Print this page

ඔබ පෙන්වූ කරුණා ගුණ සිහි කරමි


ඔබ පෙන්වූ කරුණා ගුණ සිහි කරමි
ඔබ කළාවු යහපත්කම් සිහි කරමි
ඔබගෙන් ඇති උපකාර සිහි කරමි
ඔබ කළාවු සෑමදේ සිහි කරමි

ඔබගෙන් ඇති ආශ්‍රීර්වාද සිහි කරමි
ඔබගේ සැපයුම් මා සිහි කරමි
ඔබේ දිවි පූජාව සිහි කරමි
ඔබ මාගේ ස්වාමීන් බැව් සිහි කරමි

මාගේ පියාණන් - ගැළවුම්කරුන්
සුවකරන්නා - මිදුම්කරුන්
(x2)

 නමදින්නෙම් මා සැමදා


නමදින්නෙම් මා සැමදා
පසසන්නෙම් මා සැමදා

ඔසවන්නෙම් මා සැමදා
මාගේම යේසුනී

ඔබ මාගේ මාර්ගයයි
ඔබ මාගේ සත්‍යයයි

ඔබ මාගේ ජීවනයයි
මාගේම යේසුනී

ඔබ මා මිදිවැල වන්නේ
මා එහි අත්තක් වන්නේ

ඔබ තුළ මා පවතිමින්
සැමදා ඵල දරන්නෙමි


Read 582 times