+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපහට ඇත බලය යේසුස්ගේ නාමයෙන්

CHORUS:
අපහට ඇත බලය
යේසුස්ගේ නාමයෙන්

අපහට ඇත බලය
ස්වාමීන්ගේ නාමයෙන්

සාතන් බලවත්ව කෝප වූවත්
අපව පරදවන්න බෑ
අපහට ඇත බලය
ස්වාමීන්ගේ නාමයෙන්


VERSE 1:
ඔබෙ අත මට දෙන්
අපි එකට එකඟ වෙමූ

සැම සතුරන් අපගේ පාමුල
විනාශ වී වැටෙයි

පොළොවේ බැඳ දමනා දේ
ස්වර්ගයෙහිද බඳිනු ලබයි
එවිට යේසුස් නාමෙන් සාතන්
පලා දුව යා යුතුයි

VERSE 2:
දැන් වසර ගණනාවක් සාතන්
අපව වළක්වන්න හැදුවත්
යේසුස් හිමිගේ සභාව තවමත්
ජීවමානවයි

බලවත් හමුදාවක් සේ
අපි පෙරටම ගමනේ යමින්

සමිඳුන් අප අසලම සිටිමින්
ජයගමු සැම සටන්

 

Read 254 times