+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

 දෙවිඳුගේ හමුදාව

 

දෙවිඳුගේ හමුදාව - මේ දේශේ ගමන් කරයි
මිදීම ගායනාවයි ඔවුන්ගේ හස්තයේ සුවයයි

සදාකල් ජීවනය ඔවුන්ගේ හද තුළයි
සදාකල් ගැළවීම ඔවුන්ගේ හද තුළයි
සදාකල් මහිමය ඔවුන්ගේ හද තුළයි
සදාකල් පී‍්‍රතිය ඔවුන්ගේ හද තුළයි

මේ දේශයේ ඔවුන් බලවත්ම හමුදාවයි
යේසුස් නාමයෙන් ඔවුන් එකමුතු වී සිටියි
මේ දේශයේ ඔවුන් බලවත්ම හමුදාවයි
යේසුස් නාමයෙන් ඔවුන් පේ‍්‍රමෙන් බැඳී සිටියි

දෙවිඳුගේ හමුදාව - මේ දේශේ ගමන් කරයි
මිදීම ගායනාවයි අපගේ හස්තයේ සුවයයි

සදාකල් ජීවනය අපගේ හද තුළයි
සදාකල් ගැළවීම අපගේ හද තුළයි
සදාකල් මහිමය අපගේ හද තුළයි
සදාකල් පී‍්‍රතිය අපගේ හද තුළයි

මේ දේශයේ අප බලවත්ම හමුදාවයි
යේසුස් නාමයෙන් අපි එකමුතු වී සිටිමු
මේ දේශයේ අප බලවත්ම හමුදාවයි
යේසුස් නාමයෙන් අපි පේ‍්‍රමෙන් බැඳී සිටිමු

ප‍්‍රීතියෙන් හඬ නගමු
ප‍්‍රශංසාවෙන් ගී ගයමු
අපි ප‍්‍රීතියෙන් හඬ නගමු ප‍්‍රශංසාවෙන් ගී ගයමු
(x2)

ස්තූති පූජාවන් දෙවිඳුට පුදමු x2
(x2)

 

Read 246 times