+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ජීවිතයේ කුණාටු ජය ගැනීමට ශක්තිමත් අත්තිවාරමක් ඇතුව සිටින්න - මනූ මැතානි
June 5, 2022 Sunday Sermon Notes


2 කොරින්ති 6:15 බෙලියෙල් සමඟ ක්‍රිස්තුස්වහන්සේගේ ඇති එකමුතුකම මොකද? නොහොත් නොඅදහන කෙනෙකු සමඟ ඇදහිලිවන්තයෙකුගේ ඇති කොටස මොකද?

ඇදහිලිවන්තයෙකු ආශීර්වාදලද්දෙකුය.  

බෙලියල් යනු කිසි වටිනාකමක් නැති දෙයකට යොමු නොවන්න, කාලය නොදෙන්න.

ඔබව සමාන කරන්නේ ක්‍රිස්තුස්වහන්සේටයි.

දෙවියන්වහන්සේගේ මැවිල්ල ඉතා යහපත්. නමුත් උන්වහන්සේ මනුෂ්‍යයා මැව්වාට පසු පැවසුවේ මේ මනුෂ්‍යයා ඉතා යහපත්. මන්ද මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ස්වරූපයට හා සමානත්වයටයි මවනු ලැබුවා ලැබුවේ.
 
2 පේත්‍රැස් 3:8 නුමුත්, ප්‍රේමවන්තයෙනි, ස්වාමීන්වහන්සේට එක දවසක් අවුරුදු දහසක්මෙන්ය, අවුරුදු දහසක් එක දවසක්මෙන්ය යන මේ එක කාරණය මතකනැති නොකරන්න.

හෙබ්‍රෙව් 11:1  ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය.

ඔබ සිටින්නේ නොසෙලවෙන රාජ්‍යයකයි.

අහස පොළොව පහවී ගියත් උන්වහන්සේගේ පොරොන්දු /වචනය පහවී නොයයි.
 
1 යොහන් 2:17  ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.

යේසුස්වහන්සේ පැවසුවේ උන්වහන්සේ කතා කරන්නේ ආත්මික හා ජීවන වචන බව. 
 
යොහන් 6:68 සීමොන් පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමීනි, අපි කා ළඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබවහන්සේට ඇත්තේය.

ගීතාවලිය 1:1 දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ, පව්කාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නාවූ, නින්දාකරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නාවූ,
 
මතෙව් 7:6 ශුද්ධ දේ බල්ලන්ට නොදෙන්න, නුඹලාගේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න, සමහරවිට උන් ඒවා පයින් පාගා හැරී නුඹලා ඉරාදමන්ට පුළුවන.
 
ඔබගේ මනස ඔවුන්ට ඉරා දමන්නට හැකියි.
 
අපි දේව බලය ගැන ඔබ කතා කරන්න.
 
යොහන් 3:16‭-‬17 මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය.
 
යොහන් 3:19 විනිශ්චය නම් මේය–ලෝකයට ආලෝකය පැමිණ තිබෙන නුමුත්, මනුෂ්‍යයන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම්වූ බවය.
 
යෙරෙමියා 31:3  ස්වාමීන්වහන්සේ පුරාණයේදී මට ප්‍රකාශවී–එසේය, සදාකාල ප්‍රේමයකින් නුඹට ප්‍රේමකෙළෙමි. එබැවින් දයාබරකමින් නුඹ ඇදගතිමියි කීසේක.
 
ක්‍රියා 17:24‭-‬25

 ලෝකයද එහි ඇති සියල්ලද මැවූ දෙවියන්වහන්සේ ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීව සිටිනසේක්, අතින් සාදනලද මාළිගාවල නොවසනසේක; උන්වහන්සේ යම් දෙයකින් අඩුකමක් ඇති කෙනෙකු මෙන් මනුෂ්‍යයන්ගේ අත්වලින් උපස්ථාන නොලැබ උන්වහන්සේම සියල්ලන්ට ජීවිතයද හුස්මද සියලු දේවල්ද දෙනසේක.

යෙසායා 66:1 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහස මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය. නුඹලා කෙබඳු ගෘහයක් මට සාදන්නහුද? නොහොත් මාගේ නිවාසස්ථානය කොතැනද?

යෙසායා 66:2 මේ සියල්ල මාගේ අතින් සාදනලද්දේය, එසේ මේ සියල්ල සිදුවීයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් යටහත්වූ, තැළුණු ආත්මයක් ඇත්තාවූ, මාගේ වචනයට වෙවුලන්නාවූ මනුෂ්‍යයා දෙස බලමි.
 
යොහන් 17:17

සත්‍යතාවෙන් ඔවුන් පවිත්‍රකළ මැනව.

වචනය තුළ ඔබට ආරක්ෂාව, සැපයීම, ආශීර්වාද තිබෙනවා ස්වාමිනි. 

ගීතාවලිය 139:17 දෙවියන්වහන්ස, ඔබගේ සිතිවිලි මට කොපමණ අනර්ඝද! ඒවායේ ගණන කොපමණ මහත්ද!


Watch the Sermon Video

Read 419 times