නැත. උන්වහන්සේ අපට සපයා දෙන දෙවියන්වහන්සේය.

ඉශ‍්‍රායෙල් සෙනඟ එනම් උන්වහන්සේ තෝරාගත් සෙනඟය. ඔවුන්ගේ එඬේරා දෙවියන්වහන්සේය. උන්වහන්සේ අපට මඟ පෙන්වනවා ඇත.

ගීතාවලිය 95:7
[7] මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ සෙනඟය, උන්වහන්සේගේ අතේ බැටළුවෝය. අද දවසේ නුඹලා උන්වහන්සේගේ හඬට කීකරුවන්නහුනම් යහපත!

අපට යහපත සිද්ධ විය යුතුනම් අප උන්වහන්සේගේ හඬ ඇසිය යුතුය. අප කීකරු විය යුතුය.

දෙවියන්වහන්සේ කවදාවත් අපව අත්හරින්නේ නැත.

1 පේතෘස් 2:25
[25] මක්නිසාද නුඹලා බැටළුවන් මෙන් මුළාවයමින් සිටියහුය; නුමුත් දැන් නුඹලාගේ ආත්මවල එඬේරාද රැකවලාද වෙතට හැරී ඇවිත් සිටින්නහුය.

දෙවියන්වහන්සේ අපගේ රැකවරණයයි.

1 පේතෘස් 5:4
[4] එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශවන කල්හි නුඹලා තේජසේ නොමැළවෙන්නාවූ ඔටුන්න ලබන්නහුය.

දෙවියන්වහන්සේ පැමිණෙන විට අපට විපාක දෙනු ලබයි. අපට දෙවියන්වහන්සේ යම් යම් දේවල් කියනවානම් අප කීකරු විය යුතුය.

හෙබ්‍රෙව් 13:20-21
[20] ඉතින් සදාකාල ගිවිසුමේ ලේ කරණකොටගෙන බැටළුවන්ගේ මහත් එඬේරා වන අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේව මළවුන් කෙරෙන් නැවත ගෙනාවාවූ සමාදානයේ දෙවියන්වහන්සේ,[21] තමන් ඉදිරියෙහි ප්‍රසන්නව තිබෙන දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන * අප තුළ කරමින්, නුඹලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නුඹලා සම්පූර්ණකරනසේක්වා. උන්වහන්සේට සදාකාලේටම ගෞරවය වේවා. ආමෙන්. (* නොහොත්, නුඹලා තුළ)

දෙවියන්වහන්සේ අප සමඟ ගිවිසුමක් සදන ලදී. ඒ ගිවිසුම නම් ලේ ගිවිසුමයි. අප සමඟ ගිවිසුම සෑදුවේ අපට මඟ පෙනවිමටය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අපට කිසි හිඟයක් නැතිව සෑම දෙයක්ම සපයා දෙන්නටය.

ගීතාවලිය 37:3-4
[3] ස්වාමින් කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරව; දේශයෙහි වාසයකරමින් විශ්වාසකම අනුව යව.[4] ස්වාමීන්, කෙරෙහි ප්‍රීතිමත්වෙව; උන්වහන්සේද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ටකරනසේක.

දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරමු. අප දෙවියන්වහන්සේ සමඟ බැඳී සිටිනවානම් උන්වහන්සේ කෙරෙහි ප‍්‍රීති විය යුතුය. උන්වහන්සේ සමඟ සිටින විට උන්වහන්සේ අපගේ සිතේ ආශාවන් ඉශ්ඨ කරනු ලබයි.

ගීතාවලිය 34:8
[8] ස්වාමීන් යහපත් බව රස බලා දැනගනිව්. උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.

දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන තැනැත්තා ආශීර්වාදලද්දෝය. අපි උන්වහන්සේගේ ආශීර්වාදලත් සෙනඟක්ය.


Watch the Sermon Video

Read 197 times