Print this page

ඇදහිල්ලෙන් දුර්වල නොවන්න, නමුත් ඇදහිල්ලෙන් ශක්තිමත් වන්න - මනූ මැතානි
July 3, 2022 Sunday Sermon Notes


ඔබේ ඇදහිල්ලෙන් ශක්තිමත්ව සිටින්න.

ශක්තිමත් මනුෂ්‍යයන් දේව වචනය සමඟ එකඟව කතා කරන අය.

යේසුස්වහන්සේ පේත්‍රැස් උදෙසා යාච්ඤා කළා. ඔහුගේ ඇදහිල්ල නැති නොවන පිණිස.

අපි ජීවත් වන්නේ දෙවියන්වහන්සේගේ එළිදරව් වාක්‍යයෙන්.

කිසිකෙනෙකුට බැහැ ඔබව පරාජයට පත් කරන්න.

යොහන් 10:27 මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔව්හු මා පස්සේ එති.

හුස්ම ඇති සියල්ලෝම ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්න.

ඔබ ස්වාමීන්වහන්සේගේ හඬ අසමින් උන්වහන්සේ අනුව ගමන් කරන්න.

යොහන් 10:28 මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි; ඔව්හු කිසිකලකත් විනාශ නොවන්නෝය, කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නේය.

ඔබව අන්ධකාරයෙන් ආලෝක රාජ්‍යයට ඇතුල් කර තිබෙනවා.

අප තුළ තිබෙන විශාලම වෙනස නම්, දෙවියන්වහන්සේ අප තුළ වාසය කරන්නට පැමිණ සිටීම.

1 කොරින්ති 6:19 නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද?

අපි මේ මාළිගාව ශුද්ධව තබා ගත යුතුයි.

ස්වාමීන්වහන්සේ මා තුළ වැඩ වාසය කරන සේක.

1 කොරින්ති 6:20 නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.

උන්වහන්සේ අපව මිලදී ගෙන ඇත.

උන්වහන්සේ කිසි කෙනෙකුට බලහත්කාරයෙන් කිසි දෙයක් කරන්නේ නැත. ගැළවීම පවා කෙනෙකු ලබන්නේ තමා කැමැත්ත ප්‍රකාශ කරන විටයි.

කොලොස්සි 1:13 පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.

1 කොරින්ති 10:13 මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.

කොලොස්සි 1:10-11 සියලු යහපත් ක්‍රියාවලින් ඵලදරමින්ද, දෙවියන්වහන්සේ දැනගැනීමෙහි වර්ධනය වෙමින්ද, ප්‍රීතිය ඇතුව සියලු ආකාර ස්ථිරකමටත් ඉවසිලිවන්තකමටත් උන්වහන්සේගේ තේජසේ පරාක්‍රමයේ හැටියට සියලු ආකාර බලයෙන් ශක්තිමත් වෙමින්ද,

හිතෝපදේශ 18:21 මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ; ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්තිවිඳින්නෝය.

1 පේත්‍රැස් 3:9 නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට, නුඹලාට ආශීර්වාදයක් උරුමවෙන පිණිස කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාදම කරන්න.

1 පේතෘස් 2:9 නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන (ප්‍රශංසාව පෙන්වන) පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.

දේව වචනය අපට ආලෝකයයි.

1 පේතෘස් 2:10 වරක් නුඹලා සෙනඟක්ව සිටියේ නැත, නුමුත් දැන් දෙවියන්වහන්සේගේ සෙනඟව සිටින්නහුය; දයාව නොලැබ සිටිය නුමුත් දැන් දයාව ලැබ සිටින්නහුය.

ඔබ කිසි දෙයක් ගැන භයනොවන්න
.
භියෙන් ජීවත් වීම පාපයක්.

එළිදරව් 21:7‭-‬8
ජයගන්නා මේ දේවල් උරුමකරගන්නේය; මම ඔහුගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔහු මාගේ පුත්‍රයා වන්නේය. නුමුත් භය ඇත්තන්ටත් අවිශ්වාස කරන්නන්ටත් පිළිකුල්ව සිටින්නන්ටත් මිනීමරන්නන්ටත් වේශ්‍යාකම්කරන්නන්ටත් මායාකාරයන්ටත් රූපවඳින්නන්ටත් සියලු බොරුකාරයන්ටත් ගින්නෙනුත් ගෙන්දගමිනුත් දැවෙන විලෙහි තමුන්ගේ කොටස වන්නේය; එය දෙවෙනි මරණයයයි මට කීසේක.

1 පේතෘස් 3:9 නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට, නුඹලාට ආශීර්වාදයක් උරුමවෙන පිණිස කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාදම කරන්න.

1 කොරින්ති 10:9‭-‬11 අපි ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරමු, ඔවුන්ගෙන් සමහරෙක් පරීක්ෂාකොට සර්පයන්ගෙන් නාස්තිවුණෝය. නුඹලා නොකොඳුරන්න, ඔවුන්ගෙන් සමහරෙක් කොඳුරා, විනාශකයාගෙන් නාස්තිවුණෝය. ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය.

අපගේ ශරීරය උන්වහන්සේගේ මාළිගාවයි.

අපි පරණ ගිවිසුමේ අයගේ ජීවිතයේ තිබෙන යහපත් දේවල් අපේ ජීවිතයට අදාල කර ගමු.

1 කොරින්ති 10:10 නුඹලා නොකොඳුරන්න, ඔවුන්ගෙන් සමහරෙක් කොඳුරා, විනාශකයාගෙන් නාස්තිවුණෝය.

කෙනෙකු ගැළවීම ලැබූ දා ඔහු ගැළවීමේ ප්‍රීතියට ඇතුල් වන්නේය.

අපි වෙනස් වූ පුද්ගලයන්.

දෙව් ප්‍රීතිය ඔබගේ ශක්තියයි.

යොහන් 10:29 ඔවුන් මට දුන්නාවූ මාගේ පියාණන්වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය; පියාණන්වහන්සේගේ අතින් ඔවුන් උදුරාගන්ට කාටවත් බැරිය.

ස්වාමීන්වහන්සේ අපව උරුමක්කාරයන් කර තිබෙනවා.

මේ ලෝකයේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය උන්වහන්සේ පිහිටුවමින් සිටිනසේක.

කොලොස්සි 1:13
පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.

කොලොස්සි 1:14 උන්වහන්සේ තුළ අපගේ මිදීම වන, පව්වලට කමාව (ලේ වලින්) අපට තිබේ.

ලූක් 22:31‭-‬32 සීමොන්, සීමොන්, බලව, නුඹලා ගෝධුම මෙන් පොළන්ට සාතන් ඉල්ලුවේය. නුමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාච්ඤාකෙළෙමි. නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථිරකරන්නැයි කීසේක.

අපට තිබෙන්නේ ජීවන ඇදහිල්ලයි.

ගීතාවලිය 62:6 මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය; මම නොසෙල්වන්නෙමි.

ස්වාමීන්වහන්සේ වචනය දෙනසේක. ආරංචිය පතුරුවන ස්ත්‍රීහු මහත් සේනාවක්ය.
ගීතාවලිය 68:11

ගීතාවලිය 62:7 මාගේ ගැළවීමත් මාගේ උතුම්කමත් දෙවියන්වහන්සේගෙන්ය; මාගේ ශක්තියේ පර්වතයත් මාගේ රක්ෂාස්ථානයත් දෙවියන්වහන්සේ තුළෙහිය.

ගීතාවලිය 62:8 ජනයෙනි, සෑමවිටම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරව්; උන්වහන්සේ ඉදිරියේ නුඹලාගේ සිත් වගුරුවව්. දෙවියන්වහන්සේ අපට රක්ෂාස්ථානයක්ය.

ගීතාවලිය 62:10 බලාත්කාරකම කෙරෙහි විශ්වාස නොකරව්, කොල්ලකෑම ගැන අහංකාර නොවව්. වස්තු වැඩිවුණොත් ඒවා කෙරෙහි සිත නොතබව්.

ගීතාවලිය 62:11-12 දෙවියන්වහන්සේ එක් වරක් කීසේක, මම මෙය දෙවරක් ඇසීමි; එනම් බලය දෙවියන්වහන්සේට අයිති බවත්,
ස්වාමිනි, කරුණාවත් ඔබට අයිති බවත්ය. මක්නිසාද ඔබ එක එක මනුෂ්‍යයාට ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල දෙනසේක.

ඔබ විශ්වාස කරන දේ පවසන්න.

සියල්ලට වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න.

හිතෝපදේශ 4:23 සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.


Watch the Sermon Video

Read 360 times