Print this page

මේ නත්තල් සමයේ මා ප‍්‍රීති වෙමි

 

VERSE:
මේ නත්තල් සමයේ මා ප‍්‍රීති වෙමි
දෙවිඳු කළාවු දේ සමරමි
යේසුස්ගේ නාමය මා ඔසවමි
දෙව් ප‍්‍රේමය ගැන පවසමි (x2)

ගී ගයමින් ස්තූති දෙමි
මගේ දෑත් ඔසවා නමදිමි (x2)

පැසසුම් හඬින් ගෞරව පුදමි
හලෙලූයා මහිමවේ

මගෙ ගැළවුම්කරු හිමි මා සමඟයි
එතුමගෙ වචනය දැන් මා තුළයි (x2)

ශුද්ධ ආත්මෙ බලයෙන් පිරී සිටිමි
හලෙලූයා ආමෙන්!

 

 

Read 192 times