+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මේ දේශය බොහෝසේ ඵල දරයි


මේ දේශය බොහෝසේ ඵල දරයි 
මේ දේශය අප දෙවිඳු සතුයි
මේ දේශය සමාදානයෙන් පිරී ඇතේ
මේ දේශය තුළ දෙවිඳු රජ කරයි

ලක් ද්වීපය් බොහෝසේ ඵල දරයි 
ලක් ද්වීපය් අප දෙවිඳු සතුයි
ලක් ද්වීපය් සමාදානයෙන් පිරී ඇතේ
ලක් ද්වීපය් තුළ දෙවිඳු රජ කරයි

මේ දේශයේ දේව දරුවන් නැගී සිටියි 

මේ දේශයේ දමිටුකම රජ කරයි
මේ දේශයේ දේව ආශීර්වාදය පවතියි
මේ දේශයේ දෙව් වචනය එසවෙයි

ශ‍්‍රී‍ ලංකාවේ 
දේව දරුවන් නැගී සිටියි

ශ‍්‍රී‍ ලංකාවේ දමිටුකම රජ කරයි
ශ‍්‍රී‍ ලංකාවේ දේව ආශීර්වාදය පවතියි
ශ‍්‍රී‍ ලංකාවේ දෙව් වචනය එසවෙයි


ගොඩ නගමූ මේ දේශේ
දේව සභාව දැන් එකමුතුවී
(X2)

දෙව් උපකාරයෙන් සැමදේ
ඇදහිල්ලෙන් ජය ගනිමින්
අස්වැන්න නෙලා ගන්නා කාලය මෙයයි X2

 

Read 385 times