දෙවිඳුන් ජීවනයයි
VERSE:
දෙවිඳුන් ජීවනයයි x3
හිමි නම අදහාගත් බැව් ජීවනය ඇතේ
(x2)
දෙව් පුත් කිතු යේසුස් තුළින්
අප ලැබුවේ ජීවනයයි
එය නොමිලේ අපහට දුන් දීමනාවයි
අප ලැබුවේ යේසුස් තුළින්
සදාතන ජීවනයයි
එය නොමිලේ අපහට දුන් දීමනාවයි
දැන් අපේ දිවි හිමි තුළ සැඟවී ඇතේ
කිතු සමග දෙවිඳුන් තුළ සැඟවී ඇතේ
අපෙ නාම ජීවන පොතෙහී ලියා ඇතේ x2
මරණින් ජීවනයට ඇතුල් වී
දැන් ජීවන රොටි අනුභව කරන්නේ
කිසිදා සාගින්නෙන් හෝ පිපාසය නොවෙම්
(x2)
ඔබෙ වචනය ආත්මයයි එය ජීවනයයි
සමිඳේ
ඔබෙ වචනය ආත්මයයි එය ජීවනයයි
හිමි ජීවන කුමරුන් බව මා අදහමි x2