+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
අති ශුද්ධ ස්වාමීන් ඔබ අපෙ දෙව් රජිඳුයි
CHORUS:
අති ශුද්ධ ස්වාමීන්
ඔබ අපෙ දෙව් රජිඳුයි
කල්වාරි කුරුසේ ඔබ දිවි පිදුවේ
අප සැම ගළවන්නයි
(x2)
VERSE 1:
සැබෑව මාර්ගය ජීවනේ ඔබමයි
සාමයේ කුමරුන් ක්‍රිස්තුස් හිමිමයි
(x2)
ගැළවුම්කරු ඔබමයි යේසුනි
මගේ මිදුම්කරු ඔබමයි
(x2)
VERSE 2:
ඊයෙත් අදත් සැමදා ඔබ එකවගෙයි
කිසිදා නොවෙනස්වන සමිඳුයි
(x2)
සැපයුම්කරු ඔබමයි යේසුනි
මගේ රජිඳුන් ඔබමයි (x2)
මා දන්නා උතුම්ම නාමය යේසුස්
මා දන්නා උතුම්ම නාමය යේසුස්
මා දන්නා මිහිරිම නාමය යේසුස්
මා දන්නා බලවත්ම නාමය යේසුස්
මා දන්නා පුදුම වූ නාමය යේසුස්
මා මිඳු නාමය යේසුස් වේ
මා ගැළවූ නාමය යේසුස් වේ
මා සුව කළ නාමය යේසුස් වේ
මා ඔසවන නාමය යේසුස් වේ


