Print this page

ලෙයින් ඔබේ මේ මන්දීරය පිවිතුරුවේ


ලෙයින් ඔබේ
මේ මන්දීරය පිවිතුරුවේ 
ලෙයින් ඔබේ
රජ වෙම් පූජකයෙකු වෙම්
මා පාපය ඉවත හෙලූවේ
උදාගිර දුරසේ අවරගිරෙන්

ලෙයින් ඔබේ
මා මිදී සිටිමි ලෙයින් ඔබේ

මා ප‍්‍රීතිය නැවත ලැබී
අති ශුද්ධ වු තැන්හිදී ඔබ නමදිමි
මා යේසුස් ස්වාමිනි ඕ ශුද්ධ ස්වාමිනි

යේසුනි නිමල නිදොස් සමිඳුන්
ඔබ මා පවිත‍්‍ර කළේ
ඔබේ දමිටුකමෙහි සිටිම් මෙමා

 

Read 614 times