Print this page

සැම ප‍්‍රශ්නෙට විසඳුම ඔබයි

සැම ප‍්‍රශ්නෙට විසඳුම ඔබයි
සැම වේදනාවට සුවය ඔබයි
සැම ආශාවට පැතුම ඔබයි
සැම අන්ධකාරෙදී එළිය ඔබයි
(x2)

ඔබමයි සමිඳේ ඔබම වේ
යේසුස් සමිඳේ ඔබම වේ
ඔබමයි සමිඳේ ඔබම වේ
ඔබ සමිඳේ මගේ සියල්ල වේ

සැම කාලයේදී සැම වේලාවෙදී
එතුමන් කිසිදා අත් නාරින්නේ
කුඩා හෝ මහත් වූ දෙයින් වුවත්
යේසුස් නිදහස ඔබහට දෙයි
(x2)

සියල්ල දෙන්නේ සමිඳේ ඔබයි
හිමි යේසුස් මට සෑහේ
සියල්ල දෙන්නේ සමිඳේ ඔබයි
මගේ යේසුස් මට සෑහේ

 

Read 441 times