Print this page

බලයෙන් නොවෙයි සවියෙන් නොවෙයි


බලයෙන් නොවෙයි
සවියෙන් නොවෙයි

නමුත් මගේ ආත්මයෙන්
බව පවසයි සමිඳුන්
(x2)


අපගේ සටනේ අවි ආයුධ
නැත මේ ලොවෙන්

ඒවා දෙවිඳුන් තුළින් බලවන්තවේ
හිමිගේ කරුණාවේ බලය
හා ප්‍රේමයේ බලයත්

සැමට වඩා සවිමත් වන්නේ
එකමුතුවී අප නමදින විට
යේසුස් ස්වාමීන්

ජය පැමිණෙයි හිමි නාමෙන්
එතුමන්ගේ වදනින්

 

Read 251 times