Print this page

සමිඳා අප ඔබ පසසම්

 
සමිඳා අප ඔබ පසසම්
අප පැසසුම් හා ස්තුති දෙන්නෙම්
ඔබටයි අපගේ ගැයුම්
ඔබටයි අපගේ පැසසුම්
හිමි පසසන්නෙම්

ඔබගේ පේ‍්‍රමය නොසිඳෙයි

ඔබ නොවෙනස්වෙයි නොහැරෙයි
අප දෑත් ඔසවන්නෙමු
පැසසුම් ගෙන එන්නෙමු
හිමි පසසන්නෙම්


හිමි මා ඔබෙ ප්‍රේමය සමරන්නෙමි


හිමි මා ඔබෙ ප්‍රේමය සමරන්නෙමි

හද පතුලෙන් මා සමරන්නෙමි
ප්‍රේමය සමරන්නෙමි මට දුන්නාවු
නමදින්නේ මා ඔබ පමණයි
හිමි අභියස සදා ජීවනයයි
නමදින්නේ ඔබ පමණයි ඔබ මා සමිඳා

සුවය දෙමින් මුදවා හරිමින්
මා තුළ ඔබ නිති වැජඹේවා
මා සමිඳා මා සමිඳා

 

හිමි ඔබෙ නාමෙට පැසසුම් ගී මා ගයමි


හිමි ඔබෙ නාමෙට පැසසුම් ගී මා ගයමි

ඔබෙ නාමෙට පැසසුම් ගී මා ගයමි
ඔබේ නාමේ උසස් පැසසුම් ලැබුමට සෑහේ
(x2)

හිමි ඔබෙ නාමෙට මහිමය මා දෙන්නෙමි
ඔබෙ නාමෙට මහිමය මා දෙන්නෙමි
ඔබේ නාමේ උසස් මහිමය ලැබුමට සෑහේ
(x2)

හිමි ඔබෙ නාමෙට ගෞරව මා දෙන්නෙමි
ඔබෙ නාමෙට ගෞරව මා දෙන්නෙමි
ඔබේ නාමේ උසස් ගෞරව ලැබුමට සෑහේ
(x2)

 

ඔබ වැනි වු කව්දෝ


ඔබ වැනි වු කව්දෝ
දෙවිවරු අතරේ සමිඳුන්

ඔබ වැනි වු කව්දෝ
ශුද්ධ වු මහිමයේ

උසස් වු පැසසුමේ
කළා වු පුදුම දේ

ඔබ වැනි වු වෙන කව්දෝ

 

Read 574 times