+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ඇදහිල්ල සැමදේ අපහට ලබා දෙයි


ඇදහිල්ල සැමදේ අපහට ලබා දෙයි
අපෙ අනාගතය දකින්නේ ඇදහිල්ලයි
නොමැරී දිවි ගෙවන්නට ඇදහිල්ල උදව් කරයි
ඇදහිල්ල ඔබේ ආශාවන් ඉටු කරයි

අපි ගමන් කරමු ඇදහිල්ලෙන්
දෙව් වචනය දෙස බලමින්
ඇදහිල්ල නැතිව හිමි ප‍්‍රසන්න කළ නොහැකියි
(x2)

දෙවිඳුන්ගේ ඇදහිල්ලෙන් මරණය දුරු වී යයි
එබැවින් ඇදහිල්ලෙන් යාච්ඤා කරමූ
අදෘශ්‍යමාන දෙවිඳුන් දෙනෙතින් අප දෙස දකිනා බැවින්
යේසුස්ගේ ලේ තුළ ඇදහිල්ල තබමූ

ඇදහිල්ලෙන් රතු මුහුද දෙබෑ වුනේ
ඇදහිල්ලෙන් සතුරා විනාශ වුනේ
ඇදහිල්ලෙන් පවුරු බිඳ වැටුනේ
ඇදහිල්ලෙන් දමිටු අය ජය ගත්තේ

ඇදහිල්ලෙන් රාජ්‍යයන් යටත් කළේ
ඇදහිල්ලෙන් සුවය ලබා ගත්තේ
ඇදහිල්ලෙන් මළවුන් නැවත නැගිටුනේ
එම ඇදහිල්ලෙන් ස්ථිර වී අපි ජය ගනිමූ

 

 

Read 246 times