Print this page

යේසුස් හිමිගේ අනගී ලේ


යේසුස් හිමිගේ අනගී ලේ
කල්වාරියේ පිදුවේ
පව්කරුවන් හා මා උදෙසා
පිදුවේ ඔබෙ අනගි ලේ

අනගි ලෙයින් හිමි අප මිදුවේ
එතුම් අධික මිලය ගෙව්වේ
පරිපූර්ණ කමාව දැන් පිරිනැමුවේ
සමාදානය දුන්නේ

අපගේ පව් තද රතුවට තිබුනද
අධිකව රත් පැහැයෙන්
යේසුස් හිමිගේ අනගී ලේ
ඒවා හිම මෙන් සේදුවේ

අනගියි යේසුස් හිමිගේ ලේ
සදා නොමිලේ පිදුවේ
එය අදහා පිළිගනු මැනේ
නොමිලේ ඔබට දුන්නේ

සමගිකිරීමේ ලේ අනගියි
අප දෙවිඳු වෙත ළං කළේ
අනගී වූ ලේ මහිමයේ ගීයයි
ප්‍රීතියෙන් පසසමී

 

Read 504 times