Print this page

ඔබගේ හැඟීම් පාලනය කරගන්නේ කෙසේද?
(2 වන කොටස)- මනූ මැතානි

July 31, 2022 Sunday Sermon Notes

 

අපි ශුද්ධාමයාණන්වහන්සේ කෙරෙහි විශ්වාස කරමු.

අපි පරාජිතව ජීවත් වන්නට අවශ්‍ය නැත.

අපගේ ආරක්ෂාව සඳහා ශුද්ධාමයාණන්වහන්සේ ක්‍රියා කරන බව අපි විශ්වාස කරමු.

යෙරෙමියා 6:14 සමාදානය නැතුව තිබෙද්දී: සමාදානයය, සමාදානයය කියා මාගේ සෙනඟගේ තුවාලයද ඔව්හු මඳක් සුවකර තිබේ.

යෙරෙමියා 6:16-17

16 නුඹලා මාර්ගවල නැවතී සිට බලා, හොඳවූ මාර්ගය කොයි එකද කියා පුරාණ මාවත් ගැන අසාගන එහි යන්න, එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුමුත් ඔව්හු: අපි එහි නොයන්නෙමුයයි කීවෝය.

17 මමද ඔවුන් කෙරෙහි රැකවලුන් පත්කොට: හොරණෑ ශබ්දයට ඇහුම්කන්දෙන්නැයි කීවෙමි; නුමුත් ඔව්හු: අපි ඇහුම්කන් නොදෙන්නෙමුයයි කීවෝය.

ඔබ කියන්න ස්වාමිනි, ඒ පුරාණ මාවත් මට පෙන්වන්න.

ඔබගේ ඇසට නොපෙනෙන මාර්ගය පෙන්වා දෙන්ට කියා යාච්ඤා කරන්න.

තීරණය ගැනීමේදී කිසි කෙනෙකුට ඔබට බල කරන්නට ඉඩ දෙන්න එපා.

ඔබ නොදන්නා දේවල් පෙන්වා දෙන්න කියා ස්වාමීන්වහන්සේට කියන්න.

අපගේ හැඟීම් අප යටපත් කළ යුතුයි. ඒවාගේම හැඟීම් වලට අපව යටපත් කරන්නට ඉඩ නොදෙමු.

ස්වාමීන්වහන්සේ අප සමඟ නිසා කිසි කෙනෙකුට අපට එරෙහි වන්නට නොහැකියි.

වැදගත්ම අවශ්‍යම තීරණ ගැනීමේදී ඔබගේ හැඟීම් වලට ඉඩ දෙන්න එපා වැරදි තීරණ ගන්නට.

යෙරෙමියා 7:21-23

21 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ යාගවලට නුඹලාගේ දවන පූජාවලුත් එක්කොට මාංස කන්න.

22 මක්නිසාද මා විසින් නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා කාලයේදී මා ඔවුන් සමඟ කථාකළෙත් ඔවුන්ට අණකළෙත් දවනපූජාද යාගද යන කාරණා ගැන නොවේය.
23 නුමුත් මා ඔවුන්ට අණකළේ: මාගේ හඬට කීකරුවෙන්න, එවිට මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි, නුඹලාද මාගේ සෙනඟ වන්නහුය. නුඹලාට ශුභසිද්ධවන පිණිස මා නුඹලාට අණකරන්නාවූ මුළු මාර්ගයෙහි හැසිරෙන්නය යන දේය.

දෙවියන්වහන්සේට අපගෙන් අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ හඬට කීකරු වී උන්වහන්සේ අනුවයන්නටය.

යෙරෙමියා 7:24
නුමුත් ඔව්හු අසන්නේවත් තමුන්ගේ කන් යොමුකරන්නේවත් නැතුව, තමුන්ගේ නපුරු සිතේ මන්ත්‍රණවලද මුරණ්ඩුකමේද හැසිරෙමින්, ඉස්සරහට නොව පස්සට ගියෝය.

ඔබ ඉදිරියට ගමන් කරන්න, සඵල වෙන්න, දියුණු වෙන්න, ආශීර්වාද ලබන්න. ඔබ වෙනුවෙන් මෙයයි දෙවියන්වහන්සේගේ කැමැත්ත.

අපගේ ක්‍රියාවන් වලින් උන්වහන්සේට ගෙවීමක් කළ නොහැකියි.

අපි ස්වාමීන්වහන්සේට සතුටු සිතින් සේවය කරමු.

නව ගිවිසුම අනුව අපි උන්වහන්සේගේ මාළිගාවයි.

දෙවියන්වහන්සේ බලන්නේත් අපව කැඳෙව්වෙත් අපගේ සුදුසුකම් නිසා නොවේ.

උන්වහන්සේ අපව ගළවා ගත්තේ අනික් අයව ධෛර්යයමත් කරන පිණිසයි.

දාවිත් සමඟ සිටි සෙනඟ දෙස ඔබ බලන්න. ඒ අය පරාජිත සෙනඟක්.

1 සාමුවෙල් 22:2 විපතට පත්වූ සියල්ලෝද ණයතුරුස් ඇති සියල්ලෝද නොසතුටු සිත් ඇති සියල්ලෝද ඔහු වෙතට රැස්වූහ; ඔහු ඔවුන්ගේ අධිපතියා විය. මෙසේ ඔහු සමඟ හාරසියයක් පමණ මනුෂ්‍යයෝ ඇති වූහ.

1 සාමුවෙල් 30:6 දාවිත් තද අමාරුවට පත්විය; මක්නිසාද මුළු සෙනඟගේ සිත් තම තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගැන ශෝකවුණ බැවින් ඔහුට ගල්ගසන්ට සෙනඟ කථාකළෝය. නුමුත් දාවිත් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ ශක්තිය උපදවාගත්තේය.

මේ පරාජිත සෙනඟ, දාවිත් තද අමාරුවට පත් වූ විට ඔහුව ගල ගසා මරා දමන්නට තැත් කළ නමුත් දාවිත් තමාව ස්වාමීන්වහන්සේ ඉදිරියේ ශක්තිමත් කර ගත් සේක.

2 සාමුවෙල් 2:11 දාවිත් කම්මැලි වූ අවස්ථාවේදී කාමයට වැටුණේය.

දාවිත්ගේ මේ දුර්වල චරිතය අපි දකිනවා.

නමුත් අපි කම්මැලි නොවෙමු.

කොරින්ති 3:6 තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයින් කොට අප සමර්ථකළසේක; එනම් වචනාර්ථයේ හැටියට නොව පරමාර්ථයේ හැටියටය. මක්නිසාද වචනාර්ථය නසන්නේය, පරමාර්ථය ජීවත්කරන්නේය.

ඔබ අලුත් ගිවිසුමේ ජයගත් සෙනඟයි.

1 යොහන් 5:4-5 මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය. 5 යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව විශ්වාසකරන තැනැත්තා මිස ලෝකයෙන් ජයගන්නේ වෙන කවුද?

ඇදහිල්ලේ කර්තෘ අපට ජයග්‍රහණය දී ඇත.

එළිදරව් 3:5 ජයගන්නා නම් මෙසේ සුදු වස්ත්‍රයෙන් පළඳවනු ලැබේ; ඔහුගේ නම ජීවන-පොතෙන් කිසිසේත් මකා නොහැර, මාගේ පියාණන්වහන්සේද උන්වහන්සේගේ දූතයන්ද ඉදිරියෙහි ඔහුගේ නාමය පිළිගන්නෙමි.

ඔබ ස්ථීරව සිටින්න.

ඔබ නිතරම ජයගත් කෙනෙකුය.

ඔබ ජයගන්නේ ඔබගේ ඇදහිල්ලෙන්.
ඔබ ජීවත් වන්නේ ඇදහිල්ලෙන්.

ඔබ කම්මැලිකමෙන් නොසිටින්න.

ඔබ ඇදහිල්ලෙන් ස්ථීරව සිටින්න.

යේසුස්වහන්සේ ඔබගේ හොඳම මිත්‍රයා විය යුතුයි.

ඔබට දී තිබෙන මහත් ගැළවීම නොසලකා නොසිටින්න.

නිරයෙන් මුදවා සදාකාල ජීවනය ඔබට දී තිබෙනවා.
ගිවිසුමක් නැති ඔබ සමඟ ගිවිසුමක් සෑදුවා.
වහල්භාවයෙන් පුත්‍රයන් කර තිබෙනවා.

2 කොරින්ති 7:10 මක්නිසාද දේවකැමැත්තට එකඟවූ ශෝකයෙන්, තැවෙන්ට කාරණයක් නොවන්නාවූ ගැළවීමට පමුණුවන පසුතැවිලිවීම හටගන්නේය. නුමුත් ලෞකික ශෝකය මරණය උපදවන්නේය.

සදාකාල ප්‍රීතියෙන් ශෝකයට වෙනස් කළා.

ලෝකයේ දෙවියා ඔබ තුළට දුක ශෝකය ඇතුල් කරන්නට තැත් කළත් ඔබ ඉඩ නොදෙන්න.

යොහන් 8:51 සැබවක් සැබවක් නුඹලාට කියමි–යමෙක් මාගේ වචනය රක්ෂාකරන්නේ නම් ඔහු කිසිකලක මරණය දකින්නේ නැතැයි කීසේක.

මේ වචන රක්ෂා කර ගන්න.
යක්ෂයාට මාර්ගයක් නොදෙන්න.

ස්වාමීන්වහන්සේ සදාකාල ප්‍රීතියෙන් ඔබව පුරාවා ඇත.

යෙසායා 51:11 ස්වාමීන්වහන්සේ විසින් මුදනලද්දෝ ගී කියමින් සියොන්ට හැරීඑන්නෝය; සදාකාල ප්‍රීතියද ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. සන්තෝෂයද ප්‍රීතිමත්කමද ඔවුන් පිටට පැමිණෙන්නේය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.

ඒ නිසා හැඟීම්වලට බර වී ජීවත්වෙන්න එපා.

එපීස 5:15‭-‬17 එපීස ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන, දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න. මේ නිසා, නුඹලා අනුවණයෝ නොවී, ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම්ගන්න.

යෙසායා 51:11 ස්වාමීන්වහන්සේ විසින් මුදනලද්දෝ ගී කියමින් සියොන්ට හැරීඑන්නෝය; සදාකාල ප්‍රීතියද ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. සන්තෝෂයද ප්‍රීතිමත්කමද ඔවුන් පිටට පැමිණෙන්නේය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.

දේව අභිමුඛය තිබෙන්නේ ප්‍රශංසා මධ්‍යයේ.

තනිකමේ ආත්මයට ඉඩ නොදෙන්න.

ගීතාවලිය 22:3 නුමුත් ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසා මධ්‍යයෙහි වාසයකරන්නාවූ ඔබ ශුද්ධසේක.

හිතෝපදේශ 29:25 මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.

ඇදහිල්ලෙන් සහ ආත්මයෙන් ජීවත් වෙන කෙනා
හැඟීම් බරව ජීවත්වන්නේ නැත.

හැඟීම් බරව ජීවත්වීමෙන් ඔබ ඔබගේ නිදහස නැති කර තිබෙනවා.

ඒ නිසා ඔබගේ නිදහස නැති කර නොගන්න.


Watch the Sermon Video

Read 370 times