Print this page

දේව භය ආරක්ෂාවත් මිදීමත් ගෙන දෙන්නේය - යෝෂා මනූ
July 31, 2022 Sunday Sermon Notes


මීට කලින් අපි දේව භය ගැන කර ඇති පාඩම්වල මාතෘකා

ධර්මිෂ්ඨකමේ දරුවන් තුළ දේව භය ඇති කළ යුතුයි.
දේව භයින් අපි ජීවත් විය යුතුයි.
දේව භය අපට සඵලත්වය ගෙන දෙන්නේය.
ප්‍රඥාව හා දැනගැන්මත් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමත් අපගේ සම්පතයි.
ප්‍රඥාවන්තයා දේව භයින් නපුරෙන් වැලකී සිටී.
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ජීවනයට පමුණුවයි.
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් බලවත් නිසැකකමක් තිබේ

අද දින අපි දේව භය ආරක්ෂාවත් මිදීමත් ගෙන දෙන බව බලමු

හිතෝපදේශ 14:26
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් බලවත් නිසැකකමක් තිබේ; එසේ භයවන්නන්ගේ දරුවන්ට රක්ෂාස්ථානයක් ලැබේ.

හිතෝපදේශ 14:27
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම මරහුගේ මලපත්වලින් මිදීමට ජීවන උල්පතක්ය.

දෙවියන්වහන්සේට අපි ගරුබියෙන් ප්‍රේමයෙන් ජීවත් වන විට අපගේ හදවත් තුළ ඇතිවන විශ්වාසය නිසා ඒ තුළින්
බලවත් රක්ෂාස්ථානයක්, ආරක්ෂාවත්, රැකවරණයත්, සුරක්ෂිතභාවයත්, ස්ථීරභාවයත් අපට ගෙන දෙනු ලැබේ.

දේව භය අපව අන්තරයන් වලින් ආරක්ෂාව සලස්වා දෙනවා.
ව්‍යාජ දේවල්වලින්, විපත්ති වලින්, බොරුවෙන්, පීඩා වලින්, උගුල් වලින් පවා අපට ආරක්ෂාව සපයා දෙන්නේය.

දේව භය තිබෙන විට අපි බලකොටුවක් තුළ රැකවල් ගත් කෙනෙකු මෙන් කිසි බියක් නැතිව වාසය කරනු ඇත.

කිසි අනතුරකට, විපතකට, භය නොවී සිටී. ඒ ජීවනය තමාට ආරක්ෂාව සලස්වා දෙන්නේය.

ගීතාවලිය 91:1
මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය.

රහස් ස්ථානයේ වාසය කරනවා යනු- හදීසියකදී අවශ්‍යතාවයකදී මා දෙවියන්වහන්සේ වෙතට දුවයනවා පමණක් නොව, නිතරම දෙවියන්වහන්සේගේ අභිමුඛයේ ජීවත්වීමයි.

වාසස්ථානය යනු නිවසයි. දෙවියන්වහන්සේ අපේ වාසස්ථානයයි.

වසන තැනැත්තේ - වාසයකරන, ස්වාමීන්වහන්සේගේ වචනය තුළ උන්වහන්සේගේ පොරොන්දු ප‍්‍රකාශ කරමින් වාසය කරන තැනැත්තාටයි එම පොරොන්දු අයිතිවන්නේ.

ගීතාවලිය 91:11 මක්නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට නුඹ ගැන අණදෙනසේක.

දෙවියන්වහන්සේ අණ කරනවා උන්වහන්සේගේ දේව දූතයන්ට අපව ආරක්ෂාකරන්න.

අපව අනතුරුදායක දේවලින් වලක්වන්න දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දූතයන්ව අපට පෙරටුව යවනවා.

අපට එය නොපෙනුනාට අප එය විශ්වාස කළ යුතුයි.

අපි හරි වචන කථා කළ යුතුයි. කොදුරන්නේ මුමුනන්නේ නැතිව.

අප කොදුරන මුමුනන කළ දේවදූතයන්ට කිසිත් කළ නොහැකිව බලාසිටී.

අප දේව වචනයේ පොරොන්දු කථා කරන කළ, අප ප‍්‍රකාශ තදින් අල්ලාගත් විට දේව දූතයන්ගේ උපකාරය අපට ලැබෙනවා.

දේව දූතයන්ගේ ආරක්ෂාව ගැන යේසුස්වහන්සේ පැවසු දේ බලමු.

මතෙව් 18:10‭-‬11
මේ බාලයන්ගෙන් එකෙකුටවත් හෙළා නොදක්නා ලෙස බලාගන්න. මක්නිසාද ස්වර්ගයේදී ඔවුන්ගේ දූතයෝ ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ මුහුණ නිතරම දකිතියි නුඹලාට කියමි.

දේව දූතයන් නිතරම දෙවියන්වහන්සේගේ මුහුණ දෙස බලමින් උන්වහන්සේ අණ කරන දේ කිරීමට බලා සිටිනවා.

හෙබ්‍රෙව් 1:14
ඔවුන් සියල්ලෝ ගැළවීම උරුමකරගන්ට සිටින්නන් උදෙසා සේවයකරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවෙද්ද?

සේවක ආත්මයන් යනු දේව දූතයන් ඒ අය සිටින්නේ උරුමක්කාරයන්ට උපකාර කරන්න.

උරුමක්කාරයන් යනු ගැළවීම ලැබුවාවු අපය.

දේව භය අප තුළ තිබෙන විට බහුලවූ ජීවිතයක් අපට බුක්ති විඳිය හැකිය. ඒ තුළින් අපට නිතරම ආරක්ෂාව ඇතුව සහ සම්පූර්ණවූ තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නට මාර්ගයක් සලස්වයි.

ගීතාවලිය 34:7‭-‬8‭, ‬
ස්වාමීන්ගේ දූතයා උන්වහන්සේට
භය ඇත්තන් හාත්පස කඳවුරු බැඳ, ඔවුන් මුදාහරියි. ස්වාමීන් යහපත් බව රස බලා දැනගනිව්. උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය. නපුරෙන් ඉවත්ව යහපත්කම් කරව; සමාදානය සොයමින් එය අනුව යව. ස්වාමීන්ගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා තිබේ,

ගීතාවලිය 34:10‭,
තරුණ සිංහයෝ හිඟ ඇතිව සාගින්න විඳිති. නුමුත් ස්වාමීන් සොයන්නන්ට කිසි යහපත් දෙයකින් හිඟයක් නොවන්නේය‬

අප පොරොන්දු ප‍්‍රකාශ කරනකළ දෙවියන්වහන්සේට පුලුවන් හිඟ දේවල් සපයන්න.

ගීතාවලිය 34:12 -14
12 ජීවිතයට කැමතිවූ, යහපත දක්නා පිණිස බොහෝ දවස් වලට ප්‍රියවූ මනුෂ්‍යයා කවරේද?
13 නුඹේ දිව නපුරෙන්ද නුඹේ තොල් වංචා කථාවෙන්ද වලකාගනුව.
14 නපුරෙන් ඉවත්ව යහපත්කම් කරව; සමාදානය සොයමින් එය අනුව යව.

නිතරම යහපත කථා කරන්න.
ඔබට ඇසුනත්, දුටුවත් නපුරාගේ දේ කථා නොකරන්න.

ගීතාවලිය 34:15 ස්වාමීන්ගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා තිබේ,

මොරගැසීම යනු දෙවියන්වහන්සේට යාච්ඤා කිරීමයි.

2 රාජාවලිය 6:8-17
17 එවිට එලිෂා යාච්ඤාකොට: ස්වාමීන්වහන්ස, දකින පිණිස මොහුගේ ඇස් පැහැදුවමැනවයි කීවේය. ස්වාමීන්වහන්සේ තරුණයාගේ ඇස් පැහැදූසේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය.

8 සිරියේ රජ ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන විට තමාගේ සේවකයන් සමඟ මන්ත්‍රණයකරමින්: අසවල් අසවල් තැන මාගේ කඳවුර විය යුතුයයි කීවේය.

පහර දෙන්නට රහසින් රැක සිටියා.

එලීෂා ඉශ්‍රායෙල් රජුට නිතරම අනතුරු ඇඟෙව්වා

ඉශ‍්‍රායෙල් රජ තුමාට ආරක්ෂාව ලැබුනා එලීෂා දුන් උපදෙස් අවවාද වලින්. රජතුමා එලීෂාගේ උපදෙස් ඇසුවා.

2 රාජාවලිය 6:9-10
9 දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාද: සිරියවරුන් අසවල් තැනට බැස එන නිසා ඒ ළඟින් නොයන හැටියට බලාගත මැනවැයි ඉශ්‍රායෙල් රජුට කියා ඇරියේය.
10 දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා තමාට ප්‍රවේසම්වෙන්ට කියා දැනුම්දුන් ස්ථානයට ඉශ්‍රායෙල් රජ මනුෂ්‍යයන් යවා ගැළවීගත්තේය; එසේ වුණේ වරක් දෙවරක් පමණක් නොවේය.

මෙය සිරියේ රජුට සිත කළඹන මහත් ප‍්‍රශ්ණයක් වුණි.

2 රාජාවලිය 6:11-12
11මේ කාරණය ගැන සිරියේ රජුගේ සිත කැළඹී ඔහු තමාගේ සේවකයන් කැඳවා: අපෙන් ඉශ්‍රායෙල් රජුගේ පක්ෂයට සිටින්නේ කවුද කියා නුඹලා මට දන්වන්නේ නැද්දැයි කීවේය.
12 ඔහුගේ සේවකයන්ගෙන් එක්කෙනෙක්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවනි, එසේ නොවේ. ඔබගේ යහන් ගබඩාවේදී ඔබ කියන වචන ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘවූ එලිෂා, ඉශ්‍රායෙල් රජුට දන්වන්නේයයි කීවේය.

සියල්ල සිදුවන්නේ එලීෂා නිසා බව තම සේවකයින්ගෙන් දැනගත් සිරියේ රජ එලීෂා ගෙන ඒමට මහත් සමුදාවක් යැවීය.

2 රාජාවලිය 6:13-14
13 එවිට ඔහු: මා විසින් ඔහු ගෙන්වා ගන්නා පිණිස ඔහු කොතනද කියා නුඹලා ගොස් බලන්නැයි කීවේය. ඔහු දෝතාන්හි සිටින්නේයයි ඔහුට දන්වන ලද්දේය.
14 එබැවින් ඔහු අශ්වයන්ද රථද මහත් හමුදාවක්ද එහි ඇරියේය. ඔව්හු රාත්‍රියේ ඇවිත් නුවර වටලාගත්තෝය.

සමුදාව දුටු එලීෂාගේ සේවකයා භයවූ විට එලීෂා ඔහුට පැවසුවේ භය නොවන්න ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝ කියාය.

2 රාජාවලිය 6:15-17
15 දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සේවකයා අලුයම නැගිට පිටතට ගිය කල හමුදාවක් අශ්වයන් හා රථ ඇතුව නුවර වටේට සිටිනවා දුටුවේය. එවිට ඔහු: අහෝ ස්වාමිනි, අපි මක්කරමුදැයි ඔහුට කීය.
16 ඔහුද: භයනොවන්න. මක්නිසාද ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝයයි කීවේය.
17 එවිට එලිෂා යාච්ඤාකොට: ස්වාමීන්වහන්ස, දකින පිණිස මොහුගේ ඇස් පැහැදුවමැනවයි කීවේය. ස්වාමීන්වහන්සේ තරුණයාගේ ඇස් පැහැදූසේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය.

දෙවියන්වහන්සේගේ අභිමුඛය අප සමඟ තිබෙනවා.

ඔබ වටා ඔබට විරුද්ධව කවුරු ආවත් දෙවියන්වහන්සේ ඔබ වටා පත්කළ ඇති දේවදූත සේනාව විශාලයි.

ඔබගේ ඇස් ඇරුනොත් ඔබට එය පෙනේවි.

භය වෙන්න එපා කිසි විටෙකත් ගෙහාසි මෙන් සැක නොකරන්න.

දෙවියන්වහන්සේගේ සේනාව ඔබ සමඟයි. ඔබ වටකරමින් අරක්ෂා කරමින් ඔබ යන සැම තැනම ඔබ සමඟ සිිටින්න යනවා.


Watch the Sermon Video

Read 364 times